කොස්ලන්ද මීරියබැද්දේ අවතැන්වූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකසන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලන බව ලංකා ගුරු සංගමය කියයි.
සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ දෙසැම්බරයේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටින එම ප්‍රදේශයේ සිසුනට නොකඩවා අධ්‍යාපන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැපයිය යුතු බවයි.
ප්‍රදේශයේ ගුරුවරුන්ට ද ඒ සඳහා සහන ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආශා, අනේද කියන්නේ, වලිගය පාගාගෙන වගෙයි කතාව. (ර)
ගුරුවරුන්ට මොන සහනද මේ වෙලාවේ.ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙලා මේ සත්කාරයට දායක වෙනවා මිසක.(හේ)
මෙවැනි ප්‍රකාශ හෙළා දකිමු.(හේ)
මේ ස්ටාලින් කියන මනූස්සයා බොරුවට මුදුනා වෙන්න යනවා.(අ)
මේ කියන්නේ මොනවද කියලවත් මුලින්ම කොමෙන්ට් දාපු තුන් දෙනාට තේරෙන්නේ නැහැනේ. වැස්සට වත් ඉස්කෝලේ ගිහින් නැහැ වගේ(අ)
මේ මොන කතාද? විභාගය නම් අත ළඟ තමා. නමුත් සියල්ලටම කලින් අවතැන් වූ දරුවන්ට විභාගය ලියන්නට සුදුසු මානසික තත්වයක් ඇතිකළ යුතුයි. දරුවන් වෙනුවෙන් සැබෑවටම දුක් වෙනවා නම් ගුරුවරුන්ට සහන ලබා දෙන්න කියා කියන්නේ නැහැ. ඒ වගේම ගුරු සංගමය කියනවා, නියෝග කරනවා. නමුත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නේ නැහැ. ජෝශෝප්ගේ "දර්ශණය" කවුරුත් දන්නා නිසා මේ කතා ගණන් ගන්නේ නැහැ.(අ)
ඒ කතාව හරි තව මාසයක්වත් නෑ සාමන්‍ය පෙළට.ඉක්මනින් මේ සම්බධයෙන් කඩිනමින් පියවරක් ගන්න.(හේ)
ඉල්ලීම් නම් හොඳ යි . නමුත් එන්ජීඕ වලින් සල්ලි ගන්නවා කියන කතාව නම් හොඳ නැහැ. (හේ)
කරන දෙයක් ඉක්මනට.(හේ)
මේ ගැන සිතා බලන්න.(හේ)
වැස්සටයි කන්දෙන් එන වතුර පාරටයි මඩවෙලා හැදිලා තියෙන මඩ ගොඩේ සමහරු මඩකරියෙක් දෙන්නෙක් අල්ලාගන්න හදනවා. (නි)
ක්‍රියාත්මක නොවුණත් මේ අදහස හොදයි.(හේ)