නවගත්තේගම පාසල් ගුරුවරිය දණගැස්වීයැයි කියන වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරට වයඹ පළාත් සභා ඡන්දයේ අපේක්ෂකයකු ලෙස සන්ධානයෙන් නාම යෝජනා දී නැත.
සන්ධාන අපේක්ෂක ලැයිස්තුවේ ඔහුගේ නම නැතැයි රජයේ ආරංචි කියයි.
දැනට රිමාන්ඩ් බාරයේ සිටි ඔහු ඇප ලබා දීමේදී නාමයෝජනා කමිටුව ඉදිරියේ පෙනී සිටියේය.
සරත් කුමාරගේ සහෝදරියකගේ පුතකුට නාමයෝජනා ලැබී ඇතැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් තියෙන්නේ දෝනිගේ ගවුම උඩකින් එල්ලලා ඒක දිහා බලාගෙන භාවනා කරන එකයි (නි)
ඔය පුත්තරයාගේ නම මොකක්ද හැබැට .පුත්තරයා දිනවගත්තොත් ගොඩ නේද .අපරදේ මන්ත්‍රීතුමා පක්ෂයට පුදුමාකාර සේවයක් කල ජනතා නායකයෙක්. (නි)
මේව මේ පොඩි දේවල්නෙ. ඇයි මේ මිනිස්සු පොලිසියටත් රජයටත් බනින්නෙ. (නි)
දැන් වෙඩි කාපු වල් ඌරා වගේ ඇති (නි)
පොඩ්ඩක් බලන්න හොයලා මොකක්හරි වෙන ලොකු තනතුරක් එයාට ලැබිලද කියලා (නි)
සහෝදරියගෙ පුතා හරි දමලා තම අරමුණු ඉටු කරගනීවිද දන්නෙ නැහැ.මේක ලංකාවනේ.. (නි)
පුතා දිනවමු (නි)
මෙතුමට තානාපතිකමක් දීලා හොද රටකට යවමු නේද? එහෙම නැති වුනොත් අපිට හොඳ නැහැනේ නේද? (නි)
ලොකු තනතුරක් දෙමු නේද ඒ වුනාට? (නි)
ජගත් කියපු දේ තමයි වෙන්නේ පුතා දිනුවොත් (නි)
අනේ මන්දා. පුතා ඇවිදින් මුළු ගුරුවරු සේරම දණ ගස්සාවිද දන්නේ නැහැ (නි)
ආණ්ඩුව හරි.මාමා වයස නිසා පුතාට දුන්නා. (නි)
අර පුත් රුවන්ගේ නම මොකක්ද? ඡන්දෙ දෙන්ට අහන්නේ. (නි)
පුතාටත් ඇප නැති වෙන්න සලකන්න වයඹ ජනතාව හිතට ගන්න ... (නි)
මාධ්‍යයේ යුතුකම සහ මහජන මතයේ අබමල් රේණුවක ජයක් (නි)
ලංකාවේ දේශපාලනය කුණුබක්කියට වැටී හමාරයි. (දී)
දිනුවට පස්සේ හොඳට දන ගහන්න පුළුවන් අයට ගුරු පත්වීම් දෙමු (නි)
පුතාගෙන් අහලා බලමු මාමා කරපු වැඩේ හරිද කියලා. ඊට පස්සේ ඡන්දය දෙන නොදෙන එක තීරණය කරමු. මොකද මෙහෙම මාමලාගේ හොද පුත්තුත් ඉන්න බැරි නැහැනේ (නි)
මේක චන්ද ගුණ්ඩුවක් වගෙයි. බැරි වෙලාවත් කුමාරගේ ඥාතිය දිනුවොත් , එයා අස්වෙලා අයෙමත් කුමාරට තැන දේවි. (දී)
වයඹ ජනතාව අම්මාගෙන් මවු කිරි බීලා ගුරු මෑණිවරුන්ගෙන් ශිල්ප උගත් අයකියලා අපි හිතනවා (දී)
පුතා මන්ත්‍රී උනාට පසු මාමගෙන් අහන ප්‍රශ්නය ...? " මාමේ අපේ දුවගේ සුදු ගව්ම දික් කරන්නද ....? ගුරුතුමියගේ අයුස කොට කරන්නද ....? (දී)
හොරු සමග හෙළුවෙන්.ඔය සදාචාරයක්වත් විසඳුමක්වත් නෙමෙයි.රැවටිල්ල!රැවටිල්ල!!රැවටිල්ල!!! (නි)
ඉස්සරනම් පරම්පරාවේ එකෙක් හරි කුමන හෝ නිත්‍යානුකුල නොවන දෙයකට ගැවිලා හිටියනම් ජන්ද තියා ආණ්ඩුවේ රසාවක්වත් ගන්නවා බොරු. එකට දැන් මම හිරේ ගියාම පුතාට නාම යෝජනා , පුතා දින්නොත් ඉල්ලලා අස් වෙලා මාමට දීල පැත්තකට වෙයි නෙත්නම් පුතා ලවුව ඉතුරු වැඩ ටිකත් අපුරුවට කරගැනී , කාවද මේ රවටන්න හදන්නේ ? ලැජ්ජාවක් නැති දේශපාලකයෝ (දී)
මේක අපේ ජනතාව අන්දන්න කල තවත් උත්සාහයක් විතරයි . මන්ත්‍රී යහතින් වැඩ කරාවි පුතා දොන් ජුවන් ධර්මපාල වගේ ඉඳීවි. එක සහතිකයි . (දී)
හොඳ ආදර්ශයක්, මේ වගේ අයට මේ විදියට රජය වගකීමෙන් කටයුතු කරානම් ඉතිරි ටික ජනතාව බලාගනි. (දී)
මේ අයට රට ඕනත් නෑ දේසපාලනේ ඕනත් නෑ බොරු කියනවා විතරයි (දී)
චන්ද්‍රවතී ඔයාට පෙන්නේ මේක පොඩි දෙයක්ද ?? පාසලක විනය භාර ගුරුවරියක් දන ගස්සන එක ? ඒකෙන් අදහස් වෙන්නේ රටේ අනාගතේ මුළු විනයම දන ගැස්සුවා වගේ. අපට ඒකේ අගය හොදට දැනෙනවා. විනයක් නැති ඔලු වලින් වැඩක් නැහැ. හරියට බංගලාදේශ් මිනිස්සු වගේ. මැදපෙරදිග බොහොමයක් රටවල් දැන් විසා එකක්වත් දෙන්නේ නැහැ.මොකද හැමදාම විනය විරෝධී වැඩ නිසා. ඒ නිසා චන්ද්‍රවතී ටත් බබාලා ඉන්නවා නම් හොද විනයක් ඇතුව හදන්න. නැතනම එයාලත් ලොකු වෙලා පළාත් සභාවට ගියොත් එහෙම ? (නි)
කොටට අඳින දුවව අහවල් නිලිය ලඟට යැව්වා නම් දිග ගමනක් යන්න පුළුවන්. (නි)
මාමාගේම පුතාද? වයඹ මිනිස්සුන්ට තියෙන්නේ චන්දෙ දාට හොඳට කාලා බීලා ගෙදරට වෙලා ඉන්න එකයි. (නි)
එරෙහි වන්නන්ට නම් වැඩ වරදීවි (නි)
අඩන්න ඕනෑලු කිරි එරෙන්න. ජනතා විරෝදය නිසයි ඔහොම කැපුවේ. නැත්නම් දේශපාලකයන්ට ඕවා සුළු දේවල් (නි)
මහා පුදුම මිනිස්සු ,අපි වැරැද්ද කරපු එකාට එලව එළවා පහරදුන්නා . එයා තාමත් රිමන්ඩ්. නාමයෝජනත් නැහැ.දැන්වත් අපි නවතිමු (නි)
අනේ පවු හොඳ (ලංකාවට පමනක් ගැලපෙන) ආදර්ශමත් දේශපාලක අංකුරයක් කපා දැම්මා. මේවා කරන්න එපා අනේ නීතියක් හැදියාවක් සදාචාරයක් නොතකන අයව හැකිතාක් පල්ලෙහා ඉඳලම උඩට ගේන්නකෝ. නීතියට වැඩ කරන අය ඉන්නවා නම් ඒ අයටත් මේ ගොල්ලන්ගෙන් ආදර්ශයක් දෙන්නකෝ (නි)
දැන් අපට බය නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයෙක් කියලා කියන්න පුළුවන්, දැක්ක නේද? වරදට දඬුවම. අපේ පක්‍ෂය රටටම ආදර්ශයක් දුන්නා! (නි)
ඔය අයියලා මොකද දේශපාලනයට ඔය තරම් වලි කන්නේ ...රසය දැනුනට පස්සේ අමතක කරන්න අමාරුයි නේද ?ඊට වැඩ හොඳ නැද්ද ඔය හොරට මහත්වෙලා තියෙන ඇඟ ටිකක් හොලවලා ඇඟට දැනෙන වැඩක් කලොත් (නි)
අපරාදේ විපක්ෂයට හොඳ මාතෘකාවක් නැතිව ගියා. (නි)
බය වෙන්ඩ එපා. හෙට අනිද්දා මෙයාව කොහේ හරි රටක ලොකු තනතුරකට යවාවි. (නි)
මාමා කපලා බෑනා දාලා. ඔහොම යන්. සුබ අනාගතයක්. (නි)
තානාපති කමක් දීලා රටකට යැව්වේ නැත්නම් ආස්චර්යය බොරු (නි)
සමහරු බොරුවටනේ කල බල වුනේ.. (නි)
එයාට වහාම සංස්‌ථා සභාපතිකමක් දෙන්න (නි)
ගහේ කටු උල් කරන්න ඕනෑ නැහැ (නි)
බෑනා මාමා වගේද. මන්ත්‍රී බිරිද මොකද කියන්නේ? ගුරුවරියට පාඩමක් උගන්නනවා කීවා නේද? දැන් හුළං බැහැලා ඇති. (නි)
මේවා ඇත්තෙන්ම වරදට දෙන දඩුවම්ද (නි)
මෙතන මුල් වරද ගුරුතුමියගේයි. ඇයි එයා එක්වරම දරුවාට එහෙම කළේ? මුලින් අවවාද දෙන්න තිබුණා (නි)
අනේ මන්දා. පුතා ඇවිදින් මුළු ගුරුවරු සේරම දණ ගස්සාවිද දන්නේ නැහැ (නි)
ලංකාවේ ඉන්න දම්මික පෙරේරා වගේ අයට රටේ නීතිය,විනය ගැන කියලා දෙන්න යන්න එපා.බන්ගලිදේසයේ අයට සෞදියේ විතරක් නෙමෙයි මුළු ගල්ෆ් රටවල් සියලම විසා දෙන්නෙත් නැහැ.නැවත විසා අලුත් කරන්නෙත් නැහැ.බන්ගලිදේසය කියන්නේ මුස්ලිම් රටක් වෙලත් එහෙමනම් අපි මේ යන ක්‍රමයට ඉදිරියේදී ලංකාවටත් ඔය දේම සිද්ද වෙනවා. (නි)
අම්මපා මේ හාදයා කළුද සුදුද දන්නෙත් නැහැ. මාමා කරපු දේට එයාව මරන් කන්න හදනවා.. (නි)
එළිපිටම වැරදි කරන අයටත් ඔය දේම කරනවා නම් හොද නැද්ද? (නි)
ඒක හොදයි. මෙයාට තවත් බලය වැඩි වුනොත් මොන විදියට හැසිරෙයිද? හොද වැඩේ (නි)
මොකද මාම උරණ වේවි කියලද පුතාට දීලා තියෙන්නේ. මාමට බැරි වුන ඉතිරි ටික පුතාට කරන්න අවස්ථාවක් දීලා වගේ. (නි)
එක වල්ලේ පොල් ගැන සෙවිල්ලෙන් සිටිය යුතුයි (නි)
කුරුවල් ගහේ හැම ගෙඩියම කුරුවල්. ඒ නිසා අපිට වැඩක් නැහැ (නි)
සුබ ආරංචියක්. (නි)
එතුමට තානාපතිකමක් දීලා පිටත් කරමු ටික දවසකට (නි)
දැන් ලංකාවේ දේශපාලනය කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට යන දෙයක් වගේ. (නි)
"මේව මේ පොඩි දේවල්නෙ." ඔයාට නම් ඕක පොඩිදෙයක් වෙන්න ඇති (නි)
'මෙතන මුල් වරද ගුරුතුමියගේයි. ඇයි එයා එක්වරම දරුවාට එහෙම කළේ? මුලින් අවවාද දෙන්න තිබුණා " ඔය කිවුවේ දවසේ කියමන (නි)
සේරම එකතුවෙලා පුතාගේ ඇප නැතිවෙන්න වැඩේ කරන්න තියෙන්නේ. ආයිත් හත්මුතු පරම්පරාවට හොද පාඩමක් වෙන්න. (නි)
"ඊට වැඩ හොඳ නැද්ද ඔය හොරට මහත්වෙලා තියෙන ඇඟ ටිකක් හොලවලා ඇඟට දැනෙන වැඩක් කලොත්" මෙයාලා කරන්න දන්නා වැඩේ මොකක්ද (නි)
මෛත්‍රිපාල ඇමතිතුමා ට මොලේ පැදිලා. ඔය වගේ දේශපාලකයෙකුට නාම යෝජනා නොදුන් එකට. මාමා කරපු වැඩේට පුතාට දොස් කියන්නත් බැහැ, නමුත් මාමගේ ජඩ වැඩ පුතා නොකරයි කියා බලාපොරොත්තු වෙමු. නමුත් දැන් මම බුදුගුණ විස්වාස කරනවා. නමුත් ඕකට නිසි දඬුවම් දිය යුතුයි. පුතාට චන්දය දෙනවද කියලා අපේ මිනිස්සු තීරණය කල යුතුයි. එවිට තීරණය කරන්න පුළුවන් අපේ මිනිස්සු මෝඩ හරක් රැලක්ද නැත්නම් බුද්දිමත් අයද කියලා. (නි)
ලංකාවේ තිබෙන්නේ පාදඩ දේශපාලනයක් (නි)
ලොකු එකා හිටගෙන කරපු වැඩේ පොඩි එකා දුව දුව කරාවිද දන්නෙ නැහැ. (නි)
පුත්‍රයාගේ නමත් ප්‍රසිද්ධ කළා නම් තමයි හොද.... (නි)
ඔන්න එහෙනම් අපි පිළිගත්තා හොදේ. මොනවා වුනත් නියම දඩුවම (නි)
තෝරු මෝරු ඔක්කොම ඉනකොට එක හාල්මැස්සෙක්ට වැඩේ දීලා හාල්මැස්සගෙන් වුනත් කමක් නැහැ වැඩේ හරියට පටන්ගන්නවා නම්. උද්ඝෝෂණයෙන් කරලා ගත්ත ජයග්‍රහණය පුතාගේ ඇපත් නැතිකරලා පෙන්වන්න කතිරයෙන් .මෙහෙම නැතුව මේ සංස්කෘතිය වෙනස් කරන්න බැහැ (නි)
බන්දුල, ආයෙත් ඔබ හරි. මාමල නෙමෙයි, තාත්තලා කරන වැරදි පවා නිවැරදි කරන පුත්තු ඉන්නවා. රදළකම මහා ඉහලින් තිබුන බණ්ඩාරනායක මුදලිතුමාට වඩා කොයිතරම් ඔහුගේ පුත් අගමැති බණ්ඩාරනායක නිහතමානී වුනාද? පණ්ඩුකාභය කුමාරයා වැරදි වැඩ කරපු මාමලා දහ දෙනෙකුව මරලා නේද රජ වුනේ. කවුද දන්නේ මේ බෑනත් ඒ වගේද කියලා. (නි)
හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාරට මොකක් හරි තනතුරක් දෙමු නේද? දුන්නේ නැත්නම් අපේ රටට ශ්‍රී ලංකාව කියලා කියන්න බැරිවෙයි! (නි)
අසේල, කියපු දෙය තමයි කරන්න තියෙන්නේ (නි)
දැන් ඉතින් තියෙන්නේ දෝනිගේ ගවුම උඩකින් එල්ලලා ඒක දිහා බලාගෙන භාවනා කරන එකයි (නි)
ඡන්දෙ ඉල්ලන්න අවස්ථාවක් දීලා ජනවරම බලන්නයි තිබුනේ (නි)
දැන් ඉතින් සමහරුන්ට ලැජ්ජා නැතිව ඉන්න පුළුවන්! (නි)