නවගමුවේ පරිසයට හානි බව කියන ගල් කොරියක් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගත්තැයි නවගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී ඩබ්ලිව් අබේරත්න මහතාගේ වැඩ තහනම් කළ බව පොලිස් ආරංචි කියයි.
හෝමාගම සහකාර පොලිස් අධිකාරී ජේ වයි ඩී ක්‍රිෂාන්ත මහතා කළ මූලික විමර්ශනයකින් පසු වැඩ තහනම් කර ඇත.
ගල්කොරියේ හිමිකරුට එරෙහිව නඩුවක් පැවැත්වෙන බවත්, එම නඩුවට සැකකරු ඉදිරිපත් නොකර මුදා හැර ඇති බවත් පොලිස් ආරංචි සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්නා තරමට මේ සිද්දියට එම ප්‍රදේශය නියෝජනය කරන වර්තමාන රජයට සම්බන්ධ සුන්දර අමතිතුමෙක් ඉන්නවා. (ස)
පුවතේ අන්තිම ඡේදය කියවනකොටම හිතාගන්න පුළුවන් චුදිතයා මුදාහැර තිබෙන්නේ වෙනත් ක්‍රමයකින් කියලා. මේවා ලෝකයේම ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ සිදුවෙනවා.ප්‍රශ්නය වෙන්නේ නීතියට විරුද්ධව ක්‍රියාකරන බලවේග මැඩපැවැත්වීමට නිල ඇඳුමක් සහිතව එම තනතුරු වලට පත්කළ වෘත්තීය නිලධාරීන්ම නීතිය අමු අමුවේ උල්ලංගනය කිරීමයි. ශිෂ්ටසම්පන්න රටක මෙවැනි දෙයක් සිදුකර නීතියෙන් වරදකරු වුණොත් ඔහුගේ අනාගතය අඳුරේ. (නි)