ප්‍රාදේශීය දේශපාලනඥයන් දෙදෙනකුගේ කීමට දැරණියගල පාසලක ගුරුවරියකට ඇය භාරව සිටින පන්තිය නැවත බාර දී වෙනත් පාසලකට යන්නැයි දෙහිඕවිට කලාප අධ්‍යාක්ෂ බැණ වැදී ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
එම ගුරුවරියට එල්ල වූ බලපෑම නිසා ඇය රෝගාතුර වී නේවාසිකව ප්‍රතිකාර ලබා අද (15) උදේ රෝහලෙන් පිටව ගිය බව ද ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
පසුගිය වසරේ එම ගුරුවරිය ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ දරුවකුට උගන්වා ඇති බවත්, මෙම ගුරුවරිය ඉවත් කරන ලෙස ඔවුන් කී බව කියමින් කලාප අධ්‍යක්ෂ ඇයට බැණ වැදුණු , ඉන් පසු ඇය බාරව සිටි පන්තියෙන් බවත් කර එම පන්තිය භාරව සහකාර විදුහල්පතිවරයකු පත් කළ බවත් කියති.
කලාප අධ්‍යක්ෂට අවශ්‍ය පරිදි ගුරුවරුන් ස්ථාන මාරු කළ නොහැකි බව ද, ඇගේ වරදක් ඇත්නම් විමර්ශනයක් සිදු කර ඒ ගැන සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට තිබූ බව ද ස්ටාලින් මහතා කියයි.
ඔහු පාසලට පැමිණ ඇත්තේ විදුහල්පති විශ්‍රාම යෑම වෙනුවෙන් පැවැති රැස්වීමක දී බවත්, මහින්ද රාජපක්ෂ රජය යටතේ ලබාදුන් ප්‍රභූ කර්නල් තනතුර ඔහු තවමත් භාවිත කරන බවත්, ඔහුගේ නිල මුද්‍රාවේ ප්‍රභූ කොටස අත්හැර හමුදා නිලධාරියකු මෙන් කර්නල් ලෙස භාවිත කරන බවත් ගුරු සංගමය පවසයි.
දෙහිඕවිට කලාප අධ්‍යක්ෂ ගාමිණි රාජදාස මහතා කීවේ එම ගුරුවරිය ගැන දෙමාපියන් පිරිසකගෙන් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඇය දැනුම්වත් කළ බවයි.
ප්‍රභූ කර්නල් තනතුරු ඉවත් කරන බව ලිඛිතව දැනුම් දී නැති නිසා තම නිල මුද්‍රාවේ තවමත් එම තනතුර භාවිත කරන බව කී ඒ මහතා දැනුම් දීම කළ වහාම එය බවත් කරන බව ද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේද කියන්නේ, ඒ කාලේ නම් ටීචර්ව තමයි යුධ අධිකරණයට ගිනියන්නේ ? (නදී)
විහිළුවක්, දවස් 14 න් කර්නල් පදක්කම. හමුදාවට අවනම්බුවක්. (නදී)
අධ්‍යාපන ඇමතිතුමනි, මොකද ස්ථාන මාරු ලිඛිතව දැනුම් නොදෙන්නේ ? ගුරු වෘත්තියේ නම්බුව ආරක්ෂා කරන්න. තවමත් චන්ඩි රජ කරනවද ? (නදී)
මොහු භාවිත කරන්නෙ ලුතිතන් කර්නල් ගාමිණී රාජදාස ලෙසයි. එලෙස භාවිත කිරිමට මොහුට අවසර නැත. මන්ද මොහු පසුගිය ආණ්ඩුව සමයේ දින කිහිපයක පුහුණුවකින් ගෞරව නාමයක් ලෙස පමණක් ජාතික ශිෂ්‍ය භට බලකාය හරහා මෙම නිලය ලැබු අයෙකි. එහෙත් මොහු ඒ බව වසන් කරයි. යම් උත්සවයක් සදහා යුධ හමුදා නිල ඇදුම අදින්නේ නම් ඒ සදහා පුර්ව අනුමැතියක් ලබා ගත යුතුය එහෙත් මොහු ඒ පිළිබදවද සැලකිලිමත් නොවේ විවිධ සාද වලටද මොහු හමුදා නිල ඇදුම ඇද ඇත. නිරන්තරයෙන් අත්තනොමතික ක‍්‍රියා වලි නිරතවන මොහු ඇහැලියගොඩ ජාතික පාසලේ විදුහල්පතිව සිටි අවධියේදි ගුරුමහත්ම මහතමින්ට හිරිහැර වන අයුරින් හැසිරී ගුරු මහත්ම මහත්මීන්ගේ දැඩි දෝෂ දර්ශනයකට ලක් වූ අයෙකි (අ)
මොහුට එරෙහිව යුද හමුදා නීතිය අනුව කටයුතු කළ නොහැකිය. මොහු සිිවිල් පුද්ගලයෙකු බැවිනි. හමුදා නිල ඇදුම ඇදි පමණින් හා නිල නාමයන් භාවිතා කළ පමණින් ඕනෑම අයෙකු යුද හමුදා නිලධාරියෙකු වන්නේ නැත. (නදී) .