කොළඹ විශ්ව විද්‍යාලයයේ 1965 විද්‍යාර්ථීන්ගේ කණ්ඩායමේ 50 වැනි සංවත්සරය සැමරීමේ සුහද හමුව හා එකල තමන්ට ඉගැන්වූ ආචාර්යවරුන්ට උපහාර පිදීම පසුගියදා ගල්කිස්ස හෝටල් පාරේ පිහිටි බර්ජයා හෝටලයේ දී පැවැත් විණි.
කොළඹ විශ්ව විද්‍යාලයයේ 60 දශකයේ විද්‍යාර්ථීන්ගේ එකමුතුව මගින් සංවිධානය කරනු ලැබූ මෙම සුහද හමුවට හා ගුරු උපහාර උළෙලට විද්‍යාර්ථීහු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
එහිදී මහාචාර්ය ඒ. ඩී. වී. ද එස් ඉන්ද්‍රරත්න, මහාචාර්ය කේ. යූ. සිරිනන්ද, මහාචාර්ය අනුර වික‍්‍රමසිංහ, මහාචාර්ය හිරාන් ඩී. ඩයස්, මහාචාර්ය ආරිය රාජකරුණා, මහාචාර්ය ඉන්ද්‍රානි මුණසිංහ, මහාචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය සී.එම්. මද්දුමබණ්ඩාර, මහාචාර්ය තිලක් හෙට්ටිආරච්චි, මහාචාර්ය ජී. වී. පී. සෝමරත්න සහ ආචාර්ය එච්. එම්. එම්. බී. සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන්ට උපහාර තිළිණ ප‍්‍රදානය කරනු ලැබූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලය කළ වෙනසක අරුමේ (හේ)
'පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැණ බලෙන් යුතු පුතුමය ඉතා ගරු." මහ ඇදුරුතුමනි, තුමියනි ඔබ සැම දැකීමත් මා ලද මහඟු පිනකි. (ර)
පෙනුමෙන් තවමත් රටට සේවයක් කළහැකි බුද්ධිමත් පිරිසක්.මේ උගතුන්ගේ දැනුම ප්‍රයෝජනයට ගන්න වැඩපිළිවෙලක් සකස්කලොත් නරකද?(ම)
හරිම සතුටක් දැනුනා, දේශපාලුවෝ නොමැති හරිම චාම් එහෙත් ගරු ගාම්භීර මොහොතක්. අපේ නෙත් පාදා දුන් දිසාපාමොක් ඇත්තෝ සියලු දෙනාටම ආයුරක්ඛන්තු ආවඩා! (හේ)