(යොහාන් භාසුර)
ග්‍රාම නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීම සම්බන්ධව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කළ බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ පැවැති දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවේදී රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසීය.
දෙදිනක් පුරා පැවැත්වෙන දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවේදී ග්‍රාම නිලධාරීන්ගේ පවතින ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර එහිදී ග්‍රාම නිලධාරීන්ට දැනට හිමි දීමනා වැඩි කිරීම සම්බන්ධ විශේෂ කමිටුවක් පත්කිරීමට තීරණය කළ බවත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේන් සමන්විත කමිටුවක් හරහා ඉතා ඉක්මනින්ම ග්‍රාම නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීම සම්බන්ධව තීරණයක් ගන්නා බවත් රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කීය.
ග්‍රාම නිලධාරීන් දීර්ඝ කාලයක සිට දීමනා වැඩි කරන ලෙස ඉල්ලීම් කර තිබෙන බව ද අශෝක ප්‍රියන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දීමනා වැඩිකරනවා.. හැබැයි ඡන්දෙත් ළඟ එනවා. අපිව දිනවන්න මහන්සි වෙලා වැඩකරන්න ඕනෑ. ඒක මතක තියාගන්න...
අනේ වැඩිකරන්න. අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ...!