වයඹ ගුරුවරුන් දෙසිය හතලිස් දෙනකු රාජකාරී නිවාඩු ලබා ඉතාලියෙත් මැද පෙරදිගත් රැකියාවලට ගොස් ඇතැයි ද පන්ලක්ෂයක් පමණ වන සිසුන්ට එය බලවත් පාඩුවක් යැයි ද වයඹ මහා ඇමැති දයාසිරි ජයසේකර මහතා කුලියාපිටිය විශාඛා විද්‍යාලයේදී ප්‍රකාශ කළේය. ‘‘මේ ගුරුවන් අවුරුදු තුන හතරකට පසුව යළි අවුත් උගන්වන්නේ කොහොමද? උගන්වන්නේ මොනවාද? මේ ක්‍රමය නතර කිරීමට තීරණය කර තිබෙනවා. මින් පසු ගුරුවරුන්ට රාජකාරී නිවාඩු පිට රැකියාවලට යන්න දෙන්නේ නෑහැ.“
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සදුනි හරියට හරි.ඇයි ගුරුවරු යම් කිසි ලොකු මුදලක් හොයාගෙන ආවහම මොකද? මගේ මාමා අවුරුදු 8 ක් නයිජීරියාවේ ඉගැන්නුවා.ඔහු තමයි ඒ දවස්වල අපේ පවුලට උදව් කළේ.ඉන්පසුව විශ්‍රාම යනතෙක් අම්බලන්ගොඩ පාසලක නැවතත් ඉගැන්වීමේ කටයුතු වල යෙදුනා.මේවාට විරුද්ධ මත දැරීම ආත්මාර්ථකාමී හැඟීමක් බවයි මගේ නම් හැඟීම. (නි)
පිටිගල, දැන් එය කරන්නේ ලංකාවේ නොවන පුද්ගලයෙක්. එයින්ම තේරෙනවා අනුන්ට බැණවදින ඔබේ තරම. (නි)
නිලංග කියන්නේ ඕස්ට්‍රේලියාව ගැන මම හිතන්නේ. එහෙ බෝට්ටු වලින් ආ බොහෝදෙනා රැකියා නොකර ආණ්ඩුවෙන් ලබාදෙන ආධාර මුදල ලබාගෙන ඉන්න එක තමයි කරන්නේ.මම දන්නා ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් ඉන්නවා අවුරුදු 15 තිස්සේ රැකියාවක් කරන්නේ නැහැ.ආණ්ඩුවෙන් දෙන දීමනාව අරගෙන අන්තර්ජාලයේ සුදු සෙල්ලම් කිරීම තමයි එකම රැකියාව. ආණ්ඩුවෙන් හොයලා දෙන රැකියා වලට දවසයි යන්නේ.ඊටපස්සේ බොරු හේතු දක්වලා [වැඩ අමාරුයි,බර උස්සන්න බැහැ,කොන්ද රිදෙනවා යනාදී ] එතනට නොයා ඉන්නවා. (නි)
අපේ රටේ රාජ්‍ය සේවයේ විධිමත්බව සඳහා රාජ්‍ය සේවකයා හැඩ ගැසෙනවා වෙනුවට සේවකයාගේ පුද්ගලික අවශ්‍යතාවය වෙනුවෙන් රාජ්‍ය සේවය හැඩ ගැසී ඇති බව කණගාටුවෙන් වුණත් කියන්න ඕනෑ. එක දවසක් පුද්ගලික අංශයේ වැඩ කළොත් වෙනස තේරේවි. (නි)
ඉතාලියට නීත්‍යානුකුලව සහ ආරක්ෂිතව යන්න පුළුවන්කම තියෙද්දිත් ජීවිත අනතුරේ වැටෙන ක්‍රම වලින් මෙහෙ එන්න සමහර අය උත්සාහ කරනවා. (නි)
මම දන්නා විදියට මේ විදියට පැමිණෙන ගණන දිනෙන් දිනම වැඩිවෙනවා (නි)
මේක තමයි ඇත්ත. මේකට පිළියමක් දෙන්න කාටවත් පුළුවන්කමක් නැහැ (නි)
රට රැකියා දෙන්න කලින් අපේ රටේ පුරප්පාඩු ටික පුරවනවා නම් හොදයි නේද?(හේ)
පිටිගල ඔයා හිතාගෙන ඉන්නේ ඔයා හරි උගතෙක් කියලද? ලියන දේවල් වලින්ම පෙනෙනවා ඔබගේ මොලේ ප්‍රමාණය. (බ)
ලෝකයේ වැඩිම ගෞරවයක් පිළිගැනීමක් තිබෙන රැකියාවක් තමයි ගුරු වෘත්තිය. නමුත් ලංකාවේ ........? හිතා බලන්න. ප්‍රධාන වෙන්නේ ආර්ථිකයයි. ළමයි වුණත් ගුරුවරයා පිළිගන්නේ එහෙමයි. ඒ නිසා යම් සාධාරණයක් වෙන්න ඕනෑ. තහනම් කිරීම අනුමත කරන්න බැහැ. (නි)
මේ වැඩෙන් වෙන්නේ සුදුස්සන් විශාල ගණනකගේ අවස්ථා අහිමිවෙන එක නේද? (නි)
තමන්ගේ ගුරු තනතුරට ලංකාවේ අඩ තියාගෙන පිටරට ගිහින් උගන්වන එකෙන් වෙන්නේ ගුරු පත්වීමක් බලාගෙන ඉන්න ලංකාවේ අනෙකුත් අයට අසාධාරණයක් නේද? ඔන්න අස්වෙලාම ගියා නම් ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ ආදායම ගැන පමණක් හිතන උදවියට ගුරුකම ගැළපෙන්නේ නැහැ. ඒක සේවයක්. උතුම් වෘත්තියක්. (නි)
දැන් මේ නිවාඩු අනුමත කරන්න ඇත්තේ අමාත්‍යාංශයෙන් නේද ? එතකොට මේ තත්වය ගැන හිතලා නැද්ද ? (ර)
මේ ප්‍රශ්නය දැන් කතා කරලා තියෙන්නේ වැඩට ඇවිල්ල ඉන්න ගුරුවරු ඉදිරියේද ? නැති නම් ළමයින් ඉදිරියේද ? ඇත්තටම මේක අමාත්‍යංශ ප්‍රශ්නයක්. තවත් පරක්කු නොකර මේ තීරණය චක්‍ර ලේඛනයක් මගින් දනවන එක තමයි හොඳ. (ර)
මේවා දැන් කියල වැඩක් නැහැ. හිතන්න තිබුනේ මීට ඉස්සර..පව් අපේ දරුවෝ..අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහල වැඩක් නැහැ..(අ)
ගුරුවරුන්ට නිසි වැටුපක් ලබාදීමට කටයුතු කළයුතුයි (නි)
ගුරුවරු බහුතරයක් උපකාරක පන්ති කරලා අමතර ආදායම් ලබාගන්නවා. අනෙකුත් වෘත්තීන් වල උදවියට ඒ අවස්ථාව නැහැ. ලැබෙන දෙයකින් සෑහීමකට පත්වෙන්න වෙලා තියෙන්නේ. (නි)
එහෙම නිවාඩු දුන්නේ නැත්තම් ඒගොල්ලන් ලංකාව අත්හැරලා විදේශ රටවල පදිංචියටම යයි. (නි)
කොයි වෘත්තියක් වුණත් වෙනත් කෙනෙකුට ලැබිය හැකි රැකියා අවස්ථාවකට මඟ අහුරලා පිටරට යන එක හරි නැහැ. මේ රටේ දැන් රැකියාවක් නැතුව කී දෙනෙක් දුක් විඳිනවද? (නි)
අපේ දුවගේ සමාජ අධ්‍යයනය ගුරුතුමී මාස 3ක් පිටරට සවාරියකට ගියා. ඒ කාලයේ ළමයින්ට අදාළ විෂය ඉගැන්වූයේ සෞන්දර්ය විෂය පිළිබඳ ගුරුවරියක්. එක දවසක් ළමයාගේ පොතේ ලංකාව තිබෙන්නේ සමකයට පහළින් කියලා ලියලා. ඇහුවම කිව්වා ගුරුතුමී කියලයි එහෙම ලකුණු කළේ කියලා. දරුවාගේ යාලුවෙකුගේ පොතකින් මම ඇගේ අම්මා සමඟ මම මෙය විපරම් කළා. ඒ දරුවාගේ පොතෙත් එහෙම ලියලා. අපි කාටද මේ අවනඩු කියන්නේ? පිටරට නෙමෙයි ඕනෑ තැනක ගියාට කමක් නැහැ අදාළ විෂය පිළිබඳ ගුරුවරියක් ලැබෙනවා නම්. (නි)
නිලංග, බොරු කියමින් පිනට කකා ඉන්න පුළුවන් ඔබ ඔය කියන රට තියෙන්නේ කොහෙද? එහෙම නැත්නම් වෙන කොහේ හරිද? රාජකාරි නිවාඩු නොගෙනම බෝට්ටුවෙන් හරි කමක් නැහැ අපිටත් එහාට එන්නයි අහන්නේ. (ර)
මමනම් ගුරුවරයෙක් නෙමෙයි..නමුත් මට හිතෙනවා ගුරුවරුන්ටත් අයිතියක් තියෙනබව පිටරටක රැකියාවක් කරලා ලොකු මුදලක් උපයාගෙන එන්න.එය නතර කරනවානම් කලයුත්තේ ගුරුවෘත්තියට බදවා ගැනීමේදී එබදු කොන්දේසියකට යටත් කිරීමයි.(අ)
ගුරුවරුන්ට නම් ඉතාලි එන්න වීසා ගන්න බැහැ. පළාතේ හැටියට ඉතින් බෝට්ටුවේ තමයි එන්න ඇත්තේ. නැත්නම් අනිත් අයගේ මුහුණ සමාන පාස්පෝට් වලිනුත් එනවා.(අ)
අනේ පිටිගල ඔයා මිලානෝ අාවේ කී පාරක් ඩීපොට් වෙලාද කියලා දන්නෝ දනිති. ඇවිල්ලත් කලේ මල්ලිගේ කඩේ කල් ඉකුත් වූ බඩු හොර ලේබල් අලවා විකුනපු එකයි. (අ)
අැයි? වයඹට ආවේ දෑත් ශක්තිමත් කරලා වයඹ තිබුන අට අනූවක් රෝග, නව අනූවක් ව්‍යාධි, දෙසිය තුනක් අතුරු ආන්තරාවල් දුරු කරන්න නේද? ඉතින් අැයි මේ අය යනකල්ම දන්නේ නැද්ද? (අ)
පිටිගල මිලානෝ, මොනාද මේ කියන ගොන් තකතීරු කතා. මෝඩයාගේ දන්නා තරමේ හැටියට ඔහේ දොඩවනවා. පිටිගල ඇත්තටම ඔහේ දන්නේ නැද්ද, ඉතාලියට පැමිණීමට "ස්පොන්සර් විසා" ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා කියල. ඒ විදිහට, ඉතාලියේ කවුරුන් හෝ ස්පොන්සර් කරනවා නම් ගුරුවරයාට විතරක් නෙමේ, ඔහෙලා වගේ බෝට්ටු කාරයින්ටත් ඉතාලි එන්න පුළුවන්. (අ)
ලැබෙන වැටුපෙන් ජිවත් වෙන්න බැරිනම්, පිටරට ගිහින් සල්ලි හොයාගෙන ඇවිත් ගෙයක් හදා ගන්න ඕනනේ. ලංකාවේ ලැබෙන වැටුපෙන් ජිවත් වෙන්නයි ගෙවල් හදන්නයි බැහැනේ. (ර)
ලංකාවේ ගුරුවරුන්ට ගෙවන පඩි මදි කමට වෙන්න ඇති ගුරුවරු රැකියාවටත් තිත තියල පිටරට යන්නේ. (ර)
රටින් පිටවෙලා රැකියාවකට යන්නේ මේ පඩියෙන් ගෙයක් දොරක් හදාගන්න ටිකක් මුදල් වියදම් වෙන වැඩක් කරගන්න බැරි නිසා. ගුරුවරුත් අනිත් අය වගේම තමයි රජයේ මුදලින් ඉගෙනගෙන දොස්තරවරු කීදෙනෙක් රටින් පිටවෙලා ඉන්නවද? (ර)
ගුරුවරුන්ට එතෙර රැකියා වලට යාමට තිබෙන අයිතිය නැතිකරන්න එපා. (නි)
ගුරුවරු පිටරට යන්නේ නැහැ රුපියල් 30000 ක පඩියත්වත් දෙනවා නම්. ලංකාවේ දොස්තරලාට ලක්ෂ ගණන් දෙනවා. නමුත් එයාලා ඔතනට ආවේ ගුරුවරු නිසා. ඒක හැමෝටම අමතක වෙලා. (නි)
පිටිගල මිලානෝ, ඉතාලියේ ඉන්නවා කිව්වාට, ඉතාලිය ගැන කිසිදෙයක් නොදැන, ඔහු ඉතාලියට පැමිණි විලසින් අනෙකුත් සියලු දෙනා ඉතාලියට සංක්‍රමණය වුවා යැයි සිතාගෙන මෝඩ කතා ලියනවා. සමහරවිට මොහු ඉතාලියේ ගෙවන කටුක ජීවිතය තුළ අනෙකුත් ලාංකිකයින් ගැන විශාල ඊර්ෂ්‍යාවකින් හා බද්ධ වෛරයකින් ඉන්න පුද්ගලයෙක් වගෙයි පෙනෙන්නේ. (නි)
ඉතාලි ගිය ගුරුවරු නැවත ලංකාවට ඇවිල්ලා ගුරුකම් කරන එකක් නම් නැහැ. දැනට ඉන්න ගුරුවරුන්ගෙන් වැඩ ගන්නේ කොහොමද කියලා වැඩපිළිවෙලක් හදන්නකෝ. (නි)
ගතයුතු හොඳම පියවර වන්නේ රැකියා පෝළිමේ සිටින උපාධිධාරීන්ගෙන් මෙම පුරප්පාඩු පිරවීමය. (නි)
මම නම් ගුරුවරු මේ කරනදේට සම්පූර්ණයෙන් විරුද්ධයි (නි)
ගුවරුන්ගේ පඩි වැඩිකළා නම් ප්‍රශ්නයක් නැහැනේ (නි)
මෙතන පිටිගල මිලානෝ කියලා අදහස් දමලා තියෙන්නේ අර වගේ ගුරුවරු හිඟ පාසලක ඉගෙනගත් කෙනෙක් වගෙයි. සමහරවිට වයසේ වැරැද්දද මන්දා? මෝඩකම තිබුනාට ඒක ප්‍රදර්ශනය කරන්න එපා (නි)
ඔය ගතුකියන කවුරුවත් සල්ලි දෙනවද අපේ ප්‍රශ්න වලට? ඔය වැටුප අරගෙන ඇද්ද ජීවත්වෙන්න? (නි)
විදේශ විනිමය සෙවීමට හොඳ ක්‍රමයක් (නි)
දයාසිරි , ඒ මිනිසුන්ටත් අයිතියක් තියනවා තමන්ගේ ආර්ථික ප්‍රශ්න විසඳාගන්න අයිතියක්. පුලුවන්නම්, බඩු මිල සහ ජීවන වියදම අඩුකරන්නකෝ. මම ගුරුවරයෙක් නොවුණත්, මමත් එනවා ලංකාවට එහෙම දෙයක් කළොත්. (නි)
මැති ඇමතිලාට වගේ අනිත් සේවකයන්ටත් පඩි ගෙවනවා නම් දාලා යන එකක් නැහැනේ. (නි)
නිරන්ජන්, ඔබ හරි. කවුරුහරි මෙහෙ නීත්‍යානුකුලව ඉන්න කෙනෙක් අනුග්‍රහය දක්වනවා නම් ලංකාවේ අයට ඉතාලියට නීත්‍යානුකූලව ඇවිල්ලා රැකියාවක් කරලා ටික කලකින් ඉතාලි පාස්පෝට් එකත් ගන්න පුළුවන්. (නි)
ඔය මැති අමතිලට වගේ අත දිගහැරලා ගෙව්වා නම් ගුරුවරු පිට රට යනෙකක් නැහැ වැඩකාරකමට. ලක්ෂ දෙකක් පඩි ලැබෙන මන්ත්‍රීලත් කීවේ මේ සොච්චමෙන් ජීවත් වෙන බැහැ කියලා පසු ගිය කාලයක. ඒ වගේ රටේ ජනතාවට තියන මුලික ප්‍රස්නේ දරු පැටවුන් සමග වේලක් හැර වේලක් කාලවත් පවුල රැකගන්න බැරි ජීවන වියදම (නදී)
මේවා දැනගත යුතුයි.රටේ සමහර පිරිස් ශ්‍රමය වැයනොකොට ධනය එකතැනක රඳවා ගනිමින් සැපවිඳින විට, ශ්‍රමය වැයකරන පුද්ගලයට නිසි වේතනයක් නොලැබුනාම නිසි වේතනයක් ලැබෙන රටකට යන එක තමයි එකම විසඳුම (නි)
නුගත් දුෂිතම දේශපාලඥයන්ට බලය දීලා, ළමයින්ගේ අධ්‍යාපනේ විතරක් හොදින් සිද්ධ වෙනකන් ඔබතුමාලා බලාගෙන හිටියට ඒක සිද්ධ වෙන්නේ නැහැ. අවනඩුව කියන්න වගේම අහන්න කෙනෙක් නැති කරගෙන තිබෙන්නේ ඔබ තුමාලා.(හේ)
පිටිගල මිලානෝ බෝට්ටු කාරයෙක් කියල මට හිතෙන්නේ නැත්තේ මම ඉන්න රටට ඇවිත් ඉන්න බහුතරයක් බෝට්ටු උදවිය පරිගණකය තියා පෑන වත් හසුරුවන්න දන්නේ නැති, ලංකාව ගැන බොරු කියමින් නිකන් පිනට කකා , ලංකාවේ නම මෙහෙ කැත කරමින් ජීවත් වෙන කොට්ටාශයක් නිසා. (නදී)
අනේ සුසිර, දන්නෙම නැහැ නේද? මට පෙනෙන්නේ ඔයාලා වගේ අයට හොඳට මේ රට ගැළපෙනවා. (නි)
මම ගුරුවරයෙක්. අපි රට ගියොත් තමයි ඔක්කමලට රිදෙන්නේ. මැති ඇමති වරු ඔලුවේ කැක්කුමටත් බේත් ගන්න රට යනවා දන්නේ නැද්ද? (නදී)
ඉතින් අාපහු රැකියාව දෙන්නේ නැත්නම් , ටියුෂන් ක්ලාස් එකක් දැම්මම ඉවරනේ. අනික 2014 විශ්‍රාම ගිය, අවුරුදු 30 ක සේවයක් ඇති ජේයෂ්ට ගුරුවරයකුගේ විශ්‍රාම පඩිය කීයද, යන්තම් 26,000 යි. අවුරුදු 4 ක් පිටරට වැඩ කරලා, මිලියන් 10 ක් හොයාගෙන පොතේ දාගත්තම (5% පොලියට), මාසෙකට 40,000 පොලිය අරගෙන, ටියුෂන් එකකුත් කරගෙන අාතල් එකේ ඉන්න පුළුවන්නේ. මට තියෙන ප්‍රශ්නේ අවුරුදු 4 ක් පිටරට වැඩ කරපුවම, ටීචර්ලා මැට්ටෝ වෙන්නේ කොහොමද කියලා. මොකෝ ලංකාවේ අලුත් දැනුම එක්ක අයින්ස්ටයින් ල බිහිවෙනවයැ අවුරුදු 4 න් හතරට. (නදී)
පිටිගල මිලානෝ වැනි අයට ගැළපෙන්නේ සෝමාලියාව, සුඩානය වැනි රටවලුයි. (නි)
සමහර ගුරුවරු හතර අතේ ටියුෂන් කර කර පෙන්වන්නේ අතේ සතේ නැහැ කියලා නේද? අපේ නෝනාගේ අක්කායි එයාගේ මහත්තයයි දෙන්නම ටියුෂන් කරලා දැන් ළමයින් දෙන්නාට ගෙවල් දෙකක් හදලා තිබෙනවා. හැබැයි නෑදෑයෝ හිතමිත්‍රයෝ අතරේ කියන්නේ එදා වේල කන්න බැරි තරම් අමාරුයි කියලා. ගුරුවරුන්ගේ පඩි මදි නම් ටියුෂන් තිබුනා නම් ආයෙත් රට යන්න ඕනෑ නැහැ. (නි)
ගුරුවරුන්ට ඉතාලියේ වීසා ගන්න බැරිනම් කොහොමද පිටිගල මිලානෝ කියන අයට ඉතාලි වීසා ලැබුනේ? පිටිගලලාගේ පළාතේ අය ලෝකයේ කොහේ ගියත් ඔහොම තමයි. මුහුණ දකිද්දී කියන්න පුළුවන් ලංකාවේ කොයි පළාතේද කියලා. ඒක හින්ද අපි නම් දැක්කත් නොදැක්කා වගේ මාරුවෙනවා. (නි)
නිරන්ජන්, ඔය පිටිගල වගේ අය නිසා තමයි අද ඉතාලියට ඔහොම වෙලා තියෙන්නේ (නි)
එ්කත් මිලානෝ ප්‍රශ්නයක් කරගෙන මොරදෙනවා. ළමයින්ට මොනවා වුණත් කමක් නැහැ වගේ (නි)