වැල්ලව නිකදඵපොත තමාරා හේෂානි බණ්ඩාර දැරිය පැහැරගත් බව කියන ග්‍රීස් ගාමිනි, දැරිය රඳවාගෙන සිටි තැන් පෙන්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව සමග අද එහි ගියේය.
ප්‍රථමයෙන් ම අරංකැලේ රක්ෂිතයට ද, පසුව පූජගල රක්ෂිතයට ද ඉන්පසු ඔහුගේ නිවස පිහිටි කුඹුක්වැව ප්‍රදේශයේ ගල්තලාවක් ද අපරද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙන්වීය. එහි දි පැහැරගත් දැරියට දුන් ආහාර ගැන ද පොලිසියට කියා ඇත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙනුමෙන් නම් හරිම ලස්සන තැනක් වගේ (නි)
මෙයා පළවැනි කෙනත් , අන්තිමයත් නොවේ. සමාජවේදීන් බැලිය යුත්තේ මෙවැනි අය මුලින්ම හඳුනාගෙන ප්‍රතිකාර කිරීමයි. රටට වැඩදායක කර ගැනීමත් අවශ්‍යයි. අවාසනාවකට රටේ ලොක්කන්ටත් , වැසියන්ටත් මෙය නොවැටහෙන හැටි. කෝටි ගණන් මුදල් හොරකම් කරන, කිලෝ සිය ගණන් කුඩු ගෙනන , ගණිකා නිවාස තියෙන රටක ලොකු හොරුන් නොපෙනෙන හැටි. (නදී)
මානසික රෝගී මනුස්සයෙක්ද ? (නදී)
කන්දෙන් පහලට දැම්මා නම් හරි අායෙත් ඔය වගේ වැඩ නොකරන්න (නදී)
සොරි. (අ)
මම මොහු හොඳට දන්නවා. මෙයා මෙහෙම දෙයක් කරයි කියලා හිතන්නවත් බැහැ. ගමේ හැමෝටම උදව් පදව් කරගෙන, නැති බැරි අයට උදව් කරගෙන හිටි කෙනෙක්. හැම පොදු කටයුත්තකටම සහභාගි වුණා. මේ මේ දේ කළා කියලා හිතන්නත් පුදුමයි. මම මෙයාව දන්නේ පොඩි කාලේ ඉඳලා. ගමේ හිටි හොඳම කොල්ලා විදිහටයි කා අතරත් මෙයා ප්‍රසිද්ධ. (නි)
ගල්ගුහා පෙන්නලා නැවත සුවසේ අාවද ? (නදී)
පෙන්නන්න ගිහින් දිව්වා කියල මොකුත් කරන්න බලමුද. මේ වගේ අය සමාජයෙන් අයින් කරන්න ඕනේ. (නදී)
ඔය ගල් ගුහා වල ආයුධ හංගල තිබුනේ නැද්ද? (නදී)
අයියේ, ඔබ කළ වැරදි නිවැරදි කරගෙන, අඩුපාඩු හදාගෙන, අපි ඉස්සර දැනගෙන හිටි ධර්මිෂ්ඨ, සමාජයට වැඩදායී පුද්ගලයා බවට යළි පත්වීමට ඔබට වාසනාව ශක්තිය ලැබේවා!!! (නි)
මොහු දකිනකොටත් මට තරහයි (නි)
දුවයිද දන්නේ නැහැ (නදී)
මෙයා පැනලා යන්න එහෙම හැදුවේ නැද්ද ? (නදී)
ගාමිණී ආයුද පෙන්නයිද (නදී)
ඇත්ත ශාන්. මේ සමාජය එන්න එන්නම දරුණු හිත් ඇති මිනිසුන්ගෙන් පිරීයමින් පවතිනවා. පොඩ්ඩ ඇත්තන් මරන්න ඕනෑ කියන අදහස මිනිසුන්ට එනවා. බුදුරජාණන් වහන්සේ මේ ගැන වසර 2600කට කලින් කියලා තියෙනවා. අනාගත මිනිසාගේ අධර්මරාගයත් විෂම ලෝභයත්, දැඩි ද්වේශයත් උත්සන්න වෙනවා කියලා (නි)
ලොකු උනාම කසාද බැඳගන්න නෙමෙයි බිල්ලකට දීලා නිදානයක් ගන්නයි කපුවත් එක්ක ගිවිසුම් ගහලා ඇත්තේ (නදී)
පොඩි දරුවෝ හොරකන් කරන ඒවාට උදව් කරන සියලුම අපරදාකාරයන්ට දෙන දඩුවම මොකක්ද කියල දරුවෝ ඉන්න අපි සියුලුම දෙනා අපේ දිහා ඇස් හතරකින් බලාගෙන ඉන්නවා. මේ වගේ අපරාද කාරයන්ට ආපසු සමාජයට ඉන්න ඉඩ නොදිය යුතුයි. අපරාදකාරය පිටුපස්සේ ඉන්න මහා මොළකාරය සොයාගන්න අපේ පොලිසිය සහ අපරාද පරික්ෂණ දෙපාර්තුමේන්තුව ඉතා දක්ෂ බව අපි දන්නවා . අපි මේ වගේ ප්‍රතිපල දිහා හොදට බලන් ඉන්නවා. දිනිදු සහ පමරගේ අපරාද කරුවන්ට වෙන දේ අපි ඉතා ඕනෑ කමෙන් බලාගෙන ඉන්නවා (නදී)
ආයුද පෙන්නන්න ගෙනියන්නේ නැහැ නේද ? (නදී)
නීතිය ගැන මිනිසුන්ට විශ්වාසයක් ඇතිවෙන්න පවතින නීතිය අනුව මෙයාලට දඩුවම් දෙන්න (නදී)
ඇයි මෙයාව ඉතුරු කළේ. අහිංසක දරුවන්ගේ ජීවිත විනාශ කරන අයව මේ රටේ තියන්න හොඳ නැහැ (නදී)
ආපහු පොලිසියට ඇවිල්ලද? (නදී)
දෙමව්පියන්ට දුන් ගින්දර ගාමිනියත් දෙන්න ඕනනේ (නදී)
අනේ පුතේ හංගල තියන කුවක්කු ටිකත් පෙන්නපන්කෝ (නදී)
ග්රීස් ගාමිණී ආයුධ හංගලා නැද්ද ? (නදී)
මේ පාර පෙන්නන්න ගිහින් තියන්නේ ගල් ගුහාවක්ද ...? (නදී)
ඇත්තෙන්ම මේක කල මිනිහාටත් වඩා මේකේ අදහස් දාන අයගේ සිත් කොපමණ නපුරුද කියල හිතෙනවා. වරදට දඬුවමක් දුන්නට කමක් නෑ. ඒත් මේ වගේ අය පුනරුත්ථාපනය කර සමාජයට වැඩදායක පුද්ගලයෙක් බිහිකරන එකයි විය යුත්තේ. (නදී)
අහිංසක දරුපැටවුන්ට හිරිහැරකරන අයට උපරිම දඩුවම් දෙන්න (නදී)
මෙයාව මරන්න කවුරුත් ඉඳලා නැහැ (නදී)
ගල් ගුහ පෙන්නලා යහතින් එන්න වෙන්න වෙයිද? (නදී)
මට නම් දකිනකොටත් තරහයි (නි)
මෙයා නැවතත් මේ වගේ වැඩවලට බහියිද දන්නෙ නැහැ (නි)
මේවා ඔක්කොම පෙන්නලා නිරුපද්‍රිතව ආපහු ආවා කියුවාම පුදුම හිතුනා (නදී)
පොලිසිය මාධ්‍ය එක්ක ගියේ මොකටද කියලා දැන් තේරෙනවා නේද? පවි අහිංසක පොලිසිය. නිකං මඩගහනවා සැකකරුවෝ ආයුධ පෙන්නන්න එක්ක ගිහින් මරනවා කියලා. (නදී)
අයින් කරන්න සමාජෙන් වෛරස්. . ඔය මිනිහව ඉවරයක් කරන්න පොලිස් මහතුනි ඔබට ආචාර කරාවි රටේ ජනතාව (නදී)
ඔය වගේ මිනිස්සුන්ව තියන්න වටින්නේ නැහැ (නදී)
ශාන්, රාජු, මෙවන් , ඔයාලගේ අදහස් වලට මම එකග වෙනවා. මේකේ කොමෙන්ට්ස් වල තරහ පිරිලා. (නදී)
ඔව් ඉතින් ආයුධ නැති එකේ ගල් ගුහා පෙන්නවන්න එක්කන් ගියත් මොකෝ (නදී)
මෙවන්, කියන එක ඇත්ත වෙන්න පුළුවන්. දිය කිරට බළල්ලුත් සාක්කි. (නදී)
ඉහල අදහස් දිහා බැලුවම පොදුවේ පේන්නේ අපේ නීතිය ගැන යම් තරමකට හෝ බුද්ධිමත් ජන කණ්ඩායම් හිතන විදිහ. පොලිස් දෙපාර්ථමේන්තුව මෙහෙම යන්නේ මේ සථාන පරීක්ෂා කරන්නේ නැවත අවස්ථාවක අපරාධ සිද්ධියකදී ස්ථාක හදුනා ගැනීම සදහා. එවිට ඔවුන් මූලික සැලකිල්ල මේ සථාන සදහා යොමු කරනවා. නමුත් මෑත කාලීන අපරාධ හා අවසානය අතර සැලකිල්ලේ වෙනසක් නැහැ. මේ ආකාරයට හැකි සෑම අවස්ථාවක්ම මාධ්‍යට යොමු කරනවා නම් විනිවිද භාවය ගැන ගැටලුවක් නොමැති වේවි. (නදී)
මාංඡු පිටින් පොලිසියට ගහලා ගලෙන් පහලට පනින්න හැදුවේ නැද්ද. මේ අයට සාමාන්‍යෙයන් එහෙම තමයි වෙන්න ඕනේ. (නදී)
මෙහි 7 වෙනි ඡායාරූපය තියන ස්ථානය ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානයක් හැටියට නම්කරන්න පුලුවන්. බලන්න එතන වතුර එක් රැස්වී තිබෙන ආකාරය (නදී)
මෙම මනුස්සයා කල දේ මමනම් කිසි දිනක අනුමත කරන්නේ නැහැ, නමුත් මෙතන කොමෙන්ට් දාල තියෙන අයගේ මානසික තත්වය ඊට වඩා දරුණුයි කියලයි මට නම් හිතෙන්නේ. (නදී)
ගාමිණී සොයුර, මිනිස් ජීවිත සංහාර කරපු කුරිරු රජවරු පසුව ධර්මිෂ්ට රජවරුන් බවට පත්වුණා. ඔබත් ධාර්මික මාවතට පිවිස යහපත් පුරවැසියෙකු වන්න. (නදී)
ඕකව මරන්න තිබුනේ ඔතනම (නදී)
රජ කාලේ දඩුවම් දෙන්න ඕනේ (නදී)
මාංචු දාලද මෙයාට? මට පුදුමත් හිතෙනවා (නි)
මම ශාන් සමග එකඟයි (නදී)
මේ මනුස්සයා කරපු වැඩේ වැරදියි තමයි. නමුත් විස්තරය බලපුවහම මානසික රෝගියෙක් වගේ පේන්නේ. ළමයව අරන් ගියත් ළමයට කිසිම ලිංගික හෝ ශාරිරික හිංසනයක් කරලා තිබුනේ නැහැ. අන්තිමට ගෙදර මෙයාගේ අම්මත් සමග ළමයව තියන් හිටියේ. වරදක් කරන්න වුවමනා වුනානම් ඕනෑතරම් කරන්න තිබුනා. ළමය ලොකු වුනාට පස්සේ කසාද බදින්න හිටිය කියනවා. එ්කත් තේරුමක් නැති මානසිකව වැටුණු කෙනෙකුගේ කතාවක්. මෙයාව මනෝ විද්‍යා වරයෙකුට ඉදිරි පත් කර පරික්ෂා කර බලා වරද තීරණය කල යුතුයි. (නදී)
මෙයාලට දඩුවම් දෙන්න ඕනේ පවතින නීතයෙන්. එවිටයි නීතිය ගැන මිනිසුන්ට විශ්වාසයක් ඇතිවෙන්නේ (නදී)
මේ ප්‍රශ්නය පොලීසියේ මහත්වරුන්ටයි. අපරාධ කරුවකු රැගෙන යන විට දෑත පිටුපසට තබා මාංචු නොදමන්නේ ඇයි? අද වන විට මෙසේ රැගෙන යන අපරාධ කරුවන් පොලීසියේම ගෙලට මේ දෑත දමූ නිසා අපරාධ කරුවන් මරාදාන්න සිදු වූ වාර ගණන අපමණයි නේද? (නදී)
මෙම මනුස්සයා කල දේ අනුමත කරන්නේ නැහැ. නමුත් මෙතන කොමෙන්ට් දාල තියෙන අයගේ මානසික තත්වය ඊට වඩා දරුණුයි කියලයි මට නම් හිතෙන්නේ. (නදී)
ලංකාවේ නීතිය වෙනස් විය යුතුයි. ඔය වැරදි කරන එක්කෙනෙක් දෙන්නෙක් එල්ලලා මැරුවා නම් ඕවා හරියනවා (නදී)
ගල් ගැහුවේ ආයුද එහෙම එහෙම හංගලා තිබිලා නැද්ද ? (නදී)
මෙයා මානසික රෝගියෙක් නේද? මේ වැනි මිනිසුන් බිහිකරන වත්මන් සමාජ ආර්ථික ක්‍රමය වෙනස් වෙන්නම ඕනෑ. 1977 පටන් මේ රටේ ක්‍රියාත්මක කරන නිදහස් ආර්ථික ක්‍රමය හා ගොඩනැගුණු ගැටළු තමා විටින් විට මේ මතුවන්නේ.... (නි)
මම දන්නා තරමින් යම්කිසි රටක නීතිය කියන දේ හරියට ක්‍රියාත්මක වෙනවා නම් ඒ රටේ හෝ සමාජයේ වැරදි ප්‍රමාණය සැළකිය යුතු ප්‍රමාණයකින් අඩුවෙනවා. අපේ රටේ නීතිය තිබුනත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක කරවන නිලධාරීන්ට සිද්ධවෙලා තියෙන්නේ බොහෝ දුරට සිවිල් ජනතාවට නීතිය ක්‍රියාත්මක කරවා වැරදි වලින් මුදවනවාට වඩා වැරදි වලට යොමුකිරීම කියලයි මට නම් හිතෙන්නේ (නි)
ආ! කොහොමද ඉතින්? පරිස්සමින් යන්න හොඳේ! (නි)
ග්රීස් ගාමිණී ගල් ලෙනෙහි සඟවා තිබූ ග්‍රීස් ටිකක් ගෙන ඇඟේ තවරා, පොලිසියෙන් බේරී පලායාමට උත්සාහ කිරීමේදී ගලෙන් පහළට ලිස්සා ......බුදු අම්මෝ! මම නපුරු හීනයක් දැක්කා. (නි)
මට නම් පුදුම තරහක් එන්නේ (නි)
අතට මාංචු දාන්නේ සාමාන්‍යයෙන් පිටිපස්සට අත් දෙක තියලා. ඇත්තටම මෙයා අර රාළහාමිහේ තුවක්කුව උදුරලා වෙඩි තිබ්බා නම් මොකද වෙන්නේ? (නි)