නව සේවා ව්‍යවස්ථාව අනුව ගුරුවරුන්ගේ හිඟ වැටුප් කප්පාදු කිරීම නවතා උසස්වීම් නිසි පරිදි ලබා දෙන ලෙස ඉල්ලමින් අම්පාරේ ගුරු විදුහල්පතිවරු පිරිසක් අද අම්පාර ඩීඑස් සේනානායක වීදියේ ප්‍රධාන ඔරලෝසු කණුව අසල දී උද්ඝෝෂණයක් පැවැත්වූහ.
මහ වැසි නොතකා දහසකට අධික ගුරු විදුහල්පතිවරු ඊට එක්වූහ.
ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව මෙය සංවිධානය කර තිබිණි.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් -
‘නව ගුරු හා විදුහල්පති ව්‍යවස්ථාවේ වැරදි රැසක් තිබෙනවා. මේ සේවා ව්‍යවස්ථාවෙන් ගුරුවරුන්ගේ හිඟ වැටුප් කප්පාදු කරලා. 2008 සිට හිග වැටුප් දිය යුතු වුවත් සේවා ව්‍යවස්ථාව අනුව ලබා දෙන්නේ 2011 ඉඳන්. මේ වැරදි නිවැරදි කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලුවත් මෙතෙක් කිසිම ප්‍රතිචාරයක් නෑ. ලංකාවේ ඉන්න ගුරු විදුහල්පතිවරුන් අධ්‍යාපන අමාත්‍යංශය වටලන්නට පෙර මෙය නිවැරදි කරන ලෙස අපි ඉල්ලවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න මේක තමයි තම තමන්ගේ ඉල්ලීම් ඉටුකරගන්න තියෙන හොදම අවස්තාව. (ර)