ගල් අඟුරැ ටෙන්ඩරේට ආයෙමත් ලොකු ගෝරියක් පටන් අරන්ලු. මේ ගැන උසාවියෙන් කියාපු දේවල් වගේම ආණ්ඩුව කියන දේවල්වලටත් තමන්ට ඕන හැටියට අර්ථකථන දෙන ලොක්කෙක් නිසාලු මේ ආරවුල පටන් අරන් තියෙන්නෙ....
මෙයාගෙ අරමුණ ආණ්ඩුවෙ කමිටුවලින් එපා කියන තැනකින්ම ගල්අඟුරැ ගන්න එකලු.... ඒ ගැන දේශපාලන අංශවලට නොයෙක් උපදෙස් දෙමින් මේ හැමෝම තමන්ට ඕන පාරෙ ගෙනියන්න මේ "පොර" දත කනවය කියලයි ආරංචි. මේ ගනුදෙනුවට කොක්ක අදින ගල් අඟුරැ සමාගමේ ලොකු ලොක්කො පන්නලා දාලා ඒකෙ ඉන්න පාලක මණ්ඩලේ ගෙදර අරින්න හදන තරමට වැඩේ දුරදිග ගිහිල්ලා කියලා කියනවා....
ඒත් යහපාලනේට කොඩිය දාපු මේ ආණ්ඩුව යටතේ ජරමරවලට ඉඩ නැහැ කියන ගල් අඟුරැ සමාගමේ ලොක්කෙක් වැඩේ අතාරින්නෙ නැතිලු.... උන්නැහේලට උදව්වට යහපාලන ඇමැති කස්ටියකුත් සැට්වෙලා කියනව.
කොහොමින් කොහොම හරි ප්‍රශ්නය දුර දිග ගිහිල්ලා රාජ්‍ය සේවයේ හොඳ "භටයෙක්" හැටියට පෙනී සිටින මේ කතාවෙ සැඟවුණ අමුත්තගෙ පැටිකිරිය කවුන්සිලේදි දිගාරින්න ආණ්ඩුවෙ ඇමැති කෙනෙක් සූදානම් වෙනය කියලා තමයි දැන් කතාව යන්නෙ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd