ලෝකප‍්‍රකට සම්මානලාභී ග‍්‍රීක සංගීතාඥ යානී ක‍්‍රීසෝමලීස් ලොව වටා සංචාරයක යෙදෙමින් සඳුදා රාත‍්‍රියේ ශ්‍රී ලංකන් ගුවන් යානයකින් සිංගප්පුරුවේ සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණ මිනිත්තු 45ක් රැඳී සිටියේය. ඔහු පියානෝ වාදකයෙකි. ගීත රචකයෙකි. තනිවම සංගීතය උගෙන ගත් ඔහු ප්ලැට්නම් හා රන් සම්මාන 35ක් දිනා සිටී ඔහු රටවල් 20ක දෙකෝටියක් සංගීත ලෝලයන් ඉදිරියේ සජිව සංදර්ශන පවත්වා ඇත.ගුවන්තොටෙහි සෙරන්ඞ්බි මැදිරිය වෙත ඔහු කැඳවාගෙන ගොස් ආගන්තුක සත්කාර දැක්වීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඕමාන කලමනාකරු ලක්ෂ්මන් වීරසිංහ මහතා මුල්විය. ශ්‍රීලංකාවේ මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාරය අනුව සුළුවේලාවක් රැඳී සිටිම දුකක් බව කී යානී යළි එන බව සඳහන් කෙළේය. 1954 වසරේ නොවැම්බර් 14 ග‍්‍රීකයේ කලමාටාහි උපන්නෙය.
ඔහුගේ ගීත ඇල්බම් ලොව වටා දෙකෝටියක් ජනතාව අතර අලෙවි වෙයි.
ඔලිම්පික් උළෙල මෙන්ම ලොව ජනප‍්‍රිය රූපවාහිනි නාලිකා රැසක් ඔහුගේ පසුබිම් සංගීත වාදනය කරයි. ලංකාවට ද එය හුරුපුරුදුය.


1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd