IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘ගුරුන්ට දේශපාලන ඇමක්‘

ඔක්තෝබර 27 වැනි දා පැවැත්වීමට නියමිත බව කියන ශ්‍රී ලංකා නිදහස් ගුරු සංවිධානය සවිබල ගැන්වීමේ වැඩසටහනකට පැමිණෙන ලෙස බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මීගමු කලාපයේ ගුරු විදුහල්පතිවරුන්ට ලිඛිතව දන්වා ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.

පාසල් වේලාවේ දී පැමිණෙන නියෝජිතයන් සඳහා අවශ්‍ය නම් රාජකාරී නිවාඩු අනුමත කර දීමට කටයුතු කළ හැකි බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලිපි ශීර්ෂයකින් මහ ඇමැතිවරයා දන්වා ඇතැයි ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

හෝමාගම පාසලක දෙමාපිය රැස්වීමක් ඇමැතිවරයකුගේ දේශපාලන කාර්යාලයයක පසුගිය සෙනසුරාදා (18) පවත්වා ඇති බව කී ස්ටාලින් මහතා මෙවැනි සිදුවීම්වලින් පෙන්නුම් කරන්නේ අධ්‍යාපනය දේශපාලනීකරණය වී ඇති අන්දම යැයි සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පියවරක් ගන්නැයි ලංකා ගුරු සංගමය ජනාධිපති ලේකම්ගෙන් ඉල්ලා ඇත.



අදහස් (0)

‘ගුරුන්ට දේශපාලන ඇමක්‘

ශාන්ති Wednesday, 22 October 2014 12:14 PM

රංජිත් හරියටම හරි. මීගමුවේ සිද්දිය මමත් දන්නවා. එක්කෙනෙක් ඡන්ද අල්ලස් බෙදුවා රුපියල් කෝටි ගණනක. බල්ලෝද ඌරොද බෝට්ටුද ඕනදෙයක් දුන්නා. මිනිස්සු ඔක්කොම අරගෙන අනිත් පැත්තට ඡන්දය දුන්නා. මම හිතන්නේ ලංකාවේ සියලුම ඡන්ද දායකයෝ කරන්න ඕන වැඩක් මේක. (නදී)

:       0       0

ජනනි ලොකුහේවා Wednesday, 22 October 2014 08:01 AM

රටක දේශපාලනීය නො වන්නේ කුමක්ද.? එයින් තොර ඉදිරි ගමනක් හෝ පැවැත්මක් නැති බව ලෝකයේ බොහෝ රට වලින් පෙන්නුම් කර ඇත. මෙහිදී එක්තරා ගුරු සංගමයකට කල ඇරයුමක් පමණයි මම සිතමි. එය එසේ නො වී සමස්තයාම දේශපාලනීය වීම තුළින් සේවාවන්හි ප්‍රගතියක් මෙන් ම පෞද්ගලික දියුණුවක්ද දැකිය හැකිවේ. (නදී)

:       0       0

රන්ජිත් Wednesday, 22 October 2014 08:45 AM

ඕවට ගියාට කමක් නැහැ. ලනු ගිලින්නේ නැතිව අනිත් පැත්තට ඡන්දය දාන්න. මීගමුවේ උනා වගේ. (නදී)

:       0       0

චමිල Wednesday, 22 October 2014 08:57 AM

මෙන්න මේවට තමයි අධ්‍යාපනය දේශපාලනීකරණය වෙලා කියන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site