ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කරන ඕනෑම අවස්ථාවක වයඹ පළාත් සභාව විසුරුවීමට වයඹ පළාතේ ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරු අලියගහ මදුරේදී ජනාධිපතිවරයාට සිය එකඟතාවය පළ කළහ. නවගත්තේගම ගුරුවරිය දණ ගැස්සවූ බව කියන පළාත් සභා මන්ත්‍රි ආනන්ද සරත් කුමාරට සිය මන්ත්‍රී පදවියෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දීමට ද තීරණය විය. ඔහුට පළාත් සභා මැතිවරණයේදී නාම යෝජනා නොදිමට තවත් තීරණයක් ගැනිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර මිනිස්සු ගස් බන්දපු අචාර්‍යතුමා?(නදී)
ගෙදර නෙමේ ,අඩුම ගානේ මාස 3 ක් වත් හිරේ දමල ගන්න ඕනෑ. තමන්ගේ දුවට අවවාදයක් දෙන්න දන්නේ නැතුව ගුරුවරුන්ට තර්ජන ගර්ජන කරන්න පුළුවන්ද? (නි)
දවසේ හොදම විහිලුව (දී)
අන්න එහෙම ඉන්න. කෙලින් තීරණ ගන්න ජනාධිපතිතුමණි. (නි)
දෙයියෝ සාක්කි! අපේ මන්ත්‍රීතුමාට කවුද මේ කෑ ගහන්නේ? මේවා සුළු දේවල් ලංකාවේ. ඕවා ගණන් ගන්න එපා. මන්ත්‍රීතුමාට ගරු කරන්න (නි)
අපි පාසල් යන කාලේ ගවුන් කොටට ඇන්දම සමහරවිට පත්තර කොළ අලවනවා. ගෙදරට අරන්චි වුනාම අම්මල අපට බැනල ගවුමට කෑල්ලක් අල්ලලා දෙනවා. අපි දුප්පත් වුනත් කොහොම හරි ගවුම දිගට හදල දෙනවා. අපි හොදට හදපු ගුරුවරුන්ට පින්සිදුවෙන්න අද අපි හොදින් ජීවත් වෙනව. සමාජයේ වැදගත් විදියට රටට බරක්නෙතුව (ත)
දඩුවම මීට වඩා ඉහල තනතුරක්ද දන්නේ නැහැ. කලින් උනේ නම් එහෙම තමා. හාල් මැස්සෙක් අයින් කරාට පාඩු නැහැනේ,තෝරු,මෝරු ඉන්නවනේ. (නදී)
ඔහු අස්විය යුතු නැත. ඔහුට සමාව දියයුතුය. නමුත් මෙවන් සිදින් මින් පසු ලංකවේ සිද්ධ නොවියයුතුය. එය වැදගත්. ශ්‍රී ලංකාවේ සිද්දවෙන දේවල් හැටියට මෙය ඉතා සුළු දෙයකි. මිනීමරුවන් මහා පරිමාණ මත් ද්‍රවය ජාවාරම් කරුවන් ස්ත්‍රී දුසකයින් නිදෙල්ලේ.(ත)
රටේ නීතිය මෙන්ම රටේ විනීත කම ආරක්ෂා කීරීම රජයේ උසස් පොලිස් බලධාරීන්ගේ රාජකාරියකි. මේ ගැන සොයා බලා ක්‍රියා කීරීම උසස් පොලිස් බලධාරීන්ගේ රාජකාරියකි. (නි)
ඔහොම කරලා මදි ඔහුව තනතුරු වලින් ඉවත් කරන්න, පක්ෂයෙනුත් නෙරපන්න ඕන. (ත)
තව ටික දිනකින් මෙයා කියාවි මට මොකුත් මතක නැහැ කියල විපක්ෂයට යාවි.(නදී)
ජනදිපති තුමනි රූපවාහිනී එකේ ගුටිකාපු මාමාට මොකද වුනේ.(නදී)
සතුටු වෙන කට්ටිය දන්නවද ඡන්දයක් තියනවා කියලා. දන්නේ නැහැ වගේ. (නදී)
මේ මන්ත්‍රී ගෙදර යැවුවට මදි. ගුරු සංගමය නඩුවක් දමා, මෙම ගුරුතුමියට විශාල වන්දියක් අරන් දෙන්න.ගුරුතුමියට පමණක් නොවෙයි මෙය සියලුම ගුරුවරුන්ට කළ අපහාසයක්. (නි)
බය වෙන්න එපා. මම දැහැටි දන්ඩක් වගේ විසි කරන්නේ නෑ. (ත)
ගමගේ, ඔයාට තේරුනා මොලේ හොඳ හින්දා. (නි)
අපිව රවැට්ටන් ද එයාව ගෙදර යැව්වට ටික දවසකින්ග් තානාපති කෙනෙක් කරාවිද දන්නේ නැහැ. සමහර පත්තරවල මෙයාල ජනතා නියෝගිතයෝ කියල තිබුණට ජනතාව නම් කරපු අයද? එවපු ලේඛනයට ජනතාව කතිර ගහපු එකනේ කෙරුවේ? (අ)
දරුවන් වෙනුවෙන් මෙවන් අය දේශපාලනයෙන් නෙරපන්න (දී)
මේ වගේ අය පත් කරපු මිනිස්සුන්ගේ තමයි වැරැද්ද. තමන්ගේ දරුවා කරන වැරැද්ද,වැරැද්දක් හැටියට දකින්න ඕනෑ. නැත්නම් ඔය ළමයා ඔයිට වැඩිය නරක දෙයක් කරලා විදවනකොට තේරෙයි කරපු මෝඩකම. ගුරුවරු ගහන්නේ බනින්නේ හදන්න මිසක් වෙන දෙකට නෙමේනේ. (නි)
ජනාධිපතිතුමනි, ඔබතුමාට බුදුබව අත්වේවා! මගේ ප්‍රණාමය ඔබතුමාටත්, පුත්තලම පොලිසියටත් මහේස්ත්‍රාත්තුමාටත්. දැන් ගුරුතුමියව ආරක්ෂා කරන්න ඕනෑ පොලිසියයි. (නි)
පහුගිය දවස්වල ඔයවගේම හැසිරුණ අනිත් අයටත් ඔහොම කළා නම් කොච්චර හොදද? (නි)
ඔක්කොම කරන්ඩ මතක් වෙන්නේ වැඩේ පත්තු උනාට පස්සේ. (නදී)
ගෙදර යවන්න ඕනෑ හිරගේ පාරෙන්. (නි)
මෙවැන්නන්ට දිය යුතු උපරිම දඬුවම මෙයයි. (නි)
සුද්දා අවුරුදු සිය දහස් ගණනක පළපුරුද්ද අනුව තමා පරිපාලන ක්‍රමය සකස් කලේ. නීති පද්ධතිය, පොලීසිය, ගිණුම් ක්‍රම, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව, ඔය හැම දෙයක්ම ක්‍රමානුකුලව අපට කියල දීලා තමා සුද්ද නිදහස දුන්නේ. එදා ඉඳන් මහදැනමුත්තලා කෑලි අමුණලා වෙනස්කරලා වැඩේ අනාගත්තා. දැන් ඉතින් සුද්දගෙන්ම අහගන්න වෙනවා හරිගස්සන විදිය. (නි)
වැඩේ නම් හොදයි. ඊලගට වෙනදේ ගැන අපිත් අවධානයෙන්. (නි)
තීරනය නම් හොදයි.අනේ ටීචර් දැන් ප්‍රවේශමෙන් ඉන්න එක ඇගට ගුණයි. රටේ නීතියක් නැති නිසා ඕනෑම දෙයක් වෙන්න ඉඩ තියේවී (නි)
මෙයා සමාගමක හෝ සංස්ථාවක අධ්‍යක්ෂකමකට සුදුසු නැතිද? (ත)
ඔබලා කෙසේ යෝජනා පල කලත් ජනාදිපතිතුමා ගත්තු තීරණය ක්‍රියාත්මක වෙයිද කියන එකයි ප්‍රශ්නේ මොකද ආචාර්‍ය තුමා කරන කියන ඒවා දකින ජනාදිපතිතුමා ඒවාට නිදි කිරා වැටෙනවා. ඇයි කව්රුත් ආචාර්‍ය තුමාට බය ?(නදී)
අර දුෂණය උන යුක්රේන් ජාතික කාන්තාවට යුතුකම් ඉටුකරන්න අහවලාගේ යාළුවව තංගල්ලේ ප්‍රාදේශීය සභාවේ සභාපති කමින් එලවන්න්කෝ.(නදී)
රටක් හදන්න නීති හරියට ක්‍රියාත්මක වෙන්න ඕනෑ. දැන් එයාට තේරුම් ගන්න පුළුවන් වේවි ජනතාව මොනතරම් එයාට බනිනවද කියලා. කොයි කාටත් වැරදි වැඩ කලොත් ජනතාව නැගිසිටිනවාම තමා. පිළිම හදන්නෙත් පිළිම කඩා විනාශ කරන්නත් රටක ජනතාවම තමා (නි)
මදි මදි දඩුවම ලිහිල්.(නදී)
ජනපතිට මගේ ප්‍රණාමය! (නි)
ගුරුතුමියට ආරක්ෂාව දෙන්න, එතුමියට තර්ජනය කරන නිවටුන් සිරකරන්න (නි)
මට නම් පිස්සු වගේ..........
රැවටෙන්න එපා ඡන්දෙ ලගයි.(නදී)
මෙයා අහිංසක ගුරුවරියකට එහෙම පාට් දැම්ම වෙලාවේ කොන්ද පන තියෙන එක පිරිමියෙක්වත් එතන ඉඳල නැහැ. මීට පස්සෙවත් මහජනයා මේ වගේ වැඩ දැක්කොත් බලාගෙන ඉන්න එපා. කිසිම සමාවක් දෙන්න එපා. (ත)
ඉල්ලා අස්වෙන්න ඉල්ලන්නේ ඇයි? වහාම නෙරපන්න බැරි ද? (නි)
ඉල්ලා අස්වෙන්න කියන්නෙ ඇයි? අස්කරන්න බැරිද? අරෙහෙ ඒ ගුරුතුමියගේ ගෙදර ලග පිනුම් ගහනවලු. කෝ ඒවට විසදුම්? වයඹ ජනතාව මෙවරවත් හොද තීරනයක් ගනියි කියලා බලාඉදිමු. (නි)
දඬුවමක් ලෙස එලවන එකත් ඉල්ලා අස් වෙන්න කියන එකත් අතර ලොකු වෙනසක් තියනවා. නීතිය ක්‍රියාත්මක කරනවා කියන්නේ ස්ව කැමැත්තෙන් ගෙදර යන එක නෙමේ. වැඩේ අනාගෙන වගේ. අනිත් අයට දෙන පාඩම මොකක්ද?(නදී)
එතකොට අර තංගල්ලේ විදේශික කාන්තාව දුෂණය කල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇතුළු තවත් ඒ වගේ දුෂිත මන්ත්‍රීවරුන්ට මොනවද කලේ? මෙයාවත් ඡන්දෙන් පස්සේ, ටිකක් සද්දේ අඩුවුනහම නැවතත් පත්කරනවද?(නදී)
ජනාධිපතිතුමා මේ විදිහට සෘජු තීරණ ගන්නවා නම් හොදයි. ඔබතුමා ගත් තීරණය හරි. ඔය වගේ හැම නරක කෙනෙකුම අයින් කරන්න, රටේ නීතියම හරි නැහැ, නිතීය තදකරන්න. (නි)
රාජකාරියට බාධාකිරීම ලොකු වරදක්, ඉතින් හිරේ නොදැම්මේ මොකද? (නි)
මොකටද ඉල්ලා අස් වෙන්නේ අස් කරලා දාලා පක්ෂෙනුත් පන්නල දාන්න තරම් විදායක බලයක් ජනාදිපතිවරයට තියෙද්දී ?(නදී)
ඔය එක සිදුවීමක් පමණයි. තව නීති විරෝධී දේවල් කොපමණ සිදුවනු ඇද්ද? (නි)
ඔයිට වැඩියේ දඬුවම් දීලා කොහොමද? ඡන්දෙට භීෂණයක් දාණ්ඩ බෝම්බ කාරයෝ නැතුව යනවා? මොකද ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරනයක්නේ?(නදී)
ගැහැණු ළමයාගේ ගවුම කොට බව ඇගේ මවට නොපෙනුණිද? එසේ පෙනුනා නම් මෙවන් ගැටළු දුරදිග යයිද?දැන් කී දෙනෙක් මේ කොට ගවුමක් නිසා අමාරුවේ වැටිලද? (නි)
ටික දවසකින් ආයේ එයි ද දන්නේ නෑ (අ)
මම හිතුව විදිහටම වුනා. ගුරුතුමීටත් මම හිතන විදිහට නොවේවා!(නදී)
හොදයි නමුත්, ඇයි අස්වෙන්ඩ කියන්නේ ? අස්කරන්නේ නැතුව.(නදී)
මෙයා නම් තාත්ත කෙනෙක් නෙමෙයි. අනේ මන්දා මොන වචනෙද මෙයාට ගැළපෙන්නෙ කියලා (නි)
මන්ත්‍රීතුමා භය වෙන්නෙ නැතුව ඉන්න. (නි)
ඒක හොද වැඩක්. බලමු මොකද වෙන්නේ කියලා. ගුරුවරියට පරිස්සම් වෙන්න වෙනවා. (නි)
මෙයා ඊළඟ ඡන්දෙදි මහඇමති අපේක්ෂකයා වේවිද දන්නෙ නැහැ (නි)
ගස් බැදපු ඇමැතිලාටත් මේ නීතිය ක්‍රියාත්මක කරන්න බැරිද? (නි)
දැන් විසුරුවට පස්සේ නිකම්ම අස්වීම දෙන්න වෙනවා. එයාට ආයෙත් කොහොමත් ඡන්දයකින් එන්න නම් බැරිවෙයි. ඉතින් පක්ෂයෙන් වෙන මොකක් හරි තනතුරක් දෙයි. වැරදි කලොත් දඩුවම් විදින්න වෙයි (නි)
මේක වුන ගමන් එයා ආයම නාමයෝජනා දෙයි.(නදී)
ගුරුවරු කියන්නේ තමන්ගේ දෙමව්පියන්ට සමාන කළ හැකි ගුරු දෙමව්පියන්ය. එවැනි ගුරුවරියකට මෙවැනි ක්‍රියාවක් කිරීම ගැන මම අතිශයන් කණගාටු වෙනවා. අනික ඔය ගොඩක් ඇමතිලා වැස්සටවත් පාසල් ගිහින් තියනවද දන්නේ නැහැ (නි)
එතකොට අනික් ජරා සත්තු ටික ගෙදෙර යවක්කේ කවදාද? ඒ ඔක්කම යැව්වම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ඉතුරු වෙයිද ?(නදී)
ළඟ ලගම චන්දයක් තිබුනේ නැත්නම් මේ තීරණය ගනීවිද ?.. අර ගස් බඳින ලොක්කටත් මේ වැඩේ කරන්න තිබුනා ඒ දවස්වල ලග ලග ඡන්දයක් තිබුනා නම්.(නදී)
මේවා කියන තරමට වෙනවද කියන එකය ප්‍රශ්නේ .. යමක් වුනු විට මේවාගේ පොරොන්දු දීම අප දැක තිබේ. අපි බල සිටිමු මොනවද වෙන්නේ කියා. (ත)
ඔහොම තමා අපේ මිනිස්සුන්ට ඕක අමතක උනාම. ඊට පස්සේ මෙන්න කැබිනට් එකේ ඉන්නවා කියයි ඔය මන්ත්‍රී.(නදී)
නියමෛ ඔහොම තමා කරන්න ඕනි. ජනාධිපතිතුමනි, මෙන්න මගේ ප්‍රණාමය(ත)
ජයවේවා ඔන්න ඔහොම යං.(නදී)
ජනපතිතුමාට තුති. පළාත් සභා ජය සන්ධානෙට. (ත)
මට නම් පෙනෙන්නේ මෙය මැතිවරණ තීරණයක් කියලයි. මේ තීරණය ඡන්දෙට ලකුණු දා ගැනීමක්.(නදී)
සුභ පැතුම්! රජයේ සේවකයන්ට මෙලෙස සලකන දෙකයි පහේ මන්ත්‍රී යැයි කියාගන්නා මහජන ජන්දයෙන් බලපුලුවන්කාරකම් ඇගට ගත් මෙවන් වුන් නවගත්තේගම පාසැල් දරු දැරියන් ඉදිරියේ දන ගස්සවා ගුරු සංහතියට කල අවමානයට සමාව ගැන්විය යුතුය. සුදුසුකම් සපුරා රජයේ සේවයට ගිය කිසිදු නිළධාරියෙකු අට පාස්වත් නැති දේශපාලකයන් ඉදිරියේ නැමිය යුතු නොවේ. අධ්‍යාපන ඇමතිතුමනි, මේ විෂයෙහි ඔබතුමාගේ කට අවදි නොවන්නේ මන් ද ?(නදී)
මන්ත්‍රී වරයාගේ ගෝලයන ටිකටත් පනිස්මන්ට් එකක් නොදුන්නොත් ගුරුවරියට කරදර වන්නපුළුවන් (අ)
පලාත් සභාවේ අවසන් මොහොතේ වූවද මෙම මන්ත්‍රීව ගෙදර යැවීමට ගත් තීරණය අපි අගය කරමු. ඔහු පමණක් නොව තවත් ලැයිස්තුවක්ම තිබෙනවා නේද ? ඔවුන්ට එරෙහිව ගන්නා තීරණයන් කුමක්ද ? සාධාරණය සියල්ලට පොදුවේ ඉටුකළ යුතුයි ! (නි)
දැන් ඉතින් ගුරුතුමිව ආරක්ෂා විය යුතුයි. (ත)
මට පෙනෙන විදියට මේ සියල්ලක්ම විහිලු. (අ)
ඉතා හොදයි.අපි අද යම් තැනක ඉන්නවා නම් ඒ අපේ ගුරුවරුන් නිසයි. ආණ්ඩුවේ ඇමැතිලටත් මේ නීතිය ක්‍රියාත්මක වෙනවනම්. (ත)
මේ වගේ රටේ සැම පුද්ගලයකුටම නීතිය සමව ක්‍රියාත්මක වෙනවා නම් රටේ සිදුවන අපරාද නැතිවෙයි. අපේ රටට ඉක්මනින්ම සංවර්දනය ලගාවෙයි (නි)
ජනපතිතුමනි, ප්‍රථමයෙන් කළ යුතු වන්නේ අධ්‍යාපනය සම්බන්ධ නුසුදුස්සන් සියල්ල අයින් කරන එකයි. මේක මේ රටේ ඉදිරි පරම්පරාවට ප්‍රශ්ණයක්. අවම වශයෙන් දේශපාලනයට උසස් පෙළවත් නියමයක් කරන්න. (නි)
ජනාධිපතිතුමනි, මීට මැදිහත් වෙලා පක්ෂයෙන් නෙරපා දමා ඔහුගේ අනාගත ඔලමොට්ටලකම් වලට තිත තබපු එත හොදයි.ඉදිරියේදීත් කෙලින්ම තීරණ ගෙන දේශපාලන භූමිය සුද්ධ කරගන්න.එවිට රටේ අනාගතය විසදේවි. (නි)
මොනවා සංවර්ධනය කලත් ජනතාව සැහීමකට පත් නොවන්නේ රටේ විනයක් නැති නිසා. ගරු ජනාධිපති තුමා ගත් තීරණයට මුළු රටේම සුබ පැතුම් ගලා එනු නිසැකයි.! (ත)
රටේ නීතිගරුක ,යුක්තිගරුක ජනතාව බලාපොරොත්තු වුයේද මෙයයි .ජනාධිපති තුමෙනි ඔබට අපගේ ගෞරවනීය ප්‍රණාමය !! (ත)
එඩිතර තීරනයක්. ඔහොම යමු (නි)
මෙහෙම කට්ටියට චන්දය ඉල්ලන්න දෙන්න එපා (දී)
මෙහෙම කට්ටිය වෙනුවෙන් වෙනමම නීති හදන්න ඕනේ (දී)
ඔහොම යං ඔහොම යං (ත)
බොහොම හොදය් එතකොට, 1. සුද්දෝ මරපු මන්ත්‍රී 2. පොඩි ළමයි දුෂණය කරපු මන්ත්‍රී 3. කහවත්තේ ගෑනු මරපු මන්ත්‍රී 4. දොම්පේ කප්පම් ගත්තු මන්ත්‍රී 5. කැලණියේ මන්ත්‍රී මරපු මන්ත්‍රී ..................(නදී)
ආණ්ඩුවේ බොහොමයක් ප්‍රතිපත්ති අනුමත නොකලත්, ජනපතිගේ මේ තීරණය බොහෝසේ අගයමි. (ත)
ජනාදිපතිතුමනි, මගේ ප්‍රණාමයත් ඔබට ! ඉතාම සුලු දෙයට පවා අද විසදුම් ලැබෙන්නේ ඔබෙනි. අපට එය මහත් ගැටළුවකි. විෂය භාර අමාත්‍යවරු,ඔවුන්ගේ ලේකම්වරු, අමාත්‍යංශ ස්ථිර ලේකම්වරු ,විෂය භාර නිලදාරීන්,යමක් සදහා වගකිව යුතු ආයතන කරන්නේ මොනවද? ඔවුන්ගේ මාසික වේතන ගෙවන්නේ අපේ බදුමුදල් හා විදේස විනිමයන්ගෙන් නොවේද? මා වැරදි නම් සමාවන්න. (නි)
දැන් පළාතේ ඡන්ද දායකයනට අවස්ථාව ලැබිල තියනවා. අනේ කොහොමහරි මේ පාරත් ඔය වගේම කට්ටියක් යවන්න බලන්න. (ත)
දැන් එතුමා පාර්ලිමේන්තු යන්න සුදුසුකම් ලැබුවා (නි)
මෙවැන් සිද්ධීන්ට ලක්ව පීඩා ලබන හා ලැබූ සියළු දෙනාට කණගාටුව පලකරමි. නමුත් පහත කරුණු පිළිබදව සිතන්න 1. පාසල් නවයොවුන් වියේ දරුවන් මනා විනයකින් පාසල තුල නොසිටී නම් ඔවුන් ගුරුවරුන්ට තබා කිසිවකුට පාලනය කළ නොහැකි බවත් තමා පැමිණියේ අධ්‍යාපනයට පමණක් බවත් දරුවන්ට දෙමාපියන් විසින් ප්‍රගුණ කලයුතු ගුණයකි. 2. පාසල අධ්‍යාපන ආයතනයක් හෙයින් දේශපාලකයින් ඕනෑම දෙයකට සහභාගි කරගැනීම නතරකළ යුතුය 3. දේශපාලකයින්ට තනතුරු ලබාදෙන විට පාලකයින් සුදුසු අයට පමනක් ලබාදියයුතු අතර ඡන්ද දායකයාන් සුදුසු අය පමනක් පත්කරගත යුතුය. 4. 100%ක් නිවැරදි මිනිසුන් නොමැති වීම හා ගුරුවරුන් දරුවන්ට දුන් ඇතැම් දඩුවම් වලදී රෝහල් ගත කිරීම්ද සිදුව ඇත. 5, දේශපාලකයින්ට ඉවසීම පුරුදු කිරීමට නායකත්ව පුහුණු වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීම හා දරුවන්ගේ අධ්‍යාපනයට (සරසවි ඇතුළු) අවහිරතා ඇතිවන සිද්ධීන්ට තරාතිරම නොබලා ස්ථීර දඩුවම් හා පිළියම් යෙදීම. (නි)
පාසල් දරුවන්ට නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි රජයෙන් නොමිලේ ලබා දෙයි. ජනවාරි මාසයේ මසන ඇඳුම වසරක් ඇඳිය යුතුය. ඕනෑම දරුවෙක් වේගයෙන් උස යන වයසක් තිබේ. වසරක් තුල මා අඟල් 10කින් උස ගියා මතකයි. ජනවාරි මාසයේ මසන නිල ඇඳුම වසර මැද වන විට කොට වී තිබිණි. දෙමව්පියන්ට කන්කෙඳිරි ගා අපහසුවෙන් අලුත් නිල ඇඳුමක් මසා ගත්තෙමි. වාටි ලෙහා දිග වැඩි කර පරණ ඇඳුම ඇඳ පාසල් යාමේ ආත්මශක්තියක් මට නොවීය. මක් නිසාද මා කුඩා දරුවෙකුව සිටි බැවිනි. වසර 30 කට පෙර අතීතයට වඩා අද සිටින දරුවන් තමුන්ගේ ආත්මාබිමානය ගැන සැලකිලිමත් වෙති. කිසිදිනෙක පාසල් දිවියක් නොතිබූ අය මෙන් හැසිරෙන විනය කමිටුවල ඉන්න උත්තමාවියෝ ගැටවර කෙල්ලන්ගේ වාටි ලෙහා කොල්ලෝ ඉස්සරහ ඔවුන්ව ලජ්ජාවට පත් කරති. කොල්ලන්ට පේන්න කොටට අඳින බව පවසමින් පන්තියේ කොල්ලෝ ඉදිරිපිට අපහාස කරති. කිසි දිනෙක ළමා වියක් නොතිබූ සම හරක් ඔබ උත්තමාවී කියමින් කඩේ යති. අර දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න යන්නේ එක මොහොතකි. අපොස (සාපෙ) විභාගයට පෙර පාසල හැර යන සිසු ප්‍රතිශතය ගැන දන්නවද? 2% කටත් වැඩි මේ දරුවන් පාසල හැර යන්නේ දුප්පත් කමත් ඒ හා පැන නැගෙන ගැටලුවලට පාසලේදී මුහුණ දිය නොහැකි නිසාය. දුප්පත් නුඋගත් දෙමව්පියන්ගේ දරුවන් පාසලෙන් දරුවාට ලැබිය යුතු ආදරය කරුණාව නොලැබෙන බව දැන ගත් විට ලෙහෙසිම විකල්පය තෝරා ගනිති. තම දරුවා දුප්පත්ව ඉපදීම නිසාම අපහාස විඳිනු බලා සිටිය නොහැකි නිසාය. අසාධාරණය ඉවසිය නොහැකි කොන්ද පැන ඇති පියෙකුට හෝ මවකට සිදුවන්නේ දරුවා පාසලේ සිටින තාක් ගුරුවරු සමඟ ගැටීමටයි. ගැටීම දුර ගිය හොත් දරුවාට පාසල අහිමි වෙයි. පවතින නීතිය නිලධාරීන්ගේ යහපත වෙනුවෙන් නිර්මාණය කර ඇති බැවින් ලැබෙන කැකිල්ලේ තීන්දුවැකි. එවිට එම දරුවාගේ පියාට සිදුවන්නේ එක්කෝ එල්ලී මැරෙන්නටය. නැත්නම් පොල්ලක් ගෙන අදාළ උත්තමාවියන් සොයාගෙන යන්නටය. ඔබ යෝජනා කරන්නේ කුමක්ද? පළාත්සභා මන්ත්‍රී වරයාගේ ක්‍රියාව නිසා කරලියට පැමිණියද අද පාසල් පද්ධතිය තුල නිවැරදි විය යුතු සහ ඉවත්කළ යුතු ගතානුගතිකත්වයක් ඇත. පාසල ගුරුවරයාගේ හෝ විදුහල්පතිවරයාගේ නොව එම පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේය. අනාගත පරපුරට මග කියා දෙන බැවින් ගුරුවරයා ගරුත්වය ලැබිය යුතු නමුත් ඔහු වැටුපට සේවය සලසන්නෙකි. ඔහු ගරු සේවයක් නොහොත් නොමිලේ සේවයක් නොකරයි. ඔහු මහජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලබා මහජනතාවයට සේවයක් කිරීමෙන් වැටුපක්ද ලබා ගනී. පාසලේදී ඔහු සේවය ලබා දෙන්නේ සිසුන්ටය. එහි තේරුම සිසුන් ගෙන් වැඳුම් ලැබුවද ගුරුවරයා සිසුවාගේ සේවකයෙකු බවයි. මෙම සේවකයා කෝප වූ විට තම ස්වාමියට පහර දෙයි. දුර්වල කුඩා එකෙකු දුටු විට අපහාසද කරයි. අවස්ථාවක් ලදහොත් ලිංගිකව සූරාකයි. වැඩිහිටියෙකු ලෙස තම කුඩා සිසුන්ගේ මනසට ඇතිවෙන පීඩනය ගැන නොසලකා තමුන්ගේ පීඩනය දරුවෙක් වෙත මුදා හරියි. විනය ආරක්ෂා කිරීමට යයි පවසමින් වීරයෙකු වෙන්න උද්දච්ච තීන්දු දෙයි. ලංකාවේ ජනප්‍රිය පාසල් සහ ගමක සාමාන්‍ය පාසලක් සසඳ බලන්න. සම අධ්‍යාපන සුදුසුකම ඇති ගුරුවරු සේවය කලත් ගමේ ප්‍රතිපල කනගාටුදායකය. හේතුව දරුවන්ගේ දුර්වල කමද නොඑසේනම් තම සේවය 100% දරුවන්ට ලබා නොදෙන නිසාද? අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහල පුටු රත් කරන මහත්වරුන් ගුරුවෘත්තීය සමිතිවලට බියෙන් සත්‍ය සැඟ වුවද කටුක සත්‍ය නම් උනන්දු වුවහොත් ගමේ පාසලේ ඉගෙන ගන්න දරුවාද විබාගයෙන් ගොඩ දැමිය හැකි බවයි. වසරකට ලක්ෂ ගණනක් දරුවන් අත්ත්යවෂ්‍ය අධ්‍යාපන සුදුසුකම් නොමැතිව පාසල හැර යන්නේ මේ කියන ගුරුවරු ඇත්තටම උත්තරීතර නිසාද? පියෙකු හෝ මවක පාසලකට ගොස් ගුරුවරයෙකුට පහර දුන් පලවෙනි අවස්ථාව මෙය නොවේ. පාසලේදී ගුරුවරුගේ පීදදය දරාගත් නොහැකි දරුවෝ දින පතා පාසල හැර යති. වසරකට දෙතුන් දෙනෙක් සිය දිවි නසා ගනිති. මොන අසාධාරණය කලත් සේවකයා තවමත් ගරු කටයුතුය. ඒ බහුතර දෙවියන් වැනි ගුරු උතුමෝ තවමත් වැඩ වසන බැවිනි. (නදී)
හොද වැඩක්.(නදී)
එඩිතර තීරණයට ගුරුපරපුරේ ප්‍රණාමය! ගුරුතුමියගේ ආරක්ෂාව ගැන සැලකිළිමත් වන්න (නි)
ජනාධිපති තුමාට අපේ ප්‍රණාමය. මංත්‍රීතුමාට මම උපදෙසක් දෙන්නම්. දැන හෝ නොදැන බිරිඳ පෙන්නුවෙ කෙසෙල් ගහක්. ඔය වගේ ප්‍රශ්ණයක් විසඳන්න ගිහින් ඇන ගත්තහම ඔය වගේ බිරින්දෑවරු එන්නෙ "හිටපන් මගෙ මිනිහට කියල හොඳ පාඩමක් උගන්වන්නම්" කියලා. බිරිඳ කිව්ව පලියට නැට්ට උස්සාගෙන මිනිස්සුන්න්ට අනින්න යන්නේ නැතිව බුද්ධිමත්ව වැඩකලානම් හරිනෙ.(නදී)
මෙහෙම බය නැතුව කලේ කාගේ බලයක් අරන්ද . ගස් බදින්න වටිනවා (දී)
මෙය මුළු මහත් ගුරු සමාජය ඇතුළු රටේ විවිධ උගතුන්ටම කර ඇති නින්දාවකි. මේ ගුරු මහත්මියට සිදුවූ අපහාසයට හා නින්දාවට කෝටී පනහක වන්දියක්වත් ගෙවිය යුතුයි. (නි)
ජනාධිපති උපදේශකයෝ හුඟ දෙනෙක් ගොඩක් ප්‍රතාචාර දාලා තියෙන්නේ.(නදී)
මෙම ගුරුවරිය දණ ගැස්ස වූ ප.ස. මන්ත්‍රී වරයා තිරිසනෙකි. මනුෂ්‍යත්වයට මහා කැළලකි. ඔහුට සිය දරුවාට හොඳ නරක කියා දීමට අවශ්‍ය නොවන්නේ නම් කළ යුතුව තිබුණේ එම දරුවා වනාන්තරයකට හෝ ගව ගාලකට දැමීමයි. 02. අනෙක් කරුණ දණ ගහන්න කියූ පමණින දණ ගැසීමද නොකළ යුතු බව දැන සිටිය යුතුය. ගඟට පනින්නැයි කිව්වොත් ඔබ පනිනවාද? නැත එසේනම් ඇයි දණ ගැසුවේ? සෙරෙප්පුව ගලවා කනේ පාරක් දුන්නානම් මැරුවත් නම්බුවකි.(අ)
ගරු ජනාදිපති තුමා ගත්තු මේ තීරණයට අපගේ ස්තුතිය. පාසල් දරුවන්ගේ විනය හදන්නේ ගුරුවරුන්. ළමයට අසාදාරනයක් උනා නම් විසඳන පිළිවෙලක් තිබුනා. ජනතා නියෝජිතයින් රටටම කෙසේ උනත් අඩු තරමින් පාසලකදිවත් ආදර්ශමත් විය යුතු වෙන්න ඕනේ.(නදී)
කිව්වා වගේම කරයිද? (නදී)
ජනපති තුමනි ඔබගේ තීරණයට අපගේ ප්‍රණාමය.(නදී)
අධ්‍යාපනයි දේශපාලනයි කියන්නේ දෙකක්. පාසැල දේශපලන වේදිකාවක් නොවේ (නි)
එතකොට අර ගස් බැදපු සිද්ධියට මොකද වුනේ. තව ටික දවසකින් තානාපතිකමක් දෙන්න බැරියෑ.(නදී)
මේ දවසේ වැඩ බැලුව කියන උප විදුහල්පති පිරිමියෙක් වගේ පෙනී හිටියට ෂුවර් එකටම (අ)
අපිට අපේ රට නැති වීමට වැඩිකාලයක් නැත. අපි රට රැකගනිමු . (ත)
අපිට අපේ රට නැතිවීමට වැඩි කාලයක් නැත. අපි රට රැකගනිමු. ලොව උතුම්ම ආගම තිබෙන අප රට ආරක්ෂා කරගැනීමට අපි වගබලා ගනිමු.(නි)
ජනදිපතිතුමනි, මොහුට දැන් මහා මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියට දිවුරුම් දෙන්න සුදුසුකම් සියල්ල සම්පුර්ණයි. මොහුව අධ්‍යාපන ඇමති හැටියට පත්කරන මෙන් ඉල්ලා සිටිමි. මේ වගේ අට පාස් නැති අය රට පාලනය කරන එක අපේ අභාග්‍යයක්. ජයවේවා එක්සත් ජනතා සන්දානයට.(නදී)
ඔය හැමෝම කතා කරන්නේ ගුරුවරිය ගැන විතරයි.අර අහිංසක දරුවා ගැන කතා නැහැ (නි)
එතකොට කාලගුනෙයි, ධීවරෙයි වැරදි කරුවන්ට මොකද වෙන්නේ. ඔක්කොම කුණු බේරුවල් බොක්කටද ?(නදී)
දැන්වත් දඩුවම් දීල මේ කට්ටිය හදාගන්න බලන්න. ජය වේවා! (නි)
මෙහෙමෙ දෙයක් කරපු ලංකා ඉතිහාසයේ පළමු වතාව. ගෙදර යවන වැඩේ ඉක්මනින් ක්‍රියාත්මක වුනොත් හොදයි. මීලගට ගෙදර යවන්න තියෙන්නේ ගස්බදින හාදයව.(නදී)
මෙම ගුරුවරිය වෙනත් පාසලකට අන්යුක්ත කිරීමයි හොදයි (නි)
මෙතනිනුත් ජනාදිපතිතුමා ලකුණු දාගත්තා එහෙමනම්. බෙන්තර ගඟෙන් එහානේ? මෙහෙම ගියොත් මෙයා ආයෙත් ජනදිපතිවරණයෙන් දිනනවා. මේ ගුරුතුමිය වැරදි වැඩක් කරේ. ළමයා හෙළුවෙන් ආවත් මෙහෙම කරන එක වැරදියි.(නදී)
දැන් ඉතින් ගුරුතුමි ආරක්ෂා විය යුතුයි. ඒත් අරයට දැන් බලයක් නැහැනේ. හෙන්ච්චයෝ එන්නේ නැහැ. එයාලා එන්නේ බලය තියෙනකම් පමණි (නි)
දැන් ඉතින් තියෙන්නේ කොට ගවුම පෙනෙන තැනකින් එල්ලලා ලබන ආත්මයේදීවත් මෙහෙම දෙයක් නොවේවා කියලා පිලිකුල් භාවනාවක යෙදෙන්න.(නදී)
මාධ්‍ය වලට දවස් දෙක තුනකට හරි හොද කෑම වේලක් අරන් දුන්න මන්ත්‍රී තුමාට පින්සිදු වේවා!(නදී)
ඔන්න දැන් ගුරුතුමිය නම් තමන්ට වුනු අසාධාරණයට විරුද්ධව හිටියා. ඒත් ඔය පාසලේ ඉන්න අර නි: විදුහල්පති ගැන නම් ළමයිනේ පොඩ්ඩක් හිතන්න වෙනවා (නි)
ඔන්න ඔහොම යං ජනාධිපතිතුමනි (නි)
දඬුවම හොඳයි (නි)
ජයවේවා ඔන්න ඔහොම යං ජනාධිපතිතුමනි, මෙන්න මගේ ප්‍රණාමය.(නදී)
ජනතාවගේ ගෞරවනීය උත්තමාචාරය! ජනපතිතුමනි, ඔබට තව ඉදිරියට ජයග්‍රහනශීලිව යාමට නම් මේ පිළිවෙත ඉදිරියටත් අමාත්‍ය මණ්ඩලය ඇතුළු සෑම රාජ්‍ය සේවකයන්ටත් පොදුවේ අනුගමනය කරන්න. රටේ ජනතාවගේ ඉවසීම සුළුකොට තකන මේ ප්‍රාදේශීය සබා මන්ත්‍රීලාගෙන් කී දෙනාද අවංකව සේවයක් කරන්නේ ? (නි)
ඉතාමත් ප්‍රසංශනීය තීරණයක්. ක්‍රියාත්මක වුනාට පසු ජනතාවගේ වැඩි කැමැත්ත ජනාධිපති උතුමන්ටයි. ඉදිරියේදී මේ වගේ තීරණ සියලු ජනතාව බලාපොරොතු වෙනවා. ලංකාදීපය මේ වෙනුවෙන් කරන ලද අනුග්‍රහය ඉතා අගය කොට සලකමි.(නදී)
නියමයි. ජනාධිපතිතුමාට මාගේ ප්‍රණාමය! (නි)
ඔය කියන මන්ත්‍රීවරයාගේ දෙමවුපියන් අඩු ගානේ ඉස්කෝලෙකට ගිහින්ද කියන එක මට සැකයි. නැත්නම් ගුරුවරයෙකුට ඔහොම කරයිද?(නි)
ජනාධිපතිතුමා ගත්ත හොද තීරණයක් (නි)
ජනාධිපතිතුමනි, ඔබට අපගේ ගෞරවනීය ප්‍රණාමය !! (නි)
අති ගරු ජනපතිතුමාට, අපේ ප්‍රණාමය. මේ වගේ රටේ සිදූවෙණ දරුනූ අපරාද මිනිස් ඝතන වලටත් දැඩි දඩූවම් ලබා දෙන්න.(නදී)
නැවත පක්ෂයට ගන්න එපා (දී)
අන්න නියම වැඩක් (දී)
මේක නොදැන වුන වරදක්. සමාවදීම මනුස්ස ගතියක්. (නි)
වයඹ පලාත් සභා ඡන්දය ලග නිසයි ඔහොම සිදුවන්නේ නැත්නම් ගුරුතුමියට සිද්ද වන්නේ මම කැමැත්තෙන් දනගැහුවා කියලා දිවුරුම් ප්‍රකාසයක් දෙන්ටයි.(නදී)
මන්ත්‍රීවරයා මාව දණ ගැස්සුවෙ නැහැ, මම දණ ගහගත්තා කියලා කියයිද කියලත් අපට සැකයි. (නි)
අද ඔය මන්ත්‍රී ඔතන ඉන්නෙ මිනිස්සුන්ගෙ ඡන්දෙන් බව අමතක වෙලා. බලපුවම අර අරාබි නීතිය මෙහෙටත් ටිකක් ගැලපෙනවා වගේ. ඔහොම කරන්න පුලුවන් උනානම් තව කෙනෙක් ඔයිට වඩා දෙයක් කරන්න පුලුවන්. රටේ නීතිය දැඩි කරන්න ඕනෙ මේ වගෙ අයට මිසක් එදා වේල හොයා ගන්න බැරිව ජීවත්වෙන මිනිස්සුන්ට නෙවෙයි. මන්ත්‍රී උනත් උසස් අධ්‍යපනයක් තියෙන මිනිස්සු වෙන්න ඕනේ. එහෙම නොඋනොත් අනාගතයේදි මේ මන්ත්‍රීන් කියන මිනිස්සු ප්‍රසිද්දියේ මොන මොන දේවල් වලට පෙලබවෙයිද කියන්න දන්නෙ නෑ. කොහොම උනත් මම දකින්නෙ මෙයාව පාසලට ගෙනත් සියලුම දෙනා ඉදිරියේ දන ගස්සවා සමස්ත ගුරු පරපුරෙන්ම සමාව ගන්වන්න ඕනෑ. නැතිනම් මේ මිනිහා තවත් උඩ පනින්න පුලුවන් මම මේවගේ දෙයක් කලා මම හොදින් කියලා.(නදී)
ගුරුවරුන්ගේ වටිනාකම දන්නේ පාසැල් ගිය අය විතරයි. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් පුදුමයක් නෙමෙයි.(නදී)
කව්ද මේ මර්සි ලංකා? මොනවා කළත් බලන්නේ කැත විදිහට. හොද දේට හොදයි කියන්න කොන්දක් තියෙන්න ඕනෑ මිනිහෙක් වුනහම. (නි)
ඕවා රැවටිලි වැඩ.(නදී)
ගරු ජනාධිපතිතුමනි, ඔබගේ මේ තීරණය හොදයි. තවත් වැරදි කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු ගැනත් තීරණ ගන්න. ඔබතුමාට ජය වේවා! (නි)
ගම්ගේ ඔයානම් හරියටම හරි.(නදී)
තවත් ජනාධිපති උපදේශක තනතුරක්.(නදී)
මේ තාත්තා කරපු මෝඩ වැඩෙන්, එයාගේ දුවටත් කරදරේ. එයා මීට පස්සේ පාසල් යන්නේ කොහොමද? පන්තියේ ළමයින්ටයි ගුරුවරුන්ටයි මූන දෙන්නේ කොහොමද? (නි)
කොසොල් රජතුමා දුටු සිහින ගැන මතක් වෙනවා (නි)
මම එක්සත් ජාතික පක්ෂයේ. නමුත් ජනාඩිපති තුමාගේ හදිස්සියේ ගන්න තීරණ, ඕනෑම තරහා කෙනෙක් එක්ක ආයුබෝවන් කියලා කතා කරනෙක, එතුමා හම්බ වෙන්න ඉඩ සලස්සන එක එතුමාට දෙවියන් විසින් දුන් දායාදයක්. ඔබට දිර්ගායු ලැබෙවා.(නදී)
මෙහෙම දේවල් සිද්ධ වෙනකොට ජනාධිපතිතුමාට කිසිම අපහසුවකින් තොරව තද තීරණ ගන්න පුළුවන්. ඒක අනික් මැති ඇමතිවරුන්ට ආදර්ශයක් වෙනවා. (නි)
මොන මොන තීරණ ගත්තත් ඡන්දෙට මේ උන සිද්දිය ඉතා තදින් බල පාවී. ගුරුවරයෙකුට අපහාස කරනවා කියන කාරණය අපේ සමාජය බරපතල ලෙස ගන්නවා.(නදී)
මෙවන් තර්ජන හමුවේ ලංකාවේ අනාගතය කොහාට යයිද කියලා හිතා ගන්න බැහැ (දී)
හරියට කළා නම් කීදෙනෙක් එළියට ගිහිල්ලද?(නි)
ආණ්ඩුවේ විනිවිද භාවය ගැන අපි විශ්වාස කරනවා (දී)
ගෙදර ඇරලා මදි. ලෝකෙන්ම තුරන් කරන්න ඕනි. (අ)
මේක රටේ නිතිය නෙවේනේ. රටේ නිතිය හරියට ක්‍රියාත්මක උනොත් මොහුට වසර 2 වත් හිරේ ඉන්න වෙනවා. අන්න එදාට සතුටුවෙමු. කොහොමත් මොකුත්ම නැතිවාටවද මේකවත් හොදයි.(නදී)
පැරණි කාලේ සුදු හකුරු හදපු මිනිහා කිව්වාලු කියනකොට එහෙමයි, කරන කොට මෙහෙමයි කියලා, මෙකත් ඒ වාගේ කියනවා විතරද? ඇත්තටම කරනවාද?(නදී)
බොරු කියන්න එපා. කියන්නා කෙසේ වෙතත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි. බලන්න අර මිනීමරු පොලිසියේ ඉන්න ලොක්කා, තාම නිදැල්ලේ හොඳින් ඉන්නවා. එයාගේ වැරදී වහන්න කියනවා. මේවා කාටද කියන්නේ.(නදී)
නියම වැඩක් .එයාට ඔහොම තමයි කරන්න ඔනී .නියමයි ජනපති (අ)
ජනපතිතුමනි හොඳ වැඩක්. අනෙත් දේශපාලකයින්ටත් හොඳ පාඩමක් වෙන්න ඕනෑ. උසාවියෙන් උපරිම දඬුවම ලැබීමට සලස්වන්න (නි)
මන්ත්‍රී ලවා ගුරු තුමියට වැන්දෙව්වනම් තමයි නියම දඬුවම . (අ)
රටේ ක්‍රියාත්මක වෙන දුෂණ අදෘෂමාන බලවේග නවතින දවසක් උදා වෙන තුරු මේවා නවත්වන්න බැහැ.ඔලුව කුඩු වෙනකල් ගුටි කාපු මේජර්ලාට කියපු දේ අමතක වුනා නම් ඔබටත් මටත් කවර කතාද? මේ දුපත අපට අමාරු වුනාට 2% කොටසකට සුර විමනක්.(නි)
ජනාධිපතිතුමාගේ තීරණය ශ්‍රී ලාංකිකයන් විදියට සියල්ලන් පැසසිය යුතු තීරණයක්. නමුත් මෙම පුද්ගලයාගෙන් ගුරුවරියට ඉදිරියේ ජීවිත තර්ජන එල්ලවිය හැකි නිසා ඒ පිලිබඳත් යම් වැඩ පිළිවෙලක් යෙදිය යුතුය. (නි)
ජනපතිතුමනි, ඔබගේ තීරණයට මාගේ ප්‍රණාමය! සමාජයට හොද යහපත් පුරවැසියන් බිහිකිරීමේ අඩිතාලම දරුවා හට ලබාදෙන විදුපියසටත් නිගාකළ මේ පුද්ගලයාට නැවත දේශපාලණය කළ නොහැකි ලෙස දඩුවම්ද කර පක්ශයෙන්ද නෙරපා හරින්න. (නි)
අර රජයේ සේවකයාව ගස් බැඳපු වෙලාවේ ඔය දේම එතුමාටත් කලානම් අද මේ වගේ දේවල් අහන්න වෙන්නේ නෑ (අ)
හොදයි ජනාදිපතිතුමනි, අපි බලාගෙන ඉන්නේ අර 'මන්ත්‍රීව' මට්ටු කරනකම් (නි)
ගෙදර යවන එක දඩුවමක්යෑ? මෙයාට වරුවක් ඉස්කෝලෙ දණගහගෙන ඉන්න දෙන්න තිබුනෙ (නි)
මන්ත්‍රීව ඉදිරි අවුරුදු පහකට කොට ඇදුමක් අන්දවලා පාසල් යවන දඬුවමක් දෙන්න බැරිද? (නි)
දැනුම් දුන්නට විතරක් මදි . හරියට ගෙදර ගියාද කියලත් බලන්න. එතකොටතමයි වැඩේ සම්පුර්ණ වෙන්නේ. (අ)
කලෙකින් අහන්ට ලැබුණු නියමම නිවුස් එක. සන්තෝසෙට අද නම් වයින් වීදුරුවක් දෙකක් බොන්නම ඕනෑ! (නි)
ඇත්ත එම ගුරුතුමියව වෙනත් පාසලකට යැවීම ඉතාම හොදයි.එතුමියගේ ජිවිතේ අනතුරේ (නි)
බුද්ධි, එයා ලොක්කෙක් මෙයා සොක්කෙක් ඔබ තුමාට තේරෙන්නේ නැන්ද මන් අහන්නේ. මොහොමෙඩ් සැප්තැම්බර් ඡන්දයක් එනවනේ ඉතින් ලකුණු කියක්වත් ගන්ඩ එපායැ. ගමගේ, ඕවා ඉතින් කියන්ඩත් දෙයක්ද අයුබෝවන් හෙට දිහා එක්කෙනෙක් පාර්ලිමේන්තුවටත් එනවලු අව්රුදු එක හමාරකට පස්සේ අනේ අපේ අහිංසක ජනතාව එතුමාට වැන්දා වැදිල්ලක් මට කියන්ඩ වචන නැහැ සමාවෙන්ඩ.(නදී)
මෙය මුළු රටේම පාසල් ළමයින්ටම හොද පාඩමක් ඉගෙන ගන්න හොද වෙලාවක්. පසෙලේදි විනයගරුකව හැසිරීමෙන් සමාජය රැකෙන බවත් එයම දෙමුපියන්ට සහ පාසලට කරන ලොකුම ගෞරවය බවත් ඉගෙනගත යුතුයි. එයින්ම මේ සමාජය විනය රැකෙන බවත් කාටත් අවබෝධ වෙනවා ඇත (නි)
විපක්ෂය කියයිද දන්නැහැ වරෙන් මචන් අපේ පැත්තට (අ)
ළමයින්ගේ අනාගතය සමග සෙල්ලම් කරන්න එපා මනුස්සයෝ (දී)
මිනිහා ඊ ළඟ අධ්‍යාපන ඇමති කරාවිද? බයේ බෑ අනේ.(නදී)
මේවා මේ කියන විදිහටම වුනොත් හොදා. මීටත් වඩා ලොකු තානාන්තරයක් දෙන්නේ නැතුව. (නදී)
මීට පෙර වැරදි කරපු අයට නිසි දඬුවම් දුන්නේ නැති නිසා ඔය වගේ නීතිය අතට ගත්ත දේශ පාලුවෝ වැඩි උනා. ගෙදර යන්ඩ කියන්නේ නැතුව මතක හිටින පාඩමක් දෙන්න. ඒ වගේම වෙච්ච අසාදරණයට වන්දි ගෙවන්න කියන්න. එතකොට තමයි රිදෙන්නේ.(නදී)
සභාපතිකමක්වත් දෙන්නේ නැතුව මොනවා හරි සංස්ථාවක, ගෙදරම ඉන්න දෙන්න ඕනෑ ඔය වගේ අයට (නි)
අර අහිංසකයෙක් ගස් බැන්දට මොකුත් නැතිද?(නදී)
එතුමා ඒ යුතුකම මහජනයා වෙනුවෙන් අනිවාර්යයෙන් කළ යුතු දෙයක් (නි)
වරදට දඩුවම් කරපු එක හොදයි. (නි)
මේවා ලංකාවේ අනාගතය ගැන පේන නරක හින (දී)
මෙහෙම වැඩ කරන අයට මෙහෙමම තමයි කරන්න ඕනේ (දී)
මෙයාලා හිතන් ඉන්නේ ජනතාවගේ ජන්දේ අර ගත්තම ලොකු මිනිස්සු කියලා.ඡන්දෙ අරන් මිනිස්සුන්ටම ගහන තිරිසන්නු. මේ වගේ අවව එල්ලලා මරන්න ඕනෑ. මිනිස්සු හිතන්න ඕනෑ ඡන්දෙ දෙනකොට මේ වගේ අය ගැන (නි)
දේශපාලන මැරයන්ගෙන් ප්‍රවේශම් වෙනු! (නි)
ඔය ඇමති ගුරුවරයෙකුගෙන් ඉගෙන ගෙන නැහැ වගේ.ඡන්දෙ දෙන මිනුස්සුන් දන ගස්සවන්න ඕනෑ. (නි)
ලංකාවේ දේශපාලනය කියන්නේ කතා කරන්නවත් වටින්නේ නැති තැනක් (දී)
අදහස් දමන ගොඩක් අය අන්තවාදීය.ගවුම කොට නිසා හෝ ළමයින් වැරදි කරනවා නම් කොන්ද කැඩුවත් කමක් නැහැ කියන තාත්තලා පවා අදහස් දාලා. ගවුමේ වාටිය බලහත්කාරයෙන් ගලවන්නට කිසිදු අයිතියක් ඇයට නැත.තමා දරුවට එවැනි බලහත්කාරයක් තුලින් කළ මානසික පීඩනය,දරුවාගේ පෞරුෂය බිද දැමු විට පියකු කුපිත නොවන්නේනම් නිවටකම නිසා මිස බෝසත්කම නොවේය කියා මට සිතේ. එහෙත් මන්ත්‍රීවරයා කළයුතුව තිබුනේ මේ ගැන නීතියේ පිහිටපැතිම මිස දඩුවම්දීමට යාම නොවේ. ගුරුවරුන් ආදර්ශමත් වීම පළමුවෙන් කළයුතුය. ළමයින්ගේ විනය පාලනයට නව මනෝ විද්‍යාත්මක ක්‍රම යොදාගතයුතු මිස මේ ආකාරයේ දඩුවම් නොදිය යුතුමය. වේවැල් කෝටු නාරන් සියබලා අතු කිතුල් පොල් ඉරටු සහ කහබිලිය අතු මේ හැම ඉපල් මගේ දැසට නොපෑ යුතු (මීට වඩා හොද විදිහක් සෙවිය යුතු.....) (නි)
ඔබ තුමාගේ නිහතමානි පිළිතුරට මගෙන් පැසසුම්. ඔය වගේ නීතිය ක්‍රියාත්මක කරන්න හැම කෙනෙකුටම.(නදී)
ගරු ජනාධිපතිතුමාට අපගේ ප්‍රණාමය! ගුරුතුමියට අපගේ කණගාටුව ප්‍රකාශ කරන්නෙමු! (නි)