ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ සිසුවියකට අවවාද කළැයි පියකුගේ පහර කෑමට ලක්ව තුවාල ලබා ප‍්‍රතිකාර ලබන නියෝජ්‍ය විදුහල්පති එච් එම් සාලින්ද කුමාර මහතාට එල්ල වූ ප‍්‍රහාරය හෙලා දකිමින් ලංකා ගුරු සංගමය ඇතුලු ගුරු සංගම් අටක් එක්වී ගම්පහ දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය.
ගම්පහ පාසල්වල විදුහල්පතිවරු සහ ගුරුවරු දහසකට අධික පිරිසක් මේ සඳහා සහභාගී වූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරක්කුවෙලා හරි ගත් පියවර හොඳයි. ගුරුවරයකුගේ වටිනාකම නොදන්න ජනතාවක් අපේ රටේ කොහොම පහල වුනාද ?
හොඳයි පාසල් වෙලාවෙන් පිටනම්.
ළමයින්ට ගහල එයාලව හදනවා වෙනුවට දැන් කෙරෙන්නේ ළමයි(හෝ එයාළගෙ දෙමව්පියෝ) ගුරුවරුන්ට හා දෙමව්පියන්ට ගහල ආණ්ඩු මට්ටු කරන එක. අපිව ඉස්කෝලෙට භාරදෙනකොට අම්මලා ගුරුවරුන්ට කිව්වෙ අපේ එකාට ගහල බැනල හොදට හදල දෙන්න කියල. දැන් ගුරුවරයෙක් බැන්නහම අම්මලා තාත්තලා එන්නෙ රෙද්ද උස්සගෙන. මානව හිමිකම්/ මූලික මිනිස් අයිතිවාසිකම් ගැන බැඳීම් වලින් ගුරුවරුන් නිදහස් කරල වැරැද්දට උපරිම දඩුවම් දීල ළමයි හදන්න ඕන.
සාලින්ද මහතා විදුහලේ විනය හදන්න ගත් මහන්සිය අපි අගේ කරමු. ඒ මහතාට වුණු කරදරය ගැන අපි කම්පාවටත් සෝකයටත් පත් වුනෙමු. මෙවැනි නැහැදිච්ච ළමයින් පාසලෙන් ඉවත් කර අනික් ළමයින්ට හා දෙමාපියන්ට ආදර්ශයක් දෙන්න. අද දින පවත් වූ උද්ඝෝෂණය ඉතා හොදයි.
ගුරු සිත රිදවා.. අකුරු උගනී කුමරු සොදවා
අපේ පාසැලේත් සිසුවෙකුට අවවාද දුන් ගුරුතුමෙක්ගේ යතුරු පැදියේ යතුරු සිදුරට super glue දාලා තිබුනා.