(උපාලි රණවීර)

කිරිඳිවැල ඌරාපොළ  නිවසක් තුළ ගෙළ කපා අභිරහස් ලෙස ඝාතනය කොට තිබු කාන්තා මළ සිරුරක්  සොයාගත් බව කිරිඳිවැල පොලීසිය කියයි.

මෙහිදී මේ ආකාරයට මියගොස් ඇත්තේ  කේ ඒ සංජීවනී නැමැති තිස් පස් හැවිරිදි එක්දරු මවක බව පොලීසිය හඳුනාගෙන තිබේ.

මෙලෙස ඝාතනය කොට තිබූ කාන්තාවගේ සැමියා වසර කීපයක සිට විදේශ රැකියාවක නිරතව සිටින අතර ඇය එම සැමියාගේ මව පියා හා සොහොයුරා සමඟ සැමියාගේ නිවසේ ජීවත් වෙන බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මේ ආකාරයට මියගිය එම කාන්තාව නිවසේ සාලය මැද වැටී සිටිනු දැක සැමියාගේ මව  එම මියගිය කාන්තාව ගේ මවට සිද්ධිය දැනුම් දීමෙන් අනතුරුව පොලිසියට කළ දැනුම් දීමකට අනුව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

පූගොඩ වැඩබලන මහේස්ත්‍රාත් කමල් සම්බන්ධ පෙරුම මහතා මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය සිදු කොට සිරුර වතුපිටිවල රෝහල වෙත ගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කොට වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කර තිබේ.

ඝාතනයෙන් පසු නිවසේ පදිංචිව සිටි ඝාතනයට ලක්වූ කන්තාවගේ මස්සිනා (සැමියාගේ සහෝදරයා) නිවසෙන් අතුරුදහන්ව ඇති බවත් පවසයි. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත .