ගාල්ල කොටුව ෆෙඩ්ලර් වීදිය අසල කොටුබැම්ම ආසන්නයේ කොටසක් ගිලා බැස ඇතැයි ‘ගාලු උරුමය පදනම‘ පවසයි.
එම පදනමේ නිලධාරියෙකු පැවසුයේ වර්ෂාවත් සමග අභ්‍යන්තර කානුවක ආරුක්කුවක් කඩා වැටීමෙන් මෙම ස්ථානය ගිලා බැස ඇති බවයි.
ලෝක බැංකු ආධාර යටතේ ඉදිරියේදී බැම්ම සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත බැවින් දැනට මෙම ස්ථානයේ තාවකාලික ආවරණයක් සාදා ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බව ද ඔවුහු පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට දැනුනේ මගේ හදවත කඩාවැටුනා වගෙයි (නි)
ණය අරගෙන හදනකොට වෙන්න ඕනේ දේවල් වෙලා ඉවරයි.(හේ)
විදුර, ඔබගේ දැක්ම බොහෝදුරට හරි. ඔය කොටුව ඇතුළේ හදිසියේ පලායාම සඳහා රහස් උමං මාර්ග අනිවාර්යයෙන්ම තියෙන්න ඇති. එවැනි ඵෙතිහාසික වටිනාකමක් ඇති දේ සංරක්ෂණය කරන්න දැනුමක් නැතිකමට වඩා ඕනෑකමක් නැති කමයි අපේ පාලකයින්ට තියෙන්නේ. (නි)
කසුන්ට වගේම මටත් කිසියම් වේදනාවක් දැනුනා. ගාලු කොටුව කියන්නේ ඉතාමත් අාශ්චර්යමත් තැනක්. මොන ප්‍රශ්න තිබ්බත්, පැයක් හමාරක් අවට පරිසරය විඳගෙන ඉඳලා ආවොත් හිත සම්පුර්ණයෙන්ම ප්‍රශ්න වලින් නිදහස් වෙනවා. සමහරුන්ට මේක කොමිඩියක්, අපබ්‍රංශයක් වෙන්න පුළුවන්. එ්ත්, ඒ අවට උදවිය මා කියපු දේ ඇත්ත කියලා සාක්ෂි දරාවි. (නි)
ඔය කොටු තාප්පය ඇතුළේ මුළු කොටු තාප්පය පුරාම යන්න පුළුවන් මාර්ග තියනවා. ඒ වගේම ගබඩා, කාමර වගේ දේවලුත් තියනවා. අපිට මතකයි අපි පොඩිකාලේ ඔය කොටු තාප්පේ ඇතුළට ඇතුල්වෙන්න පුළුවන් තැන් කීපයක් තිබුනා. දැන් ඒවා වහලා දාලා තියන්නේ. කොච්චර හොඳද ඒවා හොඳට පිළිසකර කරලා තරු පහේ හෝටලයක් ගානට ගෙනෙන්න පුලුවන් නම්? උවමනාව තියනවා නම් බැරිකමක් නැහැ. එ්ත් අපේ රටේ පාලකයන්ගේ තියන පසුගාමී ප්‍රතිපත්ති නිසා අපේ රටට කිසිම සෙතක් වෙයි කියලා හිතන්න බැහැ. (නි)
මිනිසුන්ට අනතුරක් නොවීම වාසනාවක්. (නි)
කසුන්, ඔයත් තාවකාලික ආවරණයක් හදාගෙන හදවත කඩාවැටෙන එක නවත්වාගන්න (නි)
කොටුවේ දුම්රිය පොළ ඉදිරියට පැමිණ තප්පුලන අය සමඟ එම භූමියත් ගිලාබසින දවස වැඩි ඈතක නැහැ. (නි)