ඔක්තෝබර 27 වැනි දා පැවැත්වීමට නියමිත බව කියන ශ්‍රී ලංකා නිදහස් ගුරු සංවිධානය සවිබල ගැන්වීමේ වැඩසටහනකට පැමිණෙන ලෙස බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මීගමු කලාපයේ ගුරු විදුහල්පතිවරුන්ට ලිඛිතව දන්වා ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
පාසල් වේලාවේ දී පැමිණෙන නියෝජිතයන් සඳහා අවශ්‍ය නම් රාජකාරී නිවාඩු අනුමත කර දීමට කටයුතු කළ හැකි බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලිපි ශීර්ෂයකින් මහ ඇමැතිවරයා දන්වා ඇතැයි ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
හෝමාගම පාසලක දෙමාපිය රැස්වීමක් ඇමැතිවරයකුගේ දේශපාලන කාර්යාලයයක පසුගිය සෙනසුරාදා (18) පවත්වා ඇති බව කී ස්ටාලින් මහතා මෙවැනි සිදුවීම්වලින් පෙන්නුම් කරන්නේ අධ්‍යාපනය දේශපාලනීකරණය වී ඇති අන්දම යැයි සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් පියවරක් ගන්නැයි ලංකා ගුරු සංගමය ජනාධිපති ලේකම්ගෙන් ඉල්ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රංජිත් හරියටම හරි. මීගමුවේ සිද්දිය මමත් දන්නවා. එක්කෙනෙක් ඡන්ද අල්ලස් බෙදුවා රුපියල් කෝටි ගණනක. බල්ලෝද ඌරොද බෝට්ටුද ඕනදෙයක් දුන්නා. මිනිස්සු ඔක්කොම අරගෙන අනිත් පැත්තට ඡන්දය දුන්නා. මම හිතන්නේ ලංකාවේ සියලුම ඡන්ද දායකයෝ කරන්න ඕන වැඩක් මේක. (නදී)
රටක දේශපාලනීය නො වන්නේ කුමක්ද.? එයින් තොර ඉදිරි ගමනක් හෝ පැවැත්මක් නැති බව ලෝකයේ බොහෝ රට වලින් පෙන්නුම් කර ඇත. මෙහිදී එක්තරා ගුරු සංගමයකට කල ඇරයුමක් පමණයි මම සිතමි. එය එසේ නො වී සමස්තයාම දේශපාලනීය වීම තුළින් සේවාවන්හි ප්‍රගතියක් මෙන් ම පෞද්ගලික දියුණුවක්ද දැකිය හැකිවේ. (නදී)
ඕවට ගියාට කමක් නැහැ. ලනු ගිලින්නේ නැතිව අනිත් පැත්තට ඡන්දය දාන්න. මීගමුවේ උනා වගේ. (නදී)
මෙන්න මේවට තමයි අධ්‍යාපනය දේශපාලනීකරණය වෙලා කියන්නේ.(හේ)