පාසල් නිල ඇඳුම් සදහා වවුචර්පත් වංචා දූෂණ සිදුනොවන අකාරයෙන් බෙදාදීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පවසයි.පවතින ගුරු හිඟයට පිළියම් යොදන බවද ඔහු කීවේය.
“වවුචර්පත් ක්‍රමය නිසා විශාල මුදලක් අපිට ඉතිරි කරගන්න පුළුවන් වුණා.මේ ක්‍රමය සිසුන්ටත් දෙමාපියන්ටත් කරදරයක් නෑ.“යැයි ඔහු පැවසීය.
ඔහු මේ බව පැවසූයේ බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදද? ගෙදර යන්න ඔන්න මෙන්න කියලා තියෙනකොටද? (නි)
සෑම්, හොඳ කියමනක්. ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට පත්ව ජනතා නියෝජිතයින් යැයි කියමින් එහි සිටින කාලය තුළ වගා කරන්නෙම දුෂණ හා වංචා. ඉතින් ඉන්න තැනේ හැටියටයි, තියෙන බලේ හැටියටයි, දුෂණ වංචා දැනට බොහෝ කලක් තිස්සේ නීතිගත වී ඇති බවක් මගේ හිතටත් දැනෙනවා. (නි)
ඔය අය ඉතිරි කරපු මුදල කීයද. ඒවා තියෙන්නෙ කොහෙද. ඒ මුදල් රටේ සංවර්ධනට යන්නෙ නැත්තෙ අැයි. ගොඩක් දුප්පත් ළමයින්ට අමතර මුදලක් අතින් දාලා රෙදි ගන්න වෙලා තියෙන බව ඔබ දන්නවද. ඉතින් වැඩක් තියෙනයද ඔය ඉතිරිය, වෙන්න ඕනෑ දේ නොවෙනවා නම්. (නි)
කියවනවා විතරයි. මෙලෝ වැඩක් නැහැ (නි)
මේක වෙන්නේ නෑ.(හේ)
මෙයාලා හරි දක්ෂයි චිත්‍ර කතා ගොතන්න සහ කියන්න. එහෙම කියපු කිසිම කතාවක් ප්‍රායෝගික වෙලා නැහැ. කයිවාරුව විතරයි. වැඩක් නම් කරලා නැහැ. කළොත් කරන්නේ බොරු සෝබන වැඩ විතරයි. හරියටම කියනවා නම් සීගිරියේදී හුළං බැහැපු ගූගල් බැලුම් එක වගේ. (නි)
හැබැයි අර උස මිටි කමට නොවෙයි හොදද? නියමිත ක්‍රමවේදය අනුව වියයුතුයි. (අ)
අර ඉස්කෝලේ ළමයාගේ ප්රශ්නය වගේ නොවෙයිනේ .අගමැතිවරයා සම්බන්ද වෙන්න අවශ්‍ය නැනේ.අපි බලමු? (අ)
ගුරුවරුන් අලුතින් බැඳෙන්න එන්නේ වෙන රැකියාවක් නැත්නම් පමණයි. ඇයි කියා සොයා බැලුවා නම් හොඳයි නේද. සුළු සහ මධ්‍යම සේවක වැටුප් සමඟ සසඳා බැලුවහොත් ගුරු වැටුප් ඉතාම අඩුයි. වැඩි බරක් දරන ගුරුන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගැන මිටවඩා සිතා බලන්න. ඔබට පින් සිදුවේවි (නි)
අවු 2ක් තිස්සේ කයිවාරුව විතරයි,වැඩ නැහැ. (අ)
ඔය තරම් ලාබාල වයසට ඇමති කමක් කරන්න බැහැ කියල මං කවදාවත් කියන්නේ නැහැ. ඒ වුණාට දිව්‍ය ලෝකයටත් හොරුන් යවපු මිනිස්සු ඉන්න අපේ රටේ කරන්න අමාරුම දෙය තමා "වංචා දූෂණ සිදුනොවන අකාරයෙන් ඕක බෙදාදීම" (අ)
ගියවර වවුචර වලින් මේවා කළ බව දන්නවද? කඩවල් වලින් නිල ඇඳුම් වෙනුවට වෙනත් ඇඳුම් සහ බඩුභාණ්ඩ ලබාගැනීම, වවුචාරයේ වටිනාකමට අඩු වටිනාකමකින් යුත් භාණ්ඩ නිකුත් කිරීම, කිසිදු භාණ්ඩයක් හෝ නිල ඇඳුමක් වෙනුවට වවුචරයේ වටිනාකමට අඩුවෙන් මුදල් ලබාගැනීම, වෙනදා රු 200 ඇඳුමට කඩවල් වලින් 300ක මිලක් නියම කර අතිරේකව අතින් මුදලක් කඩවල් වලට අය කරගැනීම. මේවා වංචා දූෂණ නොවෙයිද? (නි)
සත්‍යයා, දුෂණ වංචා නීතිගත කළාම ප්රශ්නය නිකන්ම විසඳෙනවානේ (නි)
දෙනු ලබන වවුචරයේ වටිනාකම එක් එක් සිසුන්ට වෙනස්වන බව ඇත්තක්ද? (නි)
එතකොට ඇමති හිඟයට පිළියම් යොදන්නෙ නැද්ද? (නි)
වවුචර් දීලා ඉතුරු කරගත් සල්ලි කෝ. (නි)
ගුරු හිඟය කොහොමවෙතත් ඇමති හිඟය නම් විසඳෙයි (නි)
ගුරු හිගයක් ඇතිවෙන බව දැනගන හිටියේ නැද්ද? (නි)
ළමෙක්ව හොඳ ඉස්කෝලයකට දාන්න අවස්ථා දුන්නා නම් හොඳටෝම ඇති. (නි)