IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයේ තවමත් මහින්ද චින්තනයලු

ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයේ වෙබ් අඩවිය බලද්දී අමාත්‍යවරයාගේත්, නියෝජ්‍ය අමාත්‍යවරයාගේත්, ලේකම්වරයාගේත් ඡායාරූප තිබුණත් තවමත් දැක්ම වී ඇත්තේ මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩ පිළිවෙළ ඉදිරියට ගෙනයාම බව රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් උදිත වි‍ජේසිංහ මහතා පවසයි.

මහනුවර පැවැති රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ 26 වන සභා රැස්විම අමතමින් විජේසිංහ මහතා මේ බව කීවේය.

‘මම වයස 8 දි 1984 දි පූඬළුඔය පශු වෛද්‍ය කාර්යාලයට ගියා බලු පැටියෙක් අරගෙන.  වසර 31 ගියත් මේ දක්වාත් එය ඒ තත්ත්වයේමයි. විශේෂත්වය තියෙන්නෙ රතු පාට, නිල් පාට සියල්ලන්ම මේ අමාත්‍යංශ කළා. අනුර කුමාර මහත්තය වසර 2 යි. හැරිසන් අමාත්‍යවරයා දැන් ඉන්නවා. අනෙක් සියලුම රජයේ ස්ථාන දියුණු වුවත් පශු ක්ෂේත්‍රයේ දියුණුවක් නෑ. කාලෙන් කාලෙට පාට වෙනස් කරනවා.

පශු කේෂත්‍රයේ ගැටළු විසඳා දීමට ජනාධිපති නියෝජිතයෙක් ලෙස පැමිණි සරත් අමුණුගම අමාත්‍යවරයා ප්‍රකාශ කිරිම නිසා කිසිදු වැඩ වර්ජනයකට නොයන බවත් ලේකම් වරයා පැවැසීය.

web_20151214pasu6 web_20151214pasu62



අදහස් (0)

ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයේ තවමත් මහින්ද චින්තනයලු

දිල්කි Tuesday, 15 December 2015 04:53 AM

චින්තනය විය යුත්තේ මහින්දගේවත්, රනිල්ගේවත් නොවේ. එය විය යුත්තේ ශ්‍රී ලාංකික චින්තනයයි. තව තවත් දේශපාලකයන් පසු පස කඩේ යාම දැන්වත් නවත්වන්න. (බ)

:       0       0

පාඨලී Tuesday, 15 December 2015 05:07 AM

පුබුදු මට පොඩ්ඩක් කියන්නකෝ රනිල්ගේ චින්තනයෙන් රටට කළ දේවල් ටිකක් . අවුරුද්දක් ගියා තාජුඩීන් අැවන්ගාර්ඩ් විතරමයි (බ)

:       0       0

පසන් Tuesday, 15 December 2015 11:56 AM

අපේ රටට හරියන්නේ මහින්ද චින්තනය විතරයි. මේ වෙනකම් ඒකෙන් විතරයි රටට වැඩක් වුනේ. (ර)

:       0       0

දුමින්ද Tuesday, 15 December 2015 05:58 AM

නියම මහින්ද චින්තනය මිහිඳු හිමිගේ දායාදයකි (ම)

:       0       0

ලලිත් Monday, 14 December 2015 10:50 PM

නැතුව වෙන මොනවා කරන්නද? අලුත් කට්ටිය තවම චින්තන හදනවා මිසක් කරන චින්තනයක් නැහැනේ. (නි)

:       0       0

ඇසළ Tuesday, 15 December 2015 02:34 AM

මහින්ද චින්තනය හැරෙන්න වෙන චින්තනයක් හරියන්නේ නැහැ. කවුරු කළත් එය වෙනස් නොකර රටට හොඳක් වෙනවා නම් ඒ ඇති. (නි)

:       0       0

පුබුදු Tuesday, 15 December 2015 02:54 AM

මහින්ද චින්තනය රට කෑවා. රනිල් මහත්තයාට පමණයි රට ගොඩගත හැක්කේ (නි)

:       0       0

චතුර Tuesday, 15 December 2015 04:48 PM

පුබුදු, මහින්ද චින්තනය තියෙද්දී ඔයා හිටියේ අඟහරු ලෝකෙද? (නි)

:       0       0

චතුර Tuesday, 15 December 2015 04:49 PM

මහින්ද චින්තනයට ජය වේවා! ලංකාවේ අපිට හරියන්නේ මහින්ද චින්තනය විතරයි. (නි)

:       0       0

නිශාන්ත Monday, 14 December 2015 03:58 PM

කොහොමත් අපේ රටට හරියන්නේ මහින්ද චින්තනය තමයි (නි)

:       0       0

රසිකා Monday, 14 December 2015 04:03 PM

මම තවත් එක්තරා අමාත්‍යාංශයක වෙබ් අඩවියට ගියා තොරතුරක් දැනගන්න. ඒකෙත් එහෙමයි. ඔන්න රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site