සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියමව සිට පසුව එරට අධිකරණයෙන් එම දඬුවම ලිහිල් කිරීමෙන් වසර තුනක සිර දඩුවම් නියම වූ ශ්‍රී ලාංකික කාන්තාවගේ දඬුවම් කාලය නිමා වී ඇතැයි ඇරැබ් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.
ඇයට 2013 වසරේ සිට බල පැවැත්වෙන පරිදී පැනවූ මෙම වසර තුනක සිර දඬුවම ඉකුත් ජූනි මාසයේදී අවසන් වීමත් සමඟ මෙම ලාංකික කාන්තාව එරටින් පිටුවහල් කිරීමට කටයුතු කර ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.
ගල් ගසා මරා දැමීමට කාන්තාවගේ එම දඬුවම ලිහිල් කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම ඉකුත් වසරේ නොවැම්බර් 22 වැනිදා සෞදි අධිකරණයේදී සලකා බැලීමෙන් පසු ඇයට ගල් ගසා මරා දැමීමට වෙනුවට වසර තුනක් දක්වා වූ සිර දඬුවමක් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රියාන්ගේ ඇඟ පුරාම මොළේ. 2013 සිට බලපැවැත්වෙන පරිදි දඬුවම ක්‍රියාත්මක කළාට මේ කාන්තාවට 2013 ඉඳලා දී තිබුනේ මරණ දඩුවම. 2015 යහපාලන ආණ්ඩුවෙන් තමා අභියාචනා කරලා එ්ක අතීතයට බලපාන පරිදි අවුරුදු තුනක සිර දඩුවමක් වුණේ. (නි)
ජිවිතේ බේරුණු එක ලොකු දෙයක්. නමුත් අපේ රටට ආවට පස්සේ.? (ර)
මේ නඩු තීන්දුව වෙනස් කරන්න පුළුවන් වුනේ මේ ආණ්ඩුව ගත්ත මහසිය නිසා. මේ වගේ ඒ රටේ දුන් තීන්දු වෙනස් කරපු වාර වැඩිය නැ. අලුත් රජය මේකට මොලේ පාවිචි කරපු නිසා මෙයාව බේරගන්න පුවන් වුණා (බ)
මොන පාලනය ආවත් රටක නීතිය නීතිය හැටියට තිබිය යුතුයි. එවිටයි රටක් පවතින්නේ. අපේ ලංකාවේ නීති පොත් වලට විතරනේ (නි)
කාන්තාවන්ට ආරක්ෂාව දිම කෙසේවෙතත් තමන්ගෙ වැරදි වහගන්න සමහරු වෙහෙසෙන කාලයක් මේක. (නි)
හොදයිනේ.(හේ)
ලංකාවට අවාම මෙයාව කට්ටිය වටවෙලා. කටින් ගහල මරයි , (අ)
ඔය වනචාරි යුගයේ නීති රීති තියෙන රටෙන් පුදුමාකාර සමාවක් හම්බවෙලා තියෙන්නේ පූරුවේ කරපු පුංචි හරි පිනක් පලදිලයි . (අ)
ඔබට සතුටුයි ද දැන්, කියලා අහන අයට දැන් මොකද හිතෙන්නේ. (හේ)
දැන් ඉතින් අපේ දේශපාලුවන්ට පුළුවන් ඒ කාන්තාවට හොඳ ගෙයක් ඉඩමක් එහෙම පරිත්‍යාග කරන්න. (නි)
සෞදි ෂරිය නීතියෙන් බේරුණත් ලංකාවේ මුස්ලිම් නීතියෙන් බේරෙන්න ලැබෙන්නේ නැහැ. රජය මැදිහත් වී ඇයට අවශ්‍ය ආරක්ෂාව දෙන්න ඕනේ. (ම)
මරණයෙන් ගැලවුනත් ඔය කාන්තාව ලංකාවට එන්නෙත් මරණ බයෙන්. මොකද ලංකාවේදී ඔය සිද්ද වුනු දේට මූණ දෙන්න ඕනි ප්‍රශ්න තියෙනවනේ. එම නිසා ඔය කාන්තාවට සම්පූර්ණ ආරක්ෂාව දෙන්න ඕනි විදේශ සේවා නියුක්ති කාර්යාංශය. එක වග කීමක් කාර්යාංශයේ. (අ)
ඔබට සතුටුයි ද දැන් කියල අහන අයට ගොඩාක් සතුටුයි..2013 සිට කිව්වාම ඒ කාලය යහපාලනයට අයිති නැ හොදේ.(අ)