නවගත්තේගම විදුහලේ ගුරුවරියක දණ ගැස්සවීමේ සිද්ධියට විරෝධය පළ කරමින් කොට්ටුකච්චිය හා පුත්තලමේ පාසල් ගුරුවරු අද (18) පාසල් ඉදිරිපිටදී උද්ඝෝෂණ පැවැත්වුහ.
උදෑසන තේ විවේකයේදී ආනමඩුව මධ්‍ය විද්‍යාලය ,මහඋස්සාව රත්නපාල විද්‍යාලය,පුත්තලම ජාතික පාසල හා කොට්ටුකච්චිය නවෝද්‍යා යන පාසල් ඉදිරි පිටදී මෙම උද්ඝෝෂණ පැවැත්විණි.
පිළියන්දල අධ්‍යාපන කලාපයේ ගුරුවරුද පිළියන්දල ඔරලෝසු කණුව අසලදී උද්ඝෝෂණය කළහ.
ගුරුවරියට හිංසා කළැයි කියන මන්ත්‍රී ආනන්ද සරත් කුමාරගේ ක්‍රියා කලාපය හෙළා දකිමින් මෙම උද්ඝෝෂණ සංවිධානය කැරිණි.
(ඡායාරූපය ඩී හේමලතා- පන්නල ජාතික පාසල අසල)
(ඡායාරූපය බිමල් ශ්‍යාමන් ජයසිංහ-පිළියන්දල)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු කියනවා දැන් ඇති කියාලා. එයාලා අරගොල්ලන්ගේ ලගම නෑදෑයෝ වගේ, මේවා තාවකාලික පිළිතුරු. රටේ මිනිස්සු සතුටු කරන්න. දිගටම සටන් කරමු. පාදඩ දේශපාලනය ඉවරකරන්න (නි)
සුරංග, දරුවන්ගේ අධාපනය එක්ක සෙල්ලම් කරන්න එපා. මේකෙන් පාඩු වෙන්නේ ළමා අධාපනයට. තමන්ගේ ගුරුවරු හැමදාම පාරවල් අයිනේ කෑ ගසද්දී පොඩි උන්ගේ හිතේ ගුරු ගෞරවයක් ඉතුරු වේයිද? ඔයා හීන දකින්නේ මේක පිටින් 88/99 කාලයට රට හරවන්න. ජනතාව ඔය ලනු දැන් කන්නේ නැහැ. වැඩක් බලාගන්න.(නදී)
ඇත්තටම මේකට මුළු ගුරු සංහතියම පාරට බැහැලා විරෝදය පාන්න ඕනේ. නැත්නම් හෙට අනිද්දට කියයි අපිට කරේ යන්න ඕනේ ඔක්කොම ගුරාල ඉන්දගනියවූ බිම අපිට කරේ නගින්න කියලා.(නදී)
වැඩක් නැහැ. රජයේ සේවකයෙකුගේ රාජකාරියට බාධා කිරීම නිත්‍යානුකුල වරදක් වුනාට පක්ෂයෙන් ඉවත්කරන එක විතරයිනේ දඩුවමකට ලැබුණේ (නි)
මගේ අදහස නම් ශ්‍රී ලංකාවේ ජනතාව වැරදි මවාගෙන උද්ඝෝශණය කරනවා කියලයි. නිකරුනේ ජනතා නියෝජිතයින්ට දොස් කීම පුරුද්දක් කරගෙන කියලයි. (නි)
මෙවැනි අය හිරේ යනතෙක් මුළු රටේම මිනිසුන් උද්ඝෝෂණය කළයුතුයි (නි)
මේ වැඩේට සාදාරණ මිනිසුන්ගේ ඉහ වහා ගිය කෝපය තමයි තවමත් මේ පිටවන්නේ.(නදී)
ගුරුවරු විනෝද වනවාද? මහින්ද මහතා මෙයට කදිම පිළිතුරක් දුන්න නේද මොකද උඩ පනින්නේ.(නදී)
උද්ගෝෂණ මොනවා කරන්නද? ඒ වෙලාවේම අරයට දෙකක් අනින්න ඔය ඉස්කෝලේ කව්රුවත්ම හිටියේ නැද්ද? පිරිමි ගුරුවරුයි 10 වසරෙන් ඉහල කොල්ලොයි කෙහෙද හිටියේ? (නි)
දැන් දැන් මේ උද්ඝෝෂණ එපාවේගන එන්නේ. මන්ත්‍රීවරයගේ ටිකට් එකත් කපලා. ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය ඕනෑම නැහැ. (නි)
දැන්නම් ඉතින් වැඩියි වගෙයි. වරදකරු රිමාන්ඩ්. ජනාධිපතිත් මැදිහත් වෙලා. මන්ත්‍රී ධූරයෙනුත් නෙරපා හැරලා. මුළු රටම සිද්ධිය හෙලා දැක්කා. ඉතින් මේ උද්ඝෝෂණය මොනවා ඉල්ලලද? (නි)
රාජ උෂ්ණය.(නදී)
මේක අගය කළයුතු උදාහරනයක්. මෙකී නොකී සියළු කීකරු චන්ඩියන්ටත් නිතිය ක්‍රියාත්මක කළ යුතුයි. (නි)
මේ පලා බබාගේ අධ්‍යාපන සුදුසුකම් දාන්නකෝ පත්තරේට කාටත් බලාගන්න. මොකද පත් කරලා තිබිලා තියෙන්නේ පාසල් පරීක්ෂා කරන්න.(නි)
මන්ත්‍රී කළේ සිසුන් ඉදිරියේ ගුරුතුමිය ප්‍රසිද්ධියේ නිරුවත් කළා වැනි වැඩකි. පිලියමක් නොකලොත් ඔහු එතනින් නවතින එකක් ද නැත.(නි)
සුරංග මහත්තයෝ, ගුරුවරු අතර පාදඩයෝ අවලම්මු, සල්ලි පෙරෙත්යෝ, කොටින්ම කිවොත් ගුරු හොරු නැද්ද? ඔක්කොම ඉන්නේ ළමයිට ආදරේ කරන ළමයින්ව යහමග කියා දෙන අයමද? දේශපාලනේ කරන්නන් අතරත් හොද අයත් නරක අයත් ඉන්නවා. ඔබ තුමාට ඕන දේ හොදට පැහැදිලියි. කල දුටුකල වල ඉහ ගන්න හැදුවට වලේ මාලු නැහැ මහත්තයෝ.(නදී)
මේ සිදුවීම් තව තව උග්‍ර වෙන්න උග්‍ර වෙන්න අපේ රටේ දරුවන්ගේ ළපටි මනස තව තවත් ව්‍යාකූළ වෙනවා (නි)
මුළු ලංකාවේම ගුරුවරු විතරක් නෙමෙයි මොලයක් කියල දෙයක් තියෙන සමස්ත ජනතාවම පාරට බහින්න ඕනෑ. නැතිනම් දේශපාලකයෝ පාසල් ඉදිරිපිටම ගුරුතුමියන් නිරුවත් කරාවි. රට බල්ලටම ගිහින් කියලා මොනවට පැහැදිලි කරනවද?(නදී)
මන්ත්‍රී කරපු දේ හෙළා දකින අතර ගුරුවරුන්ද සාමකාමී ආදර්ශමත් විදියට මෙයට ප්‍රතිචාර දිය යුතුය. නැතිනම් මෙම දේවල් ළමයින්ද අනුගමනය කරති. වැරදී නොකරන්නන් නොමැත.ගුරුවරුන් ද වැරදි කරති. අපේ ලංකාදීප පුවත් පතේම අප කියවා තිබෙනවා ගුරුවරුන් පාසල් ළමයින් අපයෝජනය කිරීම් ගැන. (නි)
උද්ගෝෂන යනු තවකාලික විසඳුම්ය.රටේ නීති ක්‍රියාත්ම වෙන ක්‍රමයේ අක්‍රමිකතාව ගැන හිතන්න.සමහරු ඔලුව කුඩු වෙනකල් ගුටිකාලා පස්සේ අමතකයි කියනවා.සමහරු තමාම ගහේ බැඳ ගත්තා කියනවා.මේ සුරංගනා සාක්කි පිටුපස ක්‍රියාත්මක වෙන්නේ මොනවද කියලා කවුරුත් හිතන්න,තමන්ගේ යුතුකම තමන් ඉටු කරන්න උත්සාහ කරන්න (නි)
දැන් ඉතින් මේ වෙනුවෙන් ජනාදිපතිතුමා නිසි පියවර අරගන තියද්දීත් නිකම් පාරේ රස්තියාදුව. දරුවන්ට උගන්වන කාලයතුලද මේ? (නදී)
නරකද ඔය මන්ත්‍රීවරයව මුළු ගමක් එකතුවෙලා ගුරුවරියගේ ඉස්සහර දන ගැසුවොත් අනේ නියමයි.(නදී)
මුළු ලංකාවේම ගුරුවරු පාරට බහින්න ඕනෑ(නි)
ඕක ඇති දෙන් රට පෙරලන්න.ගුරුවරු දැන් තවත් බය ඇරිලා දරුවන්ට තද නීති දමයි.(නි)