(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීම සඳහා වන විභාගය දෙසැම්බර් මුල් සතියේ පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඉකුත් ජුනි 30 දින වනවිට මෙරට ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2763 ක් ඇති බව පැවසූ අග්‍රාමාත්‍යවරයා 2021.03.31 දින වනවිට පැවති ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් විභාගය පැවැත්වීමටත්, දැනට රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් අන්තර්ග්‍රහණය මඟින් ඉතිරි පුරප්පාඩු පිරවීමටත්, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව කීය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න යටතේ සංජිව එදිරිමාන්න මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩෙන් වෙන්නෙ 2021 ට පස්සෙ සුදුසුකම් ලැබූ අයට රැකියාවක් සදහා යන්න අවස්ථාව නැතුව යනවා ඊළඟට රාජ්‍ය සේවයේ සිටින අයගෙන් ග්‍රාම නිළධාරින් පත්කලාම එම සේවයේ ගුණාත්මක බව තිබුනා නම් ඒකත් නැතුව යනවා
කරුණාකර දැනට රජයේ වෙනත් සේවාවල සිටින අතිරික්ත නිලධාරීන් මේ සඳහා අනුයුක්ත කරගන්න. රටේ සිටින අති විශාල රජයේ සේවකයින් ප්‍රමාණය රටට බරකි...