(දයාරත්න ඇඹෝගම)
"තමුසේ කවුද මට උපදෙස් දෙන්න, තමුසේ කෘෂිකර්ම ඇමතිනේ" යනුවෙන් තමාට ග්‍රාම නිලධාරියකු බැණ වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.
අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කළේ අද අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ය.
කැකිරාව තිබ්බටුවැව ප්‍රදේශයේ සමාජ සේවා අමාත්‍යංශය මගින් ඉදි කළ ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් ගැටලුවක් ඇතැයි උතුරු මැද පළාත් සමාජ සේවා අධ්යක්ෂ ඊ.පී.ජී.සී.කේ මඩුගල්ල මහතා එහිදී පැවසීය.
‘මේ ගොඩනැගිල්ල හදලා තියෙන්නේ 2000 වර්ෂයේ.ඒ අනුව වසර 17 ක් පමණ සමාජ සේවා දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිල්ලක්. ඒ ගොඩනැගිල්ලේ අපි වැඩිහිටි නිවාසයක් , දරුවන්ගේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ලෙස මීට පෙර පවත්වාගෙන ගියා. පසුව එය භාවිතයට නොගෙන තියෙනවා. ආබාධිත දරුවන්ට දෙවසරක වෘත්තීය පුහුණුවක් ලබා දීම සදහා අපට මේ ගොඩනැගිල්ල අවශ්‍යය වෙලා තියෙනවා. නමුත් මේක අලුත්වැඩියා කරන්න යද්දී ග්‍රාම නිළධාරීවරයකු හා තවත් නිළධාරීන් දෙදෙනකු එහි කාර්යාල පවත්වාගෙන යන බවට දැනගන්න ලැබුණා. ඊට පස්සේ අපි මේක සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්තුමා දැනුවත් කළා, ප්‍රාදේශීය ලේකම්තුමන් අදාළ නිළධාරීන්ට ඉවත් වෙන්නට කිව්වත් තාමත් ඔවුන් ඉවත් වෙලා නෑ.‘ යැයි නිලධාරියා කීවේය.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍යය දුමින්ද දිසානායක මහතා මෙසේ පැවසිය.
‘පළාත් සමාජ සේවා අධ්යක්ෂතුමා ඊයේ (22) ඇවිත් මේ සම්බන්ධයෙන් මාව දැනුම්වත් කළා. ඒ මොහොතේ අදාළ ග්‍රාමසේවක මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තා. ඒ ග්‍රාමසේවක මහත්තයා මාත් එක්ක මුලින් කොහොමද ඇමතිතුමා කියලා කතා කරලා අවසානයේ කථාව අවසන් වුණේ " තමුසේ කොහොමද මට උපදෙස් දෙන්නේ තමුසේ කෘෂිකර්ම ඇමතිනේ" කියලයි. මම එතුමාට කිව්වා "ආයේ පාරක් කියන්න" කියලා. ඒ විදිහට මම තුන් පාරක්ම ඒ වචනය අහගත්තා.
ඒ ග්‍රාමසේවකතුමා මට කිව්වා "දැන් මට කියන්නේ වෙන තැනකට යන්න කියලා නම් මෙතන සමාජ සේවා ආයතනයක් දානවා නම් ඒකට ළමයි කීයක් දානවාද ? කීයක් වැඩිහිටියෝ දානවාද ? ඒ ටික කියන්න ඊට පස්සේ බලන්නම් කිව්වා. ඊට පස්සේ මම කිව්වා "ග්‍රාම සේවා කාර්යාලය වෙන තැනකට යමු. මෙතන සමාජ සේවා ආයතනය කර ගෙන යන්න දෙමු " කියලා. ඊට පස්සේ එතුමා මට කියනවා "මම මේ සේරම රෙකොඩ් කරනවා. මම මේක මාධ්‍යයට දෙනවා." කියලා . මම කිව්වා "බොහොම හොදයි. රෙකෝඩ් කරන්න.
මේ ටිකත් මාධ්‍යයට කියන්න. දුමින්ද දිසානායක ඇමතිතුමා කිව්වා කියලා සමාජ සේවා අමාත්‍යංශය යටතේ ළමයින්ට රැකවරණය මධ්‍යස්ථානයක් හදන්න දෙන්න කියන එකයි කිව්වේ කියලත් කියන්න" කියලා.ඊට පස්සේ අවසානයට එතුමා කිව්වා " තමුසේ කවුද මට උපදෙස් දෙන්න, තමුසේ කෘෂිකර්ම ඇමතිනේ "කියලා.
ඒත් එක්කම මම අදාළ අමාත්‍යංශයේ ලේකම්තුමා ඇමතුවා. ඒ ලේකම්තුමා අද (23) උදේ වන විට පරීක්ෂණ කණ්ඩායමක් එවලා මගෙන් හා අදාළ නිලධාරීන්ගෙන් කටඋත්තර ලබා ගත්තා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනයාට දෙයියන්ගේම පිහිටයි.
රවින් හරි. මේ ග්‍රාමසේවකයා ඇමතිතුමාට කතා කරන්නේ මෙසේ නම්, තම කොට්ටාසයේ ඉන්නා මිනිසුන්ට කොහොම සලකයිද?
ඉතින්? ග්‍රාම නිලධාරි මහත්තය හරිනේ! ඕකට ඔච්චර කලබල වෙන්න දෙයක් තියනවද?
ඔය ග්‍රාමසේවකයා ඇමති කෙනෙකුට ඔහොම කතා කරනවානම් අපිට. අනේ මන්ද
පෙර පාලනයේ මෙහෙම වුනානම් අද ග්‍රාමසේවක අතුරුදහන් වෙලා
අප කැමතියි ඇත්තටම කතා කල දේ දැනගන්න. මොකද දේශපාලකයින් බොහෝවිට කියන්නේ බොරු.
ඇමති වරයකු සමග කතා කිරීමට නොදන්නා ග්‍රාම නිලදරියකුගෙන් ජනතාවට සේවයක් බලාපොරොත්තු විය හැකිද ? මෙවැනි නිලදරීන්ට නිසි දඬුවම් ලබා දිය යුතුවේ
අවශ්‍ය තැන්වලදී ඇමතිලට මෙහෙම කථා නොකර අනවශ්‍ය තැන්වලදී මෙහෙම කථා කරන එකෙන් නිලධාරියා අමාරුවේ වැටෙනවා
මොනවා උනත් අදහන්න වටිනා ග්‍රාමසේවක නිලධාරියෙක්.
හැම දෙකටම මාධ්‍ය අල්ලගන්නවා . සෝඩා බෝතලේ කැඩුවා වගේ පස්සේ කාටවත් මතක නැහැ
ඇමති මොනා කීවද දන්නේ නැනේ ...
ඇමතිතුමාට මෙහෙමනම් අපි ගැන කවර කතාද? ඇමතිවරුත් ඇයි මේ පහළම මට්ටමත් එක්ක ගනුදෙනු කරන්නේ?
අන්න නියම ග්‍රාම නිලධාරී මහතෙක්
බැන්නට ගැහුවේ නැහැනේ කියලා ඉවසන්න ඇමති තුමෝ ...
අපේ වසමෙත් ඉනනවා ඔහොම ග්‍රාමසේවකයෙක්.....මනුස්සයත් ඔහොමයි....එයා හිතන් ඉන්නේ අපි එයාගේ වහල්ලු කියලා.....මේ ලංකාවේ ගම්මාන තවමත් නොදියුණු තත්ත්වෙට පත්වෙලා තියෙන්නේ මේ වගේ හීනමානෙන් ඉන්න උද්දච්චි මිනිස්සු නිසා....සමහර ග්‍රාම සේවකවරු ඉන්නවා උපන් ගමටම පත්වීම අරන් ඇවිත් පෞද්ගලික අවශ්‍යතා ඉටු කරගන්න අය....
මෙතන ගංජා ගහපු එක්කෙනා දන්නවාද?
ග්‍රාමසේවක මහත්තය ජනාධිපති තුමාගේ හයිය අරන් වෙන්න ඇති.
ඉතා හොඳයි
දේශපාලකයන් බලපොරෝත්තුවිය යුතුයි. ඇමරිකන් ජනදිපති ට්‍රම්ට කොච්චරවත් බනිනවද
ඔයාල දෙන්නම මහජන සේවකයෝ. වෙනසකට තියෙන්නේ එක්කනෙක් රාජ්‍ය සේවකයෙක් අනිත් කෙනා මහජන ඡන්දෙන් පත්වුණා කෙනෙක්. ඡන්දය කියන්නේ කැමැත්ත. ඉතින් අකමැති වුනානම් ඡන්දෙන් එන කෙනා නෑ. අනිත් කෙනා අධ්‍යාපන සුදුසුකම් මත ඉන්නවා. එහෙනම් බලය වැඩි කාටද?
මොකටද පරික්ෂනයක්
"සාමාන්‍යයෙන් ග්‍රාම සේවකල කරන්නේ ඇමති කෙනෙක් ඇමතුවම "යස් සෑර්" කියල කියන එකනේ. නමුත් මෙම ග්‍රාමසේවක" උස්තැන් දැක හැකිලෙන" පුද්ගලයෙකු නොවන බව පෙනේ.
තාම පක්ෂයේ මන්ත්‍රීලගේ විනය ආරක්ෂා කරගන්න බැරිද? ග්රාමසේවකලත් ගොරවන එක පුදුමයක් නොවේ
එහෙම සත්තටම කිවුවානම් එම ග්‍රාම සේවක මහතාව ගෙදර යැවිය යුතුයි.
හරි පුදුමයි,මෙතන අදහස් දාල තියෙන කට්ටිය ගැන. දේශපාලනඥයින් කවදාවත් ඇත්තක් කියලා තියෙනවාද?
ග්‍රාමසේවක බැනල නතර වුණා.... මම හිටිය නම් ඔය දුමින්දගේ තට්ට ගෙඩිය පලනවා.
බලය ඇත්තෙක් තමන්ගේ බලය ගැන හොඳින් දැන නිවැරදි තක්සේරුවක සිට කාර්යය පූර්ණ කිරීමට එය ක්‍රියාත්මක කළ යුතුයි.
මම දැක්ක එක්තරා ප්‍රදේශීය ලේකම් කාර්යාලයක ග්රමනිලධාරීන්ට වෙන්කළ කොටසේ නමපුවරුවේ ගම්පති පියස කියල තියෙනවා. එම තනතුර වැඩවසම් යුගයේ තනතුරක් මේ කාලෙ සමහරක් ග්‍රාම නිලධාරීන් කටයුතු කරන්නේ වැඩවසම් යුගයේ සිටි මුලාදැනි වගේ එය වෙනම කාරණයක්. මෙම ග්‍රාම නිලධාරියා සේවයේ යෙදවීමට පෙර පුහුණුව සිදුකල දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රදේසිය ලේකම් මොහුට හරියාකාර පුහුණුවක් නොදුන් බැව් මෙයින් පෙනෙනවා. නියම පුහුණුවක් ලැබූ අයෙක්නම් මෙහෙම කතා කරන්නේ නැහැ ඇමතිට. එහෙමනම් සාමාන්‍ය ජනතාවට සේවය කරන හැටි කොහොමට වේද?
මෙතන කමෙන්ට් දාල තියන කට්ටිය බලපුවම පුදුම හිතෙනවා. ග්‍රාම නිලදාරියා කියල තියෙන්නේ ඇත්තනේ.
ග්‍රාම සේවකලට උපදෙස් දෙන්න ඕනේ ප්‍රාදේශීය ලේකම්. ග්‍රාම සේවකලත් එක්ක කටයුතු කරන්න ඕනේ හරිම සිහිබුද්ධියෙන්.
කොන්ද පණ ඇති ග්‍රාමසේවක. අනුන්ගෙ අමාත්‍යාංශයක් යටතේ තියෙන ආයතනයකට ඔලුව දාන්න එනකොට නියම පාරෙන් එන්න ඇමතිකෙනෙක් වෙලත් දන්නෙනැද්ද?
ආණ්ඩුවට කඩේ යන පිචන් හම්පඩයන් අතර කොන්දක් ඇති ග්‍රාම සේවා නිලධාරී තුමෙක්. අපේ ගෞරවය ග්‍රාම සේවා නිලධාරිතුමා වැනි නිර්බිත නිලධාරී තුමන්ලාට.
අපරාදේ බැනල විතරක් නැවතුනේ .....