නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයයේ විනය භාර ගුරුවරිය වූ සුසිලා හේරත් මහත්මියට තර්ජනය කර දණගැස්වීයැයි නීතිපති විසින් වයඹ පළාත් හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතාට එරෙහිව පුත්තලම මහාධිකරණයේ ගොනු කර තිබූ නඩුවේ තීන්දුව මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් අද (12) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
සුසිලා හේරත් ගුරු මහත්මිය සහ ආනන්ද සරත් කුමාර මහතා මීට ටික වේලාවකට පෙර මහාධිකරණයට ආහ.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ද සුසිලා හේරත් ගුරුවරිය සමග මහාධිකරණයට පැමිණ සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාව දණ ගස්සලම තියන්න ඕන. (ස)
ඔය අවට ඉන්න ගෝල බාලයින්ටත් එක්කම පාඩමක්, නඩු තීන්දුවෙන් දුන්නොත් වටිනවා. (ස)
අද හවසට බලමු, (අ)
මම හිතනවා ඒ ගුරු මාතාවට අවමන්කළ කල පුද්ගලයට නිසි දඩුවම් ලැබේවි කියලා. (අ)
මතක හිටින දඩුවමක් දෙන්න ඕන ඔය වගේ අයට. (ස)
ලක්ෂ්මන් කීව වගේ, දැනෙන්න නඩු තීන්දුවක් දුන්නොත් වටිනවා. (ස)
වැඩේ වැරදියි තමයි. නමුත් සමහර ගුරුවරුන්ව නම් දණ ගස්වලා තැබිය යුතුයි, පහුගිය කාලේ ළමයින්ට කළ දේවල් දැක්කහම. (නි)
මට හිතෙන්නේ මන්ත්‍රීතුමා ඕකෙන් බේරෙනවා (නි)
ගුරුවරුන්ට අසාධාරණයක් වුණා කියලා ගුරුවරු පස්සේ යන්න නම් අය ඕනෑ තරම් ඉන්නවා. ළමයෙක්ට අසාධාරණයක් වුණා කියලා කවුද පස්සෙන් ගියේ කියලා මට කියන්න. (නි)