ශ්‍රී ලංකාවේ අද (17) පැවැත්වෙන මහමැතිවරණය වඩාත් නිදහස් හා සාධාරණ ලෙස මහමැතිවරණයක් බවට තහවුරු කරන්නැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටීයි.

මේවන විටත් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්ගේ යම් වර්ධනයක් පවතින බවට පැමිණිලි ලැබී ඇති බවට දේශීය මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දෙන බැවින් මැතිවරණය පැවැත්වෙන දිනයේදී ඡන්ද දායක අයිතීයආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලූ පියවර රජය විසින් ගත යුතු බව එම සංවිධානයේ ආසියා කලාපයේ අධ්‍යක්ෂ බ‍්‍රැඩ් ඇඩම්ස් මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

මැතිවරණයේදී සියලූම ඡන්ද දායකයින්ට ඡන්ද මධ්‍යස්ථාන වලට ආරාක්ෂාකාරී ලෙස ගොස් බියගැන්වීම් හා තර්ජන කිරීම් වලින් ආදී බලපෑම් වලින් තොරව ප‍්‍රකාශ කීරිමට අවශ්‍ය පසුබිම සලසා දීමට එම බලධාරීන් වග බලා ගත යුතු යැයිද හෙතෙම කියා සිටී.

ඉකුත් වසර කිහිපයේදී ලංකාවේ පැවති සියලූ මැතිවරණයන් හිදී ප‍්‍රචණ්ඩ ක‍්‍රියා දැඩි සිදුවූ බවට දීර්ඝ ඉතිහාසයක් ඇති බවත් , ඉකුත් ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී ද මෙවැනි ප‍්‍රචණ්ඩකාරි සිද්ධීන් රැසක් වාර්තා වූයේ යැයිද හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියා කලාප අධ්‍යක්ෂවරයා කියා සිටී.

එසේම විවිධ දේශපාලන පක්ෂ වලට අයක් පාක්ෂිකයින්ට හිරිහැර හා බාධාවන් එල්ල වීම් වළක්වාලීමට රජයේ බලධාරීන් කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කරයි.තවද මැතිවරණ දිනයේ හා ඊට පසු දින ආරක්ෂා කටයුතු වල නිරත ආරක්ෂ අංශ බලධාරීන්ගේ ක‍්‍රියා කලාපයන් ශ්‍රී ලංකාවේ මානව හිම්කම් හි අනාගතය ගැන වැදගත් පණිවිඩයක් ලබා දෙනු ඇතැයි බ‍්‍රැඞ් ඇඩම්ස් මහතා කියයි.