ග්‍රීසියේ ඇතන්ස් නගරයේ තානාපති ජංගම සේවාව සැප්තැම්බර් 12 සහ 13 දෙදින උදැසන 8.30 සිට සවස 5.00 දක්වා ග්‍රීසියේ ඇතන්ස් නගරයේ බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්වෙන බව රෝම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. ග්‍රීසියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා තානාපති සේවය ලබා දෙන්නේ ඉතාලියේ රෝම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසිනි.
අලුත් ගමන් බලපත් සහ තාවකාලික ගමන් බලපත් අයදුම් කිරීම්, නව උපත් ලියාපදිංචි කිරීම, කොන්සියුලර් සේවයේ අනිකුත් ලිපි කටයුතු මෙදින සිදුවන බව තානාපති කාර්යාලය කියයි.
වැඩි විස්තර 06.8840801 හෝ 06.8554560 දුරකතන අංක ඇමතීමෙන් ලබා ගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd