වසර 10ක පමණ කාලයක් තිස්සේ ගෙවීම් ප්‍රමාද වී තිබූ හිඟ ගුරු වැටුප් සහ වර්ධක පියවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාශය රුපියල් කෝටි 90කට අධික මුදලක් වෙන් කර ඇත.
කලක් තිස්සේ පවතින හිඟ ගුරු වැටුප් සහ වර්ධක පියවීම සඳහා වහා පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර ඒ අනුව මෙම මුදල් වෙන් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරච්චිගේ, මොන ඉස්කෝලයටද ගියේ? හැම ගුරුවරයාම අමතර පන්ති කරනවද? පන්ති නොකර මහන්සිවෙලා උගන්වන ගුරුවරුන්ට සාධාරණයක් කළාම හොඳ නැද්ද? (නි)
අැයි මේ අය අමතර පන්ති කරලා හම්බකරන ඒවා මදිද? හරියට පාසලේ උගන්වපු නිසා වෙන්න ඇති හිඟ වැටුප් ගෙවන්නේ. (නි)
ආරච්චිගේ තනිකර කතා කරන්නේ ගුරුවරු එක්ක කුහකත්වයකින්. ඒ මිනිසුන්ට ජීවත්වෙන්න පුළුවන් පඩියක් දුන්නා නම් ටියුෂන් කරන්න පෙළඹෙයිද? බලන්න ඒ මිනිසුන්ගේ පඩිය කීයද කියලා. ආණ්ඩුවේ කම්කරුවෙක්ටත් අඩු පඩියක් ගුරුවරුන්ට ලැබෙන්නේ. (නි)
ආරච්චි , ටියුෂන් කරන්නේ ගුරුවරුන්ගෙන් 1% ක් විතර. ටියුෂන් කරන අයගෙන් 99%ක්ම එක්කෝ උසස්පෙළ සමතුන්. නැත්නම් කැම්පස් වලින් පිටවුණ අය. ඔවුන් ගුරු සේවයට බැදෙන්නේ නැහැ. රුපියල් විසිදහසකටත් වඩා අඩු පඩියකට සේවය කර ලක්ෂ ගණන් පඩි ගන්න වෘත්තිකයන් බිහිකරන්නේ මේ ගුරුවරු. මම ගුරුවරයෙක් නොවෙයි. ගුරු දෙවිවරුන්ගෙන් ඉගෙනගෙන බිහිවුණ ගණකාධිකාරීවරයෙක්. (නි)