කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන ‘කැලණි සටන’ මහා ක‍්‍රිකට් තරගයෙන් ගුරුකුල විදුහල කඩුලූ 10 ක විශිෂ්ට ජයක් ලැබීය. 24 වැනි වරටත් පැවැති මෙම මහ තරගයෙන් ගුරුකුල විදුහල ජයගත් පළමු අවස්ථාව මෙයයි. කොළඹ ආර්. පේ‍්‍රමදාස අන්තර්ජාතික ක‍්‍රීඩාංගණයේදී 24 වැනි වරටත් තරගය පැවැත්වුණි. දෙවිදුහල් අතර මෙතෙක් පැවැති මහ තරග 23 ම විසඳුමකින් තොරව අවසන්වී තිබිණ. තරගයේ අවසන් දිනය වු ඊයේ (24) ධර්මාලෝක විදුහල් දෙවැනි ඉනිම ලකුණු 113 කට සීමා කළ ගුරුකුල විදුහලට තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 28 ක ඉතා පහසු ඉලක්කයක් එහිදී යොමු විය. ගුරුකුල විදුහල් පිතිකරුවෝ කිසිවකු නොදැවී ජයග‍්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට සමත්වුහ. කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය පළමු ඉනිම 115 (තරිඳු මධුෂංක 29, සපුමල් බණ්ඩාර 17, මල්ක මධුෂංක 20, ජනිත් මධුෂාන් 14, රොෂාන් අනුරුද්ධ 29/3, නලින් පෙරේරා 15/2, හෂාන් දුමිඳු 13/2) සහ දෙවැනි ඉනිම 113 (තරිඳු මධුෂංක 22, ගයාන් ගීතාංජන 27, සුලාජ් ගයාෂාන් 30, හෂාන් දුමිඳු 20/3, නාමල් පැතුම් 27/3, නිපුල් මධූක 35/2) කැලණිය ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම 200 (ලිසුල ලක්‍ෂාන් 84, හෂාන් දුමිඳු 20, නලින් පෙරේරා 20, ගයන ගීතාංජන 46/2, රවිඳු තිවංක 31/4) සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 32 (චමෝද් සුලක්‍ෂණ නොදැවී 12, විසුල ලක්‍ෂාන් නොදැවී 19)
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ සුබ පැතුම් !
ගුරුකුලට මගේ උණුසුම් සුබ පැතුම් !
මගේ සුභපැතුම්
උනුසුම් සුභපැතුම් ගුරුකුල විද්‍යාලයට.......
නියමයි..