ළඟදී පත්වෙච්ච මහඇමැති කෙනෙකුයි ළඟදි පත්වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුයි සීතල පළාතක නගරෙකදි ආරවුලක පැටලුණා... මේ ගෝරියට හේතුව පළාත් පාලන අංසෙන් හදපු ඉදිකිරීමක් විවෘත කරන්න යාමලු...
මේ ආරවුල දුරදිග ගිහින් දෙන්නම අතපය උස්සගෙන ලොකු ජරමරයක් වුණා කියලයි කාරණා දන්න අය කියන්නෙ.
මහ ඇමැතිගෙයි මන්ත්‍රීගෙයි ආරවුල නිසා ඒ දෙන්නගෙ ආධාරකාරයොත් වලියට ගියා කියලා ආරංචියි... කොහොම හරි පළාත් පාලන අංශෙ විවෘත කිරීමක් නිසා මේ ආරවුල පළාත් පාලන ඇමැති තැන විසින් සමතයකට පත් කළ යුතු යයි ඉහළින් තීන්දු කළාලු...
ඒ අනුව පළාත් පාලන ඇමැතිතැන සීතල පළාතට ගිහිල්ල ගෝරියට පැටලුණ මහ ඇමැතියි මන්ත්‍රීයි ගෙනල්ලා මේ දෙන්නගෙ නයයි මුගටි වෛරය සමතයකට වැඩ කළා...
අන්තිමට යහපාලනය රටේ පවත්වාගෙන යන්න ඕන නම් පක්ෂ දෙකක ඉන්න මහ ඇමැතියි මන්ත්‍රීයි අතට අත දීල මිතුරැ වෙන්න ඕන කියලත් කීවා... ඉතින් හිතේ කහට තිබුණත් දෙන්න අතට අත දීලා මිතුරැවුණ බව පෙන්නුව... මේ දෙන්න වලියට පැටලිලා හිටපු සටන් සගයො දෙන්නටම හිතෙන් බැණ බැණ දත්කූරැ කකා යන්න ගියාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd