වැල්ලම්පිටිය කොටිකාවත්තේ උපධිධාරී ගුරුවරියක විවාහ කරගෙන ඇමෙරිකාවේ පදිංචියට යන බව කියමින් ඇගෙන් රුපියල් ලක්ෂ දහයක් වංචා කළැයි මාරාවිල වලිමුණිගේ ගුණරත්න අබේරත්නට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමේ මහතා බරපතල වැඩ සහිත දෙවසරක සිර දඩුවම් නියම කලේය.
ගුරුවරියට රුපියල් ලක්ෂයක වන්දි ගෙවන ලෙසත්, වන්දි නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිත හය මාසයක සිර දඩුවම් නියම කරන බවත් මහේස්ත්‍රාත් පැවසීය.
නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරද්දී උපාධිධාරී ගුරුවරියගේ මව සිහිසුන්ව උසාවියේ ඇද වැටුණාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සමාජය දෙස බලන විට පෙනෙන්නේ බුද්ධිමත් කියන හැම කෙනෙක්ම කරන්නෙම මෝඩ වැඩ. සමාජය තුළ පුවතක් දෙකක් බලා තමන් එවැනි දේවල් නොකර ජීවිතය සකසා ගෙන මේ වැනි අයට අසු නොවී දෙමාපියන්ට බරක් නොවී යහපත් වැදගත් ජිවිතයක් ගත කිරීම මෙවැනි පුවතකින් ප්‍රතිපලයක් ලෙස ගතහැකි නම් වටී (නි)
ගුරිවරියගේ මව සිහිසුන් නැතුව වැටිලා තියෙන්නේ දුවට වුනුදේ ගැන හිතලා නෙවෙයි බෑනට අවුරුදු දෙකක සිරදඬුවම නියමකොරපු නිසයි. (නදී)
රන්ජිත් අය්යේ, බුද්ධිමත් යන වචනයේ විරුද්ධ වචනය මොකක්ද?මෝඩයෝද ?එතකොට මෝඩයෝද නුවණක්කාර වැඩ කරන්නේ? මේ දෙකෙන් ඔබ වැටෙන්නේ මොන පිලටද ? (නි)
ලංකාවේ මෙහෙමත් මෝඩ කාන්තාවන් සිටීම කණගාටුදායකය.උගත් අයත් මෙහෙම රැවටෙනවා නම් අනෙක් කාන්තාවන් ගැන මොන කතාද?මේ පුද්ගලයා ලක්ෂ 10 දෙන එකක් නැහැ!! මාස 6නේ. හිරේ යයි (නි)
මම නම් හරිම කැමතියි මේ තීන්දුවට. මේ වගේ හොරුන් හින්දා අද කාලේ පිටරට ඉන්න ජීවත්වෙන ලංකාවේ උපන් හොඳ කෙනෙකුටවත් විවාහයක් කරගන්න විදියක් නැහැ. හැම කෙනාම බලන්නේ විශාල සැකයකින් (නි)
'මුණි' සම්ප්‍රදාය අනුගමනය කරන ඊට ගෑවුණු අය හරිම භයානකයි කියලා ටීචර්ලවත් දන්නේ නැත්නම් අඩුම ගානේ 'නම බලලයි ගන්න ඕනෑ'. (නි)
වැරදිකරුට ලක්ෂ නවයක වාසියක්ද? (නි)
අවුරුදු දෙකයි මාස හයෙන් අපි දෙන්නා ඇමෙරිකාවේ යමු සුදෝ (නි)
දස ලක්ෂය නැවත රැගෙන දෙන්න නීතියක් නැද්ද? (නි)
ඇමරිකාවට එන්න හදන්න එපා.මෙහෙ මිනිස්සු කරුමයක් ගෙවන්නේ. ඒක කියන්නේ නැහැ. ලංකාව වගේ තැනක් වෙන ලෝකේ නැහැ (නි)
අනේ වරුණ මේකට නම් ඔයාගේ අධි බුද්ධිමත් අදහස් එපා. (ස)
අරුණි වගේ මෝඩයන් වාගීශ්වර වගේ 'අන්ඩපාලයන්ගේ' වදන් වලට රැවටෙන්නෙත් මෙන්න මේ වගේ තමයි? (නි)
ඇත්තටම ලක්ෂ දහයක් වංචා කරාම වන්දිය ලක්ෂයක් ද? (ස)
ඇය උපාධිය ගන්න ඇගේ ජිවිත කාලෙන් කොටසක් වැය කරලා තියෙනවා. ඊට පස්සේ ලොකු අතු අල්ලනේ නැතිව,නිකමෙක් අල්ල ගන්නද කියන්නේ?ඇය පිටරටකට යන්නේ තම ජිවිතයේ මීලග ඉදිරි පියවරක් ලෙසය. අහලා නැද්ද බිස්නස් කරලා වැරදුනු අය ගැන. මේකත් ඇය විසින් කල ආයෝජනයක්. නමුත් ඒක වැරදුණා.එච්චරයි!(නදී)
ඇයි වන්දිය ලක්ෂ එකක්.ඉතුරු ලක්ෂ නවය පිනට ඇරියද?හරි නම් මේ පුද්ගලයා අවුරුදු නවයක හරි දඩුවමක් ලැබිය යුතුයි.අම්මා සිහිසුන් වුනේ දරු දුකට වඩා දෙයක් නැති නිසා. (ස)
බහුශ්‍රැත වරුණ උතුමානෙනි, මෙච්චර කල් අදහස් ප්‍රකාශ කර කර ඉදලා මුලු දවසෙම වෙන වැඩක් කරන්නේ නැතුව දැන් අනිත් මිනිස්සුන්ට මෝඩයා මෝඩයා කියලා චෝදනා කරන්න පටන් ගත්ත ද....?අනේ වරුන, අපි හැමෝම ඔයාගෙන් කාරුණිකව ආයාචනා කරන්නේ ඔයාගෙ මේ බුද්ධිමත් අදහස් ප්‍රකාශ කිරීම නවත්වත්තලා රටට වැඩක් වෙන වැඩක යෙදෙන්න රටට බරක් නොවී..... (නි)
කෙල්ලකගේ පතිවතේ වටිනාකම, මිල කරන්න පුලුවන්ද? (නි)
සත්සරනිලත් මේවා කියවලා හැදෙන්න බලන්න.අම්මලට බොරු කියලා කීයක් හරි කඩාගෙන කොල්ලොත් එක්ක ෆිල්ම් හෝල් ගානෙයි,නිදහසේ කතා කරන්න කියලා හෝටල් ගානෙයි යන්නේ නැතුව. නැත්තම් ඔයාටත් අන්තිමට උසාවියෙයි නවතින්න වෙන්නේ (නි)
අපි වගේ රත්තරන් කොල්ලෝ ඉදිද්දි ටීචර්ලා මොකට ඔයවගේ හොරුන්ට අහුවෙනවද? (නි)
මේවා දුටුවිට පැහැදිලි වෙන්නේ කාන්තාවන් ලොකු අතුවල එල්ලෙන්න තියෙන කැමැත්ත සහ ඒ කැමැත්තෙන් මෝහයට පත්වෙලා දිරච්ච අතුවල එල්ලිලා අමාරුවේ වැටෙන විදියයි. (නි)
දඩුවම නම් මදි (නි)
සිරිපාල දොරේ කිව්වලු ඇයි සිරිපාලට කිචිද මම අදහස් දැම්මම?ඔයා ගිහිල්ලා වැඩක් බලාගන්න මගේ සල්ලි, මගේ බිල ඔයා ඕවා එකක්වත් ගෙවන්නේ නැහැනේ?අපි රට වෙනුවෙන් අපේ යුතුකම් කරලා තියෙන්නේ? (ස)
ලාල් සුරන්ජිත්ට මොනවා හරි වෙලා වගේ මට පෙන්නේ,ඔහොම තමා (ස)
ගුරුවරයා ආපසු පාසල් යවන්න වෙයි උගන්වන්න නොවෙයි (අ)
මේ පුද්ගලයාගේ නම පල කළා වගේ කුඩු කන්ටේනරය ගෙනා පුද්ගලයාගේ නමත් පළකරන්න (නි)
ටීචර් පව්. හිරෙන් එනකන් කවුද එයාව බලාගන්න ඉන්නේ? (නි)
ලක්ෂ දහයක වංචාවක් කලාම ලක්ෂයක්ද වන්දි ගෙවන්න ඕනේ.(නදී)
සිරිපාල ඔයා සම්පුර්ණයෙන් හරි. වරුණ දවසෙම අදහස් දම දමා කාලය කකා වැඩක් නොකර රටට බරක් වෙනවා. මොනවද වරුණ කරලා තියෙන යුතුකම්! (නි)
නිල්මිණි, ඔයාට පෙනෙන්නේ සුරන්ජිත්ට මොනවා වෙලා වගේද? ඉතින් ඔයාට සුරන්ජිත්ට වෙන දේවල් හරියටම දැනෙනවා නම් එයාව කසාද බදින්නකෝ. (නි)
අඩුම තරමින් 100,000 කට අවුරුද්ද ගානේ ලක්ෂ 10 ට අවරුදු 10ක්වත් බර වැඩ සහිතව බන්ධනාගාර ගත කළ යුතුයි. (නි)
මිනිස්සු කාලා බලන්න බැහැනේ (නි)
ලංකාවේ නීතිය අපරාධකාරයෝ දිරිගන්වන බවයි මගේ හැගීම (නි)
ලංකාවේ අනිත් හොරු ටිකත් මේක ආදර්ශයට අරගෙන වැඩේට බහිවිද දන්නේ නැහැ. (නි)
මේ ගුරුවරියගේ 'මෝඩකමට' හිනාවෙන අයගෙන් කවදාවත් මෝඩකම් නොකළ, රැවටීමකට අහුවෙලා නැති කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න. කෙනෙක් රැවටිලා කරදරයකට පත්වුනාම හිනාවෙන එක හරි ලේසියි. නමුත් 'දක්ෂ' වංචනිකයෙකුට රවටන්න බැරි කෙනෙක් නැහැ. මම මීට පෙරත් කිව්වා වගේ වික්ටර් ලුස්ටිග් කියන අති දක්ෂ වන්චනිකයට පුළුවන් වුනා පැරිසියේ අයිෆල් කුලුන දෙපාරක්ම පරණ යකඩවලට විකුනන්න. මහත්වරුනි, මොළයෙන් කරන්න බැරි දෙයක් නැහැ. අපි ඉතින් පුළුවන් තරම් පරිස්සම් වෙන එක තමයි කරන්න ඕන. (නදී)
සම්පත්, ඔබේ අදහස සියයට සියයක් නිවැරදියි. මෙවැනි කාන්තාවන් ඕනෑතරම් සිටිනවා. (නි)
ලංකාවේ ඇති නීති රීති ඉතාමත් ලිහිල් බවය මාගේ අදහස.ඒ නිසා තමඊ අපේ අය වැරදි කිරීමට බියක් නොදක්වන්නේ. තිලක් කියපු කතාවනම් හරියට හරි.ඇමෙරිකාව සුරපුරයක් නොවේ. අපේ අය ගොඩක් එහි ජීවත් වන්නේ හොරෙනි. රැකියාවල් දෙක තුන දිනකට කරයි. දිනකට සමහරවිට නිදාගන්නේ පැය ගනනකි. කට්ටිය එකතුවී.චමරියක් සාදා ගෙන ජීවත් වෙති. ඔවුන් ලංකාවට ඒමට සිතන්නේවත් නැත. අවොත් ආපසු යැවිලි නැත. ඇමරිකාවේ ජීවත් වන මාගේ මිතුරන් මේ පිලිබදව මා සමග කතාබහ කර. ඇත. මෙම තැනැත්තා ඇමෙරිකානු පුරවැසියෙකු නොවන්නේ නම් සිරදඩුවම අවසාන වුවාට පසු ඔහුට ආපසු එහි යාමට වීසා ලැබෙයි කියා සිතිය නොහැක. (දී)
පිටරට යන්න මේනියාව තියෙන කෙනෙකුට ලේසිම ක්‍රමයක් තමා රට වීසා තියෙන කෙනෙක්ව බැඳලා යන එක. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ කොහෙද යන්නේ කියලා. එහෙම ගිය හුඟක් ගැහැනු අනාතයි. එක්කෝ ලංකාවේ නැත්තම් ගිය රටේ. කල්පනා කරලා වැඩ කරන්න. බොරුවලට අහු වෙන්න එපා. (නි)
අපේ මිනිසුන්ට පිස්සුද බොරුවට මරා ගන්නේ. (ස)
හැම ප්‍රශ්නෙකම දෙපැත්තක් තියෙනවා. ඇත්තටම වුණ දේ කවුරුත් දන්නේ නැහැ. මම ඔය කතාව පුද්ගලිවකම දන්නවා.ඔය කෙල්ලගෙන් ගැළවුණ එක ඔය මිනිහගේ වාසනාව.මිනිහ කෙල්ල වෙනුවෙන් මොනතරම් වියදම් කළාද? මිනිහා මොකටද ලක්ෂ 10ක් වංචා කරන්නේ, ඒක සුළු ගානක් නේ (නි)
ඔවු නිල්මිණි, මට නම් වුණේ හැමතැනටම කෝල් කර කර මම ගැන අහන්න පටන් ගත් එක පමණි. ඒකෙන් යම් අපහසු තත්වයකට පත්වෙනවා නේද? (නි)
"පුදන කොටම කාපි යකා" කියන්නේ ඕකට තමා. (නි)
වංචා කලේ රුපියල් ලක්ෂ දහයක් ඒ වුනාට, වන්දිය රුපියල් ලක්ෂයක්, මට එහෙම වැරදිලාද? (ස)