නවගත්තේගම පාසල් ගුරුවරිය දනගැස්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මුලින් කළ පැමිණිල්ල ඉල්ලා අස් කර ගත්තේ තමාට එල්ල වූ මරණ තර්ජනය නිසා යැයි නවගත්තේගම නවෝද්‍යා පාසලේ නියෝජ්‍ය විදුහල්පති එච් ඒ නිමල් දයාරත්න මහතා අද (15) ආනමඩුව සංචාරක මහේස්ත්‍රාත් උසාවියේදී පැවසීය.
එම සිද්ධිය සම්බන්ධයෙන් ඇප පිට සිටි වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාරගේ ඇප අවලංගු කළ පුත්තලම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ලබන අට වැනිදා වන තෙක් ඔහු රිමාන්ඩ් කළේය.
බ්‍රහස්පතින්දා (25) දහවල් 1ට පමණ නඩුව විභාගයට ගත් අතර නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පති එච් ඒ නිමල් ජයරත්න මහත මහතා නීතීඥවරයකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් විය. අධිකරණයේ පෙනී සිටින ලෙස මීට පෙර ඔහුට නියෝග කර තිබිණි.
මහේස්ත්‍රාත් - ඔබ කලින් කළ ප්‍රකාශය දිවුරුම් පෙත්සමක් මගින් ඉවත් කරගත්තේ ඇයි?
දයාරත්න මහතා - නිහඩව සිටී.
මහේස්ත්‍රාත් - බලපෑමක් තිබුණාද?
දයාරත්න - ඔව්. ගෙදරට ඇවිත් ගල් ගැසුවා. දරුවන් හා භාර්යාව මරා දමන බව කිව්වා. ආවේ කවුදැයි හදුනන්නේ නැහැ. ඒ නිසා කලින් කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තා.
මහේස්ත්‍රාත් - දැන් පිළිගන්නේ මොන ප්‍රකාශය ද? කලින් කළ ප්‍රකාශය ද? දිවුරුම් පෙත්සමෙන් කළ ප්‍රකාශය ද?
දයාරත්න - කලින් කළ ප්‍රකාශය (කළින් කළ ප්‍රකාශයේ සඳහන් වනුයේ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර එම ගුරුවරිය දනගැස්වූ බවට පොලිසියට කළ පැමිණිල්ලයි)
අගතියට පත් වාර්ශ්වය වෙනුවෙන් නීතීඥ ප්‍රියන්ත ගමගේ මහතා ඇතුළු නීතීඥවරුන් පස් දෙනකු පෙනී සිටි අතර ඔවුන් පැවසුවේ සැකකාර හිටපු මන්ත්‍රීවරයා ඇප කොන්දේසි කඩ කර ඇති බවයි.
සැකකාර මන්ත්‍රීවරයා පැමිණිලි පාර්ශ්වයට බලපෑම් වන අයුරින් හැසිරී ඇතැයි මාධ්‍ය වාර්තා කිහිපයක් ද ඉදිරිපත් කරමින් එම නීතීඥවරු පැවසූහ.
සැකකාර ආනන්ද සරත් කුමාර වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නද්මි නවාමි මහතා කරුණු දක්වමින් පැවසුවේ සැකකරු ඇප කොන්දේසි කඩ කර නැති බවයි.
ඔහු ඒ වෙනුවෙන් පැරණි නඩුවක් ද ගෙනහැර පෑවේය.
තම සේවාදායකයා දේශපාලනඥයකු බවත්, එළඹෙන මැතිවරණයට ද ඉදිරිපත් වීමට නියමිත බවත්, මෙය සැකකරුට එරෙහිව ක්‍රියාත්මක වන දේශපාලන කුමන්ත්‍රණයක් බව ද නීතීඥවරයා පැවසීය.
පැය එක හමාරක් පමණ දෙපාර්ශ්වයෙන්ම කරුණු ගෙනහැර දැක්වීය.
මහේස්ත්‍රාත්වරයා පැවසුවේ අධිකරණයේදී ආනන්ද සරත් කුමාර අධිකරණයේදී තමාට සැකකරුවකු පමණක් බවයි.
නඩු දිගින් දිගට ඇදී යාමෙන් පැමිණිල්ලට හා විත්තියට අවැඩක් වන පැවසූ මහේස්ත්‍රාත්වරයා මේ නඩුව ඉක්මනින් අවසන් කිරීම සඳහා හැකි ඉක්මණින් විමර්ශන කර වාර්තා ලබා දෙන ලෙස ආනමඩුව සහකාර පොලිස් අධිකාරීවරයාටත් නවගත්තේගම පොලිස් ස්ථානාධිපතිවරයාටත් නියෝග කළේය.
නියෝජ්‍ය විදුහල්පති ඇතුළු සියලු සාක්කිකරුවනට ආරක්ෂාව සලසන ලෙස මහේස්ත්‍රාත් පොලිසියට නියම කළේය.
සහකාර පොලිස් අධිකාරී ඩී ජී පී ඒ ගම්ලත් මහතා පැවසූයේ දැනටම මුර සංචාර මගින් හා වෙනත් ක්‍රම මගින් ආරක්ෂාව සළසා ඇති බවයි.
ගුරුවරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කියා සිටියේ එම ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවයි. එසේ තිබියදී තර්ජන කර ඇති බවයි.
සාක්කිකරුවනට නිසි ආරක්ෂාව සලසන ලෙස මහේස්ත්‍රාත් සහකාර පොලිස් අධිකාරීට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සැරේ පොලීසියේ ලොක්කා දැන් මේ ගමෙන් වෙන පළාතකට මාරු වෙවී.(නදී)
හොඳ වැඩේ. (ස)
නිතිය සහ බලය අතට ගත්ත මේ වගේ අයට ඇප නොදී ඉන්න තිබුනේ. රට වෙනුවෙන් හොද තීරණයක් ප්‍රමාදවෙලා හෝ ගැනීම ගැන සතුටුයි. දඩුවම් ලැබිය යුතුයි මේ වගේ දේවල් මින් ඉදිරියටත් නොකරන්න.(නදී)
එකක් කඩතොළු මකා ගන්නට ගොසින් මට උන කාරියා දෙකක් කඩතොළු සදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා.(නදී)
මාත් අධිකරණයට ගෞරව ව කරලා අදහසක් ලිව්වා තමයි. හැබැයි මහත්වරුනි, පිටිගල හරිම දේ කියල තියෙනවා. බලන්න, මෙයා වැඩිම මනාප අරන් දිනනවා නාම යෝජනා ලැබුනොත්. ඡන්ද රැස්වීම් 100 කින් ලබන්න බැරි ප්‍රසිද්ධියක් දැන් ලැබුනා. අපේ මිනිස්සු ඡන්දෙ දෙන්න ගියාම අඳුනන අයගේ නම් බලනවා. හොඳින් හෝ නරකින් සිතේ සටහන්වෙලා ඉන්න පුද්ගලයා "අඳුනන" කෙනෙක් බවට පත්වෙනවා. ඒකයි මනුෂ්‍ය ස්වභාවය. මතකද ගාල්ල පැත්තේ උදාහරණය?(නදී)
අධිකරණය අද තරා තිරමක් නොබලා ඔය වගේ ක්ෂණික තීරණ ගත යුතුයි. අධිකරණයට අපේ ස්තුතිය.(නදී)
මේ තරම් සුබ ආරංචියක් අහන්න මම ඊයේ රාත්‍රියේ දුටු හීනය මොකක්ද කියල කල්පනා කරන්නේ.(නදී)
මෙයාට හොද වැඩේ. ජනාධිපති තුමාගේ නම කනවා. ඕවට වග කියන්න වෙන්නේ මෙයාට නාම යෝජනා දුන් කෙනා. මෙයා දැක්කම කියන්න පුලුවන් කපටියෙක්, මැරයෙක් කියලා. මෙයාට නැවතත් ඡන්දෙ ඉල්ලන්න ඉඩ දෙනවද මොලේ තියෙන මිනිහෙක්. රටේ ඡන්දෙ ඉල්ලන්න මිනිස්සු නැතුවටද? මෙයාට මීට පෙරත් නඩුවක් තියෙනවලු නේද? මොනවද මේ රජය කරන්නේ? ගුරුතුමියට දෙවි පිහිටයි. (නදී)
ඇත්තටම රංග දිසානායක කියන්නේ මෑත කාලයේ පහලවුන හොද විනිශ්‍යකරවරයෙක්. මෑත කාලයේ එතුමා විසින් ගොඩක් හොද තීරණ ලබාදුන්නා, ඔහුට අපගේ ගෞරවය හිමිවිය යුතුය.(නදී)
මෙයාගේ මුණ කළු වෙලා ඇයි ඒ? (නදී)
මෙයාට නාම යෝජනා දුන්න ඇමති තුමා වේදිකාවේදි කියන්නේ එකක් කරන්නේ තව එකක් වගේ. ඇයි ඒ? අපේ ජනාධිපති තුමාගේ නම කනවා මේ වගේ ඉහල පෙලේ සහ පහල පෙලේ අය. අපේ රත්තරන් ජනාධිපති තුමාට, බුදුසරනයි.(නදී)
තිරිසන් සතුන්ටත් වඩා අමනුෂ්‍ය ගති ඇති අය දේශපාලනයෙන් බලයට පත් වීමෙන් වන විපාක මේවා . මෙවැනි අය නඩුව සම්පුර්ණයෙන් ඉවර වන තුරු රිමාන්ඩ් කර තැබිය යුතුය.(නදී)
පුත්තලමේ මිනිස්සුන්ගේ මොළය පරික්ෂා කිරීමේ පරීක්ෂණය... (නි)
මේ හැම දෙයක්‌ම වේන්නේ කාගේ වරද නිසාද?(නදී)
මේ තීරණය කලින්ම ගත්තා නම් කොච්චර හොදද? (නි)
රංජිත්, මේ යන ක්‍රමයට ඉක්මනින්ම අරාබි වසන්තයක් එනවා. (නි)
මෙයා වැරද්දක් කරලා ඇතිනම්, මීලග ඡන්දෙදි එයට පිළිතුරු මහජනයා විසින් දෙයි.මෙයා දින්නොත්, එම ප්‍රතිපල අපි අනුමත කලයුතුයි. ඒකට තමයි "ප්‍රජාතන්ත්‍රවාදය" කියන්නේ. මෙහි නියම ඇත්ත, නැත්ත දන්නේ ගමේ මිනිසුන්ය.(නදී)
දැම්ම ඉක්මන් වෙන්න එපා රංග. ඉදිරියට මොනවා වෙයිද කියලා කව්ද දන්නේ. (නි)
වැරදි කරන එක මනුෂ්‍ය ගතියක්. සමාව දෙන එක දේව ගතියක්. අපි හැමෝම අතින් වැරදි වෙනවා. ඔය අය වැරදි කරලම නැද්ද. ගුරුතුමියනි, ඔබ ඒ දරුවාගේ මානසිකත්වය ගැන බලා සමාව දෙන්න. දැන් ඒ දුවට පාසල් ගමනත් නැවතිලා ඇති. ආනන්ද මහතාණනි, ඔබ ගුරුතුමියගෙන් වැද සමාව ගෙන ඔය නඩුව සමාදාන වන්න.(නදී)
කොන්ද පන ඇති මෙවන් මහේස්ත්‍රාත්වරුන්ට අපේ ආචාරය! (නි)
අර දුඹුරු පාට ඔසරියක් ඇදගෙන ඉන්න කෙනාද ගුරුතුමී? (නදී)
ගුරුවරියට කල අපහාසයට මිලියන 100 ක වන්දියක් ඉල්ලුව නම් හරි. (නදී)
නදී, ඔයා සරත්ගේ නංගිද. එහෙම නැත්නම් දුවද?(නදී)
මේක පුදුම රටක් (නි)
ගුරුතුමියට නාම යෝජනා දිලා මැතිවරනයට ඉදිරිපත් වුනා නම් උඩින්ම දිනයි. (නි)
මහේස්ත්‍රාත්තුමාට අපගේ ප්‍රණාමය.මෙවැනි නරුමයන් නැවත දේශපාලනයට ගෙන ඒමට කතිරය ගසන්නන්ට ශාප වේවා! (නි)
වයඹ මිනිසුනේ, පරිස්සමින් මොළය පාවිච්චි කරන්න (නි)
ඡන්දයෙන් පරාජය කර දැඩි දඩුවම් දිය යුතුයි (නි)
මහා ඇමති කෙනෙක් කරන්න වටිනවා මෙයාව (නි)
තීරණය නිවැරදියි (නි)
නියමයි. තීරණය නිවැරදියි (නි)
මුණ දැක්කම පේනවා අහිංසකකම.අපි දැන්වත් මෙයාට රිදෙන්න අරිමු මේ ඡන්දයෙන්වත්. (නි)
ඒ වුනාට තව දවස් තුනක් යන්න කලින් පලා බබා එළියේ, ගුරුවරු ඇතුලේ වෙයිද දන්නෙත් නැහැ.මේක ලංකාවනේ! (නි)
මේවා නම් පුදුමයි (නි)
ඔබතුමා ස්වාධීන කණ්ඩායමකින් හෝ ඡන්දේ ඉල්ලා දිනලා පෙන්නන්න. (නි)
ආනන්ද සරත් මහත්තයෝ, ඔහොම නම් කැත්තට පොල්ල වගේ ඉදලා බැහැ.වරෙද්දක් වුනා.ඔය නියම දේශපාලකයෙක් නම් ගහන්න ඕනෑ තැන ගහන්න වගේම වදින්න ඕනෑ තැන වදින්න ඕනෑ.ඒක ලජ්ජා වෙන්න දෙයක් නෙමෙයි.මේ ගුරුතුමීගෙන් වැදලා සමාව ගන්න ප්‍රසිද්ධියේ.ගුරුතුමිත් එක්ක කතාකරලා නඩුව සමතයකට පත්කර ගන්න උත්සහ ගන්න, ඔබතුමා හීනෙකින්වත් නොහිතපු ප්‍රතිපලයක් ඔබ තුමාට ලැබෙයි ස්තිරවම.පුලුවන්නම් කරලා බලන්න. අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.. (නි)
මහේස්ත්‍රාත්වරයා පැවසුවේ අධිකරණයේදී ආනන්ද සරත් කුමාර අධිකරණයේදී තමාට සැකකරුවකු පමණක් බවයි. (නි)
හරිම කණගාටුයි රටේ තත්ත්වය ගැන (නි)
මෙහෙමත් මිනිස්සු! (නි)
අදිකරණය උත්තරිතරයි කියලා මම විශ්වාස කරනවා මේ මන්ත්‍රීට දඩුවම් දීපු දවසට (නි)
මුහුනෙන්ම කියන්න පුළුවන් ගොඩක් දේවල් (නි)
ගුරුවරිය චන්දයට ඉදිරිපත් කරන්න, ජය නියතයි (නි)
හිතේ වේගෙට මොනවා කිව්වත් මේක පොඩ්ඩක් අහන්න. මෙයා ඡන්දෙ ඉල්ලුවොත් ඉහලම මනාප ගානකින් දිනනවා. මිනිස්සු මෙයාට මනාප දෙනවා.ඔය මිනීමරුවෝ, ස්ත්‍රී දූෂකයෝ, හොරු, මංකොල්ලකාරයෝ දිනුවේ ඇයි? ප්‍රදේශයේ මිනිස්සු චන්දෙ දීපු නිසානේ. බලන්නකෝ එයා වටේ ඉන්න සෙනග. මම දන්නා විදිහට හාමුදුරුවරුත් ඉන්නවා. (නි)
මේ ටීචර්ව දැක්කම ඇත්තටම පව් කියලා හිතෙනවා. මහේස්ත්‍රාත්තුමාට අපගේ ආචාරය. එලියට එවන්න නම් එපා මෙයාව. ටික දවසක් ඇතුලේ හිටියමවත් මෙයාගේ සැර බහිද දන්නේ නැහැ. ස්තුතියි. (නි)
මේ සිද්ධිය තාම ඉවර වුනේ නැද්ද ? (නි)
මෙයා වගේ අය පුද්ගලික වාහනයෙන් තනියෙන් රාත්‍රී කාලයේ ගමන් යනවිට බලාගෙන හොදේ (නි)
අදිකරණයට අපේ ගෞරවාන්විත ආචාරය.(නදී)
මීහරක් වගේ දේශපාලකයින් ඉන්න රටක සාමාන්‍ය ජනතාවටත් අවි අතට ගන්න වෙන දවස වැඩි ඈතක නැහැ (සාමාන්‍ය ජනයා නීතිය අතට ගන්න පෙර ප්‍රතිකර්ම යෙදීම හොදයි, මොකද දණගැස්සූ තුමාව දණගස්සන්න ජගතෙක් නැහැ වාගේ පෙනෙන්නේ)(නි)
අර සංජීව බණ්ඩාරට වගේ මෙයාටත් නිසියාකාරව නීතිය ක්‍රියාත්මක කලාට මහේස්ත්‍රාත් තුමාට මගේ ප්‍රණාමය. දැන් ආයේ නාමයෝජනා ලැබේවිද දන්නේ නැහැ?(නදී)
අන්න හොද වැඩක් (නි)
ආනන්ද වෙනුවට දයාසිරි.(නදී)
නීතිය සක්‍රිය වෙන්නේ නීතිය ක්‍රියාත්මක වන තරමටයි කියනවනේ. ඔන්න අපට සතුටුයි එහෙම අවස්තාවක් අහන්න ලැබීම ගැන. (නදී)
කාටවත් තෙරෙන්නේ නැද්ද වෙලා තියන එක. මේ මන්ත්‍රීට නාම යෝජනා නොදෙන්න හේතුවක් තමයි මේක.(නදී)
මහා ඇමති කරමු (දී)
වයඹ ජනතාවනි.. මෙවැනි පුද්ගලයන් දන ගැස්වීමට ඔබට අවස්ථාව උදාවී ඇත, මෙවර පළාත් සභා ජන්දයේදී මෙවැනි මැර දේශපාලුවන් හට ඔබගේ මනාපය ලබා නොදී නිහතමානී.. ප්‍රදේශයට වැඩ දායක පුද්ගලයන් තෝරා ගැනීම ඔබගේ යුතුකමයි... (දී)
මුහුනෙන්ම කියන්න පුළුවන් මෙයා ඡන්දෙ ඉල්ලුවොත් දිනනවාමයි (අ)
ගෞරවනීය තීරණයක් (දී)
අපේ ප්‍රණාමය අදිකරනයට සහ රජයට. ප්‍රජාතන්ත්‍රවාදයට නෑ කියන අයට මෙන්න පිළිතුරු.(ස)
ගරු මහේස්ත්‍රාත්තුමනි, ඔබතුමාටත් අධිකරණයටත් අපි ගෞරවාචාර කරමු !(ස)
පුංචි ටිකිරි බලාගෙන ඉන්නේ අරාබි වසන්තයක් එනකම්...ලග පතක හිටියනම් වසන්තේ පෙන්නනවා ..මේ වගේ හිතන මිනිස්සු සිංහලයෝ අතර ඉන්නවා කියන එකත් පුදුමයි .චන්දෙන් පෙරලන්න බැරිනම් වසන්තයක් හරි ගෙනත් පෙරලන්න හීන දකින්නේ..මේක අරාබිය නෙමෙයි මහත්තයෝ..ජනාධිපතිතුමා වෙනුවෙන් ජීවිතේ දෙන්න සුදානම් ලක්ෂ ගානක් මේ රටේ ඉන්නවා කල ගුණ දත්.. (දී)
අධිකරණය උත්තරිතර බව ජනතාවට නැවත මතක් කිරීමක්...(ස)
ඕනනම් එලියට දාන්නත් එපානම් ඇතුලට දාන්නත් පුලුවන්.(නදී)
අමල් හරි. (ස)
මේක ඇවිල්ලා, ඡන්ද ගුන්ඩුවක්. (ස)
රිමාන්ඩ් කරල මදි. හොද දඩුවමක් දෙන්න ඕන. එතකොට අනිත් අයත් මෙල්ලවෙනවා. අනිවාර්යෙන්ම. (ස)
ගුරුතුමිය පවු (නි)
මේ වගේ අය පක්ෂයෙන් නෙරපා හැරිය යුතුයි. (නි)
මේ ගුරුතුමිය විපක්ෂයෙන් වත් ඡන්දෙ ඉල්ලන හදනවද?(නදී)
ආනන්ද සරත් කුමාර දිනවමු.(නදී)
හොඳ වැඩේ. (ස)
මේක ඡන්දෙ ගන්න මිනිස්සුන්ට පොඩි ඇමක්. බය නැතුව ඉන්න සරත් ඡන්දෙ ඉවර වෙන කම් ලොකු පුටුව දෙන්නම්. හැබැයි ඔයා දැන් ඇතුලට වෙලා හොද ළමයා වගේ ඉන්න ඕන හරිද අනේ.(නදී)
ඔය බබාට ඇප දීල වරක්දක් කලා අපිනම් එදාම දැනගත්තා. කෝ අනේ අර රෙද්දක් ඇදන් රැස්වීමකට යන්න බෑ කිව්ව මහලේකම් ගේ දැඩි ක්‍රියා මාර්ගේ? කට නැත්නම් මේ වෙනකොට නරි ඇදන් ගිහින්. සද්දේ විතරයි. .යුද්දේ නැහැ.(නදී)
දණ ගස්වපු සිද්දිය වෙලා සෑහෙන කාලයක් ගිහිල්ලත් තාම මේ ක්‍රියාවලිය ඇදී ඇදී තියෙන නිසා තමා මෙවැනි දේවල් සිද්ද වෙන්නේ.(නදී)
වයඹ ජනතාව මොහු ඡන්දයෙන් පරාජය කල යුතුයි. පක්ෂයෙන් දඩුවමක් නැති නිසා නීතියෙන්වත් නිසි දඬුවම් ලැබෙයි කියල රටම බලන් ඉන්නේ. (දී)
ඡන්ද ගන්න කරපු වැඩක්ද ? (ස)
ජනාධිපතිතුමා වෙනුවෙන් ජීවිතේ දෙන්න සුදානම් ලක්ෂ ගානක් මේ රටේ ඉන්නවා කල ගුණ දත්.. ඒ තරම මූඩයෝ දැන් ඉන්නාව කියලනම් හිතන්න අමාරුයි (අ)
බන්දුල පෙරේරා.පුංචි ටිකිරි බලාගෙන ඉන්නේ අරාබි වසන්තයක් එනකම්.මෙයත් හොද මැරයෙක් වගේ පීන්නේ.(අ)
කමල්.ඔය බන්දුල පෙරේරාටත් කියල දෙන්නකෝ. (දී)
තවත් නාම යෝජනා දුන්නේ ඇයි? (නදී)
දයා ශ්‍රි ගේ ඡන්ද ගුන්ඩුවක්ද? (නදී)
ඇයි එහෙනම් තවත් නාම යෝජනා දුන්නේ?(නදී)
වසන්තේ අරන් එන්නකෝ..එතකොට බලාගන්න පුළුවන්..ගුණමකු පහරයෝද වැඩි කලගුනදත් මිනුස්සුද කියල..අර ඔබ තුමාගේ අසහාය නායකයා වයඹට පක්ෂයක් හදන් එනවලු නේද..අපි බලමුකෝ තනියෙම හමුදාවල් හදාගෙන, අයුද මිලට අරගෙන, සෙබළු බදවාගෙන, ජාත්‍යන්තරේ කළමනාකරණය කර ගෙන අනෙත් හමුදාවල උදව් නැතිව යුද්ද කරපු පොන්සේකා මහත්තයට ජනතාව කාලගුණ දක්වන තරම.(අ)
මේ සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීති වේදියා කියන්නේ මොනවාද?අගතියක් සිදුකර විත්තිකරුවෙකු කර නඩු දමා තිබෙන කෙනෙකුට ආණ්ඩුක්‍රම විව්‍යතාව අනුව විශේෂයෙන් රාජ්‍ය සේවයට සම්බන්ද කර ගන්න පුලුවන්ද? (අ)
නිතිය ක්‍රියාත්මක කරලා රංග මහත්තයට වෙන ප්‍රශ්නයක් ඒවිද ? (ස)
"සිනාහවෙන් හෝ කථාවෙන් බෑ මනින්නට මිනිසා". (ස)
සතුටුදායක පුවතක්. පුවත දැන්වූ එසැන පුවතට ස්තුති. (ස)
මොනවා හරි රජයට දැන් තේරිලා ඇති. ඒකයි දයාසිරල වගේ අරන්, ආනන්දල වගේ අය ඇතුලට දාලා ඡන්ද ටිකක් හදාගන්ඩ හදන්නේ.(නදී)
උසාවියේදී තරාතිරම අවශ්‍ය නැහැ.වැරැද්දට දඩුවම කාහටත් පොදුයි.හොඳම පිළියම ගුරුවරියගෙන් සහ විදුහල්පතිතුමාගෙන් ප්‍රසිද්ධියේ සමාව ගෙන සමතයකට එන එක පමණයි.නැත්නම් මේ ප්‍රශ්නය තව දුරදිග යන එක නොඅනුමානයි (නි)
මිනිසුන්ගේ ඉවසීම අවසන්වෙන දවසක ඔය දේශපාලුවෝ අමු අමුවෙන් පුළුස්ස දාන දවස වෙඩි ඇතෙක නැහැ (අ)
ලබන 8 වෙනිදා වෙනකන් නෙමෙයි මෙයාව මුළු ජිවිත කාලයම හිර ගෙදර තියන්න තියෙන්නේ අනිත් පල බබ්බුන්ටත් පාඩමක් ඉගනගන්න. දැන්මම රැස්වීම් තියන්න පටන් අරන් ඊලග ඡන්දෙට.(නදී)
‘රටේ නීතිය වීදි ගනිකාවගේ විවෘත ගනුදෙනුවක් වගෙයි‘ යනුවෙන් සදහන් කලත් මෙම සිද්දියට එය වලංගු නොවන අතර අනාගතයටද එය වලංගු නොවේවායි පතමි.(නදී)
එයා ආවා මෙයා ගියා තියරිය නෙවෙයි නේද? (නදී)
මේ වගේ අය පක්ෂයෙන් නෙරපා හැරිය යුතුයි. මෙයා නුගත්තෙක් වග එයා කට ඇරියාම ජනතාවට තේරුම් යනවා. ජනාදිපති තුමනි මේ වගේ අයගෙන් පරිස්සම් වන්න.(නදී)
බලවතා විසින් දුබලයාට කෙනෙහිලි කම් කරන්නේ රටේ පවතින නීතිය හරි හෙටි ක්‍රියාත්මක නොවන නිසාය.අප එක අතකින් වාසනා වන්තයන් වන්නේ අප ජීවත් වන රටවල සියලු දෙනාම රටේ පොදු කටයුතුවලදී එක හා සමානය කියා නීති ගතකර තිබීමත් සියලුම දෙනා එයට ගරුකිරීමත් නිසාවෙනි.(අ)
ඉරෝකා වගේ අයත් දන ගස්සවන්න ඕන (අ)
මිට පස්සේ ඉස්කෝලයක් ලගින් වත් යන එකක් නැහැ (දී)
අපිත් මේ විකාර වලට අදහස් දක්වමින් කාලය කා දමනවා. රටේ සියලුම දේ මායා බන්ධන විතරයි ප්‍රංශ විප්ලව වගේ දේවල් මෙහෙ ඇතිකරවා ගන්න තමයි සියල්ල පෙළ ගැහෙන්නේ.(නදී)
මෙයාට ඡන්දෙ ඉල්ලන්න දෙන්න එපා ජනපතිතුමනි. මොන තර්ක, දේශපාලන ප්‍රශ්න තිබුනත් ගුරුවරයකු දැනගස්වපු එකටනම් සමාව දෙන්න බැහැ (නි)
හොද වැඩක් (නි)
නාම යෝජනා වලින් සුදුස්සෙක් කලේ ඇයි මෙයාව. පක්ෂයෙන් දඩුවමක් නැති නිසා නීතියෙන්වත් සුදුසු සැළකීම ලැබෙයි කියල රටම බලන් ඉන්නේ. පාරේ යන්න ලැජ්ජයි කිව්ව ලේකම්ලා එව්වා මතක තිය ගන්න එක හොඳයි.(නදී)
ළමයෙකුගේ සිත තේරුම්ගත හැක්කේ ගුරුවරයෙකුට පමණි.රංග මහතානෙනි, ඔබට ස්තූතියි (නි)
බලන්නකෝ හෙට අනින්දා. (ස)
අරාබි වසන්තය වගේ වසංගතයක් නැතුව අපිටත් වසන්තයක් ගේන්න කල් හරි (නි)
"කාටවත් තෙරෙන්නේ නැද්ද වෙලා තියන එක. මේ මන්ත්‍රීට නාම යෝජනා නොදෙන්න හේතුවක් තමයි මේක." තේරුනත් ඇති වැඩය මොකෝ. අපේ උඩින්ද පල්ලෙන්ද? එය යන්නොනේ තැනට ගියා. (නදී)
"ආනන්ද සරත් කුමාර දිනවමු" ඔය ඉන්නේ තව. විහිලුවට වත් ඔයවගේ කතා කියන්න නාකයි .(නදී)
මෙහෙම දෙයක් වෙලත් පක්ෂය ගත් ක්‍රියා මාර්ගය මොකක්ද? (නි)
සදාචාරය ගැන මිනිස් අයිති වාසිකම් ගැන කතා කරන ලොකු ලොක්කන් මේ වගේ අයට නාම යෝජනා දෙන්න සුදානම් වෙනකොට, ඡන්දය දෙන්න දේශපාලන වහලුන් සිටින කොට මේගොල්ල මෙයට වැඩි දේවල් කරාවී. අඩුම වශයෙන් බුද්දිමත් උගත් මිනිස්සු වැඩි හරියක් මේ වගේ අය ඉදිරිපත් කරන හැම පක්ෂයක්ම වර්ජනය කරා නම් නායකයෝ හැදේවි. යහපත් මිනිසුන් ඉදිරිපත් කරාවී.(නදී)
ගරු අධිකරණයට ගරු නොකරන මෙවැනි පාදඩයන්ට ඡන්දය දෙන්න සුදානමින් ඉන්නෙත් මෙවැනි කට්ටිය. යුක්තිය හා සාධාරණය මින් ඉදිරියටත් ගරු අධිකරණයෙන් අපි බලාපොරුත්තු වෙමු.(නදී)
බල්ලන්ට මස්කටු, බූරුවන්ට පිදුරු, හරකුන්ට පුන්නක්කු, මහජනයාට කැරට්.(නදී)
රංග , මේ ටික හරි වෙන්නේ මිනිස්සු මේකට කෑගහපු නිසයි (නි)
මෙයා හෙට අනිද්දම එලියට එයි කොහොමහරි (නි)
මේ වෙලාවට තමයි කැලේ නීතිය අවශ්‍යයි කියලා හිතෙන්නේ. හතරමං හන්දියක දනගස්සලා අර ගුරුතුමියගේ පින්තුරේට වැදෙගන ඉන්න කියන්න පුළුවන් නම්... (නි)