
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොතලාවල විශ්ව විද්‍යාල පනතට විරෝධය පෑමට හා වසර විසි හතරක් තිස්සේ නොවිසිදුනු ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය වහා විසඳුම් ඉල්ලා දිවයිනේ නගර රැසකදී අදත් ගුරු විදුහල්පති විරෝධතා සංවිධානය කර තිබුණි.
මීරිගම ප්‍රදේශයේ ගුරුවරුන් හා විදුහල්පති වරුන් විශාල පිරිසක් මීරිගම බස් නැවතුම්පළ සමීපයේදී උද්ඝෝෂණයක හා පාගමනක නිරත වූහ.
පෙරවරු 10.00 පමණ ආරම්භ වූ උද්ඝෝෂණය විනාඩි 45ක පමණ වේලාවක් පැවතිණි. අනතුරුව උද්ඝෝෂණ කරුවෝ මිහිරිගම නගරය පුරා පෙළපාලියකින් ගමන් කළහ.
නිකවැරටිය අධ්‍යාපන කලාපයේ ගුරු විදුහල්පතිවරුන් පිරිසක් නිකවැරටිය නගරයේ පෙලපාලි යමින් අද පෙරවරුවේ උද්ඝෝෂණයේ නිරත වූහ.
දීපව්‍යාප්ත උද්ඝෝෂණ රැල්ලේ තවත් දිගුවක් ලෙසින් මෙම උද්ඝෝෂණය පවත්වන බවද විරෝධතා කරුවෝ කීහ. වසර 24 ක් පුරාවට පවතින තම වැටුප් විෂමතාවය වහා විසඳීමට පියවර ගන්නා ලෙසත් ,කෙතෙලාවල පනත හකුලා ගන්නා ලෙසත් උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ගුරුවරුන් නැගෙනහිර ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිතර විය.
ත්‍රිකුණාමලය අභයපුර වට රවුමට ආ පිරිසක එතැන් ආණ්ඩුකාර කාර්යාලය දක්වා පා ගමනින් ගොස් උද්ඝෝෂණය කළහ.
මීරිගම නගරයේ පැවැති ගුරු උද්ඝෝෂණය (පුෂ්පකුමාර මල්ලවාරච්චි)


නිකවැරටිය නගරයේ පැවැති ගුරු උද්ඝෝෂණය (නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)



ත්‍රිකුණාමලය නගරයේ පැවැති ගුරු විරෝධතාව (අමදෝරු අමරජීව)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලන්නේම ඩෙල්ටා තමයි.
ජවිපෙට පැවැත්මක් තියෙන්නේ මේ වගේ චූන් එකක් දුන්නොත් තමයි. කාලයක් බස් ගිනි තියලා, විදුලිය තියෙද්දී ලාම්පු පත්තු කරන් ඉන්න කියලා අණ කරලා, හැඳුනුම් පත් එකතු කරලා, ට්‍රාන්ස්ෆෝමර් පුපුරවලා, මහපාරේ මිනිස්සු මරලා කොච්චර නම් සතුටක් ලැබුවද? කොච්චර නම් රටේ ආර්ථිකයට සහයක් දුන්නද? මේ පාර කෝවිඩ් අස්සේ, අහිංසක ගුරුවරු අවුස්සලා තමන්ගේ පැවැත්ම හදාගන්නවා. හැමදාම කලේ මේ වගේ දේවල්..
කොතලාවල පනත ක්‍රියාත්මක කරන්න. ජෙප්පෝ නොවෙයි මේ රට කරන්නේ. 20 සම්මත කර ගත්තේ පොල් ගාන්නද? 20 න් ප්‍රයෝජනය ගන්න...