IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ග්‍රේරෝගේ හපන්කම් ඇගයේ

ඉකුත් 19 වැනි දිනට  වයස අවුරුදු  පහක්  සම්පුර්ණ කළ හොරණ පොලිස් නිල සුනඛ “ග්‍රේරෝ” අපරාධ තුන්සියයකට  ආසන්න ප්‍රමාණයක සැකකරුවන්  නිතියේ  රැහනට  හසුකර  දෙමින්  පොලිස්  දෙපාර්තමේන්තුවට  සිය දායකත්වය  උපරිමයෙන්  ලබා දි ඇත.

2010 .09.19 දින නෙදර්ලන්තයේ ඉපදුණ “ග්‍රේරෝ” ඉන් වසරකුත්  මාස දෙකකට  පමණ පසු  පොලිස්  දෙපාර්තමේන්තුවට එක්විය. මහනුවර  පොලිස්  නිල සුනඛ කොට්ඨාසයේ  මාස පහක් පමණ “ග්‍රේරෝ”  පුහුණුව ලැබීය. පොලිස් අධිකාරි  සිසිර විරකොන් හා  කොස්තාපල්  (44839) ඉරෝෂ දුමින්ද “ග්‍රේරෝට” පුහුණුව දුන්හ.

ස්ත්‍රි දුෂණ, මිනි මැරුම්, කොල්ලකෑම් , නිවෙස් බිදුම්  හා ළමා  අපචාර  වලට සම්බන්ධ සැකකරුවන් තුන්සියකට  අධික පිරිසක්  “ග්‍රේරෝගේ”     දක්ෂතාවය මත පසුගිය වසර  තුළ පොලිස් අත්අඩංගුවට  පත්විය.

පානදුර  පොලිස්  කොට්ඨාසයට  පමණක් නොව ඊට  යාබද   වන කළුතර  හා ගල්කිස්ස පොලිස්  කොට්ඨාස වලටද  “ග්‍රේරෝ” සිය සේවය ලබා දුන්නේය.

බස්නාහිර  පළාත භාර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත ජයසුන්දර මහතා “ග්‍රේරෝට”   උපහාර පිදිය.  දක්ෂ පොලිස් නිලධරයකුට නොදෙවෙනි සේවාවක්  “ග්‍රේරෝ” ඉටු කරන බව පොලිසිය කියයි.

webgrero_2015921

 DSC_0104[1] DSC_0120[1]



අදහස් (0)

ග්‍රේරෝගේ හපන්කම් ඇගයේ

කේෂර Monday, 21 September 2015 11:53 AM

පොලිසියේ හිටපු හොඳ බල්ලෙක් (බ)

:       0       0

සුනේතාර මයෝමි Tuesday, 22 September 2015 01:52 AM

අපි ග්‍රේරෝට !! ග්‍රේරෝ අපිට!! මහජනතාවට අවංකව දිවිය පරදුවට තබා සේවය කරපු එකම කෙනා.බැරිද ග්‍රේරෝට ඉල්ලීමක් කරන්න දැන් රටම කම්පාවට පත්කරලා තියෙන අර මිනීමරුවන් හොයලා දෙන්න (නි)

:       0       0

චමල් Monday, 21 September 2015 12:25 PM

පඩියක්වත් නැතුව ජොබ් එක කරන්නේ. සුබ පැතුම් (අ)

:       0       0

මොහොමඩ් Monday, 21 September 2015 12:33 PM

සුනක නිලධාරියට දීර්ඝායුෂ (අ)

:       0       0

සිල්වි Monday, 21 September 2015 12:39 PM

පගාවට , තනතුරු වලට තමන්ගේ රාජකාර්ය පාවල නොදුන් ඔබට සුබ පැතුම් .(අ)

:       0       0

චිත්මි Monday, 21 September 2015 01:40 PM

ග්‍රේරෝට දීර්ඝායුෂ සුබ උපන්දිනයක් ! (බ)

:       0       0

විජයබාහු Monday, 21 September 2015 09:48 AM

ග්‍රේරෝට උණුසුම් සුබපැතුම්. තව තවත් අපරාද කරුවන් අල්ලන්නට ලැබේව.ග්‍රේරෝට දිර්ගයු (අ)

:       0       0

චිත්මි Monday, 21 September 2015 01:47 PM

සුබ උපන්දිනයක් (බ)

:       0       0

ශාන් බැංකොක් Tuesday, 22 September 2015 03:56 AM

ග්‍රේරෝට ඉහළ තනතුරක් දෙමු (බ)

:       0       0

බැසිල් Monday, 21 September 2015 10:04 AM

ග්‍රේරෝ පොලිස් නිලධාරීන්ට වඩා දක්ෂයි වගේ. උසස්වීමකුත් දෙන්න වෙයි (ම)

:       0       0

රූපවතී Monday, 21 September 2015 10:07 AM

ග්‍රේරෝ..ඔබ උතුම් ..! ඒ ඔබේ රැකියාව ඔබ පාවා නොදී අකුරටම ඉෂ්ඨ කළ උතුම් ගති ඇත්තකු හෙයින් ඔබට අපි ශ්‍රීලාංකික හැමගේ හදවතින් භක්තිමය ප්‍රණාමය පුදකරමු..! සුභ පැතුම සමගින් ඔබට දීර්ඝායුවේවා ..! (හේ)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Monday, 21 September 2015 10:13 AM

පොලිස් නිල සුනඛ ග්‍රේරෝගේ නිල නිවස (ක්වාටස්) කොහොමද දන්නේ නැහැ තියෙන්නේ. (ම)

:       0       0

කුමාර් Monday, 21 September 2015 02:42 PM

ග්‍රේරෝ කවමදාකවත් පගා ගන්නේ නෑ අවංකයි (බ)

:       0       0

ෆාරා Monday, 21 September 2015 02:45 PM

පොලිසියට 80%ක් බල්ලෝම ගත්තනම් හොද සේවයක් ලබා ගන්න පුළුවන්, ඇයි හොද ඔත්තුවක් දුන්නම සාක්කි අහනවා, බල්ලන්ට ඔත්තු ඕන නැහැ. (බ)

:       0       0

ඉසුරන්දි Tuesday, 22 September 2015 04:31 AM

උසස් මනසක් තියන මිනිස් සත්වයාගේ අමන වැඩ දිහා බලද්දී මේ තිරිසන් සතාගෙන් ලබන සේවය ඉහ මුදුනින් අගය කළ යුතුය. (බ)

:       0       0

සමුද්‍ර Tuesday, 22 September 2015 04:39 AM

සුබ පැතුම් ග්‍රේරෝ!. ඒ උනාට ග්‍රේරෝ ඔයා හොයල දෙන අපරාධකාරයෝ හිරේ ගිහින් අායෙත් ඇවිත් වැරදි කරනවනේ. ඔයාගේ මහන්සියන් 80% වතුරේ. (බ)

:       0       0

විජයබාහු Monday, 21 September 2015 10:41 AM

නිශාර්ඩ් මොකෝ ගිහින් වැඩක් දෙන්නද අහන්නේ (බ)

:       0       0

සිරි Monday, 21 September 2015 05:08 PM

මොහුට පොලිස් නිල සුනඛ යන්න වෙනුවට නම ගෞරවාන්විත ලෙස වෙනස්කර ගෞරව කිරීම ඇත්තෙන්ම කාලෝචිතය. ග්‍රේරෝට දිගාසිරි පතමි! (නි)

:       0       0

විජේතුංග Monday, 21 September 2015 05:15 PM

ග්‍රේරෝ නියමයි. එයාට හොඳට සළකන්න (නි)

:       0       0

නිරෝෂ් Monday, 21 September 2015 11:02 AM

ග්‍රේරෝට උණුසුම් සුබපැතුම් .....!!! (අ)

:       0       0

නවරත්න Monday, 21 September 2015 05:40 PM

ග්‍රේරෝ ඇත්තෙන්ම අවංකයි (නි)

:       0       0

තිලංක Monday, 21 September 2015 05:49 PM

සුබ පැතුම් ග්‍රේරෝ! (නි)

:       0       0

නිමල් Monday, 21 September 2015 06:33 PM

ග්‍රේරෝ කියන්නේ අද කාලේ වීරයෙක් (නි)

:       0       0

දුමින්ද Monday, 21 September 2015 11:09 AM

සඟවන නොමිනිස් කම් මකන විස්කම් (බ)

:       0       0

ලංකාසිරි Monday, 21 September 2015 07:34 PM

පොලිස් බල්ලෙක් කරන විස්කම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site