(සුමිත් පොතුපිටිය)
බදුරලිය ප්‍රදේශයේ කණිෂ්ඨ විදුහලක කාර්යාල කාමරයේ ජනේලයක් කඩා ඇතුල්වී එහි තිබූ අගල් 40 ක රූපවාහිනී යන්ත්‍රයක්, ඈම්ප් එකක් සහ මල්ටි මීඩියා ප්‍රොජෙක්ටරයක් සොරකම් කල බවට සැකපිට එම විද්‍යාලයේම ගුරුවරයකු අත්අඩංගුවට ගත්බව බදුරලිය පොලිසිය පවසයි
ඉකුත් ජුනි 12 දා බදුරලිය කෙලින්කන්ද කණිෂ්ඨ විදුහලේ සොරකම සිදුකර ඇති බවත් දීර්ඝ විමර්ශන වලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය කීය.
බුලත්සිංහල , පාඩගලකන්ද අමරගෙදර ප්‍රදේශයේ පදිංචි 37 හැව්රිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල්වල හොරකම් කරන තවත් ගුරුවරු ගුරුවරියන් ඉන්නවා. ඉස්සර මම ඉගෙනගත්ත පාසලේ පරිගණක අංශය භාර ගුරුවරයා පරිගණක වල හොද කොටස් ගලවන් ගිහිල්ලා පිටින් කැඩුන කොටස් ගෙනත් හයි කරනවා. ඊට පස්සේ ඒ පරිගණක වැඩ කරන්නේ නෑ කියල අයිනකට දානවා. ඒ පරිගණක සේරම පෞද්ගලික ධන පරිත්‍යාගයකින් ලැබුන ඒවා. ඉතින් ඒ දානපතියා හැම අවුරුද්දෙම අර කැඩුනා කියලා අයින් කරපු පරිගණක නැවත අලුත් කෑලි දාලා හදලා දෙනවා. ඒ හොර ගුරුවරයා ඒකම කරා. පාසලේ ලමයි කීප දෙනෙක් පෞද්ගලිකව ගිහින් ඒ දානපතියට විස්තරය කිව්වා. ඊට පස්සේ ඔහු කරේ ඒ පරිගණක වල නඩත්තුව පෞද්ගලික සමාගමක පවරලා සේරම පරිගණක වලට සීල් ගැහුවා කිසිම හේතුවකට ගලවන්න තහනම් කරලා.
රටේ රාජ්‍ය නායකයට මහ බැංකුව කොල්ලකන්න හොද නම් ඕක මහ දෙයක් නෙවෙයි.