(සුජිත් හේවාජුලිගේ)

ගල් අඟුරු නිසි ප්‍රමිතියට නොමැති වීම හේතුවෙන් සිදුවූ පාඩුව රුපියල් කෝටි දෙසිය විසි හතරකට ආසන්න බව ජාතික විගණන කාර්යාලය ගල් අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති විගණන වාර්තාවේ සඳහන්වේ.

පළමු නැවෙන් (නැව් බඩු තොග අංකය 456) රුපියල් කෝටි 16 කට වැඩි පාඩුවක්ද දෙවෙනි නැවෙන් ( නැව් බඩු තොග අංකය 457) රුපියල් කෝටි නවයකට වැඩි පාඩුවක්ද තෙවැනි නැවෙන් ( නැව් බඩු තොග අංකය 458) රුපියල් කෝටි 31 කට වැඩි පාඩුවක්ද සිවු වැනි නැවෙන් ( නැව් බඩු තොග අංකය 459) රුපියල් කෝටි පහළොවකට වැඩි පාඩුවක්ද පස් වැනි නැවෙන් නැව් බඩු තොග අංකය 460) කෝටි දහ අටකට ආසන්න පාඩුවක්ද හයවැනි නැවෙන් ( නැව් බඩු තොග අංකය 461) කෝටි තිහකට ආසන්න පාඩුවක්ද හත්වැනි නැවෙන්( නැව් බඩු තොග අංකය 462)රුපියල් කෝටි 24කට වැඩි පාඩුවක්ද අටවැනි නැවෙන් ( නැව් බඩු තොග අංකය 463) රුපියල් කෝටි තිස් නවයකට වැඩි පාඩුවක්ද දහවැනි නැවෙන් ( නැව් බඩු තොග අංකය 464) රුපියල් කෝටි 39කට වැඩි පාඩුවක්ද මෙසේ සිදුව ඇති බව වාර්තාව සඳහන් කරයි.

මෙම ගල් අඟුරු භාවිතයෙන් පූර්ණ ධාරිතාවය එනම් මෙගාවොට් 300ක ධාරිතාව ගැනීමට නොහැකි වීම මත විකල්ප මූලාශ්‍රයකින් අතිරේක බලශක්තිය උපයා ගැනීමට සිදුවුවහොත් එසේ අතිරේකව උපයා ගතයුතු ඇස්තමේන්තු ගත බලශක්ති ප්‍රමාණය කිලෝ වොට් පැය 76354087ක් බව එහි දැක්වේ