යටගල කණිෂ්ඨ විද්‍යාලයට ගුරුවරුන්ගේ හිඟයක් පවතින බව කියමින් අලුත්ගම ඇල්පිටිය පාර හරස් කරමින් එම විද්‍යාලයේ සිසුහු හා දෙමාපියෝ අද (6) උද්ඝෝෂණයක නිරත වූහ.
මේ අතර සමස්ත ලංකා ගුරු සේවා සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්විණි. තම දරුවන් තමන් සේවය කරන පාසල්වලට බඳවා ගන්නැයි බල කරමින් ගුරුවරු එම උද්ඝෝෂණය කළහ.
ඡායාරූප - ලහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළ යුත්තේ පාර හරස්කර මහ ජනතාව පීඩාවට පත්කිරීම නොවේ. අදාළ බලධාරින් වටකර අපහසුවට ලක් කිරීමය. එක කරන්නේ නැත්තේ ආරක්ෂකයන්ට අැති බය නිසා නේද. (බ)
තමන්ගේ දරුවන්ව තමන් සේවය කරන පාසලටම ගතයුතුයි කියලා කියන එක ගැන මම කතාවක් කියන්නම්. මතුගම පැත්තේ ටියුෂන් කඩකාර ගුරුවරයෙක් කොළඹ ලොකු පාසලකට මාරු වුණා. ඊටපස්සේ ළමයවත් තමන් සේවයට ගිය කොළඹ විදුහලට දාගත්තා. ටික කලකට පස්සේ මිනිහා අායෙත් මතුගමට මාරුවුණා! ටියුෂන් මුදලාලිකමත් රැකගෙන, ළමයාට කොළඹ විදුහලක් ලබාදුන්නෙත් එහෙමයි! (නි)