තමා විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාව සිටි කාලයේදී සිදුව ඇතැයි කියන වංචා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බවත් ගල් අඟුරු බෑම හා අනෙකුත් හැමදෙයක්ම සිදුකළේ නීතිපතිවරයාගේ උපදෙස් මත බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියයි.
ඔහු ඇමති ලෙස සිටි කාලයේදී සිදුව ඇතැයි කියන රුපියල් කෝටි 150 ක මූල්‍ය වංචාව ගැන චෝදනාවට පිළිතුරු ලෙස අද පැවති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ බව කීය.
තමාගේ නියෝගය වූයේ එම ගල් අඟුරු තොගය ප්‍රතික්ෂේප කොට වරායෙන් ගොඩබෑම සිදු නොකළ යුතු බවත් එය නීතිවිරෝධී ගනුදෙනුවක් බව දැන සිටි බවත් චම්පික රණවක මහතා කීය.
ඊයේ (23) පාර්ලිමේන්තුවේදී එජාප මන්ත්‍රී හර්ෂ ද සිල්වා නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේදී රුපියල් කෝටි 150 කට වැඩි වංචාවක් සම්බන්ධයෙන් විදුලි බල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිගෙන් කළ විමිසීමකදී ඇය තමා අමාත්‍යධූරය දරණ කාලයේ මෙය සිදු නොවූ බව හා සී.අයි.ඩී යට ඒ සම්බන්ධ පරීක්ෂණ කිරීමට භාර දුන් බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුවේ 90%වක් හොරු ඉන්නේ. ෆයිල් ලග තියන් ඉන්න එක්කෙනාගේ ෆයිල් එක කාගාවද තියෙන්නේ ? (අ)
චම්පක ඇමතිතුමා හොරෙක් නෙමෙයි.මේ රටේ නොසිටියාට මෙතුමාට අදහන්න බැරි මාසික වැටුපකට විදේශ සේවයට එක්වෙන්න පුළුවන්.අහලාඅැති තියෙන විදියට පවිත්‍රා ඇමතිනියත් හොරකම් කරන්නේ නැහැ.එතකොට කවුද හොරා කෙලින් කතා කරන්න. (අ)
චම්පිකලා කාපු කැරට් අල දැන් වමාරන්න වෙලා වගේ. එක්නෙලිගොඩට වගේ බෝයිලේරුවේ පතුල නොපෙනේවා කියා ප්‍රාර්ථනය කරමි. (නදී)
මේවා එලියට එනවා වගේ අනේ අර ත්සුනාමී අාදාර සල්ලි ගිණුමට ඔබා ගත්ත පුද්ගලයාවත් හෙලිවෙනවා නම් (නදී)
තමන් හොරකම් නොකර තමන්ගේ අමත්‍යංශයේ අය ලවා හොරකම් කරලා නියමයිනේ. (නදී)
ෆොන්සේකාට, ශිරානිට වුනුදේ දන්නවනේ. ඔබතුමා පණට ආදරේ නිසා එලියට බැහැල ගියා. සත්‍ය හෙළි කරලා සිරගත වුනත් ඔබ අවංක බව රටේ කවුරුත් දන්නවා. ඔබතුමාට ආණ්ඩුව බය වෙලා වගේ. (නදී)
ඔලුවේ වසුරු නැති ඉස්සෝ මේ ලෝකේ දේශපාලනේ කොරන්නේ වැහැ. අල්ලස ගලන ගගකි හාමතේ - කාපල්ලකො හිතු මතේ. (නදී)
දැන් ඉතින් පලි ගන්නයි හදන්නේ? චම්පික ඇමති තුමනි සියලුම් වංචා සහගත ගනු දෙනු එලි කරන්ඩ. (නදී)
කුමන හෝ අවශ්‍ය තාවයකට කෙනෙකුගේ වැරදි ක්‍රියාවකට අත ඔසවා හෝ සහයෝගය දැක්වීම, ඔහුට වහලෙක් වීමකි. එම වහල් බවෙන් මිදීමට යාමෙන් එම වරද අපේ පසු පස පැමිණෙනවා ඇත. දේශපාලන වහලේක්ව සිටීම මහා යස ඉසුරු ලැබීමට හේතු වෙනවා ඇත. (නදී)
චම්පික ඇමති තුමා ඔබ හොරෙක් නොවේයි. කවුද හොරා කියා දැන් ජනතාවට පෙන්නමු. රට, ජනතාව මින් මතු හොරුන්ගේ භාරයට පත් නොකරමු. රට සශ්‍රික කරමු. සියලු දෙනාම සහෝදරත්වයෙන් බැඳී, හොරකම් වංචා දුෂණ ප්‍රසිද්ධියේ හෙළා දකිමු. ජනතා මුදල් ජනතාවට බාරදෙන යුගය බිහිකරමු. (නදී)
චම්පික මහතා බලාගෙන හරකා හැරෙන්නේ පොල් පැලේ කන්නයි (නදී)
ජෙනරල් ෆොන්සේකාට කල දෙය වගේ ඔබ රට වෙනුවෙන් කල කී දේ මේ රටේ ජනතාව දන්නවා. ඔබ කිසිසේත්ම අකටයුතුකම් නොකරන බවත් හැමෝම දන්නවා. මෙය පිළිකුල් සහගත පලිගැනීමක් බව මධ්‍ය්‍යස්ත හා මොලේ තියන ඕනෑම කෙනෙක් දන්නවා. නමුත් අචිර වැනි අයද මේ රටේ යම් පමණකට සිටිනවා. ඉදිරි මැතිවරණයකදී මධ්‍යස්ථ ඡන්ද දායකයන් මේ පිළිබඳව බලාගත යුතු වේ (නදී)
චම්පික උතුම් මිනිසෙක්, ජාතික වීරයෙක් (නදී)
එහෙන් මෙහෙන් ඇහිලා අදහස් දන්නේ නැතුව සති අන්ත පුවත් පත් වල තියෙන මේ සිදුවීම ගැන සම්පුර්ණ තොරතුරු බලල අදහස් දමන්න..මෙතුමා නිවැරදි ක්‍රියා මාර්ග අවශ්‍ය අවස්ථාවේ අරන් තියෙනවා..මෙතුම අමාත්‍යංශයෙන් ඉවත් වුනානම් එය ඉදිරියට ගෙන යාමේ වගකීම පැවරෙන්නේ ඊලගට එන ඇමතිවරයට.ඇමති පදවි මාරු වුනාට සිදුවන ක්‍රියාමාර්ග සියල්ල අහෝසි වෙන්න විධියක් නැහැනේ..විදුලිබල මණ්ඩලය කියන්නේ යම් මාපියාවක් ක්‍රියාත්මක වන තැනක්..එම මාපියාව ඇමතිවරයාටත් වඩා බලසම්පන්නයි..ඒකයි සැබෑ සත්‍යය.. මේ මාපියාවන් සියල්ල රට හෙළි කරන්න දැන් අවස්තාව ඇවිත්..මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අර ගන්න ඇමති තුමෝ..(අ)
අනේ අනේ බෝදිසත්වය වගේ ඉඳගෙන කරලා තියන හොරකම (නදී)
දැන් මෙයා ඇත්තට හෝ බොරුවට ආණ්ඩුවට විරුද්දව කතා කරන නිසා හරි හෝ වැරදි වුනත් ඇතුලට දමාවි. නැත්නම් කට වහන්න කියාවි. එහෙම වුනොත් සියලු වැරදි වලින් නිදහස් වේවි. එ්කයි ලංකාවේ ක්‍රමය. (නදී)
ඇමති තුමනි හිටි හැටියෙම නීතිපති අයින් කලේ ඔබ තුමාට පහර දෙන්න. ආණ්ඩුව හැර යන කෙනාගෙන් පලි ගැනිම හරියට අල්ලපු ගෙදර අය එක්ක තරහා වුනාම හුනියමි කරනවා වගේ වැඩ තමයි (නදී)
රට බේරාගත් වීරයා ජෙනරාල් සරත් ෆොන්සේකාටත් මේ හොර තක්කඩි ටික කලේ මේ ටික තමා. නමුත් කරුමෙට හෙළ උරුමය එදා එම දේට විරුද්ධ වුනේ නැහැ. දැන් මේ අයට එම දිට්ට ධම්ම වේධනීය කර්මයට මුහුණ දෙන්න සිද්ධ වෙලා..(අ)
හොරාට හොරා කියන්නේ නැතුව වෙනත් නමක් තියනවයි (නදී)
නුඹ හරි නම් බයවෙන්න එපා. සත්‍ය කතා කරන්න දෙවියොත් නමට වඳියි (නදී)
විමුක්ති- කතාවේ ලොකු හරයක් තියෙනවා !!! (අ)
පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවනකම්. මහින්ද මහත්තයත් එක්ක සිටි කිසිම කෙනෙක් එතුමාව දාලා යන්නේ නැහැ. (නි)
කොහොම වුණත් ජනතාවගේ මුදල් හොරකම් කළ හැමදෙනාටම දඩුවම් දෙන්න ඕනෑ. ඒ වගේම ජනතාව උගස්කර බඩවියත රැකගන්නා දේශපාලනය ලොකු පොඩි බේදයකින් තොරව නීතිය ඉදිරියට ගෙනයන්න ඕනෑ. (නි)
අචිර සහ පාරු, චම්පික ඇමතිතුමා කවදාවත් හොරකම් කරලත් නැහැ කරන්නෙත් නැහැ.. ඒක ලංකාවේ ඕනම බුද්ධිමත් කෙනෙක් දන්නා දෙයක්. ඔය දෙන්න නොදන්නවා උනාට. වැදගත් මහත්වරුන්ට බොරු චෝදනා කරන්න එපා. එතුමා හොරකම් කරලද නැද්ද කියල සාධාරණ උසාවියකින් බේරුම් කරගනිමු. එතෙක් ලංකාවේ දැනට ඉන්න වැදගත්ම දේශපාලනය කරන මහත්මයාට මඩ ගහන්න එපා. (නදී)
ඔබතුමා ගැන අපිට පැහැදිලි අවබෝදයක් ඇත. නමුත් කරුණාකරලා ඇත්ත හෙළිකරලා මේ දූෂිත දුර්දාන්ත රජයෙන් අයින්වෙන්න. (නදී)
වරද නිවැරදි කරන්න. අමාත්යංශය බාර ඇමතිවරයා ලෙස ඔබ ක්‍රියා නොකළේ මෙච්චර දවසක් මේක හංගන් හිටියේ ඇයි? (නදී)
දැන් තමයි ගොඩක් දේවල් එළියට එන්නේ (නි)
බල්ලොත් එක්ක ලැග්ගොත් නැගිටින්න වෙන්නේ බලු මැක්කොත් එක්ක බව පණ්ඩිතයෝ කියා තිබේ (නදී)
අර්ජුන රණවන, ඇත්ත එයාට ඉහලින් නීතිපතිට හරි කොස් ඇට බාවපු අනිත් බලවතුන්ට හරි බයේ එයා හිටියා. එදයි එලියට බැහැල කතා කරන්න තිබුනේ නියම නායකයෙක් නම් ? ඇයි එහෙම නොකළේ බයටද? වෙන හේතුවකටද? එ්කයි මිනිස්සුන්ට දැන ගන්න ඕනේ ?දැන් තමයි අග විනිසුරුත් තමන්ගේ හොර එළිකරන්නේ? එයා කරලා තියෙන එක නම් නීති විරෝදියි. ඒවත් හොයනවද? ලොකු උදවියගේ චෝදනා අහන්න නම් වෙනම උසාවියක් හදන්න වෙයි. ජය ලලිතා හිරේ ගියේ හරිම සුළු ගානකට නේද? (නදී)
ඔබතුමා අපිට විශ්වාසයි (දී)
චම්පික හොරෙක් නොවන වග රටේ ජනයා දන්නවා. (දී)
කවුද මේ සල්ලි ගත්තේ ? ඒක කීවා නම් ඉවරනේ ..? පරීක්ෂණ වලටත් තව සල්ලි වියදම් වෙනවා නේද? (නදී)
මහජන සල්ලි හොරකන් කරන කව්රුත් දැනගන්න ඕන ඕවා අපේ රටේ දුප්පත් මිනිස්සු දහඩිය වගුරවා සොයන සල්ලි කියලා. තමන්ගේ දරුවන්ට කන්න දෙන්නත් අපි බොහොම දුක් විදිනවා. හොරකම් කරන අය අපායේ යන බව දැනගන්න ඕනා. ළගදීම අපිට ඒවා දැකගන්න පුළුවන්. හොද මිනිහට මොකුත් වෙන්නේ නැහැ (නදී)
මොනවද මේ වෙන්නේ (දී)
චම්පික ඇමතිතුමනි, ඔබ වැනි උගත් කාර්ය ශූර ඇමති කෙනෙක් අයින්කරලා විෂය පිළිබඳව මෙලෝ දෙයක් දන්නේ නැති කෙනෙකුව පත්කරනකොට මට හිතුනා ඔබ වැනි කෙනෙක් දුෂිතයිනට ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා. (නදී)
"එය නීති විරෝධී බව දැන සිටියා" එසේනම් මෙම වරද නිවැරදි කරන්න අමාත්යංශය බාර ඇමතිවරයා ලෙස ඔබ ක්‍රියා නොකළේ ඇයි? එනිසා වරද වෙනෙකෙකුට දමා ඔබට මෙයින් ගැලවෙන්න බැහැ. ඔබ වැනි බුද්ධිමත්, ධර්මයට ලැදි අයෙකුගෙන් ජනතාව මෙවැනි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. (ස)
ඔබ තුමා ආණ්ඩු පක්ෂය හැර ගිය හින්දා තව තව මඩ ප්‍රචාර ඒවි. අපිටත් ටිකක් ටිකක් තේරෙනවා ඇත්ත මොකක්ද කියලා. ඔබතුමා නිර්දෝශයි කියන එක අපි දන්නවා. ජය වේවා! (නදී)
ඇමතිතුමනි, අපි ඔබ සමගයි (නදී)
හොරු කුඩා කියල රටේ හැමෝම දනිත්දිත් මෙතැන් 2 ක් මෝඩ අදහස් දල තියෙනවා. වරදාන ලබා ලබා හොරු රකින අයද හොරු දාල යන අයද හොරු? ඔබට ඥානය පහල වේවා. (ස)
දැන් ඉතින් අාංඩුවෙන් පනින එක බොරු. පැන්නොත් වැලිකඩ තමයි ලගින්න වෙන්නේ (නදී)
චම්පික හොරෙක් නොවන බව රටම දන්නවා නමුත් මේවාට විරුද්දව කටයුතු කරන්න තිබුනා. ඇමතිකම ගහල ගියත් මේවා මහජන මුදල්. ඔය ගනුදෙනුව නිසා අපිත් විදුලි බිලට රු.10ක් වත් වැඩිය ගෙවනවා ඇති. හොරුන්න්ට සහ ඒවාට වගකිවයුතු අයට දඬුවම් දිය යුතුයි. කුම්බලා මාළු කෑවා නම් දුක විඳපන් බළලෝ.(නදී)
සිංහලේ ගැන කැක්කුමක් ඇති නායකයාණනි, ගරු ඇමති තුමනි, සිංහලේ මහා යුද සෙනෙවියාට , සහ රාජ්‍ය පාලනය විවේචනය කරනවුන්ට, හැම දෙයකටම එසේය නොකියන අයට කල දේ ඔබටද කිරීමට සුදානම් වන බවක් පෙනේ. මේ රටේ සත්‍යය හඳුනන, දේශපාලන ගැත්තන් නොවන සිංහලයන් ඔබ සමගයි. ඔබට ජය. (නදී)
කට්ටිය මෙතන බොරදියේ මාළු බාන්න හදනවා. ඇමතිතුමා ඕවට අහු වෙන්න එපා. යම් අකටයුත්තක් හෙළිවෙලා තියෙනවා. ඒ ගැන ප්‍රශ්න කරලා තියෙන්නේ විපක්ෂය. ප්‍රශ්නයට පිළිතුරු රජය සපයන්න ඕනා. ඒ පිළිතුර තමයි පවිත්‍රා නෝනා කියල තියෙන්නේ. මෙතුමාගේ පාලන කාලයේදී සිදු වුනු දෙයක් නම් මෙතුමාටත් එම පැනයට පිළිතුරු දීමේ වගකීමක් තියෙනවා. රජය දුශිත නම් ඉහලින් සිදුවුණු දෙයක් නම් මේවා මේ වෙලාවේ රජය එලියට දමාවිද? හංගනවා මිසක්. චම්පික මහත්තයාගේ බෙල්ලත් එක්ක තමන්ගේ බෙලිත් දන් දෙන සිරි සගබෝල මේ රජයේ ඇති කියලා මම හිතන්නේ නැහැ. රජය අවංක නැත්නම් මේ ගැන පරීක්ෂණ තියයිද? සිද්ධියක් හෙළි වෙලා තියෙනවා. සාමාන්‍ය විධියට ඒ ගැන වගකිවයුතු රජයක් හැටියට පරීක්ෂණයක් පවත්වනවා. එ්ක මේ මෙතුමාගෙන් පලිගන්න කරන ක්‍රියාවක් නෙමෙයි. සිද්ධියට මෙතුමාගේ සම්බන්ධතාවක් නැත්නම් ඉහල අය සම්බන්ධ නම් මෙතුමාගෙන් පලිගන්න තමන්ගේ වල කපා ගන්න හදන්නේ මොන මෝඩයද? ඊටත් මේ ජනාධිපතිවරණ කටේ..ඔබ තුමා හොරකන් කරන්නේ නැති බව දන්නවා..හොරකම් කල අය හෙළි කරලා ඔවුනට දඩුවම් ලබා දෙන්න..(නදී)
ඉතින් ඇමති තුමෝ මේ වෙනකල් හිටියේ මොකටද ඕක කියන්න? ඒ කාලේම කියල වැරදි කාරයෝ අල්ලගන්නත් තිබුනනේ මේ වෙනකොට. ඔබතුමාත් කීයක් වත් ගත්තද ඒ ගොල්ලන්ගෙන් ? (නදී)
ෆොන්සේකා කලේ බේරාගත් රට පාවා දීමයි (නදී)
ආණ්ඩුව ඇන ගන්නයි යන්නේ. (නදී)
ආචර සහ පාරු තමන් මොන පාරුද කියලා පෙන්නනවා. (නදී)
ආණ්ඩුවෙන් අයින් වන විට චෝදනා එන එක නැවත්වීම අමාරුයි. අනිත් පැත්තට යනකොට චෝදනා අහෝසිවෙනවා. (නදී)
නුඹ නාඩන්, නුඹ නාඩන් නුඹට ඕව හොද පාඩම් ! (නදී)
අපි දන්නා හැටියට නම් හොරකම් කිරීම වරදක් මෙන්ම, හොරකමක් බව දැන දැන එයට අනුබල දීමද වරදක්. මෙනිසා මෙය ඔබ දැන සිටියා නම් අදාල අමාත්‍යවරයා ලෙස මෙහි මුලික වගකීම ඔබ බාරගත යුතුයි. නැත්නම් ජනතාව ඔවුන්ගේ බදු මුදල් වලින් වැටුප් හා වෙනත් වර්දන ලබා දෙමින් ඔබ ඇමතිවරයකු ලෙස නඩත්තු කරන්නේ කුමකටද? (නදී)
කරන කලට පව් මිහිරිය මී සේ... විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ .. කියල තියෙන්නේ මේවට තමයි. වැරදි කරලා තියනව නම් කවද හරි, කොතන හරි, කොහොම හරි ඒවාට දඩුවම් ලැබෙනවා කියල සියලු දෙනාට විශේෂයෙන් දේශපාලකයන්ට මම බුදු බණෙන් නැවත මතක් කරනවා. (ස)
මහා ලොකුවට සුදනන් වගේ කතාකලට තමන්ගේ හොර කම් එළිවෙනකොට හරි දුකයි නේද? (ස)
ජෙනරාල්ට වෙච්ච දේ චම්පික ඇමති තුමාට වෙන්නෙත් නැහැ. හෙළ උරුමේ ආණ්ඩුවෙන් යන්නෙත් නැහැ. ඔයාල හිතන කිසි දෙයක් වෙන්නේ නැහැ. චම්පික ඇමති තුමා ඉදිරි සන්ධාන රජයේ විදුලිබල ඇමති වෙනවා නැවත පාරක්. බලන් ඉන්නකෝ පොඩ්ඩක් ඉවසල ජනාධිපතිවරනෙට නාම යෝජනා කැඳවන කම්. මහින්ද මහත්තයත් එක්ක හිටපු කිසිම කෙනෙක් එතුමාව දාල යන්නේ නැහැ. කවුද කැමති විහින් නැහෙන්න. (නදී)
අර්ජුනගේ කතාව හරියටම හරි (නදී)
එක තියෙන්නේ මහජනයා අතේ විමුක්ති. ඒ ෆයිල් එක අනුව බහුතර ජනයා තීරණය කරාවි ෆයිල් එක අයත් පුද්ගලයා ගැන ජනවාරියේදී. ඔබ තුමා ඒ ගැන කරදර වෙන්න එපා. මොකද බහුතරයට ඒ ෆයිල් එක පිරිසිදු නම් ඔබ තුමා ඒක අපිරිසිදුයි කිව්වට වැඩක් නැහැ. ව්‍යංගයෙන් කියන්න හදන දේ නොතේරෙන්න අපි මැට්ටෝ නෙමෙයි මහත්තයෝ. (නදී)
ප්‍රනාන්දු මොලේ කචල්ද නැත්නම් බන්දුල පෙරේරා වගේ ඒක උඩින් වැරදිලා වාඩිවෙලාද? එහෙමත් අන්ගොඩින් පැනපු කෙනෙක්ද? (නදී)
ඔබ තුමා බය නැතුව කතාකරන්න. අර අනිත් ඇමතිලාගේ වගේ ෆයිල් ජනපති ලඟ නැහැ කියා අපි දන්නවා (නදී)
හේතුව අපිට තේරෙනවා. (නදී)
ජරාව කාලා නම් බඩදාන්න ඕනේ නේද? (නදී)
අැයි මේක ඉස්සරලා කීවේ නැත්තේ (නදී)
හොයනවා නම් හොයන්න හොරකම් දුෂන වංචා සහගත දේවල් ගොඩාක් තියෙනවා. රටේ නීතියේ අාධිපත්‍ය පිහිටවපු දවසට ඒවත් කරලියට එනවා. (නදී)
මෙතනින් දෙන පණිවුඩය නම් හොර වැඩ කල අයට පනින්න බැහැ කියන එකද? (නදී)
දේශපාලනයට එන අත දරුවත් පටන් ගන්නේ කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කාලා. ඒවත් හොයන්න කාලයක් එනවා. (නදී)
අර නිතර කොමෙන්ට් දාන මැතිතුමා මේකට කොමෙන්ට් එකක් දැම්මොත් මට හරියටම කියන්න පුළුවන් එයා ඉන්න තැන. (නදී)
එක තියෙන්නේ මහජනයා අතේ විමුක්ති. ඒ ෆයිල් එක අනුව බහුතර ජනයා තීරණය කරාවි ෆයිල් එක අයත් පුද්ගලයා ගැන ජනවාරියේදී. ඔබ තුමා ඒ ගැන කරදර වෙන්න එපා. මොකද බහුතරයට ඒ ෆයිල් එක පිරිසිදුනම් ඔබ තුමා ඒක අපිරිසිදුයි කිව්වට වැඩක් නැහැ. ව්‍යංගයෙන් කියන්න හදන දේ නොතේරෙන්න අපි මැට්ටෝ නෙමෙයි මහත්තයෝ. බල්ලෝ බිරුවට කදූ පාත් වෙන්නේ නැහැ. ඒකට ලොකු නාය යාමක් එන්න ඕනා. තාම එහෙම කාලගුණයක් නැහැ. එහෙම කාලගුණ කෘතිමව හදන්න බැහැ. ස්වාභාවිකවම එන්න ඕනා. ඔයාල බුර බුර ඉන්න. අපි අපේ ගමන යන්නම්. (නදී)
මට අර මන්දනා නෝනාව මතක් වුනා. හැබෑටම එතුමිය දැන් ඉන්නවද ? (නදී)
ඔබ අවංක බව අපි දන්නවා (නදී)
ඇමතිතුමා මේ සම්බන්දව පුවත්පත් වලට කළ ප්‍රකාශය අනුව අදාළ දුෂණය සම්බන්දයෙන් විෂය බාර ඇමති තුමා වශයෙන් ගත යුතු පියවර ගෙන තිබෙනවා. පරීක්ෂණ නිමවීමට පෙර එතුමාව ඇමති කමින් ඉවත් කලා විදායක බලතල යොදාගෙන. ඉතිරි හරිය කියන්න අවශ්‍ය නැහැනේ. එසේ නම් ජනතාවගෙන් සමාව ගත යුත්තේ මේ , සීමාවක් නැති විදායක බලතල සහිත ව්‍යවස්ථාව එදා අනුමත කළ අය අද එම ව්‍යවස්ථාවෙන් ඉතාමත් ඉහල ප්‍රයෝජන ගන්න අය. ජාතික හෙළ උරුමයේ ඉන්නේ ඉතාමත් උගතුන්. ඒ නිසා එගොල්ලන්ටත් මෙයට පෙර මෙහි බිහිසුණු කම වටහාගන්න තිබුනා. (නදී)
මෙම ප්‍රකාසයෙන්ම තේරෙනවා ඇමතිතුමා පොඩි වැරැද්දක් වත් කරලා නැහැ කියන එක. පොඩි වැරැද්දක් හරි වෙලා තියෙනවා නම්, පෞද්ගලික ලිපිගොනුව වැරදි අතකට පත් වෙනවා. එතන ඉඳලා කසාය බීපු ගොලුවාට වෙච්ච වැඩේ තමයි. (නදී)
චම්පික රණවක කියන්නේ විදුලි ක්ෂේත්‍රය ගැන දන්නා ඒ ගැන ප්‍රවීනයෙක්. එතුමාට වඩා ඔය ඇමතිකම හරියන වෙන කෙනෙක් නෑ. (නදී)
අනේ චම්පික ඇමති තුමා ඔබ තුමත් හොරකම් කෙරුවද ? අපි හිතුවේ ඔබ තුමා නීතිගරුක අවංක කෙනෙක් කියලයි එහෙනම් ඔබ තුමත් දෙශපලුවෝ ගොඩට වැටුනා (අ)
අර ජිනීවා තානාපති කාර්යාලය හදන්න කොටියෙකුට දුන්න කියන ගනුදෙනුව ගැනත් රජය පරීක්ෂණයක් කරයි නේද? බන්දුල මහත්තයෝ. අවංක රජයක්නේ අපේ රටේ තියෙන්නේ. (නදී)
මගේ දැනීමේ හැටියට මෙතුමා තමයි විදුලි බලය සඳහා සුදුසුම පුද්ගලයා එතුමා ඒ පිළිබඳව උපාදියක් තියෙන නිසා . දැන් ඉන්නේ ........ ....... විතරක් දන්නා කෙනෙක්නෙ. අපේ රටේ ක්‍රිකට් ගහන එකා තෙල් පිරිපහදුවේ සබාපති කරනවා සින්දු කියපු එකා අග්‍රාණ්ඩු කාරය කරනවා. ඉතින් අනේ මන්ද ඔබතුමා පිරිසිදු බව නම් අපි දන්නවා. (අ)
මොකද ඇමති තුමා මෙච්චර දවසක් මේක හන්ගන් හිටියේ (අ)
සාගර - හරියට හරි ඔය කැද හැලියේ ඔක්කොටම ඔය ටික වෙනවා !! (බ)
දැන් ඉන්න ඇමතිනිය මොනවද දන්නා..(අ)
මේකේ සම්පුර්ණ කතාව කියව බලන්න .මෙම කුඩා කොටසින් වැරදි අදහසක් ඇතිවේ (අ)
චම්පික ඇමති තුමා හොරකන් කරන්නේ නැති බව අපි දන්නවා..නමුත් ඔබ තුමාගේ පාලන කාලයේ සිදුවුණු දේවල් වල වගකීමෙන් මිදෙන්න ඔබ තුමාට බැහැ..එහෙම නීතිවිරෝධී ක්‍රියාවක් වෙනවනම් ඒක කවද හරි මේ විදියට ඔබ තුමාගේ ඔලුව උඩට කඩන් වැටෙන මරාලයක් වන බව දැන උගත් බුද්ධිමත් ඔබ තුමා දැනන් ඉන්න ඕන..එම සිදුවීමට වග කිව යුත්තන් සියල්ලම හෙළි කරලා එම සිදුවීම පිලිබදව ජාතියෙන් සමාව අයදින්න..ඔබ තුමා හොරෙක් නෙමෙයි..නමුත් හොරෙක් කියල හංවඩු ගැහෙන්න හොරෙක් වෙන්නම අවශ්‍ය නැහැ..අපිට වඩා ගොඩක් බුද්ධිමත් අපි ඉතා අගය කරන සිංහල බොදුනුව වෙනුවෙන් අභිතව පෙනී සිටින ඔබ තුමා ඉදිරියටවත් තමන්ගේ අමාත්‍යංශ තමන්ගේ පාලනයට නැත්නම් ඒ වගකීමෙන් මිදිලා සත්‍යය ජනතාවට හෙළි කරන්න.(අ)
චම්පික ඇමතිතුමා නීතිපති තුමාට දැන්නුවාලු. නීතිපති තුමාගෙන් මේ බව දැනගත හැකියි. කරුණාකර සිළුම හොරකම් එලියට දාමු. ජනතාවට තේරෙන විදිහට අපේ පාලකයෝ පහුගිය කාලේ හොඳට හම්බ කළා. විරුද්ද පක්ෂය බලට ආවොත් හොරුන්ට දඬුවම් දෙනවා කියා ජනතාවට පොරොන්දු විය යුතුයි. රනිල් මහත්තයෝ, සජිත් මහත්තයෝ දැන්වත් කටවල් අරින්ඩ. (නදී)
මෙතුමා නියම මහත්මයෙක්.ආදර්ශමත් දේසපාලඥයෙක්.මෙතුමාව අපට විශ්වාෂයි.මෙතුමාගෙන් පලිගන්න පටන් ගත්තාවද්ද? (අ)
අජිත් චමපික මැතිතුමා පමණක් නොව සිංහල උරුමය අතින් වැරද්දක් උනා. ඒ වැරැද්ද ඒ අය දැන් පිළිගනිමින් ඉන්නවා. වැරැද්ද තමා 18 වැනි සංශෝදනයට අත එසවීම. එතුමා හොරකන් නොකරන බවට අපට විස්වාසයි. (නදී)
නියමයි! බන්දුල පෙරේරා නියම අදහස.එක තමයි එතුමා කරන්න ඕන.(අ)