පැපිලියානේ යකඩ භාණ්ඩ කඩයකින් ග්‍රිල් (විදුම්) යන්ත්‍රයක් සොරකම් කළැයි කියන දෙදෙනකුගෙන් එක් අයකු අත්අඩංගුවට ගෙන පොලිස් රියෙන් ගෙන යද්දී පොලිසියේ දෙදෙනකුට පහර දී ඇතැයි පොලිසිය කියයි.
රිය පදවමින් සිටි සැරයන් ට යකඩයකින් ගසා කොස්තාපල්වරයකුට ද පහර දුන් සැකකරු වාහනයෙන් පැන යද්දී යළි අත්අඩංගුවට ගෙන ඇත.
තිදෙනාම කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරෙක් අල්ලා ගත්තම මාංචු දලා අරගෙන යන්න. (නි)
එම යන්ත්‍රය ග්‍රිල් නොව ඩ්‍රිල් විය යුතුය....මෙච්චරක් දේවල් කරලත් ඔහු තවමත් ජීවතුන් අතරද? හැබයි ආයුධ පෙන්වන්න ගියොත් විතරමයි ආත්මාරක්ෂාව උදෙසා වෙඩි තියන්නේ?(අ)
ගජමෑන් , ඔබගේ කතාවට මෙන්න මල් මිටක් මගෙන්! (නි)
පිටබැද්දර ඔයා දැකපු දෙයක් නම් ඒ ගැන මම වාද කරන්න යන්නේ නැහැ. අපේ කාලේ නම් මම සහ අපි එහෙම මිනිස්සුන්ට පයින් ගහල ජීප් එකට නග්ගල නැහැ කවදාවත්.මිනිස්සුත් එක්ක සහයෝගයෙන් මිනිස්සුන්ට ආරක්ෂාව දෙමින් සාධාරණය ඉටු කිරීමයි අපි කලේ. මිනිහෙක් ජීප් එක ඇතුලට වීසි වෙන්න පයින් ගහන්න තව මිනිහෙකුට පුලුවන්ද කියලා වත් මම දන්නේ නැහැ. මම දැකලාවත් නැහැ. ඇත්ත දැන ගන්න සැක කරුවන්ට පහර දීලා තියෙනවා.වැඩියම අපි හිටියේ පොදු ජනතාවගේ පැත්තේ. දේසපාලන බලපෑම් නොතිබුනා නොවේ. ඒවාට ඉඩ නොදී දරුණු දඬුවම් නොවින්දාමත් නොවේ. බැරිම තැන තමයි රස්සාවට ආයුබෝවන් කියලා එලියට බැස්සේ.අහිංසක මිනිස්සු කවුද කියලා හඳුනා ගන්න හැකියාවක් අත් දැකීමෙන් අපිට තිබුනා.පොලිසි වල අද වගේම ඒ දවස් වලත් වැරදි තිබුනා. ඒත් අද වගේ කනගාටු දායක තත්වයක් තිබුනේ නැහැ. වැරදි කරන අය කොහොමත් පොලිසිය එක්ක තරහයි. ඒක සාමාන්‍ය දෙයක්. අද පොලිසිය අසරණයි. රාජකාරිය කරන්න බැහැ දේසපාලන බලපෑම් නිසා ඒකයි ඇත්ත. පිටබැද්දර ඔබේ අදහස් වලට මම විරුද්ධ නැහැ. ඕන කෙනෙකුට තමන් ගේ අදහස් ස්වාධිනව ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබට ස්තුතියි. (ස)
විරාජ්, ගජමෑන් වයසක තරුණයෙක් වගෙයි. (නි)
අවම බලය යොදා සැකකරු අල්ලා ගත්ත එක නම් හොඳයි. නැත්නම් ඉතින් හුඟාක් වෙලාවට අහන්න වෙන්නේ පැනලා යද්දී අහවල් වැඩේ කොලා කියලනේ, ගජ මෑන්, ඒ කාලේ හරිද වැරදිද ? හොඳද නරකද ? කියල බැලුවේ පස්සෙනේ. ඉස්සෙල්ලම බාගෙට මරපු එකනේ කලේ. අහිංසකයෝ කී දෙනෙක් නම් නිකම් ජීවිත වලින් වන්දි ගෙවුවද නේද ? ඔය කියන කාලේ සැකකාරයව පොලිස් ජීප් එකට නැග්ගුවෙත් අමුතු ක්‍රමේකට පුද්ගලයාව ගෙනත් පිටිපස්සේ දොර ඇරලා බුට්ස් දාපු පයින් ගහනවා මිනිහ කෙලින්ම ජීප් එක ඇතුලේ. මේවා කලේ දෙනෝ දාහක් බලා ඉන්දෙද්දි නේද ? මම නම් කියන්නේ අද පොලීසිය හොඳයි (ස)
පෙත්තා, තමුන්නැහේ හරියටම හරි. තාමත් වැඩකරනවා.මැද පෙරදිග. කිව්වට විශ්වාස කරන එකක් නැහැ. දැන් 63 යි. (නි)
පොලිස් නිලධාරීන් දෙන්නෙකුට ගහලා ජීප් රියෙනුත් පැනල ගියානම් ඒ හොරා පොලිස් නිලධාරියෙකුට වඩා හයි කාරයෙක් නෙව.. කිව්වට තරහ ගන්න එපා ආයිබෝවන් මාත් තරුණ කාලේ පොලිසියේ වැඩ කලා. පුහුණු කාලේදී අපට උගන්නනවා සතුරෙක් මෙල්ල කර ගන්න හැටි. ආයුධ සහිත සතුරන් අත් අඩංගුවට ගන්න කොට තමන් ආරක්ෂා වෙන හැටි එහෙම . අපි ඉලන්දාරි කාලේනම් හොඳ හයිය ඇති දෙතුන් දෙනෙක් එක්ක උනත් හරි අල්ලන්න පුළුවන් කොමක් අපට තිබුන නොව.පොලිස් නිලධාරීන් ගුටි කාපුවා පත්තර වල දකිනකොට තවමත් අපිට රිදෙනවා ආයිබෝවන්. ඒ කාලේ අපේ අතට අහු උනාට පස්සේ නම් ගැලවෙනවා බොරු හස්ති රාජයෙකුටවත්, අනේ අපොයි එහෙවු පොලිසියකට ගිය කලක්. (දිල්)
ගජ මෑන් ට දිර්ගායු වේවා! ලාල් හරි. ඇයි මාංචු නොදා අරන් ගියේ.? දැන් ඉතින් පොලිසිය ඇතුලෙදි පපුවේ අමාරුව හැදෙන්නත් පුළුවන් මෙයාට.(නදී)
ගජ මෑන්ගේ කතාව ගැන ආඩම්බර වෙනවා,(දිල්)