IMG-LOGO

ග්‍රාම සේවක පොලිසියෙදි නීතිය අතට ගනී

බිබිල පොලිසියේ පැමිණිල්ලක් විභාග කරමින් සිටිය දී ග්‍රාම නිලධරයකු පැමිණිලිකරුගේ කනට ගැසීයැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

තුවාලකරු රෝහල් ගත කරනු ලැබීය.

ග්‍රාමසේවක හා පැමිණිලිකරු අතර මුදල් ආරවුලක් සම්බන්ධයෙන් මේ පැමිණිල්ල ඉදිරිපත් වී තිබිණි.

 

 



අදහස් (0)

ග්‍රාම සේවක පොලිසියෙදි නීතිය අතට ගනී

අර්ශා Thursday, 08 May 2014 06:32 PM

එහෙනම් ග්‍රාම සේවකත් චන්ඩියෙක් උනා. (නදී)

:       0       0

අර්ශා Thursday, 08 May 2014 06:32 PM

ග්‍රාම සේවකලටත් ගිය කල! (නි)

:       0       0

චමින්ද Thursday, 08 May 2014 06:44 PM

සරත්, ඔයා අද ඉන්න තැනට එන්න සහතිකය ගත්තේ කඩෙන්ද? අදින් පස්සේ ආසාවටවත් ග්‍රාම සේවක කෙනෙක් ළඟට යන්න එපා. පෙන්නන්න බැරි නිසා ඔයා මෙනවා කරයිද දන්නේ නැහැනේ. එහෙම වුණොත් ඔයාටත් කනට ගහයි. ඔයාගේ ගමේ කෙනා නම් ඔය වගේ ඇති. පරණ අය එහෙම වුණාට අද ඉන්න තරුණ නිලධාරින් ගොඩක් හොඳයි. (නි)

:       0       0

එම්. Thursday, 08 May 2014 07:10 PM

අවුරුදු 10කට පෙර පොලිස් වාර්තාවක් ගන්න ග්‍රාමසේවක ගාවට ගියාම කිවුවා මට 6000 ක බිලී පිත්තක් දෙන්න කියලා මූණටම. මම දුන්නේ නැහැ. නමුත් මම වැඩේ කරගත්තා. (නි)

:       0       0

මධුභාෂිනී Thursday, 08 May 2014 07:34 PM

මෙහි එන කතා නායකයා තැන නොතැන නොසළකන, තම තත්ත්වය හා තරාතිරම ගැන අවබෝධයක් නැති තනතුර බලය ලෙස වරදවා තේරුම්ගත් උද්දච්චයෙකු ලෙස හැඳින්විය හැකිය. මෙවැන්නන් මෙන්ම අවංකව තම රාජකාරිය කරන ග්‍රාම නිලධාරින්ද කොතෙකුත් සිටින බවට සත්‍ය සිද්ධියක් කියන්නට මට ඉඩ දෙන්න. සරුසාර කුඹුරු යායක නුදුරින් රථ වාහන සර්විස් කිරීම සඳහා ව්‍යාපාරයක් අරඹන්නට සිතූ මගේ මාමා කෙනෙකු ග්‍රාම නිලධාරිතුමාගේ සහතිකයක් ලබා ගැනීමට අපේ වසමේ ග්‍රාම නිලධාරිතුමා හමු වූ අවස්ථාවේදී වී ගොවිතැනට අහිතකර බලපෑමක් ඇතිවන බව කියා අදාළ සහතිකය දීම ප්‍රතික්ෂේප කරන ලදී. එවිට මාමා විසින් නොකළයුතු දෙයක් ග්‍රාම නිලධාරිතුමාට යෝජනා කළ විට, එතුමා කාරුණිකව කියා ඇත්තේ " මගේ අම්මා මට උගන්වපු එකම දෙය නම් මහන්සියෙන් මුදලක් උපයන්න මිසක් වරදකට යොමුවෙන්න කියලා නොවෙයි. මට ලැබෙන පඩියට මම රාජකාරිය හරියට කරනවා." යන්නය. (නි)

:       0       0

ඩලස් Friday, 09 May 2014 08:54 AM

ඕනෑම වසමක ග්‍රාමසේවකට වඩා රස්නේ තියෙන්නේ ග්‍රාමසේවකගේ පවුලේ උදවිය ලග. ග්‍රාමසේවක මෙහෙම නම් කොහොම ඇතිද? (නදී)

:       0       0

ජයසිංහ Friday, 09 May 2014 09:04 AM

රාලහාමි කෑල්ලක් අගට තියෙනවනේ ඒ හින්ද වෙන්න ඇති පොලිස් රාලහාමි මොකද ග්‍රාමසේවක රාලහාමි මොකද කියලා හිතන්න ඇති.(නදී)

:       0       0

මාදුවගේ ලකී Thursday, 08 May 2014 08:47 PM

ග්‍රාම සේවක රාලහාමි සිතන්න ඇති එයට තියෙන්නෙත් පොලිස් රාලහාමිට තියෙන බලතල කියා . මොකද අද කාලයේ පොලිස් රාළහාමිලා කරන වැඩක් මේක. නඩු අහන්න වැරද්ද අහන්න කලින් ගහන එක. මේ ග්‍රාම සේවක ක්‍රමය අද ලංකාවට ගෙලපෙන්නේ නැහැ. නැති කරලා දැමුවානම් බොහෝ හොඳයි.(නදී)

:       0       0

සත්‍යයා Thursday, 08 May 2014 10:08 PM

මේකට වරම් ලැබිලා තියෙන්නේ කුමන පාලන ක්‍රමයෙන්ද කියලා දන්නෙ නැද්ද? (නි)

:       0       0

ගූඩ් Thursday, 08 May 2014 04:45 PM

පොලිසිය ඉදිරියේදීම ගැහුවත් සැකපිට විතරයිනේ? (නි)

:       0       0

ලොකුගේ Thursday, 08 May 2014 04:50 PM

ග්‍රාමසේවකල් කොහොමත් ඉතින් කරන්නේ වසමේ ජනතාවට කනේ පාර ගහලා ලොක්කොන්ගේ කනෙන් රිංගන එකනේ.(නදී)

:       0       0

සුරත් Thursday, 08 May 2014 11:09 PM

මම නම් තවම කිසිම දිනක ග්‍රාම නිලධාරි සහතිකයක් අරගෙන නෑ. නමුත් මම ග්‍රාම නිලධාරි වසම් 40 ක රහසිගත පර්යේෂණයක් කරලා තියෙනවා. අත්දැකීමෙන් තමයි කීවේ. (ස)

:       0       0

ක්‍රිස් Thursday, 08 May 2014 11:18 PM

සමහර ග්‍රාමසේවකල බොරු සෝබන කාරයෝ . පෙන්නන්නේ තමන්ට පොලිස් බලතල තියනවා කියල . නමුත් එයාලම දන්නවා තමන් ග්‍රාමසේවකල විතරයි කියලා . (ස)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Thursday, 08 May 2014 05:00 PM

මම හිතන්නේ මේ කෝරලේ මහත්තයාගේ මුනුබුරෙක් වෙන්න ඇති ? (දී)

:       0       0

නුවන් Thursday, 08 May 2014 05:16 PM

ග්‍රාම සේවකට එච්චර හයියක්? (නි)

:       0       0

සරත් Thursday, 08 May 2014 05:16 PM

මට නම් පෙනෙන්න බැරිම රාජ්‍ය නිලධරියෙක් තමයි ග්‍රාම නිලධාරි කියන්නේ. බොරු බලය පෙන්නලා, සද්දේ දාලා අහිංසක මිනිස්සු ගසා කනවා. මිනිස්සු අසරණ කරනවා. හරියටම කියනවා නම් පොලීසිය වගේ. කථාවත් ඒ වගේමයි. නමුත් හොඳ අයත් ඉන්නවා. මම කිවුවේ බහුතරය නරකයි. (නි)

:       0       0

ලසන්ත Friday, 09 May 2014 02:38 AM

මොනවා හිතිලද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 78 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 480 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 251 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site