නවගත්තේගම ගුරුවරියක පාසලේදී දණ ගැස්සූ බව කියන වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර, ආනමඩුව ආඬිගමදී මින් මඳ වේලාවකට පෙර නවගත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහුගේ දියණියගේ ගවුම පාසලට නුසුදුසු බව පැවසීම නිසා උරණවූ මන්ත්‍රීවරයා ගුරුවරියව දණ ගස්වා දඬුවම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසියාවේ ආශ්චර්ය කියලා තමයි කියන්න තියෙන්නේ (නි)
මොන දඩුවම දුන්නත් නෙවත ඒ ගුරුවරියට පාසලේ උගන්නන්න පුලුවන්ද ?(නදී)
පළාත් සභා තියෙන්නේ මේ වගේ හරක් ගාල් කරන්ඩ තමා.(නදී)
මෙවැනි අයට මින් ඉදිරියේදීවත් ඡන්දය දීමෙන් වලකින්න . (නි)
මොනවා සිද්ධ වුණත් ලබන පාර වැඩි ඡන්දෙන් මෙයාව පාර්ලිමේන්තුවට යවාවි අපේ මිනිස්සු (නි)
මේ වගේ අයට ඡන්දය දෙන අයට පොල්පිත්තෙන් ගහන්න ඕනෑ. (නි)
මේ ගුරුතුමියට ඉක්මනට පොලිස් ආරක්ෂාවක් දෙන්න. නැත්නම් දන්නවනේ ... (නි)
දවස් තුනක් පාර අතුගාන්න දාන්න වගේ දඩුවමක් දෙමුද? (නි)
ගමේ ඉන්න කසිප්පු කාරයයි, පතාලයයි හිටපු ගමන් ඔයවගේ තැනකට පත් කරාම කරන්නේ මොනාද? කල යුක්තේ මොනාද දන්නේ නැ. ගුරුවරු කියන්නේ කව්ද ගරු කරන්න ඕනේ කොහොමද ඒවගේ අය දන්නේ නැ. මුල් වැරැද්ද ඔයවගේ මිනිස්සු ඔයතැන් වලට පත් කරපු අය. සුදුස්සාට සුදුසු තැන අපේ රටේ නැතිකම. ඒකෙන් අසරණ වෙන්නේ යහපත් ගුණ ගරුක මනුස්සයෝ විතරයි.(නදී)
කණගාටුවට කරුනක්. අනිකුත් ගුරු මණ්ඩලය ක්‍රියාත්මක වුනා නම් නියම දඩුවමක් දෙන්න තිබුණා. ඒක මාධ‍්‍යයෙන් රටටම පෙන්නුවා නම් තමා නියම. කොහොම වුනත් ප්‍රසිද්ධියේ ගුරුතුමියට වැද සමාව ගන්න සැලසීම තමා නියම දඩුවම. සමාව ගැනීම මුලු රටටම පෙන්වන්නත් වුවමනායි. (නි)
මමම දන්නා විදිහට නිල ඇඳුමේ දිග තියෙන්න ඕනෑ දණ ගහපුවම දනහිස වැහෙන්න.එක්කෝ මේ ළමයා ඇවිල්ලා තියෙන්නේ නාන්න යන ගමන් වෙන්න පුළුවන් (නි)
මෙහෙම දේවල් කවදාවත් ලංකාවෙ වෙලා නැහැ (දී)
ඇප අරන් එනවිට හොදට ගෙවුන සෙරප්පු මල් මාලාවක් පලදලා පිලිගන්න.(නදී)
අශිලාචාර නින්දිත දීන හැසිරිමක් ලෙසයි මම මෙය දකින්නේ. මේ ගුරුවරියට උසස්වීමක් දියයුතුයි (නි)
දුව ඉස්කෝලේ යනකාලේ කොටට ඇදගෙන යනවා කියන්නේ , කැම්පස් ගියොත් කොහොම යයිද? ඉගෙනගෙන ඉවර වුනාම ඇදුම් මොනවත් නැතුව හිටියත් අපිට කමක් නැහැ. ඒත් මේ කාලේ විනයක් අවශ්‍යයි (නි)
මෙය බලාසිටි පාසල් දරුවන්ට ඇති වුනු කම්පනය කොතෙක්ද? දෙගුරුන් ගාවට ළමයි වදින්නේ ගුරුවරුන්ට. මේ ක්‍රියාව සුළුකොට හරින්න නම් එපා. ජනපතිදුනි, ඔබතුමා මෙයට මැදිහත් වෙන්න. (නි)
වයඹ කට්ටිය කන්නේ මොනවාද කියල පළාත් සභා මැතිවරණයෙන් පස්සේ බලාගන්න පුළුවන් මෙයාගේ මනාප ගණන් කරලා. (නි)
අපේ ඉස්කෝලෙ නම් ගවුම කොට නම් වාටි ලෙහෙනවා. ඒවා කරවන්නේ ශිෂ්‍ය නායිකාවන්. බැරි වෙලාහරි මේ මන්ත්‍රී අපේ ඉස්කෝලෙට ආවා නම් එයාගෙත් කලිසම ගලෝලා අපි යවන්නේ. දැන් මේ ගුරු මෑණියන් කොහොමද තමන්ගේ සිසුන් ඉස්සරහ ආත්ම අභිමානයෙන් උගන්වන්නේ? පාසලේ රැස්වීමක ළමුන් ඉදිරිපිටදී එතුමියට වැදලා සමාව ගන්න කියලා මේ මන්ත්‍රීට නියෝග කරන්න තියෙන්නේ (නි)
අද ගුරුවරයෙකුට ළමයෙක් වැරද්දක් කලොත් අඩුපාඩුවක් කිව්වොත් දෙමව්පියෝ තමයි ළමයව ශුද්ධ කරන්න යන්නේ. ගුරුවරයෙකුට එහෙම කරන්න නොදෙන නිසා දැන් සමාජය පිරිහිලා. ඉස්සර අපි වැරද්දක් කලොත් ගුරුවරු දඬුවම් දුන්නා. (නි)
ජීවිතය මැදදී එක්වරම මෙහෙම සල්ලි ගොඩක් ලැබුණහම උපතින්ම වැදගත් පවුල් වල අය වුණත් මෙහෙම හැසිරෙනවා (නි)
මේ වගේ අය ඉන්නකන් ලංකාවට හරියන්නෙ නැහැ (නි)
මන්ත්‍රී නම නොදන්නේ ඇයි දනරින මහත්තය කෝ ...........ගුරුවරයකුට අවවාදය දීමට බැරිනම් කාටද අවවාදයක් දිය හැකි මොලේ තියන එකක්යැ එල හරක වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් තියනවද දන්නේ නැහැ (අ)
පළාත් සබා ඕනෑම නැහැ. ලංකාදීපයට ස්තූතියි මෙය හෙළි කළාට (නි)
මගේ ඉල්ලීම සලකා බැලුවට ලංකාදීපයට ස්තුතියි ..ළඟ එන පලත් සභා ඡන්දයේදී වයඹ ජනතාව මේ වගේ අමනයන්ට නිසිතැන දෙනු ඇත. (අ)
නීතිය ටිකක් ක්‍රියත්මක වන පාටයි, එත් පොලිසිය ඇප දුන්නොත් තේරුමක් නෑ . මෙයාට දැඩි දඬුවමක් දියයුතුයි. කල අපහාසයට සහ මානසික වැද බන්දනයට. මිනුස්සෙනේ මේ පාර මෙය ගමේම තියන්ඩ. (අ)
ආසියාවේ ආශ්චර්යය.(නදී)
හිනා.....හිනා......,මේවටනම් හතර හිනා, විදුහලතිගේ නීතිය මන්ත්‍රී අතට අරෙගන. එල හරකෙක් නොවේ මී හරකෙක්. (අ)
මොහුට හොඳ සැර දඬුවමක් දිය යුතුයි එවිටයි ගුරුවරියගේ ආත්ම ගෞරවයට වුනු කැළල මැකෙන්නේ (අ)
මේවට විනය ක්‍රියාමාර්ග ගන්නේ නැත්නං මේ වගේ අය තව දුරටත් පාර්ලිමේන්තුවටත් යයි. ලේකම්තුමනි, මේවා විසදන්න ජනාධිපති තුමා ඕන නැ. ඔබතුමා දෙස සියලුදෙනා විමසිල්ලෙන් ඉන්නේ. වයඹ ජනතාව නිවැරදි තීරණයක් ගන්න මනාප පොරයේදී. (අ)
මෙහෙම හරක්ටනේ ජන්දේ දුන්නේ?(අ)
ඡන්දෙ දීපු අයට ගහන්ට ඕනේ ...මේ වගේ ගොන් හරකුන්ට .(අ)
කරුණාකර මන්ත්‍රීගේ නම දාන්න.මේ තාත්තගේ හැටියට දුවගේ තරම හිතාගන්න පුළුවන්. (අ)
හල්වලගේ ඔබ හරි ඒකා වැස්සකටවත් පාසල් ගිහින් නැහැ. හැබයි ඔලුව ඉදිමිලා' අපහාස කලාට නඩු දල හොද වන්දියක් ඉල්ලන්න ඕන. (අ)
ගුරු මැනියෙනි ඔබට ජය, හේතුව ඔබගේ අවවාදය නිසා . පොල්ගහවෙල පාසලක චාරිකාවක් ගිය අට වසර ළමුන් හතර දෙනෙක් මහියංගනයේදී බියර් බීලා තියනවා ගුවරුන්ට හෝ විදුහල්පතිට මේගැන කිසිම ගානක් නැතිව ඉන්නේ විදුහල්පති ගේ නොගත් කම නිසා (අ)
මන්ත්‍රී කියන ඇයො වැස්සකටවත් ගෙට ගන්න හොද නැහැ.(අ)
අල්ලගත්ත වගේම හෙටම නිදහස් කරයි. මේ වගේ නිවුස් අහද්දි මේ රටේ ඉපදුනේ මොකද කියලා හිතෙනවා.වැරදි මේ මිනිහා නෙවෙයි පත්කරපු මිනිස්සු (අ)
දැන් කල යුතුදේ 01. රාජ්‍ය සේවකයකුට කල අපහාසයට උපරිම දඩුවම් දිය යුතුයි.. 02. ගුරුතුමියට සිද්ධවුන අපහාසයට හා අසීරුතාවට රුපියල් කෝටියක වන්දියක් රජය ගෙවිය යුතුයි 03.ගුරුතුමියට උපරිම ආකාරයේ සුදුසු උසස්වීමක් දී එම පාසලේම දුගු කාලයක් සේවය කරන්නට දිය යුතුයි. 04. එම පාසලේ ළමුන් හා දෙමුපියන් මෙන්ම සහෝදර ගුරුමඩුල්ල ගුරුතුමිය සමගම ලබදිව සිටිය යුතුයි..(අ)
තව තව ඔය වගේ කට්ටිය ටිකක් හොයලා ඡන්දය දෙන්න ඕනෑ (නි)
ඔන්න නියම කන්තා හිංසන. කෝ මේ බෝඩ් ලෑලි උස්සන අය (අ)
ආනමඩුව ? ............මට නම් හිතෙන්නේ මෙයා පුත්තලමේ වෙන්න ඕනි .(අ)
ඊළඟ ප්‍රවෘත්තිය , නවගත්තේගම ගුරුවරියක පාසලේදී දණ ගැස්සූ බව කියන වයඹ පළාත් සභා මන්ත්‍රී ඇප මත මුදා හරී කියලා වුනේ නැත්නම් මේක ලංකාව නෙවෙයි. (නි)
මන්ත්‍රීතුමා කියලා තියෙන්නේ තම දරුවාව දණ ගැස්විය යුතුව තිබුණා කියලා විය යුතුයි. ඉතින් තමා වරද තේරුම් ගත් ගුරුවරිය ස්වයං දඩුවමක් ලෙස තමාම දණ ගසාගත්තා වෙන්න බැරිද? මෙය ශ්‍රී ලංකාවේ සිදුවීමක් නම් එය එසේම විය යුතු බව මගේ හැගීමයි (නි)
නිහාල් ගේ කතාව හරියටම් හරි. ඔබට ගොඩක් ස්තූතියි (නි)
දේශපාලුවෝ කියාගන්නා අයත් එකයි , ඔවුන්ගේ දරුවොත් එකයි. (නි)
වයඹ පළාතේම අය මොහුට යම් දඩුවමක් නුදුන්නහොත් වයඹ ඔබලාට මේ මන්ත්‍රීවරයාගේම පිහිටයි! (නි)
පොලිස් ඇප නම් එපා ඔන්න (නි)
මෙතුමා වැස්සකටවත් පාසල් ගිහින් නැද්ද මන්දා? ඔන්න නියම කන්තා හිංසන. (නි)
මෙවැනි පව්කාරයින් අල්ලා පට්ටා ගහන්න ඕනේ.(නදී)
රටේ මහජන ඡන්දයෙන් පත් වන මොවුන් එම ඡන්ද දායකයන්ව සතුන් ගානට සළකති. දණ ගැස්විම, ගස් බැදීම, ගෙවල් වලට කඩා පැන අඩම්තේට්ටම් කිරීම, ගැහැනුන් අපයෝජනය කිරීම දැන් බොහෝ මන්ත්‍රීවරුන්ගේ සිරිතකි. (නි)
නෑ නෑ තව ටිකකින් ගුරුවරියම කියයි තම කැමැත්තෙන් දණ ගහගත්තා කියලා. නැත්තම් වෙන දේ කියන්න දෙයක් නැහැනේ. මේක ලංකාවනේ. (නි)
මිට කලින් මෙවැනි පුවත් දැක තිබුනත් ,මේ ක්‍රියාව ඒ සැමකටම වඩා සහාසික යැයි මාගේ හැඟීමයි .මන්ද මෙම සැහැසි ක්‍රියාව සිදුකල තිබෙන්නේ අදාල ගුරුතුමිය පාසැල තුල රාජකාරියේ යෙදි සිටි අවස්ථාවකදී වීමයි.මේ වන විට අදාල පුද්ගලයා අත් අඩංගුවට ගෙන තිබුනත් ,අපට අවශ්‍ය වන්නේ මේ කෙනාට දඬුවම් ලැබීම දකිනු මිස අන් කවරක් නොවේ.මේ සිද්ධිය සම්බන්දයෙන් දක්වන අදහස් හා නිතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට බල කිරීම ,දේශපාලන පක්ෂ පාට බේදයකින් තොරව කිරීම අපගේ යුතුකම බව අවබෝධ කර ගනිමු .මේ සිද්ධිය යටපත් වීමට ඉඩ නොදී,මේ පුවත දිගටම යාවත්කාලින කරන මෙන් ලංකාදීප අන්තර්ජාල පුවත් පත් කාර්ය මණ්ඩලයෙන් කාරුණිකව ඉල්ලා සිටිමි (නි)
හෙට අනිනද ගුරුවරිය කියාවිද දන්නෙ නැහැ එයාම දන ගසාගත්තා කියලා. ඔන්න එතකොට නම් සේරම හරි (නි)
ඔහුව අත්අඩංගුවට ගැනීම ලොකු දෙයක්. ඇයට කියන්න පැමිනිල්ල නම් ඉවත් කරගන්න එපා කියලා (නි)
මම හිටියා නම් අසුචි දාපු තුවක්කුවකින් වෙඩි තියනවා. (නදී)
මම මෙතුමාට ඡන්දය දුන්නා. '' මට දැන් තේරෙනවා මම කොච්චර මෝඩ හරකෙක්ද කියලා '' (නි)
සුදත් බ්‍රෙෂියා, ස්තූතියි ඔබට (නි)
මෙයාට ඡන්දෙ දුන්නේ කවුද? එයා ගුරුවරයෙක්ගෙන් ඉගනගෙන නැද්ද ? මේකද රටේ සදාචාරය (නි)
මෙහෙමත් තාත්තලා? හරි තාත්තා කෙනෙක් නම් ලමයාට දඩුවම් දෙන්න ඕනෑ.මේ තාත්තට තමන්ගෙ ලමයා ඇදුම් නැතුව පාසල් ගියත් කමක් නැහැ වගෙයිනෙ. දෙමාපියන් මෙහෙම ඉන්නකොට කොහොමද දරුවො හදන්නෙ? මම පාසල් යන කාලයෙ දවසක් මම හරියට කොන්ඩෙ කපල නැතුව තාත්තා මට කෝට්ට කැඩෙනකන් ගැහුවා.අද කාලෙ දෙමාපියනුත් එකයි දරුවොත් එකයි. (නි)
මෙයාලට ඡන්දෙ දුන්න අයට තලන්න ඕනෑ... (නි)
මේ දේට නිතිය තදින් ක්‍රියාත්මක කරන්න (නි)
පාසලේ විනය තමයි ප්‍රධාන දේ. ගුරුවරිය හරි. පාසලෙන් තමයි මුලික දැනුම එන්නේ. (නි)
මේ වගේ අයට ඡන්දෙ දීපු අයටයි ගහන්න වටින්නේ. (නි)
කාන්තාවන්ට පාට් දාන මන්ත්‍රීතුමාට මගෙන් අන් තට්ටුවක්. වයඹ මිනිස්සු ඔහොමමයි. මතකද එක පාරක් ඡන්දෙ කාලේ කාන්තාවකගේ ඇදුම් ගැලෙව්වා.(නදී)
අනේ මන්දා? වැස්සකටවත් ඉස්කෝලේට ගොඩ වුණා කියලාවත් දැන්නම් හිතන්නවත් බැහැ නේද ?? (නි)
අපේ දේශපාලුවන්ගෙන් 99%ක්ම මෙහෙම තමයි (නි)
වගකීම බාරගත යුත්තේ මන්ත්‍රීව ඇතුලට ගත් අය නෙමෙයිද? (නි)
අනේ මේකට තව ඡන්දේ දෙන්න මෝඩයෝ හිටියොත්ඒ අය දන ගස්සන්න ඕන මොලේ තියන ඇයෝ ඔවුන් ස්කොලේ ගිය අය නොවේනේ (අ)
ඒ ගුරුවරියගෙන් වැඳලා සමාව ගන්න කිව්වා නම් ඒක තමා නියම දඬුවම. (නි)
මේ කමෙන්ට්ස් ටික දියවන්නාවේ ඉන්න අයට පෙන්වන්න විදිහක් නැද්ද මහත්තයෝ.(අ)
දැන්වත් මිනිසුනේ තේරුම් ගනිල්ලා මේවගේ හරක්ට ඡන්දෙ දෙන්නේ කුමකටද කියල ,මේ අයගේ පව් හෝදන්ඩ කුඹුරු යායවල් 100ක් හැවත් මදි. (අ)
අප රටට දිසා බල සිටින කුමන්ත්‍රණ කාරයන්ට මේවා හොද පොයින්ට්ස් දුප්පත් මිනිසුන්ගේ ඡන්දයන් පත් වෙලා මේවද කෙරන්නේ මොලේ නැති මිනිහෙක් ගුරුවරයක්ගේ වටිනාකම නොදෙන්න (අ)
ඔයට සරමක් අන්දලා අවුවේ ඔලුවෙන් හිටවල තියන්න ඕන. (අ)
මේ ප්‍රතිචාර ටික වගකිවයුත්තන්ට පෙන්වන්න පුළුවන් නම්.... (නි)
මාලදිවයිනේ ඉදලා රසාදරි කියන එක නමි හරියටම හරි.(නදී)
රටට දැන ගන්න මේ වගේ අයගේ නම් පලකරන්න. කවදත් ලංකාදීපය ජනතාවගේ පත්තරයයි. (නි)
මම ඔය ගුරුවරිය වුණා නම් මම කරන දෙය මෙහි සදහන් නොකරමි (නි)
කිවුවට තරහා වෙන්න එපා. බත් කන මෝඩයෝ ඉන්න රටේ මේ වගේ දේවල් සිද්ධ වෙනවා. (නි)
කොහොමත් ඔය මන්ත්‍රී පට්ටම් වල ඉන්න අයගේ උගත් කමක් බුද්ධියක් නැහැනේ,, එක නිසානේ එයාගේ දරුවාගේ වරද නොපෙනෙන්නේ,,, හරිනම් පාරක් පාරක් ගානේ මේ මන්ත්‍රීලව ඉනි වැටවල්වලට හිටවන්නයි ඕන ඒ ඇරෙන්න වෙන දෙකට මේ අයගෙන් පලක් නැහැ, ඒකටවත් කොන්දක් තියෙයිද දන් නැහැ,, ඇයි ගුරුවරියව දණ ගස්සනකන් මේ පාසලේ විදුහල්පති නිදාගත්තද,,, ප්‍රාදේශීයව මෙහෙමනම් තව කොහෙද,,(අ)
එයා යවන්න තිබුනේ කෙරෝකි එකකට.(අ)
ජනාධිපතිතුමා ඉවසීමෙන් කටයුතු කරන නිසාම , මන්ත්‍රීවරුන් අයුතු ප්‍රයෝජන ගන්නවා වැඩි බවයි පෙනී යන්නේ.වැරදි වැඩ කල,සියලුම දේශපාලකයින් ගෙන්වා ප්‍රසිද්ධියේ දණ ගැස්වූවා නම් ,දණ පෝලිම හිටී සැතපුම් ගණනක් දිගට (නි)
ලංකාවේ දේශපාලඥයින් වර්ග දෙකකි. එක් වර්ගයක් එළහරක් ය. අනෙක් වර්ගය මී හරක්ය. එළ හරක් තම ගොම ඇඟේ නොගාගෙන ජරා වැඩ කරති. ඔවුන් උගතුන්ය. මී හරක් වර්ගය තම ගොම ඇඟේ තවරාගෙනම ජරා වැඩ කරති. ඔවුන් උගත් වුවත් නූගතුන්ය. මහජනතාව කතිරය නැමැති සට කපට කෙවිටෙන් උනුන් එලවීමට උත්සාහ කරති. (නදී)
අපේ ජනතාව හරක් වගේ ලබන සැරෙත් මෙයාටම චන්දෙ දෙනවා සිකුරුයි. ඒ හින්දා රටේ ගුරු බවතුන්ගේ ගෞරවය රැකීම අදිකරණයට බාර කරමු (නි)
ජනාදිපතිතුමනි තවත් අහක බලාගෙන හිටියොත් ඔබ තුමාගේ ශ්‍රී නාමයට මේවා හොද නැහැ.(නදී)
මේ වගේ ප්‍රාදේශීය පාලකයන් හට උපරිම දඩුවම දෙන්න ඕනෑ. පහුගිය කාලයේ සිදු වූ සියලු ජඩ වැඩ ,දුෂණ ළමා අපචාර,මිනි මැරුම් සියල්ල පිටුපස සිටියේ මෙවැනි අයයි. මෙවැනි අය ජනතා නියෝජිතයන් බවට පත් වන්නේ කාගේ වුවමනාවෙන්ද? ආණ්ඩුවට මේවා පාලනය කරගන්න බැරී වුනොත් ජනතාව සිවිල් නීතිය අතට ගන්න එකට වැඩි කාලයක් නැති වග පෙනේ (නි)
banala wadak na , ilagatath api me wage kattiya thoragannawa , ape hatiyata thamai palane
එය කැමත්තෙන් දන ගැහැව්වා වෙන්න බැරිද ? මට හිතෙන්නේ අන්තිමට එහෙම වෙයි. (නදී)
මේ පාර මෙහෙම අපේක්ෂකයෝ ඉදිරිපත් කරන පක්ෂවලට ඡන්දය නොදිය යුතුයි.(නදී)
අද අපේ රටේ පරිපාලනය ගැන තියෙන්න පුදුම කනගාටුවක්. මෙහෙම දේවල් වෙද්දිත්, ඒවට දඩුවම් නොලැබෙද්දිත්, ලෝකෙටම ඇහෙන්න කෑගහනවා ලංකාවෙ ප්‍රජාතන්ත්‍රවාදය රජ කරනවා කියලා. (නි)
මොනවද අපේ මේ මන්ත්‍රී කියන අයට වෙලා තියෙන්නේ? (නි)
ගාමිණී-සිරි, අපරාධ අතින් ලංකාව ඉතිහාස ගතවන යුගයක් මේක. මාසයක් ලංකාදීප එකතුකරලා බලන්න රටේ තියෙන අපරාධ ටික. ඔයාල කරන්නෙත් ඊටම අනුබල දීමක්. (නි)
මෙහෙම අය දකිනකොට පළාත් සභා අප්‍රසන්නයි (නි)
එක්කෙනෙක් මිනිස්සු ගස් බැදලා දුන්න වැරදි ආදර්ශය නිසා එම වර්ගයේ අනිත් උදවිය එය වීර ක්‍රියාවක් ලෙස ඉදිරියට ගෙනයමින් තිබේ. අමනයන් උඩ තැබීමේ විපාකය අපි විදිමින් සිටිමු.(නදී)
මෙහෙම අය ඉදිරියේ දණගහපු මේ ගුරුතුමීට දඩුවමක් දීලා ඉන්න ඕනෑ සේරටම කලින්.. (නි)
පලවෙනි කාරණය තමයි මෙහෙම කෙනෙක් කිව්වට මේ ගුරුවරිය දණ ගැහුවේ ඇයි? දෙවැනි කාරනය ගුරු මණ්ඩලේ හිටපු අනිත් අය මේක වෙනකල් නිකම්ම බලාගෙන හිටියද? (නි)
ඔය පුද්ගලයා දනගහගෙන ඇවිත් අදාල ගුරුතුමියගෙන් සමව ගන්න ඕනෑ. ඒ කොහොම නමුත් ගුරුතුමියගේත් පොඩි වරදක් තියෙනවා. ඇයි කිව්ව පලියට දන ගැහුවේ? ඇයට තිබුනා තම ස්ථාවර අබිමතයේ ඉන්න. මොකද ඇය නිවැරදි නිසා! (නි)
ජනධිපතිතුමාටත් මේ දේවලින් නරක නාමයක් එනවා නේද? (නි)
හෙට අනිද්දා මේකේ අපි කියාවි ඒ ගුරුවරිය එයාම දන ගහල මන්ත්‍රී තුමාට ගෞරව කරා කියල . මන්ත්‍රී තුමා එහෙම කෙරෙව්වේ නැහැ කියල . එහෙමත් නැතිනම් ගුරුතුමිය ඉක්මනින් දුෂ්කර පළාතකට මාරුවක් ලබයි . නැතිනම් පාසලේ ළමයෙක්ට අනිසි අඩම්තේට්ටම් යටතේ රිමාන්ඩ් වෙන්නත් බැරි නැහැ . අමතක නොකරන්න අපි ඉන්නේ ලංකාවේ (අ)
නීතියක් තියෙනවා ඕනෑම තැනක
ඔලුවෙන් හිට ගත්ත මේ වගේ හරකුන්ට ගුරුවරු දැනගස්සන්න හිතෙනවා ඇති. විනයක් නැති රටකනේ අපි ඉන්නේ.(නදී)
මේකේ සමහරක් ප්‍රතිචාර දාලා තියෙන අය, අනේ මන්දා කවදා හැදෙයි ද කියලා (නි)
මම හිටියනම් මන්ත්‍රී කියල බලන්නේ නැහැ . කන පලනවා. මේක මාර වැඩක්නේ.(නදී)
මේ ගුරුවරියත් මෙයාට ඡන්දෙ දෙන්න ඇති. මෙතන වැරැද්ද ගුරුවරිගේ. ඇයි ඉතින් දන ගැහුවේ. නොගහ හිටිය නම් මොනවා කරන්නද. ඉස්සෙල්ල බයේ දන ගැහුවා. පස්සේ අනික් අය කියපු නිසා පැමිණිලි කළා. හෙට අනිද්දා මන්ත්‍රී කියපුවම ඕක ඉල්ලා අස් කර ගනීවි. අපි නිකම් කලබල වෙන්න ඕනි නැහැ.(නදී)
අපි තවමත් ගරුකරන අපේ රටේ ජනාධිපතිතුමනි, ඔබතුමාත් දේවත්වයන් ගරුකරන්නේ ගුරුවරුන්ට නේද ?මේ මන්ත්‍රීව ගෙන්නලා ජනමාධ්‍යය ඉදිරියේ ගුරුවරියට වැද සමාව ගන්න. සෑම කෙනෙක්ම බලාගෙන ඉන්නේ ගන්නා තීරණය ගැනයි (නි)
වාස් මහත්තයට කිව්වා නම් මේ වගේ අයට හොදට සලකාවි.(නදී)
ඉතාම කණගාටු දායක පුවතක්. මේ පුද්ගලයට මන්ත්‍රී කියලා ආමන්ත්‍රණය කරන එකත් වැරදියි. වැස්සකටවත් පාසලකට නොගිය මේ වගේ අය කොහොමද මහජනයාට සේවයක් කරන්නේ. ගුරු මෑනියනි කොන්ද පන තියෙන ඔබ වැනි උත්මාවියකට,මගේ ප්‍රණාමය.(නදී)