ඉකුත් 19 වැනි දිනට වයස අවුරුදු පහක් සම්පුර්ණ කළ හොරණ පොලිස් නිල සුනඛ “ග්‍රේරෝ” අපරාධ තුන්සියයකට ආසන්න ප්‍රමාණයක සැකකරුවන් නිතියේ රැහනට හසුකර දෙමින් පොලිස් දෙපාර්තමේන්තුවට සිය දායකත්වය උපරිමයෙන් ලබා දි ඇත.
2010 .09.19 දින නෙදර්ලන්තයේ ඉපදුණ “ග්‍රේරෝ” ඉන් වසරකුත් මාස දෙකකට පමණ පසු පොලිස් දෙපාර්තමේන්තුවට එක්විය. මහනුවර පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ මාස පහක් පමණ “ග්‍රේරෝ” පුහුණුව ලැබීය. පොලිස් අධිකාරි සිසිර විරකොන් හා කොස්තාපල් (44839) ඉරෝෂ දුමින්ද “ග්‍රේරෝට” පුහුණුව දුන්හ.
ස්ත්‍රි දුෂණ, මිනි මැරුම්, කොල්ලකෑම් , නිවෙස් බිදුම් හා ළමා අපචාර වලට සම්බන්ධ සැකකරුවන් තුන්සියකට අධික පිරිසක් “ග්‍රේරෝගේ” දක්ෂතාවය මත පසුගිය වසර තුළ පොලිස් අත්අඩංගුවට පත්විය.
පානදුර පොලිස් කොට්ඨාසයට පමණක් නොව ඊට යාබද වන කළුතර හා ගල්කිස්ස පොලිස් කොට්ඨාස වලටද “ග්‍රේරෝ” සිය සේවය ලබා දුන්නේය.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත ජයසුන්දර මහතා “ග්‍රේරෝට” උපහාර පිදිය. දක්ෂ පොලිස් නිලධරයකුට නොදෙවෙනි සේවාවක් “ග්‍රේරෝ” ඉටු කරන බව පොලිසිය කියයි.


![DSC_0104[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC_01041.jpg)
![DSC_0120[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC_01201.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ හිටපු හොඳ බල්ලෙක් (බ)
අපි ග්‍රේරෝට !! ග්‍රේරෝ අපිට!! මහජනතාවට අවංකව දිවිය පරදුවට තබා සේවය කරපු එකම කෙනා.බැරිද ග්‍රේරෝට ඉල්ලීමක් කරන්න දැන් රටම කම්පාවට පත්කරලා තියෙන අර මිනීමරුවන් හොයලා දෙන්න (නි)
පඩියක්වත් නැතුව ජොබ් එක කරන්නේ. සුබ පැතුම් (අ)
සුනක නිලධාරියට දීර්ඝායුෂ (අ)
පගාවට , තනතුරු වලට තමන්ගේ රාජකාර්ය පාවල නොදුන් ඔබට සුබ පැතුම් .(අ)
ග්‍රේරෝට දීර්ඝායුෂ සුබ උපන්දිනයක් ! (බ)
ග්‍රේරෝට උණුසුම් සුබපැතුම්. තව තවත් අපරාද කරුවන් අල්ලන්නට ලැබේව.ග්‍රේරෝට දිර්ගයු (අ)
සුබ උපන්දිනයක් (බ)
ග්‍රේරෝට ඉහළ තනතුරක් දෙමු (බ)
ග්‍රේරෝ පොලිස් නිලධාරීන්ට වඩා දක්ෂයි වගේ. උසස්වීමකුත් දෙන්න වෙයි (ම)
ග්‍රේරෝ..ඔබ උතුම් ..! ඒ ඔබේ රැකියාව ඔබ පාවා නොදී අකුරටම ඉෂ්ඨ කළ උතුම් ගති ඇත්තකු හෙයින් ඔබට අපි ශ්‍රීලාංකික හැමගේ හදවතින් භක්තිමය ප්‍රණාමය පුදකරමු..! සුභ පැතුම සමගින් ඔබට දීර්ඝායුවේවා ..! (හේ)
පොලිස් නිල සුනඛ ග්‍රේරෝගේ නිල නිවස (ක්වාටස්) කොහොමද දන්නේ නැහැ තියෙන්නේ. (ම)
ග්‍රේරෝ කවමදාකවත් පගා ගන්නේ නෑ අවංකයි (බ)
පොලිසියට 80%ක් බල්ලෝම ගත්තනම් හොද සේවයක් ලබා ගන්න පුළුවන්, ඇයි හොද ඔත්තුවක් දුන්නම සාක්කි අහනවා, බල්ලන්ට ඔත්තු ඕන නැහැ. (බ)
උසස් මනසක් තියන මිනිස් සත්වයාගේ අමන වැඩ දිහා බලද්දී මේ තිරිසන් සතාගෙන් ලබන සේවය ඉහ මුදුනින් අගය කළ යුතුය. (බ)
සුබ පැතුම් ග්‍රේරෝ!. ඒ උනාට ග්‍රේරෝ ඔයා හොයල දෙන අපරාධකාරයෝ හිරේ ගිහින් අායෙත් ඇවිත් වැරදි කරනවනේ. ඔයාගේ මහන්සියන් 80% වතුරේ. (බ)
නිශාර්ඩ් මොකෝ ගිහින් වැඩක් දෙන්නද අහන්නේ (බ)
මොහුට පොලිස් නිල සුනඛ යන්න වෙනුවට නම ගෞරවාන්විත ලෙස වෙනස්කර ගෞරව කිරීම ඇත්තෙන්ම කාලෝචිතය. ග්‍රේරෝට දිගාසිරි පතමි! (නි)
ග්‍රේරෝ නියමයි. එයාට හොඳට සළකන්න (නි)
ග්‍රේරෝට උණුසුම් සුබපැතුම් .....!!! (අ)
ග්‍රේරෝ ඇත්තෙන්ම අවංකයි (නි)
සුබ පැතුම් ග්‍රේරෝ! (නි)
ග්‍රේරෝ කියන්නේ අද කාලේ වීරයෙක් (නි)
සඟවන නොමිනිස් කම් මකන විස්කම් (බ)
පොලිස් බල්ලෙක් කරන විස්කම්! (නි)