බිබිල පොලිසියේ පැමිණිල්ලක් විභාග කරමින් සිටිය දී ග්‍රාම නිලධරයකු පැමිණිලිකරුගේ කනට ගැසීයැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
තුවාලකරු රෝහල් ගත කරනු ලැබීය.
ග්‍රාමසේවක හා පැමිණිලිකරු අතර මුදල් ආරවුලක් සම්බන්ධයෙන් මේ පැමිණිල්ල ඉදිරිපත් වී තිබිණි.
බිබිල පොලිසියේ පැමිණිල්ලක් විභාග කරමින් සිටිය දී ග්‍රාම නිලධරයකු පැමිණිලිකරුගේ කනට ගැසීයැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
තුවාලකරු රෝහල් ගත කරනු ලැබීය.
ග්‍රාමසේවක හා පැමිණිලිකරු අතර මුදල් ආරවුලක් සම්බන්ධයෙන් මේ පැමිණිල්ල ඉදිරිපත් වී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ග්‍රාම සේවකත් චන්ඩියෙක් උනා. (නදී)
ග්‍රාම සේවකලටත් ගිය කල! (නි)
සරත්, ඔයා අද ඉන්න තැනට එන්න සහතිකය ගත්තේ කඩෙන්ද? අදින් පස්සේ ආසාවටවත් ග්‍රාම සේවක කෙනෙක් ළඟට යන්න එපා. පෙන්නන්න බැරි නිසා ඔයා මෙනවා කරයිද දන්නේ නැහැනේ. එහෙම වුණොත් ඔයාටත් කනට ගහයි. ඔයාගේ ගමේ කෙනා නම් ඔය වගේ ඇති. පරණ අය එහෙම වුණාට අද ඉන්න තරුණ නිලධාරින් ගොඩක් හොඳයි. (නි)
අවුරුදු 10කට පෙර පොලිස් වාර්තාවක් ගන්න ග්‍රාමසේවක ගාවට ගියාම කිවුවා මට 6000 ක බිලී පිත්තක් දෙන්න කියලා මූණටම. මම දුන්නේ නැහැ. නමුත් මම වැඩේ කරගත්තා. (නි)
මෙහි එන කතා නායකයා තැන නොතැන නොසළකන, තම තත්ත්වය හා තරාතිරම ගැන අවබෝධයක් නැති තනතුර බලය ලෙස වරදවා තේරුම්ගත් උද්දච්චයෙකු ලෙස හැඳින්විය හැකිය. මෙවැන්නන් මෙන්ම අවංකව තම රාජකාරිය කරන ග්‍රාම නිලධාරින්ද කොතෙකුත් සිටින බවට සත්‍ය සිද්ධියක් කියන්නට මට ඉඩ දෙන්න. සරුසාර කුඹුරු යායක නුදුරින් රථ වාහන සර්විස් කිරීම සඳහා ව්‍යාපාරයක් අරඹන්නට සිතූ මගේ මාමා කෙනෙකු ග්‍රාම නිලධාරිතුමාගේ සහතිකයක් ලබා ගැනීමට අපේ වසමේ ග්‍රාම නිලධාරිතුමා හමු වූ අවස්ථාවේදී වී ගොවිතැනට අහිතකර බලපෑමක් ඇතිවන බව කියා අදාළ සහතිකය දීම ප්‍රතික්ෂේප කරන ලදී. එවිට මාමා විසින් නොකළයුතු දෙයක් ග්‍රාම නිලධාරිතුමාට යෝජනා කළ විට, එතුමා කාරුණිකව කියා ඇත්තේ " මගේ අම්මා මට උගන්වපු එකම දෙය නම් මහන්සියෙන් මුදලක් උපයන්න මිසක් වරදකට යොමුවෙන්න කියලා නොවෙයි. මට ලැබෙන පඩියට මම රාජකාරිය හරියට කරනවා." යන්නය. (නි)
ඕනෑම වසමක ග්‍රාමසේවකට වඩා රස්නේ තියෙන්නේ ග්‍රාමසේවකගේ පවුලේ උදවිය ලග. ග්‍රාමසේවක මෙහෙම නම් කොහොම ඇතිද? (නදී)
රාලහාමි කෑල්ලක් අගට තියෙනවනේ ඒ හින්ද වෙන්න ඇති පොලිස් රාලහාමි මොකද ග්‍රාමසේවක රාලහාමි මොකද කියලා හිතන්න ඇති.(නදී)
ග්‍රාම සේවක රාලහාමි සිතන්න ඇති එයට තියෙන්නෙත් පොලිස් රාලහාමිට තියෙන බලතල කියා . මොකද අද කාලයේ පොලිස් රාළහාමිලා කරන වැඩක් මේක. නඩු අහන්න වැරද්ද අහන්න කලින් ගහන එක. මේ ග්‍රාම සේවක ක්‍රමය අද ලංකාවට ගෙලපෙන්නේ නැහැ. නැති කරලා දැමුවානම් බොහෝ හොඳයි.(නදී)
මේකට වරම් ලැබිලා තියෙන්නේ කුමන පාලන ක්‍රමයෙන්ද කියලා දන්නෙ නැද්ද? (නි)
පොලිසිය ඉදිරියේදීම ගැහුවත් සැකපිට විතරයිනේ? (නි)
ග්‍රාමසේවකල් කොහොමත් ඉතින් කරන්නේ වසමේ ජනතාවට කනේ පාර ගහලා ලොක්කොන්ගේ කනෙන් රිංගන එකනේ.(නදී)
මම නම් තවම කිසිම දිනක ග්‍රාම නිලධාරි සහතිකයක් අරගෙන නෑ. නමුත් මම ග්‍රාම නිලධාරි වසම් 40 ක රහසිගත පර්යේෂණයක් කරලා තියෙනවා. අත්දැකීමෙන් තමයි කීවේ. (ස)
සමහර ග්‍රාමසේවකල බොරු සෝබන කාරයෝ . පෙන්නන්නේ තමන්ට පොලිස් බලතල තියනවා කියල . නමුත් එයාලම දන්නවා තමන් ග්‍රාමසේවකල විතරයි කියලා . (ස)
මම හිතන්නේ මේ කෝරලේ මහත්තයාගේ මුනුබුරෙක් වෙන්න ඇති ? (දී)
ග්‍රාම සේවකට එච්චර හයියක්? (නි)
මට නම් පෙනෙන්න බැරිම රාජ්‍ය නිලධරියෙක් තමයි ග්‍රාම නිලධාරි කියන්නේ. බොරු බලය පෙන්නලා, සද්දේ දාලා අහිංසක මිනිස්සු ගසා කනවා. මිනිස්සු අසරණ කරනවා. හරියටම කියනවා නම් පොලීසිය වගේ. කථාවත් ඒ වගේමයි. නමුත් හොඳ අයත් ඉන්නවා. මම කිවුවේ බහුතරය නරකයි. (නි)
මොනවා හිතිලද දන්නෙ නැහැ (නි)