IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගුරුකුල විදුහල ‘කැලණි සටනේ’ පළමු ජය ලබයි

කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන ‘කැලණි සටන’ මහා ක‍්‍රිකට් තරගයෙන් ගුරුකුල විදුහල කඩුලූ 10 ක විශිෂ්ට ජයක් ලැබීය. 24 වැනි වරටත් පැවැති මෙම මහ තරගයෙන් ගුරුකුල විදුහල ජයගත් පළමු අවස්ථාව මෙයයි. කොළඹ ආර්. පේ‍්‍රමදාස අන්තර්ජාතික ක‍්‍රීඩාංගණයේදී 24 වැනි වරටත් තරගය පැවැත්වුණි.  දෙවිදුහල් අතර මෙතෙක් පැවැති මහ තරග 23 ම විසඳුමකින් තොරව අවසන්වී තිබිණ. තරගයේ අවසන් දිනය වු ඊයේ (24) ධර්මාලෝක විදුහල් දෙවැනි ඉනිම ලකුණු 113 කට සීමා කළ ගුරුකුල විදුහලට තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 28 ක ඉතා පහසු ඉලක්කයක් එහිදී යොමු විය.  ගුරුකුල විදුහල් පිතිකරුවෝ කිසිවකු නොදැවී ජයග‍්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට සමත්වුහ. කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය පළමු ඉනිම 115 (තරිඳු මධුෂංක 29, සපුමල් බණ්ඩාර 17, මල්ක මධුෂංක 20, ජනිත් මධුෂාන් 14, රොෂාන් අනුරුද්ධ 29/3, නලින් පෙරේරා 15/2, හෂාන් දුමිඳු 13/2) සහ දෙවැනි ඉනිම 113 (තරිඳු මධුෂංක 22, ගයාන් ගීතාංජන 27, සුලාජ් ගයාෂාන් 30, හෂාන් දුමිඳු 20/3, නාමල් පැතුම් 27/3, නිපුල් මධූක 35/2) කැලණිය ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම 200 (ලිසුල ලක්‍ෂාන් 84, හෂාන් දුමිඳු 20, නලින් පෙරේරා 20, ගයන ගීතාංජන 46/2, රවිඳු තිවංක 31/4) සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 32 (චමෝද් සුලක්‍ෂණ නොදැවී 12, විසුල ලක්‍ෂාන් නොදැවී 19)



අදහස් (0)

ගුරුකුල විදුහල ‘කැලණි සටනේ’ පළමු ජය ලබයි

ජගත් Sunday, 25 March 2012 05:11 PM

මගේ සුබ පැතුම් !

:       0       0

සුජීව ජයසූරිය Sunday, 25 March 2012 11:17 PM

ගුරුකුලට මගේ උණුසුම් සුබ පැතුම් !

:       0       0

කෝලිත Monday, 26 March 2012 07:33 AM

මගේ සුභපැතුම්

:       0       0

විරාජ් Monday, 26 March 2012 09:02 AM

උනුසුම් සුභපැතුම් ගුරුකුල විද්‍යාලයට.......

:       0       0

මංජුල කුමාරරත්න Monday, 26 March 2012 09:19 AM

නියමයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site