තම දියණියගේ පාසල් කොට ගවොමේ වාටිය ලිහා එය දික්කළැයි කියන සිද්ධිය මත නවගත්තේගම නවෝද්‍යා පාසලේ විනය භාර ගුරුවරිය වූ සුසිලා හේරත් මහත්මිය දණගැස්වූ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර එම ගුරුවරියට වන්දි ලෙස ගෙවූ තුන් ලක්ෂය ප්‍රදේශයේ අඩුආදායම් ළමයින් සදහා වන ශිෂ්‍යත්වයක් ආරම්භ කිරීමට යෙදවීමට යයි.
නඩුවේ තීන්දුව අද ලබා දෙමින් පුත්තලම මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද නියෝග කළේ සවස දෙකට පෙර වන්දි මුදල් ගෙවන ලෙසයි. නියමිත කාලයට පෙර වන්දි මුදල් නොගෙවන්නේ නම් සිරදඩුවම් නියම වන බව ද විනිසුරු ප්‍රකාශ කළේය.
ඒ අනුව ආනන්ද සරත් කුමාර අදාළ මුදල සවස දෙකට පෙර අධිකරණයේ දී ගුරුවරියට ලබා දුන් අතර ඇය එම මුදල ලංකා ගුරු සංගමයේ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්ට භාර දෙමින් එය ගුරු සංගම් අරමුදලට පරිත්‍යාගයක් වශයෙන් භාර ගන්නා මෙන් ඉල්ලීමක් කළාය.
එය ප්‍රතික්ෂේප කළ ජෝසප් ස්ටාලින් මහතා එම මුදල යොදා අඩු ආදායම් ලාබී පවුල්වල දරුවන් වෙනුවෙන් අරමුදල් අරම්භ කරන ලෙස කීවේය.
ඒ අනුව එම මුදලින් අරමුදලක් ඇරැඹීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න අමිත්, ඔයා කිවුව වචන ටික හරියටම හරි. දැන් තාත්තාටයි දුවටයි හොඳට නින්ද යයි. ගුරු මාතාවට දළදා සමිදු පිහිටයි! ඔබවන් දිරිය දියණියක් මේ ලොවට බිහිකළ ඔබගේ මවටත් මගෙන් ආසිරි! (නි)
අති විශිෂ්ටයි. (ස)
ඔබ වැනි ගූරූතුමියක් අමරණියයි. ඔබව දිරිමත් කළ සැමට ස්තුතියි.ඔබගේ උතුම් ක්‍රියාව මුදල් හඹා යන ගුරෑවරුන්ට ආදර්ශයක් වේවා! (ස)
ආයේ වාටි ලෙහන්න යන්න එපා. දණ ගස්සවන්න යන්නත් එපා. (ස)
මෑණියනි, ඔබ ලක්මෑණියන්ට ගෞරවයක්. ඔබට දළදා සමිඳු පිහිටයි (නි)
දෙදෙනාගේ බුද්ධි මට්ටම තේරුම් ගන්න පුළුවන් නේද? (නි)
මම එක ඉල්ලීමක් කරනවා ඔය පැත්ත ඡන්දදයකයන් ගෙන් මේ දේශපාලකයන් ගැන බුද්ධිමත් තිරණයක් ගන්න කියලා. (ස)
අධිකරණයට අපේ ප්‍රණාමය! (නි)
මලීන්, මම ගැනද දන්නේ නැහැ කිව්වේ. මමත් ඒ තීරණේ අගය කරනවා. මොන දේශපලකයෙකුටවත් ගුරුවරයෙකුට පාසැල තුළදී කරන අපහස මම අනුමත කරන්නේ නැහැ. ඒ වගේ දේශපාලකයෝ පත් කරලා එවන මිනිස්සු තමයි මුලින්ම ඒවාට වග කියන්න ඕනේ. (ස)
උස් තැන් දැක හැකිලෙන, මිටි තැන් දැක පුප්පන, ගුරු ගෞරවයක් නොදන්නා මේ වගේ අයට රජ කාලේ දඩුවම් දෙන්න ඕනෑ.මට නම් මේකත් මදි. (නි)
හොද ක්‍රියාවක්. ඒ වගේම රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා නම් කවදාවත් මේ වගේ වැරදි වෙන්නේ නැහැ. මගේ අදහස නම් ඒ වරද කරපු මහත්මා වුවත් දැන් සතුටු වෙයි. බුදු සරණයි ! (නි)
කොච්චර හොඳයිද? (නි)
අපි ගුටි කාපු හෑටියට අපේ තාත්තලත් ගුරුවරුන්ට ගැහුවනම් අද ලංකාවේ මෝඩයෝ තමයි ඉතුරුවෙන්නෙ මොකද කොල්ලො දගයි නෙ ඉතින් ගහල හම ගහලා තමයි හදන්නේ ගුරුවරු ඔවුන්ට පින් සිදු වෙන්න අද අපි හොද තැනක ඉන්නවා (දිල්)
ඉතා හොඳයි (නි)
විනය භාර ගුරුවරියට වුණත් දරුවෙකුගේ ඇඳුම විකෘති කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. මෙයාට මෙතරම් මහජන කරුණාව ලැබුනේ චුදිතයා මහජන නියෝජිතයෙක් නිසා සහ ඔහු රජයේ පාක්ෂිකයෙකු වීම නිසයි. ගුරුවරියටත් දඩුවමක් තිබිය යුතුයි නේද? (නි)
සුභ පැතුම්! (නි)
ඔබ තුමිය මේ කාලකන්නි දේසපාලනයට එන්න හිතන්නවත් එපා! (නදී)
ඉතාමත් විශිෂ්ට අධිකරණ තීන්දුවක්. සාධාරණ අධිකරණ තීන්දු ලැබෙනවා නම් අසාධාරණයෙන් බැටකන ජනයාට මහත් අස්වැසිල්ලක්. ගුරු මෑණියනි, ඔබට සහ පවුලේ උදවියට දළඳා සමිදුගේ පිහිට ලැබේවා!! (නි)
ඔව් නුවන්, ඒ ගුරුවරුන්ට පින්සිදු වෙන්න අද ලංකාවේ මහා බුද්ධිමතුන් තමා ඉතුරුවෙලා ඉන්නේ. ඡන්ද ප්‍රතිපල බැලූවිටම පෙනෙනවානේ. (නි)
ඔය අදහස කලින් දැන්නුවා නම් දඩය තව වැඩි කරන්නත් තිබුණනේ. සැමට සෙත! (නි)
ඔබ දේශපාලනයට එන්න.පැමිණ මේ වගේ අසාධාරන දුක් විඳින මිනිසුන්ගේ හඩක් වෙන්න. ඔබට මේක හොඳ අවස්ථාවක්.ඔබ කදිම කාන්තාවක්, අනෙක් කාන්තා දේශපාලඥවරියන් සමඟ සසඳන විට.(නි)
ගුරු මෑණියන්ට දළදා සමිදු පිහිටයි! (නි)
අපි පාසල් යන කාලේ ගුරුවරුන් අපිට කොච්චර දඩුවම් කරලා ඇද්ද? ඒත් අපි කවදාවත් එහෙම කළා කියලා දෙමව්පියන්ව එක්කගෙන එන්නේ නැහැ ගුරුවරුන්ට බන්නවන්න. ඒක නිසා අපි හොඳට හැදුනා. මම නම් කියන්නේ ගුරුවරුන් දරුවන්ට තදින් තරවටු කළ යුතුයි කියලයි. (නි)
මහා ලොකුයි කියා සිතන මිනිසුන්ට ඕක තමයි සිද්ධ වෙන්නේ (නි)
සල්ලි මදි. පාසලේදී වැඳලා සමාව ගන්න ඕනෑ (නි)
මොනවා වුණත් පාසලක ළමයින්ගේ විනයක් තිබිය යුතුයි (නි)
හොඳ ආදර්ශයක් උතුම් ක්‍රියාවක් (අ)
ඔන්න මිනිස්සු, රටටම ආදර්ශයක්, ඔයවගේ ලොකු හදවතක් තියෙනේ ගුරු මෑනියකටනේ අරවිදිහට දඩුවම් කළේ
ඉතාම වටිනා කාර්යයක්. මෙම ගුරුවරිය අනික් අයටත් ආදර්ශයක්. පොදු අරමුණින් කටයුතු කිරීම සිතීම ගැන ගුරුවරියට ස්තුතිවන්ත වෙනවා (නි)
ගුරු තුමියෙනි ලක්ෂ 3 කින් අරමුදලක් සෑදීමෙන් පලක් නැත. කාලයත් සමග මුදලේ වටිනාකමත් නැතිවෙනවා! නැති බැරි කෙනෙකුට නිවසක් සදා දීමට එම මුදල යොදවන්න. සැම දෙනාම උපකාර කරාවී. (ස)
ගුරු අම්මේ, ඔබතුමියට අපි හිස නමා ආචාර කරමු. කීප දෙනෙක් ඇරෙන්නට හදවත් ඇති මුළු ජනතාවම එදා හදවතින් වැළපුනා ඔබතුමියට සිදු වූ අපරාදේ දැකලා. ඒ ජනතාව අද දවසේ සතුටු කඳුළු හෙලනවා. (නි)
මන්ත්‍රීගේ දුවටත් ගවුමක් අරගෙන දෙන්න (නි)
ගුරුවරිය පෙර හිටියට වඩා ගරු බුහුමන් ලැබුවා. ඔබට ශක්තියක් ලබා දුන් හැමටම පින්. (ස)
වදින්නත් කියන්න තිබුණේ අම්මා කෙනෙක් වගේ හිටපු ගුරුතුමියට කල අපහාසෙට. (ස)
මේ ගුරුතුමියගේ පාසැලේ දරුවන් කෙරෙහි ඇති ආදරය ,කරුණාවට තවත් සාක්කි කුමටද? මෙවැනි උතුම් ගුරු මෑණිවරුන් අපේ රටේ දරුවන්ට වාසනාවක්.චිරාත් කාලයක් ඔබේ වෘත්තියේ වැජඹෙන්න ඔබට වාසනාව ලැබේවා! (නි)
වෑස්සකටවත් පාසෑල් නොගිය අය දේශපාලනයට ආවහම මේ වගේ දේවල් අහන්න ලෑබෙනවා.මාධ්‍යට පහර දෙනවා, ප්‍රජාත්‍රන්තවාදය අමුඅමුවේ මරා දමනවා, බලය අයුතු ලෙස යොදාගනිමින් හුදෙක් මහජනතාවටම පීඩනයක් එල්ල කරනවා. නූගතුන් උද්දච්චයි,මෝඩයි ,හිතන්න ශක්තියක් නැහැ. කවුරුත් එයාට බනින්න එපා. පව් සිදුවෙයි.අනුකම්පා කරන්න. එයාලා වගේ අයව තෝරාගන්න අයටත් මොළය වඩන්න මහජනයා වශයෙන් අපි ප්‍රාර්ථනා කරනවා ඈරෙන්න වෙන මොන දෙයක් කරන්නද ආයුබෝන්.... (නි)
ඇත්තටම අපේ ස්තුතිය අධිකරණයට පුදකරනවා. ඔබතුමියට සිදුවූ අපහාසයට , මානසික පීඩනයට, බය, කම්පනය ඇතුළු හැමදෙයකටම අපි පුද්ගලිකව ගුරුතුමියගෙන් සමාව ඉල්ලලනවා (නි)
මෙන්න පාර්ලිමේන්තුවට යන්න ඕනෑ චරිතත මෙතුමිය ඡන්දය ඉල්ලුවා නම් මම උඩින්ම දෙනවා (නි)
ගුරුතුමියනි, ඔබ දේශයට ආදර්ශයක්! (නි)
ඉතාමත්ම යහපත් කාර්යයක් (නි)
මුළු රටේම ඔබ වැනි කොන්ද කෙළින් තිබෙන විනිසුරුවරුන් බිහිවේවා! (නි)
දණ ගැස්සුවාට ලක්ෂ තුනක් නම් ඊට වඩා ලොකු දෙයක් කළා නම් කොච්චර වෙයිද? දන්නෙ නැති නිසා අහන්නේ (නි)
එක එක්කෙනා කියන පරිදි ඔබතුමිය කිසි දවසක පාර්ලිමේන්තුවට නම් යන්න එපා.ඊට වැඩිය ලක්ෂ ගුණයක් වටිනවා ඔබ කරන රැකියාව. ඒකෙන් ලෝකයට යහපත් දරුවන් ලක්ෂ ගානක් බිහි කරන්න පුළුවන් වේවි. ඔබතුමිය වැනි ආදර්ශමත් ගුරු මෑණිවරුන් තව තවත් පහළ වේවා! (නි)
එතකොට මේකට අභියාචනයක් එහෙම කරන්න බැරිද? (නි)
සේරම්, එතකොට අඩ නිරුවතින් එනකොට ඒක සදාචාරාත්මකද? (නදී)
ඔබට ජේසු පිහිටයි ගුරු මෑණියනි! (නි)
ගරු අධිකරණයට හිසනමා ආචාර කරනවා මේවගේ තීන්දුවක් දීම ගැන.මේවගේ අනිත් මන්ත්‍රී හොරුන්ටත් නිතිය හරියට ක්‍රියාත්මක කළා නම් රටේ සැහෙන දුරට අපරාධ අඩුවෙනවා.නමුත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ අසරණ දුප්පත් මනුස්සයට පමණි.එනිසා මේ තීන්දුව අනිත් ජනතා නියෝජිතයන්ට හොඳ ආදර්ශයක්. (නි)
ඉතාමත් වටිනා ආදර්ශයක් මේ ගුරුතුමිය රටට දුන්නේ. ඔබට සිතේ සතුටත්, ගතේ සවියත් ලැබී දිගු කලක් ජිවත්වීමට වාසනා වේවා....!! (නි)
සලීම්, මේ ලක්ෂ 3 මෙම අරමුදලේ ආරම්භය පමණි. මම හිතන විදියට ලංකාව සහ ලෝකය පුරා විසිර සිටින ලංකාදීප පාඨකයන්ට පුළුවන් මෙය මිලියන ගණනාවක් දක්වා ඉහළ දාන්න. කරුණාකර මෙහි ගිණුම් අංකය ප්‍රසිද්ධ කරන්න. මම ගුරු සංගම් සාමාජිකයෙක් නොවුණාට ගුරු සංගම් නායක මහතාට මගේ ප්‍රණාමය පුද කරමි. ඔහු පක්ෂ පාට නොබලා සාමාජිකයන්ගේ අයිතිය වෙනුවෙන් සටන් කරන කැපී පෙනෙන වෘත්තිය සංගම් නායකයෙකි (නි)
කියන්න වදන් නැහැ. ඇස් දෙකට කදුළු ආවා. ඔබට සදා ජය! (නි)
ඔය මුදල් අද ලැබෙන බව අර අහවල් කට්ටිය දන්නවා නම් මඟදීම ඕකට ගේම දීලා (නි)
හොඳ වැඩක්. ගුරු සංගම් නායකයාටත් ස්තූතියි මේ ගුරුවරිය දිරිමත් කළාට. (නි)
ගුරුමෑණියනි, ඔබ තුමියට ස්තූති වේවා. ! (ස)
ගුරුතුමිය මේ පරිත්‍යාගය කරන්නට බොහෝ දුක් ගැහැට වින්දාය. ඒ නිසාම ඒ පරිත්‍යාගයේ අගයද මිල කල නොහැකමෙහි අදහස් පල කර ඇති බොහෝ දෙනාද සංවේදී මිනිසුන් බව සඳහන් කල යුතුය. එහෙත් අතලොස්සක් දෙනා කරකවා අතහැර දැමූ කලෙක මෙන් අදහස් ප්‍රකාශ කරන්නට යෑමෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ ක්‍රියාව කල මිනිසාගේ ඝනයට වැටෙන්නට උත්සාහ කිරීම කණගාටුවට කරුණකි. (ස)
මේක නම් සියළුම දේශපාලඥයින්ට හොඳ පාඩමක් (නි)
ගරු උසාවියට හිස නමා ආචාර කරන අතර ගුරු මෑණියනි ඔබතුමියට දෙවි පිහිටයි.(නදී)
නඩුකාර හාමුදුරුවන්ට ගොඩක් පින් මේ වෙසක් සතියේ නියම දඬුවම. (ස)
මේ අය මේ බලය පෙන්නන්න ගිහින් වෙච්ච දෙයක්නේ. ගුරුතුමී ඔබ තුමිය අමරණීයයි ! (ස)
ආදර්ශවත් නඩු තීන්දුවක්. අපිට තවමත් අනාගතය ගැන විශ්වාසය තැබිය හැකියි. (ස)
කාලෙකට පස්සේ හොඳ පුවතක් අහන්න ලැබුණා. (ස)
ලොකු පින්කමක්. ඒ අරමුදලට මගෙනුත් උදව්වක් දෙන්න කැමතියි. (නි)
උස් තැන් දැක හැකිළෙන්නේ... මිටි තැන් දැක පුප්පන්නේ... නිවටුන් බව සිතමින්නේ.... ලක්ෂ තුනක් ගෙවපන්නේ.... ගුරුතුමියට නවසීලන්තෙන් සුභ පැතුම්! (නි)
නුසුදුස්සන් පාර්ලිමේන්තුවට යැවුවහම ඕක තමයි වෙන්නේ (නි)
ලක්ෂ තුනක් දීලා බේරුනාට, පරිස්සමෙන් හොඳේ (නි)
ඉස්සර මන්ත්‍රීතුමන්ලා පාර්ලිමේන්තුවේ සිට රට පාලනය කරන්න නීති හැදීම , මුදල් වෙන් කිරීම වැනි දේවලුයි කළේ. නමුත් දැන් මන්ත්‍රීලා හැමදේටම අත ගහනවා.රටේ තියෙන දුෂණ ඔක්කොම කරනවා. බලය අයුතු ලෙස පාවිච්චි කරනවා. ඔන්න ඔතනයි වැරැද්ද. (නි)
ගරු අධිකරණයට හිසනමා ආචාර කළයුතුයි, වැඩේට ගැළපෙන විදියට දඬුවම දුන්නට. (නි)
දන්නවද වැඩක්? ආරේ ගුණ නෑරේලුනේ!! (නි)
අර ඉන්දික කෝ? (නි)
වන්දි විතරක් මදි. ඔය වැනි අයට සිර දඩුවම් දෙන්න ඕනෑ ආයෙත් ඔය වගේ වැඩ නොකරන්න. (නි)
මුදල් සහ බලය නිසා තමයි මිනිසුන් නැතිවීම සහ නොමඟ යාම සිදුවන්නෙ (නි)
සැබෑ ගුරුවරු ඔහොම තමා. (නදී)
ඉතාමත් හොද අරමුදලක්. අද කාලෙට වැඩදායකයි. මේ ගැන ජනතාව දැනුවත් කරන්න. ඒ වගේම ඒ අරමුදලට අපිටත් දායක වෙන හැටි කියන්න.ඒ වගේම ඒ ශ්‍රේෂ්ඨ ගුරු මවුතුමියට කැනඩාවේ අපේ ප්‍රණාමය පුද කරමු (නි)
මෙන්න දෙවිවරු.මටත් මගේ ගුරුවරු මතක් වෙනවා.ආනන්දට හොඳ වැඩේ.ගුරුතුමියනි, ඔබට මෙවන් සිදුවීමක් නැවත නොවේවා! (නි)
ගරු අධිකරණයට හිස නමා ගෞරව කරනවා සාධාරන තීන්දුවට. ගුරු මෑණියනි, ඔබතුමියට දිරිය ශක්තිය ගෞරවනීය රැකියාවට. (නි)
ගුරු මවුනි, ඔබතුමියගේ උතුම් ක්‍රියාවට හිස නමා ආචාර කරමි හදවතින්ම. (නි)
මෙහි අදහස් පළ කරලා තියෙන සමහර අය දන්නේ නැති දේවල් මෙතනින් අහන්නේ නැතුව පුත්තලමේ උසාවියට ගියානම් අහගන්න තිබුණා. එම ගුරුවරියගේ ආදර්ශය හා නීතියෙන් කළ සාධාරණය අගය කරනවා වෙනුවට මෙවැනි අදහස් පළකිරීම වැදගත්කම නොවේ. (ස)
මගේ දුවට මේ දේ වුණා නම් අපිටත් ඔය වගේ ක්ෂණික තීරණ එන්න තිබුණා. දරුවෙක් නිසා මේ තාත්තට මෙසේ වුණා. ඒ මනුස්සයාට සියල්ල නැති වුණා. ගුරුවරියට නම්බුව නැති වුණා. මන්ත්‍රීට අනාගතය නැති වුණා. අවසානයේ මා දරන මතය මෙසේ ලියමි. අපිi කවුරුත් මැරෙන බව නම් මතකයි යන්නයි (නි)
මෙම ගුරු මෑණියන්ගේ අරමුදලින් උපරිම ප්‍රතිපල නෙලා ගැනීමට එහි ප්‍රතිලාභ ලබාගන්නා සිසු දරුවන් උනන්දු විය යුතුයි.සුසිලා හේරත් ගුරු මෑණියන්ට කරන ලොකුම උපහාරය එයම වේවි. ගුරු මෑණියන්ගේ අරමුදල මුළු දිවයිනටම ව්‍යාප්ත වේවා!(දිල්)
උසාවියෙන් ලැබුන හොඳ ඉක්මන් තීරණයක් (නි)
තාමත් අපේ කාලේ ගුරුවරු ලංකාවේ ඉන්නවා කියල දැනුනා.ඒගැන හරිම සතුටු හිතෙනවා.අපිට ඒදවස්වල පාසලේදී දඩුවම් කල ගුරුවරු ගැන මතක්වෙනකොට අදත් ඔවුන් ගැන විශාල ගෞරවයක් ඇතිවෙනවා. අද අපි යම්තැනක ඉන්නේ ඔවුන් අප ගැන සොයාබැලූ නිසායි. දරුවෙනි තමන් ගැන හොයල බලන ගුරුවරු තමන්ගේ සතුරන් ලෙස නොසලකන්න. මම දැන් ඉන්න කැනඩාවේ පාසල්වල ගුරුවරු එහෙම දරුවෝ ගැන සොයබලන්නේ නැහැ. මගේ දරුවොත් මෙහෙ පාසල් යන නිසායි මම දන්නේ. ඒවායේ නරක ප්‍රතිඵල මෙහෙ හොදට පෙනෙන්න තියනවා. ඔබේ ගුරුවරුන්ට දෙවියන්ට මෙන් සලකන්න. ඔවුන් ඔබට නිසි මග කියාවි. නරක ගුරුවරු අතලොස්සක් නිසා හොද බහුතරයක් ගුරුවරුන්ට අපහාස නොකරන්න. දේශපාලක තුමා ගැන කිසිවක් කියන්න අවශ්‍ය නැත.(ස)
මන්ත්‍රීව දණගස්වලායි හරි නම් ගුරුතුමියගෙන් සමාව ගන්නවන්න ඕනෑ. මෙතන සල්ලි වැදගත් නැහැ. ආත්ම ගරුත්වය ඉතාම වටිනවා. (නි)
මටනමි මෙි දේශපාලකයා ගැන පුදුමත් හිතෙනවා.සැබෑවටම හැරවුමක්ද? හැරවුමක ආරමිභයක්ද? කියන්න බෑ. අලුයට ගිනි නැත්නමි ඉතාම හොද සිදුවීමක්.සුභ අනාගතයක්! (ස)
ඔබේ ජය අපේත් ජයයි. මට කියන්න පුලුවන්ද උදව් කළ ගුරු සංගමය මොකද්ද කියලා. ඔන්න මිනිස්සු (නි)
මේ වගේ අය මේ රටේ තවත් ඉන්නවා. (ස)
ඔබ තුමියට තවතවත් මෙවැනි කටයුතු කිරීමට ශක්තිය දිරිය ලැබේවා (දී)
ළඟදි දවස් දෙකක් අපේ දුවගෙ ගවුමෙ වාටිය පාසලේදී ලෙහෙලා දඩත් ගහලා තිබුණා. ගවුම් දෙක ටිකක් පරණ ඒවා. අපි ගුරුවරුන්ට බණින්න ගියෙ නැහැ. තනිතරම අපේ වැරැද්ද. නොසැළකිල්ල. පාසල් වල යම්කිසි විනය නීතිරීති මාලාවක් තියනවා. අපි හැමෝම ඒවට ගරු කරන්න ඕනාෑ. පාසල් කියන්නෙ කෝලම් මඩු නෙමෙයි මංජා මහත්තයා. මේ මනුස්සයා හැමදේම නැති කරගත්තෙ නූගත්කම නිසා. ගවුමෙ වාටියක් ලෙහුව කියලා ආවේගයක් ඇති වෙනවා නම් ඔබතුමාටත් බොහෝ විට මානසික රෝගයක් වෙන්න ඕනෑ. ඉක්මනින් බෙහෙත් ටිකක් ගත්තොත් හොඳයි. (නි)
ඔව් ඉතින්, ඔය වගේ සත්පුරුෂ වැඩක් කරන්නේ මේ ගුරු මව වැනි අහිංසක කරුණාවන්ත අය පමණයි. (නි)
කෝපය=දඬුවම = වන්දිය=අරමුදල = සතුට = කුසලය (නි)
සමස්ත ගුරු පරපුරටම ආදර්ශයක්. (ස)
ඉතා හොඳ තීරණඛ්‍යක්. (ස)
දේසපාලුවන්ට වදින්න නම් හොඳම කනේ පාර ඕකයි.හැබැයි වැඩක් නැහැ.ගුරුවරු කොහොමත් ගරු කටයුතු විදියට ලංකාවේ ජිවත් වෙලා තියෙනවා. (නි)
සෑම කළු වලාකුළකින්ම රිදී රේඛාවක් මතුවෙයි (නි)
මෙයා මන්ත්‍රී නිසා හොඳයි පැය කීපයකින් ලක්ෂ තුනක් දෙන්න. අපිට එහෙම වුණා නම් දෙයියන්ගේ පිහිට තමයි. ගුරුතුමියට සුබ පතමි. (ස)
මංජා මන්ද බුද්ධිකද? (නි)
මුලින්ම මේ ගුරු මෑණියන්ට මාගේ අවංක උත්තාචාරය පිරිනමන අතර, සංවර ඇඳුම් පිළිබඳව උත්සාහ දරන ඒ සඳහා පක්ෂව අදහස් ලියූ හැමෝටම ස්තුතියි. පාසලේදී පමණක් නොව සෑම අවස්ථාවකම කාන්තාවගේ ඇඳුම් පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීම වටී (නි)
මන්ත්‍රී කෙනෙකුට සුදුසු නැති අය පත් කළ අය මේවට වග කියන්න ඕනෑ. ඔබගේ වටිනා ඡන්දය නුසුදුස්සන්ට වළකින්න.ඡන්දය ඉල්ලන අයට සුදුසුකම් අනිවාර්යෙන්ම ගෙන එන්න ඕනෑ. ගුරුවරුන් දරුවන්ගේ වැරදි හැදුවේ නැත්නම් ලෝකයේ රටවල් වලින් දුෂණය වැඩිම රට ලංකාව වේවි (නි)
හොද දෙයක් තමයි වෙලා තියෙන්නේ. ඇමති වුණත් දැනගන්න ඕනෑ ගුරුවරුන්ට ගරු කරන්න (නි)
ආනන්ද මොන ජාතියෙ කෙනෙක්ද මන්දා? (නි)
ඔය වගේ දෙයක් කළොත් ගුරුවරයෙක් හැරෙන්න වෙන කවුද ඉතින්. (ස)