පන්තිය තුන් වැනි මහලේ පැවැත්වීම නිසා තුන් මාසයක් නිවසට වී සිටි දැරිය වෙනුවෙන් ඇය සිටින අටේ පන්තිය බිම් මහලට ගෙන එන බව කොළඹ විශාඛා විද්‍යාලයයේ විදුහල්පතිනි සඳමාලි අවිරුප්පල මහත්මිය කියන්නීය.
එම පන්තිය තුන් වැනි මහලේ ඇති නිසා දරුවා වඩාගෙන ඉහළ මාළයට නැගීමට මවට නොහැකිවීම හා පන්තිය බිම්මහලට ගෙන ඒම ගැන කළ ඉල්ලීම් විදුහල්පතිනිය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් එසැණ සහ ලංකාදීප පුවත්පත පසුගියදා වාර්තා කළේය.
දැරිය සිටින පන්තිය පහළ මාලයට ගෙනවිත් ඇයට අධ්‍යාපනය කරගෙන යෑමට අවස්ථාව දෙන්නේදැයි ලංකාදීප එදා විදුහල්පතිනියගෙන් විමසූ විට කීවේ එක දරුවකු වෙනුවෙන් එවැන්නක් කළ නොහැකි බවයි. ‘මේ පාසලේ සම්ප්‍රදායක් තියෙනවා. එක ඇවිදින්න බැරි ළමයෙන් නිසා එහෙම කරන්න පුළුවන්ද? ඒ ළමයා ඇවිදින්න බැරිව නිකන් ඕහේ ඇවිත් කාලය නාස්ති කරනවා විතරයි. පන්තිය පහලට ගත්තත් අයිටීවලට එහෙම යන්න බැහැනේ ඒ ළමයට.‘ යැයි ද එදා විදුහල්පතිනිය කීවාය.
ලංකාදීපයේ එම පුවත පළවීමෙන් පසු එම මව හා විද්‍යාලයීය ආදි ශිෂ්‍යා සංගමය සමඟ සාකච්ඡා කර දැරිය සිටින පන්තිය පහළට ගෙන ඒමටත්, වැසිකිලියට යෑමේ දී අවශ්‍ය පහසුකම් සැපයීමටත් තීරණය වූ බව විදුහල්පතිනි අවිරුප්පල මහත්මිය කීවාය.
ආබාධිතයන් සඳහා ක්‍රියා කළ යුතු ආකාරය දැක්වෙන ශ්‍රේෂ්ඨාධිකරණ මාර්ගෝපදේශනයක් මීට පෙර නිකුත් කර ඇති නිසා දැරියට වූ අසාධාරණය වෙනුවෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට ලංකා ගුරු සංගමය සහ සිවිල් සංවිධානය කිහිපයක් ද ඉදිරිපත් වී තිබිණි. මාස තුනක් දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.
දැරියගේ මව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ගොනු කළ පැමිණිල්ල ලබන 21 වැනි දා විභාගයට ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලට මතක ඇති 5 සමත් අත් දෙකම නැති, ඇවිදින්නට බැරි ගැහැණු දුවක් ගැන.දැන් එයා ඇහැළියගොඩ ජාතික පාසලේ 8 වසරේ. හැමදාම එයාගේ පන්තිය එකම තැන තියෙන්නේ. විදුහල්පතිතුමිය මොනතරම් කාරුණිකද කියලා බලන්න. ඒ ළමයා මොනතරම් සතුටින් සිටිනවද කියලා බලන්න. සියලුම වැඩ දෙපයින් කරන්නේ. මගේ දුවත් එම පන්තියේම ඉගෙනගන්නේ. අද පන්තියේ දක්ෂම ළමයෙක්. (නි)
මෙයාගේ හැසිරීම බොරුවට මවාගත් ගාම්භීරකමක්. සමහරවිට මෙයාගේ පසුබිම ඒ අසරණ ආබාධිත ළමයාගේ පවුල් පසුබිමට වඩා අන්ත ඇති.මේ විදියට උඩඟුකමෙන් කටයුතු කරන බොහෝ දෙනා හීනමානය ඇති (නි)
ගුණවත්කමින් තොර උගත්කමේ ප්‍රතිඵල තමයි. මෙයාගේ දරුවනුත් මේ ආරෙටම තමයි යන්නේ. (නි)
අනිත් මින්ස්සු ගැන හිතන්න පුරුදු කරවන්න ඕනේ. ඉස්සර මිනිස්සුන්ට අනුන්ගේ දුක දැනුනා, එකට දැන් . " එයාගේ අමාරුවට අපි පලිද " වගේ තමයි හිතන්නේ ලංකාදීප හොඳ වැඩක් (ම)
මෙයාව හොඳ හමුදා පාසලකට. එතන ලොකු පුටුවට බොහොම ගැළපෙනවා. (නි)
මේ වගේ අයට හරියන්නේ මාන්කුලම් හමුදා කඳවුරේ හමුදා බැරැක්කයක් භාරව කටයුතු කරන්න. දැරිවියන් ඉගෙනගන්න පාසලක් නෙමෙයි. ඇයි ඉතින් ශාරීරික අපහසුතා තිබෙන උදවිය එක්ක මෙයාට කටයුතු කරන්න බැහැ කියලා මෙයාමනේ කියලා තියෙන්නේ. (නි)
මේ නෝනා නුවර කෙනෙක් නේද ? ඒ පළාත හොල්ලාගෙන වෙන්න ඇති ඒ කාලයේ ඉන්න ඇත්තේ. එහෙ පාසල් වලදීත් ළමයින්ට මෙහෙම සළකන්න ඇති (නි)
මෙහෙම අය මෙවන් වෘත්තීන් වලට ගැළපෙනවාද? (නි)
ලංකාදීපයට පින්...අහිංසක නොදරුවාගේ ජීවිතේ ආලෝකවත් වෙනන් කියලා පතනවා (ම)
සුපිරි පාසල් තුළට ඇතුළුව ඇති දේශපාලනයට කෙක්කෙන් බැරි නම් කොක්කෙන් හෝ නිසි පිළිතුරු දියයුතුය (නි)
මෙහි දමා තිබෙන අදහස් මේ විදුහල්පතිට (විදුහල්පති කියන්න වටින්නේ නෙහෙ)දකින්න හෝ ලැබෙන්න සළසනවා නම් ජනතා විරෝධය කොහොමද කියලා තේරෙයි ...... (නි)
මේ වගේ විදුහල්පති වරු තියාගෙන වැඩක් නැ. ඕක ලංකාදීපයට හසු වුන නිසා හොඳයි. නැත්නම් පවු ඒ අසරණ ළමයා...(ම)
මේක කලින්ම කළා නම් කොච්චර ලස්සනද,එහෙනම් මෙච්චර බැනුම් අහන්න අපාස විදින්න ඕනා වෙන්නේ නැහැ ! (ම)
මම දැනට ඉන්නේ ජර්මනියේ. ඕක මෙහෙ උනානම් ඇය හිරේ. (බ)
දරුවෙකුගේ අධ්‍යාපනයේ වටිනාකම නොදන්නා විදුහල්පතිනියෝ මොනවටද? මාස 3 ක් ගෙදර හිටපු දරුවට මොන තරම් මානසික පීඩනයක් දැනෙන්න ඇද්ද? (ම)
මේක කියවන අය මොහොතකට හිතන්න මේ මගේ දරුවටයි උනේ කියලා. ඒ ඇති මේකෙ තියෙන සංවේදී කම තේරුම් ගන්න. (ස)
"‘මේ පාසලේ සම්ප්‍රදායක් තියෙනවා. එක ඇවිදින්න බැරි ළමයෙන් නිසා එහෙම කරන්න පුළුවන්ද?" අනේ මෙහෙමත් විදුහල්පතිනියෝ. (ස)
ඉස්සර මේ පාසලේ නියම වෘත්තීය ගරුත්වයක් ඇති, සංවේදී විදුහල්පතිනියන් සිටියා. ඊට පසුව පත් වුයේ දේශපාලන බලපුලුවන්කාරියන් . මෙන්න ප්‍රතිපල. ! (ස)
මේක ලංකාදිපයෙන් හෙලි කල නිසා හොඳයි. නැත්නම් කවුරුත් දන්නෙ නැතුවම යට යනවා. අහිංසක දරුවෙකුගේ ජීවිතය අඳුරු වෙනවා. විදුහල්පතිවරුන්ට පොතේ දැනුම දෙන්න කලින් මානුෂිකව හිතන්න පුරුදු කරවන්න වෙයි වගේ. (ස)
අපි මේ පාසලේ සිටිය කාලයේ නම් මෙහෙම අමානුෂික දේවල් සිදු වුයේ නැහැ. එවකට සිටියේ දරුවන් ගැන සංවේදී ගුරු වෘත්තියේ ගෞරවය රැකපු විදුහල්පතිනියක්. දැන් ඉතින් මෙතන පරිපාලනය දේශපාලනයට යටවෙලානේ. (ස)
මේ සිද්දියේ දෙපැත්තටම සාදාරන හේතු තියෙනවා...නමුත් දරුවාගේ අනාගතය වැදගත්. (ස)
වෙනත් ගුරුවරු දාලා ළමයාට හිරිහැර කරයිද? (ස)
මේ විදුහල්පතිනිය විශාකාවේ තියා පෙට්ටිකඩේ ඉස්කෝලේ විදුහල්පතිකමටවත් සුදුසු නැති බව තමාම ඔප්පු කරලා තියනවා. (ස)
නැද්ද ෆොටෝ එකක් එහෙම බලාගන්න? මෙහෙම අය මාරුකරන්න තියෙන්නේ කෙළින්ම ගෙදරට, පෙන්ෂනුත් නැතුවම. (නි)
"දිසාපාමොක්" කියන නමට අගෞරව කරන්න එපා.මෙයාට සුදුසු නම පත්තරේ පල කරන්න බැරි නිසා ලියන්නේ නැහැ. (ම)
කාන්තාවක් හැටියට ලැජ්ජා විය යුතුයි. මෙවැනි විදුහල්පතිනියෝ. දරුවා මාස 3 ක් කොහොම හරි ගෙදර තිබ්බා පංතිය පහලට ගේන්නෙ නැතුව (ම)
ආබාධිත දරුවෙකුට පිහිටවෙන්න බැරි මේ සමාජය මොකක්ද? බලය තියෙන එකා දුර්වලයින් පෙරළාගෙන පාගාගෙන යන සමාජයක් හරියට කැලයක ඉන්න සත්තු වගේ නෙමෙයිද? දරුවන්ට යහමඟ කියාදෙන විදුහලක ප්‍රධානියාගේ මේ ආකල්ප කෙසේ විග්‍රහ කරමුද? (නි)
මෙයත් කර්නල් කෙනෙක්ද? (නි)
මෙයාගෙ පසුබිම ගැනත් පොඩ්ඩක් දැනගන්න බැරිද? කාගෙ කවුද කියලා එහෙම. මෙයාව රූපවාහිනි පුවත්වල පෙන්වන්න වටිනවා ලැජ්ජා හිතෙන්න. (නි)
මම ඉන්න රටේ බහුතරයක් රැකියා වලට ආබාධිතයන්ට අවස්ථා ලැබෙනවා.බස් වල , උස්පහත් කළ හැකි ප්ලැට්ෆෝම් එකක් තිබෙනවා රෝද පුටු වලට. ගොඩනැගිලි වල සෝපාන සහ විශේෂ වැසිකිළි සෑම නගරයකම තිබෙනවා. රජයෙන් දීමනාවකුත් තිබෙනවා. තව කියන්න ගියොත් සමහර භුමි පුත්‍රයන් මට බනින්න ඉඩතිබෙනවා. (නි)
මෙවැනි කාරණා වලදී විදුහල්පතිවරුන් මීට වඩා බොහෝ සංවේදීව සිතියයුතුයි (නි)
ඇයගේ දරුවෙකුට මෙහෙම දෙයක් වුණා නම් තේරෙයි (නි)
ලංකාදීපයට තුති! (නි)
මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ. අපේ පන්ති වල ආබාධිත ශිෂ්‍යාවක් සිටියා. ඇගේ අම්මා හැමදාම ඇයත් එක්ක උදේ සිට පාසලේ රැඳිලා ඉන්නවා. සිසුවියට වැසිකිළියට තනිවම යන්නත් බැහැ . අපිටත් වයස 8 ක් 9 ක් නිසා ඇයව වත්තන් කරගෙන යන්න අමාරුයි. එහෙත් මට තාම මතකයි අපේ පන්ති බාර කල්දේරා ගුරු මහත්මිය සහ කුසුමා වැලිකල විදුහල්පතිනිය ඒ සිසුවිය සමබන්ධයෙන් කටයුතු කළ කරුණාවන්ත විලාශය. මට තවම මතකයි ඇයව ඉන්‍ඳෙව්වේ ඒ කාලයේ ඉගෙනගන්න දස්කම් පෑ හොඳම සිසුවිය ළඟ. ඒ පාසලේම ගුරුවරියකගේ දියණිය වුණ ඒ යෙහෙළිය ඇයට ගණන් කියාදිදී උදව් කරනවා මට තවම මතකයි. අනේ අපේ ඒ සුන්දර පාසල් කාලය අද දරුවන්ට කොහෙද? (නි)
නිදහස් අධ්‍යාපනය බිහිකළ අය කරන වැඩ (අ)
අමානුෂිකත්වය, වෙන කුමක්ද? (අ)
විදුහල්පතිනිය තනි මතයට මේ වෙනස්කිරීම මුලදීම කළා නම් අර ප්‍රශ්න වැල අහන්නේ මේ කෑගහන සංගම් සහ මේ ප්‍රතිචාර ලියන ජනතාවමයි. ඒක තමා අපේ මිනිසුන්ගේ හැටි. (නි)
අමාරුව දැනෙන්න පිටිසර පාසලකට මාරු කළ යුතුයි (අ)
ලොකු ලොකු විදුහල් වල විදුහල්පතිලා විතරක් නෙමෙයි,සමහර ආයතන වල බෙල්ල හිරවෙන්න ටයිපටි බැඳගෙන ඉන්න අධ්‍යක්ෂක උත්තමයෝ එහෙමත් ලෝකයේ දියුණු සමාජයේ තිබෙන ක්‍රමවේදයන් මානව හිමිකම් ආදිය කිසිම දෙයක් දන්නේ නැහැ. වෙන එකක් තියා තනතුර ලැබුනහම හිතන්නේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ආයතන නීතිරීති සියල්ලම තමන්ගේ මතයට තමයි වැඩකරන්නේ කියලා.ඔය එක්කෙනෙකුට මතක හිටින්න දඬුවමක් දුන්නොත් විතරයි අනිත් අයත් තමන්ට තනතුරේ වැඩකරන්න රාජකාරිමය වශයෙන් ලැබී තිබෙන බලතල සිමාවන් ගැන හිතන්න පුරුදුවෙන්නේ. අපේ රටේ දඬුවම් දෙන්නේ වැරදි කළවිට විතරයි. නමුත් හරි දේ කිරීම පැහැර හැරීමටත් දඬුවම් දෙන ක්‍රමයක් ඇතිකළ යුතුයි. (නි)
මට ලොකු දුකක් දැනෙනවා ඒ නෝනාට දොස් කියනකොට (නි)
ඔබතුමිය හොඳ වෙලාවට ලංකාව වගේ නීතිය වල්වැදුනු රටක ඉපදුනේ. ඔය වැඩේ අපි ජීවත්වෙන ඕස්ට්‍රේලියාව වැනි රටක ආබාදිත කෙනෙකුට කළා නම් මුළු ජීවිත කාලයටම ළමයින් සමඟ වැඩකිරීමේ තහනමකුත් එක්ක , දේපල ඔක්කොම විකුණලා වන්දියකුත් ගෙවෙන්න වෙලා.අම්මපා! මේ වගේ කෙනෙක් කොහොමද මේ වගේ තැනක මුල් පුටුවට ආවේ? (නි)
අපේ රටේ මිනිස්සු තමුන්ගේත් අන් අයගෙත් අයිතිවාසිකම්, යුතුකම්, වගකීම් ගැන මීට වඩා දැනුවත් වෙන්න ඕනෑ. මෙතන මේ දරුවාට වූ අසාධාරණය ගැන පැහැදිලි සාක්ෂි තියෙද්දී, මේ විදුහල්පතිනිය ගැන විනය පරීක්ෂණයක්වත් තාම අධ්‍යාපන බලධාරීන් ආරම්භ කරලා නැහැ වගේ. ඇහුවොත් කියයි "අපිට තාම පැමිණිල්ලක් ලැබිලා නැහැ කියලා". වෙන්න ඕනෑ පැමිණිල්ල ලැබෙනතුරු ඉන්න එකද? වැරැද්ද දුටු වහාම අවශ්‍ය කටයුතු කර සමාජයට පුර්වාදර්ශයක් දෙන එකද? (නි)
ඇයට ළමයි එක්ක වැඩකරන්න නම් බැහැ වගෙයි (නි)
මේ වගේ ගති තිබෙන ගැහැණු කෙනෙක්ද මේ පාසලේ විදුහල්පතිකම කරන්නේ? කාන්තා පරපුරට පමණක් නෙමෙයි, ගුරු පරපුරටත් ලැජ්ජාවක්!! පොඩි දෙයටත් මහා ලොකුවට කුපිතවෙන මිනිස්සු මේ වගේ ගති ඇති අය ගැනයි තීරණ ගන්න ඕනෑ. ඒක බාල පරම්පරාවටත් දෙන හොඳ ආදර්ශයක්. (නි)
අසරණ ළමයාට පිහිටක් වීම ගැන ලංකාදීපයට තුති! (නි)
අපි රට බේරාගත්තේ අපමණ දුක්විඳලා. ආබාධිත අපේ කදුළු එයාලට තේරෙන්නේ නැහැ. මේ දරුවාට කළදේට කවදාහරි පටිසන් දෙනවා. (නි)
ලොකු පාසල්වල විදුහල්පතිවරු ලෙස ඉන්නේ ලොකු ලොකු තැන්වලට සම්බන්ධ උදවිය. ඒ හයිය අරගෙන මෙයාලා හැසිරෙන්නේ නීතියට උඩින්.මේ වගේ පාසල්වල ආදී සිසු සංගම් වලට බැරි ගැහැණියෙක් පිරිමියෙක් කරන්න පමණයි.අනිත් කාරණය රටේ මැති ඇමති උදවියගේ දරුවෝ ඉන්න නිසාත්,මොකුත්ම බැරි වුණත් එම දරුවෝ ශිෂ්‍ය නායක,බෑන්ඩ් කණ්ඩායම් නායක කරලා දෙගොල්ලෝ තම තමන්ට උදවු කරගන්නා නිසාත් මේ තැන්වල ඉතා අසාධාරණ දේවල් සිදුවෙනවා."වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ අමාරුව" පොඩි පොඩි අයගේ වැරදි පමණක් පෙන්වා මහාඋන් හංගන රටක "ලංකාදීපය" කොන්ද කෙළින් තබාගෙන මේවා හෙළිකිරීම ගැන මගේ උත්තමාචාරය ! (නි)
මේ විදුහල්පතිට විනය පරීක්ෂණ පවත්වා දුර පළාතකට මාරුකරන්න ඕනෑ අනිත් මිනිසුන්ගේ දුක තේරෙන්න. ආදි ශිෂ්‍ය සංගමයටත් පින්සිදු වෙන්න ඕනෑ. දරුවාට හොඳින් ඉගෙනගන්න ලැබේවා! (නි)
බක්මහ අකුණු වලින් ප්‍රවේශම් වන්න (නි)
කිසිම කමකට නැහැ. මේක යුරෝපයේ වුණා නම් මෙයා මේ තනතුරෙනුත් ඉවත්කරලා. නැවත පාසලකට එයාට යන්නත් බැහැ. හරිම පහත් වැඩක්. (නි)
මට පෙනෙන්නේ මේ කාන්තාව ධම්මගේ සහ තිස්සගේ සහෝදරියක් වගේ. (නි)
විදුහල්පතිනියට නිසි දඬුවම් දෙන්න. (නි)
ඈ සෑම් මහත්තයෝ, මේ වගේ විදුහල්පතිනියක් පිටිසර පළාතකට මාරුකරන්න කියලද කියන්නේ? එතකොට ඒ ප්‍රදේශවල ඉන්න අහිංසක දරුවන්ට මොකද වෙන්නේ? අපේ රටේ මිනිසුන්ට දේශපාලන උණ තිබුනට මානුෂික උණ නැහැ, මේවා ගැන කටඇරලා කතා කරන්න. අන්න ඒකයි ප්‍රශ්නය? (නි)
ධම්ම මහතාගේ නමේ හැටියට කියන දේවල් අදහාගන්න බැහැ. (නි)
පත්තරේට යනතුරුම නිකන් සිටි විදුහල්පතිනිය! ලංකාදීප පුවත්පතට ස්තුතියි! (නි)
විශාඛා විද්‍යාලය නමින් බෞද්ධ වුණාට ආනන්දයේ වගේ නියම බෞද්ධ පසුබිමක් නැහැ කියලයි මම නම් කියන්නේ. පුහු අදහස් ඇති ලොකු ලොක්කන්ගේ දූලට විශේෂ සැළකිලි කරන ගුරුවරියෝ තමයි කවදත් බහුතරය හිටියේ. ළමයිනුත් අතර පුස්ස බින්දා වගේ ගතිගුණ ඇති අය ගොඩක් හිටියා. වැඩිපුරම උසස් කියා සැළකෙන සමාජයට අයත් නැති, එහෙත් ඊට ඇතුළු වන්නට දඟලන අය මේ පාසලේ සිටිනවා. මගේ නෑදෑයොත් ගියේ ඔය පාසලට. (නි)
මේ දැරිය ආභාධිත තත්වයට පත් වෙලා තිබෙන්නේ හොඳින් ඉගෙනීමේ යෙදෙන අතරතුරේ. දැරියගේ කටයුතු වලට කාලය ගත වීම නිසා පියාගේ රැකියාවත් අහිමි වෙලා. විදුහල්පතිනිගේ කකුල් දෙක ළඟ වැඳ වැටිලා කිව්වලු පන්තිය පහලට ගෙන එන්න කියල. මේ විදුහල්පතිනිය එවිට කියල තියෙන්නේ මේ ළමයාගේ ඉරණමේ තියෙන්නේ 8 ශ්‍රේණියට විතරක් පාසල් යන්න විතරක් වෙන්නැති කියලාලු. කාන්තාවක් මෙහෙම කොහොම නපුරු වෙන්නද ? ඊටත් ගුරු වෘත්තියට සම්බන්ධ කෙනෙක්. (අ)
මේ ළමය ආයෙත් අපුවහම කරදර කරන්න පටන් ගනීද දන්නේ නෑ. එක ගැන හොද අවධානයෙන් ඉන්න වෙයි. දේශපාලුවන්ගේ පන්දමට පත්වීම් ගත්ත අය කරන්න දන්නේ ඕවගේ වැඩ විතරයි. (අ)
විදුහල් පතිනියගේ දරුවෙකුට මෙහෙම වුණා නම් . හදවතක් නැති ගෑනියක්. (අ)
මගේ කිසිදු සම්බන්ධයක් මේ පාසල සමඟ නැතිවුණත් අධ්‍යාපනය අතින් මෙම පාසැල හොඳ ජනප්‍රිය පාසලක් බව නම් දනිමි. ප්‍රශ්නයක් ඇතිවෙනකොට එම ප්‍රශ්නයට ප්‍රායෝගිකව මුහුණදෙන අයටයි එහි බැරෑරුම්කම වැටහෙන්නේ. මෙසේ එක දැරියක් වෙනුවෙන් මුළු පන්තියම පහළට ගෙන එන සිද්ධියට විදුහල්පතිනිය වරදකරු කළ නොහැක. මෙවැනි දරුවන්ට තාවකාලික විසඳුම්වලින් පලක් වන්නේ නැත. මෙවැනි දරුවන් සෑම පන්තියකම සිටියානම් විදුහල්පතිනියට කළහැක්කේ කුමක්ද ? ඇය සිතන්නට ඇත්තේ එහෙමයි. දෙපැත්තම කැපෙන ස්වභාවයක් මෙහි පෙනෙන හෙයින් මෙවැනි ළමුන් ඇතුළත් කිරීමේදී ළමුන්ට අසාධාරණයක් නොවන ආකාරයෙන් යම් ක්‍රියාපටිපාටියක් අනුගමනය කළයුතුයි. මාස තුනක කාලයක් ගතවනතුරුත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් නොවී සිටීම ඛේදජනකයි !!!! (නි)
මෙම විදුහල්පතිනියට එරෙහිව වහාම විනය පියවරක් ගත යුතුමයි .හැබැයි ඒක කරන්නේ නැහැ බලධාරීන් මොකද බලධාරීන් බයයි ජාතික පාසැල් විදුහල්පතින්ට ,මේ දරුවගේ දෙමාපියන් ජාතික පාසල් අධ්‍යක්ෂකට පැමිණිලි කලා ,මිනිහා කිව්වේ විදුහල්පනියත් සමග කතා කරගන්න කියලා කතාකරලා බැරි වුණ නිසානේ අමාත්‍යනසේට අවේ .ඒක නිසා මෙම දරුවා අපහසුතාවයට පත්කළ සියලු දෙනාට විරුද්දව තදබල විනය පියවරක් ගැනීම අනිවාර්යයි .හැබැයි ඒක කරන්නේ නැහැ .විශේෂයෙන් ලංකාදීපයට ප්‍රණාමය පුදකරණ අතරම මාධ්‍යයත් ජාතික පාසල් වලට බයයි .මොන විද්යුත් මාධ්‍යයේද මේ ගැන කතා කලේ (අ)
ලංකාදීප, ඔබට තුති අහිංසක දුප්පත් ආබාධිත මෙරටේ දියණියක වෙනුවෙන් කළ සටන සම්බන්ධයෙන්. ගුරුවර පදවි දරන හැමෝම මේ උත්තම ගුරු පදවියෙන් පුදන්න බැරි බවත් ඔබ මේ සමඟින් රටට පැහැදිලිකළා. වෙන දියුණු රටක නම් මේ වගේ ආබාධිත එක දරුවෙක් වෙනුවෙන් හැම දෙයක්ම වෙනස් කරනවා. (නි)
හරි ගුරුවරයෙක් නම් මේ වගේ අහිංසක ආබාධිත දරුවෙක් අයිටී වලට යන්න බැහැනේ නොකියා තමුන්ගේ අත්දෙකින් ඔසවාගෙන යනවා. කොහොමද ඉතින් තමුන්ගේ පාසලේ දරුවන්ට මිනිස්කම ගැන මෙයාලා කියාදෙන්නේ? (නි)
මම ඉගෙනගත් පාසල නම් විශාකා විද්‍යාලය තරම් ලොකු පාසලක් නොවුනත් මම 10 වසරේ අධ්‍යාපනය ලබන කාලේ පන්තියේ ළමයෙක් හිටිය ශල්‍යකර්මයක් කෙරීම නිසා ඉහල මාලයට නගින්න අපහසු. අපේ විදුහල්පතිනිය හැකි ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගත්ත අපේ පන්තිය විතරක් පහලට ගෙන එන්න. මේ විදුහල්පතිනිය නම් ලේසියට වෙන්න ඇති මේ වැඩේ කරන්න බැහැ කියලා නිකන් ඉන්න ඇත්තේ. ලංකාදීපය මේ වැඩේට හවුල් වෙලා ලොකු පින්කමක් කරගත්තේ.
"සුසැටබරණින් සැරසුණු විශාඛාව සඳලුතලයෙන් බිමට බසී" ලංකාදීපයට තුති! (නි)
විශාඛාව මා උගත් පාසලයි. මේ විස්තරය අසා මම කම්පනයට පත්වුණා. යමෙක් උපතින් හෝ පසුව ආබාධිත වීම නිසා ඔහුට හෝ ඇයට මානව හිමිකම් ලබානොදීම කෙතරම් අමානුෂිකද. බෞද්ධ විදුහලක් වන විශාඛාව දරුවන්ට දෙන ආදර්ශය මෙයද? මා වසන කැනඩාවේ ආබාධිත පුද්ගලයන්ට සමාජයේ සෑම තැනකදීම අතිවිශේෂ පහසුකම් ලැබේ. බස්රිය වල පවා ඔවුනට පහසුවෙන් නැඟීමට බැසීමට ඉඳගැනීමට පහසුකම් ඈත. (නි)
මෙයා කොහොම විශාකා විද්‍යාලයේ විදුහල්පති වුණාද?කිසිම මනුස්සකමක් නැති අයෙක්. පිටරටක වුණා නම් කෙළින්ම මෙයාව පහළට දානවා. (නි)
මේ විදුහල්පතිතුමියට"හරි පුදුම ඉස්කෝලේ " ජපන් කතා පොතේ සිංහල පරිවර්තනය කියවන්න දෙන්න ඕනෑ කොහොමද ආබාධිත ළමයින්ට සළකන්නේ කියලා කියලාදෙන්න. (නි)
කවුරු මොනවා කියලා කෑගැහුවත් තව ටික දිනකින් ආදි ශිෂ්‍යයාවන් එකතුවෙලා මෙයාව ගොඩින් බේරලා දානවා.මොකද මේවගේ සංගම්වල තනතුරු දරන්නේ රටේ ඉහළම උදවිය.මිනීමැරුමක් වුණත් පාසල වෙනුවෙන් කියලා ඒවා ගොඩින් බේරාගන්නවා.හැබැයි එයාලම ළමා අයිතිවාසිකම්, රටේ නීතිය වැනි දේශනා රටටත් දෙනවා.ඔය ලොකුයි කියන අයගේ හොඳ තිබෙන්නේ ලෝකෙට පෙනෙන්න විතරයි.මේක තමා සත්‍ය.අර ඈත දුර පළාත්වල අහිංසක ගම්වැසියන් හිතනවා කොළඹ ලොකු නෝනලා මහත්වරු උගත් , ඉංග්‍රීසි සුරු සුරු ගාලා කතාකරන,හරි බුද්ධිමත් අය කියලා. (නි)
මම අධ්‍යාපනය ලැබුවේ රාජකීය විදුහලේ. අප විදුහලේ මෙවැනිම රෝගී තත්වයක සිසුවෙකු සිටියා. ඔහු සුද්දම්මික ආටිගල මහතාගේ සොහොයුරෙක්. ඔහු පාසල් පැමිණියේ රෝද පුටුවකින්. අප විදුහල්පතිතුමාත් ගුරුවරුත් ඔහුට කිසිම අඩුවක් කරේ නැහැ. අප අනෙක් පන්ති වෙනත් ගොඩනැගිල්ලක තිබුනත් ඔහු නිසා ඔහුගේ පන්තිය පහල තට්ටුවේ ඔහුට යාමට ඒමට පහසුවෙන අයුරින් ලබා දුන්නා. ඔහු ගුරුවරුන් භාවිතා කරන වැසිකිලිය පවා පාවිච්චි කිරීමට අවසර දුන්නා. ඔහු අද ජීවතුන් අතර නොමැත. ඔහු පාසල් නෑවිත් ගෙදර සිටින්නට ගියත් විදුහල්පතිතුමා සහ ගුරුවරුන් ඔහුව ඉල්ලා ඔහුට සියලු පහසුකම් සලසා දුන්නා. කිසිම අවස්ථාවක අප හෝ ගුරු මඩුල්ල හෝ විදුහල්පතිතුමා ඔහුව කොන්කරේ නොමැත. අප බිග් මැච් පවා ගියේ ඔහුව කර පින්නාගෙනය. බෞද්ධ පාසැලක් වෙලත් මෙවැනි විදුහල්පතිනියක් කළ ප්‍රකාශයන් සහ ගත් තීරණයන් ඉතා පිළිකුල් සහගතයි. මම මෙම ප්‍රවෘත්තිය දුටුවේ ජාත්‍යන්තර ප්‍රවෘත්ති ප්‍රකාශයකින් මුළු ලොව පුරාම ප්‍රකාශනය වූ ප්‍රවෘත්ති විකාශනයක් මගිනි. මෙය අප රට ජාතිය පමණක් නොව ආගමට පවා අගෞරවයකි. ශ්‍රී ලාංකිකයන් මිලේච්ඡ ජාතියක් බව නැවතත් මෙමගින් පෙන්නුම් කර ඇත.(නදී)
අනේ ඇත්තට මෙහෙමත් ගැහැණු! (නි)
ළමය හයි ෆයි සිසුවියක් නම් නඩුවක් දාලා කෝටි ගානක් ගන්නත් තිබුනා. ඉගෙනීම කරගෙන ගිහින් දොස්තර වරියක් වෙන්නත් තිබුනා. (නදී)
තම පාසලේ ළමුන් එම පාසලේ ගුරුවරුන්ගේ ටියුෂන් පන්තිවලට යැවීම තහනම් කල යුතුයි (නදී)
මේ වගේ විදුහල්පතිවරුන් ගැන ලැජ්ජයි (නි)
මට මේක කියවනකොට දැනුනේ සැබවින්ම මගේ දරුවා කියල අපේ රටේ දරුවෙක්ට උදවූ කරපු ලංකාදිපයට මගේ ප්‍රනාමය පුද කරමි (බ) `
ඒ නෝනා කරලා තියෙන්නේ බාල්දිය ඉල්ලාගෙන ඇදගෙන නෑමක්නේ. ඒ දරුවා 7 පන්තිය වෙනතුරු ඔය පාසලේ හිටියා නම් 8 පන්තිය ඒ ළමයාව බිම තියලා ඇයි උඩට ගෙනිච්චේ? (නි)
මගේ පුතා ඉන්නේ 4 වසරේ එයාගේ පන්ති බාර ටීචර් ශිෂත්ව පන්තියක් දාලා අපේ ගෙදර ඉදලා කි.මී. 6 ක් විතර දුරයි.ගෙදර ඉදලා මීටර් 500 දුර පන්තියකට පුතාව ගිය අවුරුද්දේ ඉදලා වයිෆ් යවනවා ටීචර් පන්තියට යවන්නේ නැත්නම් ඉස්කෝලෙදි ළමයාගේ පොත් බලන්නේ හරියට ලකුණු දෙන්නේ නැහැ.දැන් ළමය මේ පන්ති දෙකටම යවනවා.මම අැහුවා පුතේ ටිචගේ පන්තිය හොදද කියල.අනේ ළමයා කිව්වා "අපෝ චික් ඉදින් විතරක් කියාලා.මේ අධ්‍යාපන ක්‍රමය පුංචි මනස විකෘති කරනවා.මගේ අදහස මේ අපරාධ රැල්ලට 50% වග කියන්න ඕන මේ අධ්‍යාපන ක්‍රමය.මම ලංකාදීපෙන් ඉල්ලන්නේ පුලුවන්නම් 5 වසර ගිය රජයෙන් කරන්න ගිය විදියට 7 වසරට ගෙනියන්ඩ හඬක් නගන්න.2016 මගේ පුතා ශිෂ්‍යත්ව විභාගේ කරන්නේ 2016 ඉදලා විභාගේ නැහැ කිව්වම මම හරියට සතුටු උනා.ජාතියේ අවාසනාවට ආයේම පටන් ගත්තා.මේ විභාගෙන් යාන්ත්‍රික ළමයි බිහිවෙන්නේ ස්වභාවික ළමයා අකාලේ මිය යනවා.රටේ අපරාධ ඉහල යනවා.හොද අදහසකින් පටන් ගත්ත මෝඩ වැඩක්. (බ)
අනේ ඉතින් බලන්නකෝ මේ ප්‍රශ්නෙදි එතුමියගේ සිතට ආ විසඳුම? මේ කියලා තියෙන්නේ එතුමියගේ කටින්මනේ? ‘මේ පාසලේ සම්ප්‍රදායක් තියෙනවා. එක ඇවිදින්න බැරි ළමයෙන් නිසා එහෙම කරන්න පුළුවන්ද? ඒ ළමයා ඇවිදින්න බැරිව නිකන් ඔහේ ඇවිත් කාලය නාස්ති කරනවා විතරයි. පන්තිය පහළට ගත්තත් අයිටී වලට එහෙම යන්න බැහැනේ ඒ ළමයට.‘ (නි)
ඔබ දන්නවාද? මම ඉගෙනගන්න විදුහලේ ආබාධිත පුද්ගලයෙකුට විහිළු කළ විදුහල් සේවකයෙක් පොලිසියෙන් පැමිණ අත් මාංචු දමා ගිහින් හිරේට දැම්මා.එතරම් ප්‍රබලයි මේ ආබාධිතයන් වෙනුවෙන් ලොව සකසා තිබෙන රෙගුලාසි. ලංකාවටත් මෙය වලංගු වුවත් මේවා බරපතල ලෙස ගණන් ගන්නේ නැහැ. මන්ද ඔහු බලවත් නම් වරදක් කර බේරෙන ක්‍රම තිබෙන නිසා.ලෝකයේම නම රැන්ඳූ ලංකාවේ උසස්ම බාලිකාවේ විදුහල්පති මේ කළ ක්‍රියාව නම් දොවපු කිරි ටිකට ගොම කලවම් කළසෙයක් දැනෙන්නේ (නි)
කර්නල්වරියක් නිසා ෆීල්ඩ් මාෂල්කමක්වත් ගන්න බලනවාද මන්දා? (නි)
තංගල්ල ප්‍රාදේශීය සභාවට ඉල්ලන්න සුදුසුකම් තිබෙනවා මට නම් පෙනෙන හැටියට (නි)
සම්ප්‍රදායක්, සිරිත්, නීති... මේ හැමදේම පවතින්නේ මනුෂ්‍ය වර්ගයාට යහපතක් සිදුකිරීමටයි (නි)
අනේ දෙවියනේ මෙහෙම කතාකරන්න පුලුවන්ද? (නි)
ඔක්කොමල බනින්නේ එකම දෙයක් අරමුණු කරගෙනනේ. වෙනස් අදහසුත් අපට අවශ්‍යයි (බ)
වහාම ක්‍රියාත්මක වනපරිදි සේවය පිළිබඳ තීරණයක් ගතයුතුයි (නි)
මෙතරම් හොඳ නමක් තියාගෙන සිටි පාසලට මේ තැන්තිතිය අසුචි පුරවලා ගලි බවුසරයක් මුදා හරිනතුරු ආදී සිසුවියෝ මොනවාද කළේ? වැඩේ නම් කැතයි. විශාඛා එකේ නම දේශීය වශයෙන් පමණක් නෙමෙයි විදේශීය වශයෙනුත් නැතිවෙලා. මම මේක දැක්කේ ඕස්ට්‍රේලියාවේ රූපවාහිනී ප්‍රවෘත්ති වල. මගේ කිසිම ළමයෙක් ඔය පාසලට යවන්න නරකයි. ගැහැණුකමටත් ලැජ්ජයි (නි)
දේශපාලන බලය පෙන්නා ආ අය තනතුරු වලට පත්වුණාම ඔහොම තමයි (නි)
පෙනෙනවා නේද ..? මාධ්‍යවේදියෙකුගෙන් සහ මේ ලංකාදීපයෙන් සිදුවන සේවාව?? මාධ්‍යවේදියා ඒ ප්‍රශ්නය සොයාගෙන ගියේ නැත්නම් ඒ දරුවා තාමත් ගෙදර. ඒතරම් උතුම් සේවාවක් කරන මාධ්‍යවේදියාට තමයි ගහලා, ඔලු පළලා, අමානුෂික විදියට පහරදෙන්නේ.තිරිසන් මිනිසුන් ඉන්න ලෝකයක් මේක. ඒ දරුවාට සාධාරණයක් ඉටුකර දෙන්න වෙහෙසුන මාධ්‍යවේදියාට ගොඩක් පින්....! (නි)
ඔය පාසලට මෙම ළමයා ඉන්නතුරු විදුලි සෝපානයක් මගේ පුද්ගලික ධනයෙන් සාදාදීමට කැමතියි. හැබැයි ළමයා පාසලෙන් අස් වූ දිනක එම සෝපානය තවත් එවැනි ළමයකුගේම අවශ්‍යතාවය උදෙසා ගළවාගෙන යාමට කැමැත්තෙමි. කරුණාකර දුරකථන අංකයක් හෝ ලිපිනයක් එවන්න. අනේ අපොයි මෙහෙමත් විදුහල්පතිලා? (නි)
විදුහල්පති කෙනෙක් වෙන්න මොනතරම් කාරණා සම්පුර්ණ කරලා තියෙන්න ඕනෑද? මෙයින් පෙන්නුම් කරන්නේ මේ තැනැත්තිය මෙතන පත්වෙලා තියෙන්නේ ඒ තුළින් නොවන බවද? (නි)
ඉස්සර ගුරුවරු වගේ නෙමෙයි දැන් ඉන්න අය (නි)
ලොකු තනතුරු දරන ගොඩක් අයට ඇත්තේ පාටකළ ලස්සන මුහුණක් පමණි (නි)
මේ නොදරුවා ගැන කියා ඇති ප්‍රකාශය මේ කාන්තාවගේ තරම පෙන්වනවා. (නි)
විදුහල්පතිනියෝ වෙන්න ඕනෑ හිත උණුවන කරුණාවන්ත කට්ටිය. (නි)
මම ඉන්නේ ඇමෙරිකාවේ. මෙහෙ වුණා නම් විදුහල්පති හිරේ. (නි)
අපේ රට බෞද්ධ රටක් වුණාට කිසිම මනුස්සකමක් නැහැ,බොහොමයක් ඉහළ නිලතල දරන උදවිය ළඟ. ඒත් බලන්න බෞද්ධ නොවෙන ඔස්ට්‍රේලියාව වගේ බටහිර රටවල් ආබාධිත අයට කොච්චර ප්‍රමුඛත්වයක් සමාජය තුළ දී තිබෙනවද කියලා. මගේ යෝජනාව වන්නේ මේ කාරණය සම්බන්ධයෙන් රජය අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරන්න ඕනෑ ඉතාම ඉක්මනින්. ඒ වගේම මේ විදුහල්පතිනියට අනිත් අයට පාඩමක් වෙන විදියට විනයානුකූලව දඬුවම් කළයුතුමයි. (නි)
මේ සංස්කෘතිය නැතිකරන්න ඕනෑ. 'ලොකු,ජනප්‍රිය' පාසල් සංස්කෘතිය නැතිකරන්න ඕනෑ. (නි)
කොහොමද මන්දා මෙහෙම කතාකරලා තියෙන්නේ? (නි)
අනේ ඇත්තටම මෙහෙමත් අය මේ තනතුරු වලට යනවාද? (නි)
මම ජීවත්වන රටේ ආබාධිතයන්ට වෙනම පහසුකම් තිබෙනවා. කොටින්ම නගරයේ පොදු වැසිකිළි, සෝපාන, ගොඩනැගිලි වල ඇතුළුවීම් දොරටු, රෝහල් වල වැසිකිළි සහ බස් රථයේ රෝද පුටුවට ඇතුළුවීමේ පහසුකම් මේ කාන්තාවට පෙන්වන්න ඕනෑ. බොහොමයක් රැකියා වලට ඇබෑර්තුවේ විශේෂයෙන් සඳහන් වෙනවා ආබාධිතයන්ට ඉල්ලුම් කරන්න කියලා. (නි)
මොකද දැන් හදිස්සිය? තව ටිකක් ඉඳලාම ඕක කළා නම් නේද හොඳ? (නි)
පුවත්පතෙන් සිදුවූ සේවය කෙතරම්ද? (නි)
රකිත්, මෙතන ප්‍රශ්නය පාසල "ලොකු ජනප්‍රිය " වීම නෙමෙයි. මේ පාසලට ශිෂ්‍යත්වය සමත්වෙලා ඈත පිටිසර දක්ෂ දරුවන් ඇතුළත් වෙනවා. මෙහෙම කාන්තාවක් ගුරු වෘත්තියට සුදුසුද කියන එකයි ප්‍රශ්නය. එහෙම නැතුව ජනප්‍රිය පාසල් සංස්කෘතිය නැති කළ පළියට නුසුදුස්සන් මේ උතුම් වෘත්තියට පත්වීම වළක්වන්න බැහැ. මේ වගේ කෙනෙක් විශාඛාව නෙමෙයි අර දෙවියෙක් වගේ ගුරුතුමෙක් ගැන කියවුණ මහවිලච්චිය පාසලට පත්කළත් මේ ආනිසංසෙම තමයි. (නි)
ආරංචි වුණා මේ දැරියගේ පියාට රැකියාවත් අහිමිවෙලා කියලා. ඉගෙනීමට දක්ෂ දරුවාව උස්සාගෙන එහෙ මෙහෙ යන වුණ නිසා. (නි)
මම නම් විදුහල්පතිතුමිය කියා ලියන්නවත් කැමති නැහැ. මෙයාගෙ සේවය ගැන තීරණයක් වහාම ගතයුතුයි. හිතක් පපුවක් නැති ගැහැණු අය කාන්තා අපිටත් නින්දාවක්. කතා කරලා තියෙන කැත පේනවනේ. මෙයාගෙ පැටිකිරිය මුල සිට සෙවිය යුතුයි. හරි මාර්ගයෙන් විදුහල්පති පුටුව දක්වා ආවාද නැද්ද කියන එක සොයාබැලිය යුතුයි (නි)
පන්තිය පහළට ගෙනෙන එක මහා ලොකු දෙයක් නම් මෙයාගේ වපරිසය හිතාගන්න පුළුවන්නේ. අනේ මොකටද මෙහෙම අය ලොකු ලොකු පාසල් වල ඉහළ පුටු වලට පත්කරන්නේ? (නි)
තව මිනිසෙකුගේ හදවත තේරුම් ගන්න හුඟක් අයට බැහැ. තමන්ටම යමක් වුණාම තමයි ඒකෙ අමාරුව තේරෙන්නේ. මේ කියන විදුහල්පතිනියත් එහෙම කෙනෙක්. එහෙම අය විදුහල්පතිකමට නම් සුදුසු නැහැ. තිබෙන මානය නිසානේ මාස 3 ක් දරුවා පාසල් නාවත් මේකට එකඟවෙලා නැත්තේ. නැත්නම් මහා ලොකු දෙයක්ද දරුවෙකුගේ අනාගතය වෙනුවෙන් පන්තිය තිබෙන තැන වෙනස්කරන එක? (නි)
අපි ඉන්න රටක මෙහෙම වුණා නම් විදුහල්පති අද ඉන්නෙ පොලිස් කූඩුවේ. (නි)
අතීතයේ විශාඛාව ආලෝකමත් කල අසිරිමත් විදුහල්පතිනියන් ඉදිරියේ මෙවැනි අය ගැන අනාගතයේ කුමක් ලියා තබන්නද? (නදී)
මයික් මහතාණනි, ඔබ නියම දානපතියෙක්!! ධනපතියන් දානපතියන් වන්නේ කලාතුරකිනි. කරුණාකර විදුහල්පතිනිය හා සමඟ කතිකා කරගන්න (නි)
හිතක් පුපුවක් නැති මානයෙන් ඉදිමුණු අය රටට පිළිලයක්. මහා ලොකුවට යනවා එනවා. පරිපාලනය ගැන කතා කරනවා. පන්තියක් පහළට ගේන්න බැහැ. ඒකට මාස 3 ක් යනවා තීරණ ගන්න. මෙයා අනික් දේවල් ගැන තීරණ ගන්නේ කොහොමද ඔහොම? ලංකාදීපයට පින් දරුවාගේ අනාගතය අඳුරු නොවෙන්න කටයුතු කළාට. (නි)
මේ කාන්තාවට පහුගිය කාලයේ කර්නල් පට්ටමකුත් ලැබුනානේ. හිතාගෙන ඇත්තේ හමුදාවේ වැඩකරන්නේ කියලා. ඒ නිසානේ ආබාධිත දරුවාට මේ පාසල හරි යන්නේ නැහැ කිව්වේ.. (නි)
අයි ටී කරන්න කකුල් ඕනැද ? පී ටී කරන්න නම් කමක් නැහැ.? ශිෂ්‍ය භට බලකායේ කර්නල් තනතුරක් වෙන්න ඇති. (නදී)
මෙතන පාසලේ නෙමෙයි වැරැද්ද තියෙන්නේ. ඒ වගේ වැදගත් තැනකට මේ වගේ වෘත්තීය ගරුත්වය කෙළෙසන කෙනෙක් පත්වුණේ කොහොමද කියලා සොයන්න ඕනෑ. කට්ටිය කිව්වත් වගේ පසුගිය කාලයේ රජයේ තනතුරු වලට පත්කළේ සුදුස්සන්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. (නි)
මෙතන පාසලේ නෙමෙයි වැරැද්ද තියෙන්නේ. ඒ වගේ වැදගත් තැනකට මේ වගේ වෘත්තීය ගරුත්වය කෙළෙසන කෙනෙක් පත්වුණේ කොහොමද කියලා සොයන්න ඕනෑ. කට්ටිය කිව්වත් වගේ පසුගිය කාලයේ රජයේ තනතුරු වලට පත්කළේ සුදුස්සන්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. (නි)
පුවත්පතින් සිදුවූ මෙහෙය කොපමණද? (නි)
මගේ නෝනා මේ පාසලේ ආදි ශිෂ්‍යාවක්. එයා කියන්නේ මෙහෙම අමානුෂික පරිපාලනයක් ඇගේ පාසල් සමයේ නම් තිබුනේ නැහැ කියලා. ඇත්තටම මේවා දේශපාලනය අධ්‍යාපනයට සම්බන්ධ වීමේ ප්‍රතිඵල තමයි. (නි)
මේ වගේ විදුහල්පතිනියන් ගැන අදාළ අංශ දැනුවත් කළයුතුය. (නි)
මේ නෝනාට දරුවෝ ඉන්නවද දන්නේ නැහැ. මම කැමතියි ඒ අය ඉන්න තැන්වල ලොක්කා වෙලා පත්වෙන්න. එතකොට මට පුළුවන් මෙයාට යසට තේරුම්කරලා දෙන්න, කළ වැරැද්දේ ආදීනව! (නි)
මම නම් හිතන්නෙ නැහැ විදුහල්පතිකම් කළාට පොතක් පත්තරයක්වත් බලනවා ඇති කියලා. මානව දයාවක් නැතිවුණත් අඩුගානේ පොතක් පත්තරයක්වත් බලන පුරුද්දක් තිබුනා නම් සහ පොඩි හරි මොළයක් තිබුනා නම් ඔය වගේ මෝඩ වැඩක් කරන්නේ නැහැ. අහිංසක නොදරුවන්ගේ අනාගතය බාරදීමට මේ අය සුදුසු නැත. අද මේක. හෙට දිනයේ මීට නොදෙවෙනි වැඩක් කළ හැක. (නි)
මගේ අක්කා ගුරුවරියක්. අනතුරකින් ආබාධිත වුණ දරුවෙකුට අවුරුද්දක් ගෙදරට ගිහින් නොමිලේ ගණිතය කියලා දුන්නා. එයා අපේ පවුලෙන්ම කරුණාවන්තම කෙනා. හරියට හිත උණුවෙනවා. එයාගේ ලොකු පුතා කිසිම පාඩමක් කරගන්නේ නැතුව ක්‍රීඩාවේ යෙදිලා හිටියේ. එහෙත් ගණිත අංශයෙන් උසස් පෙළ ඉහළින්ම පාස්වෙලා දැන් සරසවියේ. මේක ලිව්වේ තමන්ගේ කරුණාවේ ප්‍රතිඵල තමන්ගේ දරුවන්ටත් ලැබෙන බව කියන්න අවශ්‍ය නිසා. අදටත් අක්කා කියන්නේ අර කකුල කැඩුන දරුවාට නොමිලේ ඉගැන්වූ පිනෙන් පුතා ඉහළින් සමත් වුණා කියලා. (නි)
මෙයා කොහොමද රෙදි ඇඳගෙන දරුවන්ට ඔවදන් දෙන්නේ පාසලේදී? (නි)
මානයෙන් උදම් වූ ගැහැණු. රටට විනයක්. දරුවන්ට හෙණයක්. (නි)
අනේ මෙහෙමත් ගැහැණු! (නි)
මේ වැදගත් පාසලම ගඳගැස්සුවා. (නි)
කට්ටිය මාත් එක්ක තරහාවෙන්න එපා මෙහෙම ලියනවට. මම බොහෝ වෙලාවට දකින දෙයක් තමයි මේ කන්ද උඩරට පැත්තේ පවුල් වල සමහර බවලතුන් හරිම තද ගති තිබෙන උදවිය. පවුල් පාලනය තනිකර ඒගොල්ලන්ගේ කැමැත්තට. ඒගොල්ලන්ගේ පවුල් වල පිරිමිත් ඒගොල්ලන්ට යටයි. මේ නෝනාගේත් ඔය ආරෙට වගේ ඇවිත් තිබෙන්නේ ඔන්න ඔය ගතිය කියලයි මට හිතෙන්නේ. අනුන්ගේ දුකේදී හිත නැමෙන්නේ නැහැ. (නි)