ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයේ වෙබ් අඩවිය බලද්දී අමාත්‍යවරයාගේත්, නියෝජ්‍ය අමාත්‍යවරයාගේත්, ලේකම්වරයාගේත් ඡායාරූප තිබුණත් තවමත් දැක්ම වී ඇත්තේ මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩ පිළිවෙළ ඉදිරියට ගෙනයාම බව රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් උදිත විජේසිංහ මහතා පවසයි.
මහනුවර පැවැති රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ 26 වන සභා රැස්විම අමතමින් විජේසිංහ මහතා මේ බව කීවේය.
‘මම වයස 8 දි 1984 දි පූඬළුඔය පශු වෛද්‍ය කාර්යාලයට ගියා බලු පැටියෙක් අරගෙන. වසර 31 ගියත් මේ දක්වාත් එය ඒ තත්ත්වයේමයි. විශේෂත්වය තියෙන්නෙ රතු පාට, නිල් පාට සියල්ලන්ම මේ අමාත්‍යංශ කළා. අනුර කුමාර මහත්තය වසර 2 යි. හැරිසන් අමාත්‍යවරයා දැන් ඉන්නවා. අනෙක් සියලුම රජයේ ස්ථාන දියුණු වුවත් පශු ක්ෂේත්‍රයේ දියුණුවක් නෑ. කාලෙන් කාලෙට පාට වෙනස් කරනවා.
පශු කේෂත්‍රයේ ගැටළු විසඳා දීමට ජනාධිපති නියෝජිතයෙක් ලෙස පැමිණි සරත් අමුණුගම අමාත්‍යවරයා ප්‍රකාශ කිරිම නිසා කිසිදු වැඩ වර්ජනයකට නොයන බවත් ලේකම් වරයා පැවැසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චින්තනය විය යුත්තේ මහින්දගේවත්, රනිල්ගේවත් නොවේ. එය විය යුත්තේ ශ්‍රී ලාංකික චින්තනයයි. තව තවත් දේශපාලකයන් පසු පස කඩේ යාම දැන්වත් නවත්වන්න. (බ)
පුබුදු මට පොඩ්ඩක් කියන්නකෝ රනිල්ගේ චින්තනයෙන් රටට කළ දේවල් ටිකක් . අවුරුද්දක් ගියා තාජුඩීන් අැවන්ගාර්ඩ් විතරමයි (බ)
අපේ රටට හරියන්නේ මහින්ද චින්තනය විතරයි. මේ වෙනකම් ඒකෙන් විතරයි රටට වැඩක් වුනේ. (ර)
නියම මහින්ද චින්තනය මිහිඳු හිමිගේ දායාදයකි (ම)
නැතුව වෙන මොනවා කරන්නද? අලුත් කට්ටිය තවම චින්තන හදනවා මිසක් කරන චින්තනයක් නැහැනේ. (නි)
මහින්ද චින්තනය හැරෙන්න වෙන චින්තනයක් හරියන්නේ නැහැ. කවුරු කළත් එය වෙනස් නොකර රටට හොඳක් වෙනවා නම් ඒ ඇති. (නි)
මහින්ද චින්තනය රට කෑවා. රනිල් මහත්තයාට පමණයි රට ගොඩගත හැක්කේ (නි)
පුබුදු, මහින්ද චින්තනය තියෙද්දී ඔයා හිටියේ අඟහරු ලෝකෙද? (නි)
මහින්ද චින්තනයට ජය වේවා! ලංකාවේ අපිට හරියන්නේ මහින්ද චින්තනය විතරයි. (නි)
කොහොමත් අපේ රටට හරියන්නේ මහින්ද චින්තනය තමයි (නි)
මම තවත් එක්තරා අමාත්‍යාංශයක වෙබ් අඩවියට ගියා තොරතුරක් දැනගන්න. ඒකෙත් එහෙමයි. ඔන්න රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය! (නි)