ගාල්ලේ ගුරුවරයකු පහරදුන්නැයි කියන සිද්ධිය සමථයකට පත්වූ බව විද්‍යාලයීය ආරංචිමාර්ග කියයි. ගුරුවරයා අතක් වනමින් කතා කරමින් සිටිය දී ඉදිරියට පැමිණි සුසුවාගේ මුහුණේ අත වැදි ඇතැයි ද වාර්තා වේ.
ගාල්ලේ ගුරුවරයකු පහරදුන්නැයි කියන සිද්ධිය සමථයකට පත්වූ බව විද්‍යාලයීය ආරංචිමාර්ග කියයි. ගුරුවරයා අතක් වනමින් කතා කරමින් සිටිය දී ඉදිරියට පැමිණි සුසුවාගේ මුහුණේ අත වැදි ඇතැයි ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර කාලේ තමයි ගුරුවරු හිටියේ. දැන් ඉන්නේ ගුරුහොරු. (ස)
මට නම් කැමැත්ත ඇතිවුණේ විදුහල්පති ක්‍රියා කළ ආකාරයටයි (නි)
මම ඉස්කෝලේ යන කාලේ මගේ පිටේ, කම්මුලේ නිතරම ගුරුවරුන්ගේ අත් වදින්නවා. සුමානෙකට දෙතුන් සැරයක්. ඒ ගුරුවරු අත් වන වන කතා කර කර හිටියේ නෑ. මට ඉස්සරහට කතා කරලා තමයි ගුරුවරු අත් වන්න පටන් ගන්නේ. අපි ඉස්පිරිතාලේ ගියෙත් නෑ , පොලිසි ගියෙත් නෑ. අනිත් එක අපේ දෙමව් පියෝ ඒ තරම් සල්ලි කාරයෝ නෙවෙයි ගුරුවරු අත් වනන වනන පාරට ඉස්පිරිතාලෙට පොලිසියට දුවන්න. දෙය්යිනේ කියල අත් වනපු ගුරුවරුන්ට පින්සිද්ද වෙන්න අපි හොඳට ඉගෙන ගත්ත. (ස)
බලන කොට මේකෙ අදහස් දාන සමහර අය ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගෙන නෑ වගේ. (ස)
රංජිගේ කටේ මල්. අපේ ගෙදර දෙන්නයි ඉන්නේ. සමහර වෙලාව හිතෙනවා මෙයාල දෙන්න තුන්වෙනි ලෝක යුද්දේවත් පටන් අරන්ද කියල. (ස)
මොකක් ද මේ ඉස්කෝලෙ? (නදී)
මේවට තමයි කියන්නේ "අත් වැරදීම්" කියල. (ස)
ඔන්න මීට පස්සේ ගුරුවරු අත වන වනා කතා කරන තැන්වලට ඉස්කෝල ළමයන් යාම තහනම්. (අ)
මගේ ළමා කාලයේ මගේ ගුරු වූ අපවත් වී වදාළ ලොකු හාමුදුරුවන් වහන්සේගෙන් ලැබූ මූලික අධ්‍යාපනය, හෙළ සිරිත් විරිත් ,බෞද්ධ සංස්කෘතික දායාද මගේ ජීවිත ආලෝකයට හා උසස් අධ්‍යාපනයට හේතු වුනා. ඒ සිරිත් විරිත්ම හෙට දිනයේ මගේ දියණියගේ ජීවිතයත් ආලෝකමත් කරනු ඇත. මාගේ ගුරු වූ "ඕපාත සරණංකර" ලොකු හාමුදුරුවන් වහන්සේට නිවන් සුව ලැබේවා! එවැනි ගුරුවරු තව තවත් ලංකාවේ පහල වේවා! (ස)
මේ "ගුරා" කියන වචනය ගැලපෙන්නේ නැහැ. (ස)
රාජකීය කනිෂ්ට විදුහලේ 1970 දශකයේ ගණිතය උගන්වපු එක ගුරු මහතෙකු හැඳින්වුයේ "තන්ඩර්" නමින් එහි තේරුම එතුමාගේ කනේ පාර අකුණක් ගැහුවා වාගේ . නමුත් එතුමාට පින්සිද්ධවෙන්න මටත් ගණිතයට විශිෂ්ට සාමාර්ථයක් තියනවා. (අ)
මේ ගුරුවරයා පාරේ යනකොට, පොල්ලක් වන වන පාරේ ගිය කෙනෙක් අරගෙන ගිය පොල්ල වැරදීමකින් මේ ගුරුවරයාගේ හිසේ තදින් වැදුනානම් මේ කතාව තවත් ලස්සනට ඉවවර වේවි නේ ද ? (ස)
ගුරුවෘත්තිය ගෞරව වෙන විදියට මාතෘකාව යොදන්න. (ස)
ඒ ළමයා පමණයි දන්නේ, ගැහුවද අත වැදුනද කියලා... ඒ දරුවා ඒක හිතේ තබාගෙන ගුරුවරයා දකින දකින වාරයක් පාසා උස් මහත් වෙන්නේ ඒ පරිසරයෙන් වෛරය කියන සෙවණැල්ලත් සමඟයි. සෑම දරුවෙක්ම තමන්ගේ දරුවා යැයි සිතා , අනාගතේ අපේ රටේ අපි වෙනුවෙන් ජීවත් වෙන්න සිටින මේ අපේ රටවැසියෝයි කියලාවත් අඩු තරමින් මේ ගුරුවරු හිතනවා නම් ...? (නි)
මගේ ඉංග්‍රීසි ගුරුතුමිය දවසක් ගෙදෙර වැඩ කරගෙන ආවේ නැහැ කියලා මුළු පන්තියට වේවැල් පහර දුන්න. අපි කිසිම කෙනෙක් ලජ්ජාවට ගෙදර ගිහින් කිව්වේ වත් නැහැ. කිව්වා නම් අපිට ගෙදරදී තවත් මදි නොකියන්න ලැබෙනවා. පන්තියේ සියලු දෙනාම ඉතා හොඳින් ඉගෙන ගත්ත. අද බොහෝ අය රජයේ සහ පුද්ගලික ආයතනවල උසස් නිලතල දරනවා. අද පාසල් සහ සමහර දෙමව්පියන් ගේ තත්වය ගැන කියන්නත් කණගාටුයි. (දිල්)
මේ ගුරු මහතා ප්‍රවේශමෙන් යන්න මින්පස්සේ (නි)
අනෙක් ළමයින්ට ප්‍රවේශම් වෙන්න කියන්න වෙයි මේ ගුරු අතින්... (නි)
ගුරු වෘත්තියේ ගෞරවය ආරක්ෂා වන පරිදි අත පාවිච්චි කරන්න. (නි)
ගුරු වෘත්තියට ගෞරව වෙන විදියට කතා කරන්න නම් ගුරු සිත නොරිදවා ගුරු අත සොලවා ගුරු පය තබමින් සිසුවෝ ගුරු පහර කෑ යුතු වේද? (නි)
කෝ මේ ස්ටර්ලින්, අර ගුරුතුමියගේ අරමුදල කෝ? (අ)
මමත් ගාල්ලේ පාසල් යන කාලේ ඇතිවෙන්න ගුටිකාලා තිබෙනවා. (නි)
අපේ ගුරු(උතුමා) යයි තාමත් ඉස්කෝලේ.... (නි)
මම නම් දන්නවා මේ පාසල ගැන හොඳට (නි)
පුදුම වේගවත් කතාවක්නේ කරලා තියෙන්නේ මෙහෙම අත වදින්න. (නි)
මම පාසල් කාලෙ ඉතාම මුරණ්ඩු සිසුවෙක්. පුටුව උඩට නග්ගල වේවැල් පාර වැදිලා තියනවා,උදේ රැස්වීමේදී වේදිකාව උඩට නග්ගල වේවැල් පාර දීපු අවස්ථා තියනවා,පාසලේ පිට්ටනියේ පැය තුනක් විතර තුත්තිරි ගලවල තියනවා. මේ සියල්ල ගුරුවරුන්ගෙන් ලද දඬුවම්. අද ඒ ගුරු පියවරු හෝ මවුවරු අතලොස්සක් ඉන්නවා. මම මහ මග ඒ ගුරු වරුන්ට දන නමා වැදලා තියනවා. කිසි දිනක වෛර කරලා නැහැ. අනේ මන්ද ලෝකය ඉදිරියට යනවද ආපස්සට යනවද ? (ස)
අපිත් පාසල් ගිහින් තියෙනවා.කවදාවත් බොරුවට ගුරුවරයා වැරදිකාරයා කරන්න රොහල්ගතවෙලා නම් නැහැ (නි)
මම දකින විදියට දෙමව්පියන් උගත් නම් මේ වගේ දේවල් වලට බොරුවට කලබල කරන්නේ නැහැ. (නි)
මිනිස්සු ලෝකය වෙනස් කරන්න හැදුවට සොබාදහම වෙනස් කරන්න බැහැ (නි)
අපි හැමවිටම ගුරුවරයාට ගරු කරන්න ඕනෑ. දෙමව්පියෝ මේවට ඉඩතියන්න හොඳ නැහැ (නි)
හොඳ දඩුවමක් දෙන්න තියෙන්නේ වරදක් කරලා නම් (නි)
හේතුවක් නැතුව සිසුන්ට පහරදෙන ගුරුවරුත් ඉන්නවා. නමුත් ගුරුවරයෙක් ගහපු ගමන් කිසි අමාරුවක් නැතුව රෝහලට ගිහින් පැමිණිලි දාන කොල්ලොත් දැන් වැහි වැහැලා. මේවායේ වැරැද්ද දෙමව්පියන්ගෙ. (නි)
දැන් ළමයත් සර් එනකොට අත වන වනා ඉඳිවිද මන්දා? (නි)
අපි අද ලොකු මිනිස්සු වෙලා තියෙන්නේ පුතේ, ගුරුවරුන්ට ගරු කරලා ඉගෙන ගත්තු නිසා. තාත්තලට සල්ලි තිබුණට පුතේ නුඹ හොඳ ගුණධර්ම ගරු කරපන්. අපිට ගුරුවරු ගහල ඇති ටොන් ගණන්. (ස)
ගෙදර ඉන්න කොල්ලෝ තුන් දෙනා ගැන හිතන කොට ගුරුවරු කොල්ලො පනහක් ඉන්න පන්තියක් හුරතල් කර කර කොහොම පාලනය කරන්නද කියල හිතෙනවා. (ස)