ගුරු උපදේශකයින් සදහා නව සේවා ව්‍යාවස්ථාවක් ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් ගුරු උපදේශිකයින්ගේ සංගමය අද (26) විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට සතයග්‍රහයක් කළේය.
ගුරු උපදේශකවරු 2000ක් පමණ ඊට සහභාගි වූහ.
උද්‍යානයේ බුදුපිළිමය ළගට රැස්වූ ගුරුඋපදේශකවරු මුලින්ම ආගම සිහිකළහ. අනතුරුව විනාඩි දහයක නිශ්ශබ්දව සිටියහ.
ගුරු උපදේශක සංගමයේ සභාපති රෝහණ අතපත්තු මහතා මෙසේ කීවේය.
‘‘සමස්ත ලංකා ගුරු උපදේශක සංගමය අවුරුදු 17 තිස්සේ ශ්‍රි ලංකා ගුරු උපදේශක සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්න උත්සහ කරමින් සිටිනවා. ඊට 2007 වසරෙදි කැබිනට් අනුමැතිය ලැබුණා. සේවා ව්‍යස්ථාව සකස් කර අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශය අපට දැනුම් දුන්නා. දැන් කළමනාකරණ දෙපාර්තුමේන්තුවේ සේවක සංඛ්‍යාව පිළිබදව අනුමැතිය ලැබෙන්න ඕනෑ. ඊළගට වැටුප් කොමිසම මගින් වැටුප් තල පිළිබදව අනුමැතිය දිය යුතුයි. රාජ්‍ය සේවා කොමිසන් සභාවෙන් අනුමැතිය ලබා දෙන්න ඕනෑ. මේ සියලු කටයුතු අවසන් වු විට එය කැබිනට් මණ්ඩලය මගින් යළි අනුමත කර ගැසට් කළ පසු තමයි සමස්ත ක්‍රියාවලියම අවසන් වෙන්නේ. මේ ක්‍රියාවලිය ඉක්මන් කරන්න කියලයි අපි ඉල්ලන්නේ.‘‘







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරු උපදේශක සේවාවක් දෙන්න ඇයි මේ ප්‍රමාදය.රටේ උගත්තු බිහිකරන අයට බලධරයෝ කැමති නැතුව ද(අ)
දෙපාරක් හිතන්න මෙයාලා සුදුසු කම් තියන අයද කියලා බලන්න සමහර අධ්‍යක්ෂ වරු පන්දම් කාරයො සමහර අය උසස්විමි ගත්තාම විතරක් වැඩකරණ අය සමහරු නිකම් ඉන්න රටයන්න හදපු අය මම හරියටම දන්නවා රටටම දැනගන්න දැම්මෙ බලන අය හිතන්න කො මෙයාලා මේඅාවේ අැයි කියලා ඔය ඡන්දය හින්දා උසස්විම හදාගන්න හිතාගෙන අනේ අපේ රටේ අධ්‍යාපනයට යන කලක් පරිස්ම් වෙන්න ඡනාධිපතිතුමනි. (අ)
අනේ අපොයි ලංකාවේ අධ්‍යාපනයට ගිය කලක්. අධිෂ්ඨානය මෙයාලට නෙමෙයි තියෙන්න ඕනේ බලධරයින්ටයි මෙහෙම දෙයක් ක්‍රියාත්මක කරන්න.(නදී)
අධ්‍යාපනය පිළිබඳ අපේ රටේ ඉන්න මැති ඇමතිවරු අපේ රටේ ස්කෝලවල ඉගෙනගත්ත අය නෙමෙයි (නදී)
ගුරු උපදේශක සේවයක් ඉල්ලන්නවෙලා දැන් අවුරුදු 30 කටත් වඩා වැඩියි. ගුරු උපදේශක වරුන්ට පාසල් වලට යන්න අඩුම තරමින් බයිසිකලයක් තියා බෑග් එකක්වත් නොලබා තමයි සේවය කරන්නේ. මේ අයට දෙන ගමන් වියදමෙන් බයිසිකලයකට ඉන්ධන සපයාගන්නවත් බෑ. කැබිනට් අනුමැතිය ලැබී ඇති ගුරු උපදේශක සේවාව ඉල්ලන්නේ ඡන්දය නිසා නොවන බවද, රජයේ ඉහල නිළධාරීන්ගේ අවධානයට ලක්කිරීමට බවද දන්වමි. ඉහල අධ්‍යාපන සුදුසුකම් ඇති මේ අය ඕනෑ වෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන කොටනේ, වැඩේ කරගත්තම මේ අයට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලනේ. (නදී)
ආදරණිය ගුරු මහත්ම මහත්මයානෙනි. තමුන්නාන්සෙලා 2000 2005 දිත් එකරාශි වුනා නේද?මේක කරලා දෙනවා කියල රෙජිනෝල් කුරේ කිව්වා නේද? එය මෙහෙයවපු නායකයෝ අද තනතුරු ලබාගෙන නෙද්? ඉල්ලීම් ලබාගැනුමට මල් පුජා වැඩක් නැත. පාලකයන්ව තමන්ගෙ දෙපතුල ලගට ගෙන්නන වැඩ පිලිවෙලකට යන්න. මෙය තවත් පාලකයන්ට ආවඩන ආශිර්වාදයක් නොවෙවා යන්න සැබෑ ගුරුවරුන්ගේ පැතුමයි (නදී)
ගුරු උපදේශක තනතුර සේවාවක් විදියට තබාගෙන අහිංසක ගුරුවරුන්ගෙන් ඉතාමත් විශාල සේවයක් අධ්‍යාපන ක්ෂේත්‍රයට ලබා ගත්තත් ඔවුන්ට ඇවිදින්න යන තෙල් කුලිය ලබා දෙන්නෙත් මාස ගණනක් පරක්කු වෙලා. ඔවුන්ට නියමිත සේවාවක් පිහිටවා ගෞරවාන්විතව පාසලට ගොස් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුලුවන් පරිසරයක් ඉතාමත් ඉක්මනින් ලබා දුන්නොත් අධ්‍යාපන ක්ෂේත්‍රය ගුණාත්මක බවින් වැඩි කර ගැනීමට විශාල මෙහෙයක් ගුරු උපදේශක මහත්ම මහත්මීන්ගෙන් ලබා ගත හැකියි. (ර)