ශ්‍රි ලංකාවේ ආරක්ෂිත පක්ෂින් ලයිස්තුවේ ඉතා දුර්ලභ ගිරා වර්ගයකට අයත් පඬු ගිරවකුද රෑන ගිරා රංචුවක් වෙළෙදාම සදහා කොළඹ ග්‍රෑන්ඩ්පාස් මහ කුමාර විදීයේ සුරතල් සතුන් විකිණිමට තබා තිබු වෙළෙදසැලක ප්‍රදර්ශනය කරමින් සිටියදී සැකකරුවකුද සමග අත්අඩංගුවට ගත් බව වනජීවී විශේෂ වැටලීම් ඒකකයේ අඩවි වන නිලධාරී සමන් ලියනගම මහතා කියයි.
ශ්‍රී ලංකාවේ ගිරවුන් වර්ග පහක් සිටියි.මෙම ගිරවුන් වැඩි වශයෙන් වෙසෙන පුත්තලම,කරුවලගස්වැව,විල්පත්තුව, ආදී ප්‍රදේශ වලින් අල්ලා ගෙනවිත් වෙළෙදාම සිදු කරන බව නිලධරයෝ කියති.
මේ සතුන් රඳවා තබන ස්ථානයක් කොළඹ ජා ඇල ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා කියා ඇති සතුන් කූඩුකර ඇතිකිරීම වරදක්. ඔවුන් සිටිය යුත්තේ පරිසරයේ නිදැල්ලේ. එනිසා ඔවුන්ගෙන් ගොවි පොලවල් තුල පැටවුන් බෝ කිරීමත් වරදක්. එසේ කරනවා නම් රජයේ අනුමැතියලත් සත්ව සංරක්ෂණ ආයතනයකදී පමණක් ඔවුන් බෝකර වනයට මුදාහැරීම උදෙසා විතරයි. පරවියන් හැර වෙනත් කුරුල්ලන් නිදහස් කිරීම සඳහා කූඩුකර විකිණීම වරදක්. බාර-හාර සඳහා සතුන් දේවාල, පන්සල් ආදියට දීමත් වරදක්. සතුන් ඉන්නේ මිනිසුන්ගේ පව් කරගහන්න නෙමෙයි. එවැනි අකටයුතුකම් වහා තහනම් කළ යුතුයි. කිසියම් හේතුවකට නීතියෙන් ආරක්‍ෂිත නොවන සතෙක් මරනවා නම් එය ක්ෂණිකව වේදනාවකින් තොරව සිදුකළ යුතුයි. එය එසේ සිදුවේදැයි නිරන්තර අධීක්ෂණයට ලක්විය යුතුයි. දඩයම නීතිගත කිරීම හා වන සත්ව සංරක්ෂණය විධිමත් නීති පද්ධතියකට හා ප්‍රයෝගික යාන්ත්‍රනයකට අනුගත කළ යුතුයි. (නි)
හොඳයි ඔය තැන අල්ලපු එක ගැන,වන ජීවින් මොකද කියන්නේ අලින් ඇතුළු අන්කුත් වන සතුන් සහ මේ අපේ මිනිසුන් මරණ එක ගැන.
ඔය සතුන් විකුණන අය විතරක් නොවේ ගෙවල් වල ඇති කරන අයත් වටලා අත් අඩංගුවට අරන් දඩුවම් දෙන්න ලොකු සල්ලිකාරයෝ දේසපාලුවෝ පවා මේ වැඩේ කරනවා ඒ අයටත් නීතිය හරියටම ක්‍රියාවේ යොදවන්න මේ වැඩේ කරන අයව දැනුවත් කර වෙන අදායම් මාර්ගයක් සොයා ගන්න ඒ අයට රජයෙන් උදවු කල යුතුයි
ඔය විදියට ගියොත් "සැළ ලිහිණි සන්දේසෙය්, ගිරා සන්දේසෙය්" ඔක්කොම තහනම් කරන්න වෙනවා, ඇය් දැන් උණක් ඔලුවට ගහලනේ ලංකාවේ මිනිසුන්න්ට.
මිනිසුන්ගේ නිදහසට ගරු නොකරන දේශපාලකයන් සතුන්ගේ නිදහස වෙනුවෙන් දෙයක් කරයිද? (දී)
ඔය කියන කුරුල්ලන්ගේ මුතුන් මිත්තෝ ,රක්ෂිත වනාන්තර වල ජීවත් වෙන්න ඇති.නමුත් දිවි නැගුම වැඩ සටහන යටතේ, ස්වයං රැකියා වශයෙන් සුරතල් මසුන්,කුරුල්ලන්,බල්ලන්,බළලුන් වැනි සතුන් ඇති කිරීමේ ගොවිපලවල් බිහිවෙනවා.එවැනි ගොවිපලවල් වල ගහපු පැටව් රට තුල විකිණීමේ වරද කුමක්ද ?ඔය කියන සතුන් රක්ෂිතයකදී ඇල්ලුවා නම් වැරදියි.බාර හාර ඔප්පු කිරීමට මිලදී රැගෙන නිදහස් කරනවා. පරෙවියෝ වගේ ඒ සතුන් ආපසු එන්නේ නැහැ.රක්ෂිත වල කන්සා වගාව,ඇතුන්,මුවන්,ගෝනුන්, දඩයම් කරමින් , කළුවර,බුරුත කපන කාලයේ සුරතලේට කුරුල්ලන් විකිණීමත් වන ජීවී නිලධාරීන්ට ප්‍රශ්නයක් ද ? (නි)
ලුම්බිණි..,මන් ඔයා සමග එකගයි!! අරහේ වතුර නැතුව මිනිස්සු මරා ගන්නවා මෙයාල පක්ෂීන්ට අනුකම්පා කරනවා...!! පුදුම රටක් ..?,පුදුම නීතියක්..,? පුදුම දේසපාලනයක්....?
පඬු ගිරව්, මාල ගිරව්, රෑන ගිරව්, බටු ගිරව් වෙන් වෙන් වශයෙන් හඳුනාගන්න බොහෝ දෙනෙක් නොදන්නා නිසා පින්තුර පළ කළා නම් තවත් හොඳයි. ගිරවුන්ට අමතරව සැළලිහිණියන්, වී කුරුල්ලන්, කහ කුරුල්ලන්, දඬු ලේනුන් විකුණන හා ඇතිකරන තැන් බොහොමයි. මේ සතුන් සංරක්ෂණයට දැඩි නීති ක්‍රියාත්මක කළ යුතුයි. (නි)
නීතියෙන් තහනම් කරලා තියෙන්නේ ගිරවුන් වර්ග පඩු ගිරවුන් (අළු ගිරවා , බටු ගිරවුන් ) 2009 අංක 22 පනත