ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය නමින් 2007/10 යටතේ අධ්‍යාපන අමාතයංශය චක්‍රලේඛයක් නිකුත් කර ඇතත්, ඊට පරිබාහිරව ගුරුමාරු සිදු වන බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි. ජාතික පාසල් 335ක් සඳහා ගුරු සංගම් නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ජාතික පාසල් ගුරු මාරු මණ්ඩල ස්ථාපතිව තිබියදී මාරු මණ්ඩල නොකැඳවා ස්ථාන මාරුවීම් දී ඇති බව වාර්තා වන බවත්, මේ වන විට ස්ථාන මාරු ඉල්ලුම්පත් ඉදිරිපත් කළ ගුරුවරුන් විශාල පිරිසක් මාරු මණ්ඩල නොකැඳැවීම නිසා අපහසුතාවට පත්ව ඇති බවත්, මාරුමණ්ඩල වලින් තොර ස්ථාන මාරු කිරීම් වහා නවතා විධිමත් ලෙස ස්ථාන මාරු කරන ලෙසත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් සාටාලින් මහතා කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක් ඉවසල ඉන්න. මේකට හොද උත්තරයක් ලැබෙයි අධ්‍යාපන ඇමතිතුමාගෙන්
ගුරැ මාරැ පස්සා දොර වසනු. ගුරැ මාරැ ඉස්සරහ දොර අරිනු.
අපේ රටේ නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ගුරුවරු වගේම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු බඳවාගෙන ඇත්තේද කිසිම සුදුසුකමට අනුව නෙවේ.එකම සුදුසුකම ගොට්ට අල්ලන්න පුළුවන්වීම පමණයි.රට විනාශ වෙන්න පෙර සුදුසුකම් ඇති සුදුස්සාට අදාළ තනතුරු ලබා දීමට පියවර ගන්න
අනේ ඉතින් පස්සේ දොර වැහුවහම කොහොමද ශරීර කෘත්‍ය ඉටු කරන්නේ....