ඉදිරයේදී ගුරුවරුන් බඳවා ගන්නේ පාසල් පාදක කරගනිමින් යැයි අධ්‍යාපන ඇමැති අඛිල විරාජ් කාරියවසම් මහතා අද (4) අරලියගහ මන්දිරයේ පැවැති ජාතික විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 3225කට පත්වීම් ලිපි ලබාදීමේ උත්සවයට එක්වෙමින් කීවේය.
‘ගුරුවරුන් බඳවා ගන්නේ පාසලේ පවතින පුරප්පාඩු මත. මේකෙන් පාසලට පැමිණෙන ගුරුවරයා හිත හදාගෙන එන්න ඕනෑ පාසලේ සේවය කරන්න. ඒ වගේම ගුරු තුලනයක් ඇති කිරීමට හා ගුරු විද්‍යා පීඨයක් සඳහා අද අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා‘ යැයි ද ඔහු පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්නන්ගර, ලයනල් ජයතිලක සහ ලලිත් ඇතුලත්මුදලිගෙන් පසු නිරවුල් දුරදර්ශි දැක්මක් ඇති ඍජු ගුණයෙන් යුතු අද්යාපන ඇමති කෙනෙකු පත්වීම මෙරටේ අනාගත පරපුර ලැබූ ජයකි. (ර)
ඔබ ඉතා සාදනීය පියවර ගන්න බව පේනවා. කව්රු මොනවා කීවත් මේ අද්යාපන ගොහොරුව ගොඩ දාන දැක්ම තියෙන්නේ රනිල් මැතිතුමාට. ඔබට පුළුවන් ඔහුගේ දැක්ම ඉදිරියට ගෙනියන්න. සුබ පැතුම්(රේ)
මට මතකයි මගේ ගුරුපත්වීම තැපෑලෙන් ගෙදරට ආවා. පත්වීම් දෙනකොට මේ වගේ රැස්වීම් තියලා දේශපාලකයින්ගේ වේදිකා හදාගත්තේ නැහැ ඒ කාලේ. අපිත් අපේ යුතුකම හරිහැටි ඉටුකරලා විශ්‍රාම ගියා. (නි)
මේකනං හොඳ කටයුත්තක්. බන්දුල වගේ නොවේවා. මොකද්ද මෙතනදී ඔබතුමාගේ ආසනයේ කුලියාපිටිය දරුවාව පාසලට ඇතුලත් කරද්දී සහ පාලිත නියෝජ්‍ය අැමැතිතුමත්තෙක්කත් අනාගත්තා. දුරදිග යන්නේ නැතුව ප්‍රශන විසඳියයුතුයි. (බ)
විදුහල්පතිවරුත් පාසල් පාදක කර පත් කරන්න. එයින් විදුහල්පත්වරුන්ට දීර්ග කාලීනව වගකීම පැවරෙන නිසා විදුහල් දියුණු වෙනවා. සියලු ජාතික පාසල් වලින් 5 ශ්‍රේණිය දක්වා පන්ති ඉවත් කරන්න. අධ්‍යාපන කොට්ඨසයකට ගැහැණු පිරිමි පාසල් දෙක බැගින් ජාතික පාසල් දෙකක් නම් කර එම අධ්‍යාපන කොට්ඨසයේ ශිෂත්වය සමත් සියලු දරුවන් එයට ඇතුලත් කරන්න. ඉස්කෝලේ ප්‍රශ්නේ හුගාක් දුරට විසදෙනවා. (ර)
සියලුම ගුරු වරුන් අවුරුදු 5කත වරක් වෙනත් පාසලකට මාරු කලයුතුයි. විශේෂයෙන් අගනුවර ලොකු පාසල් ගුරුවරුන් පවා. සියුලුම ගුරුවරුන්ට ස්ථාන මරු වීම වලදී ඔවුන්ගේ වැටුප් සහ අදාල මාරුවීම් ඒ හා සමගම අදාල කාර්යාල වලට යැවීමද විශේෂිත කාරයක් බව සලකන්න. මෙමෙ හේතුව නිසා ගුරුවරුන් බොහෝ රස්තියාදු වන බව මම බොහෝ විට දකිමි. (ර)