ලංකා ගුරු සංගමයේ 59 වැනි නියෝජිත සම්මේලනය අද මඩකලපුව මහජන විද්‍යාලයයේ දී පැවැත්විණි.
දිවයින්නේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය වන පරිදි ගුරුවරු විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.
එළඹෙන වසරේ දිනා ගත යුතු ඉල්ලීම් 84ක් හා යෝජනා 14ක් අද සම්මේලනයේ දී සම්මතර කර ගැනිණි. අධ්‍යාපන ක්ෂේත්‍රයට අයත් ඉල්ලීම් ඒ අතර වන බව ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.
ඉදිරි වර්ෂය සඳහා ලංකා ගුරු සංගමයේ නිලධාරී මණ්ඩලය තෝරා ගැනීම ද අද සිදුවිය.
ජෝසප් ස්ටාලින් මහතා ප්‍රධාන ලේකම් ලෙසත්, ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සභාපති ලෙසත්, එච් එම් ගුණරත්න මහතා භාණ්ඩාගාරික ලෙසත් තෝරා පත් කර ගැනිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටියුෂන් දෙන එකත් තහනම් කරන්න කියා ඉල්ලලා තියෙනවා නම්, ඒවා සාධාරණ ඉල්ලීම් කියලා හිතන්න පුළුවන්. දක්ෂ ගුරුවරුන්ට දිරිගැන්වීම් දෙන්න ක්‍රමයක් යෝජනා කරලද? (නි)
සෑම ගුරුවරියෙකුටම ළමයින්ට ටොකු අැන්නවීමේ අයිතිය ලබාදෙන ලෙසත් ඉල්ලීමක් කළොත් නරකද? (නි)