IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගල් ඉබ්බෝ බේරෙති

ධීවර ආඥා පනතට පටහැණිව නීති විරෝධී ලෙස  මලයාසියාවේ ක්වාලාලාම්පුර් නුවර වෙත යැවීමට සුදානම් කර තිබු   පන පිටින් සිටි ඉබ්බන් 488 ක් සහ  කකුළුවන් තොගයක්    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන් ගමන් භාණ්ඩ පර්යන්තයේදී  අද  අළුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

මෙම ඉබ්බන් සහ කකුළුවන්  තොගයේ බර කිලෝග්‍රෑම් 200 කි.

මේ අතර තාරකා ඉබ්බන් 260, ගල් බේබන් 169 ක් සහ හඳුනා ගත නොහැකි ඉබ්බන්   112 ක් සිටි බව රේගුව කියයි.

රේගු ජෛව විවිධත්ව සහ ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

 යක්කල ප්‍රදේශයේ මත්ස්‍ය අපනයන  සමාගමක් විසින් ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 318 දරණ ගුවන් යානයෙන් මෙම ඉබ්බන්  මලයාසියාවට ගෙනයාම සඳහා  රැගෙනවිත් ඇති බව රේගුව කියයි.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ආර්.ඩී.ඒ.එම්.ජී නියරේපොළ මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී අජිත් දුමින්ද, සහකාර රේගු අධිකාරීවරුන් වන එච්.කේ.එස් චාමර, ඩබ්ලිව්.ඩබ්ලිව්.ආර්.කේ ප්‍රනාන්දු, තිලංක සමරවීර, ඒ.එම්.කේ.බී අතපත්තු සහ ඩී.ඩී. විෙජ්සිංහ යන නිලධාරීහු සිදු කරති.

 



අදහස් (0)

ගල් ඉබ්බෝ බේරෙති

ලුම්බිණි Wednesday, 29 July 2015 10:16 AM

මෙම අයගේ අපනයන බලපත්‍රය වහාම අවලංගු කළ යුතුයි. කොයි තරම් මීට ඉස්සර යැවුවද දන්නේ නැහැ. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 184 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site