‘විදුරු ගෙවල්වල ඉදන් ගල් ගහන්න එපා.ගියපු අයගේ ෆයිල් මං ළඟ තියෙනවා .ඒත් මම ඒවා එළියට දාන්නේ නැහැයි‘ මහින්ද රාජපක්ෂ ජනපති අනුරාධපුර ත්‍රිකුණාමලය ඒ දොළහ මාර්ගය විවෘත කිරීමේ උළෙලේදී පැවසීය.
ජනපති මෙසේද කීය.
‘මම කියන දේ කරපු මිනිහෙක් කරන දේ කියන මිනිහෙක්.ඒ පැත්තට මේ පැත්තට යන එක අද ඊයේ සිදු වු දෙයක් නොවේ.එදා සීපීද සිල්වා ගියෙත් පොළොන්නරුවෙන් ගියපු අයට නම් වැඩක් වෙන්නේ නෑ හැබැයි ආපු අයට නම් හොදයි.අපේ සැලුන් දොර හැම වෙලාවෙම විවෘතයි.ඕනෑ වෙලාවක එන්න යන්න පුළුවන් .ගිය අයටත් එන්න පුළුවන්.ඔය කීප දෙනෙක් ගියාට වැඩක් නෑ.අපේ ආණ්ඩුව හොල්ලන්න බෑ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමාට ජයවේවා (දී)
ඔය ඇමති කම් දීල තියෙන හොරු, මැරයෝ, කුඩු කාරයෝ ටික එලවල දාල , පොලිසියට හා උසාවියට තියෙන දේශපාලන බලපෑම් තුරන් කරලා, සුදුස්සාට සුදුසු තැන දුන්නොත්, ආණ්ඩුව පෙරලන්න්න බෑ තමා. එ්ත් රටේ කරුමෙට ඕකේ අනිත් පැත්තනේ වෙන්නේ (නදී)
අපි ළඟත් යම් යම් සාක්ෂි තිබෙනවා. (නි)
දැන් ඉතින් ඔය ගියදේවල් ගැන කතාකරලා වැඩක් නැහැ එක අතකින් බලනකොට (නි)
වැරදි කර ඇති සියල්ලන්ටම දඩුවම් දෙන්න (දී)
ෆයිල් පෙන්න පෙන්න බය කරගෙන රටක් දියුණු කරන්න බැහැ. (නදී)
මෙම අකටයුතුකම් වලට නිසි දඬුවම් ඔවුන්ට ලබාදිය යුතුයි නේද? (නි)
මෙහෙම කතා කියන්න එපා (දී)
ඔබතුමා නිර්දෝෂියි (නි)
අයියෝ සල්ලි (දී)
මේවාට මොනවා කියන්නද අපි? (නි)
මම මොකුත් කියන්නේ නැහැ (දී)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
"මේ ෆයිල් ටික දැනුයි මගේ අතට ලැබුනේ" කියලා, අපිට රජයේ කන්තෝරුවකින් වැඩක් කරගන්න ගියාම චීෆ් ක්ලාක් මහත්තයා කියන කතාව මට මේ වෙලාවේ මතක්වුණා (නි)
පිටරටවල ඉන්න අයටත් ඡන්දය දාන්න වැඩ පිලිවෙලක් සකසන්න. දිනන්නේ කව්ද කියා බලන්න පුලුවන් (නදී)
අතිගරු ජනාධිපතිතුමනි. ඔබතුමාගේ ප්‍රකාශය අප වඩාත් දිරි ගැන්වීමක්. ෆයිල් අත තිබුණත් දුර්ජන වැඩ ඔබතුමා කරන්නේ නැහැ කියන ප්‍රකාශයත් සමගම අපි ගම්වාසින් වශයෙන් ඔබතුමාගේ ජයග්‍රහණය සහතික කරනවා. අපට විධායකය ඕනා. (නදී)
ඔබ දැන් පලිගැනීම් කරන්නේ නැහැ කීවට සරත් ෆොන්සේකාට. ශිරාණි බණ්ඩාරනායකට මොකද කලේ? (නදී)
කාගේ කාගෙත් ෆයිලුුත් හැම තැනම තියෙනවා. රාජිත ලඟත් තියෙනවා. (නදී)
මෙච්චර කල් ඔය ෆයිල් ටික තිබුනේ පක්ෂ කෞතුකාගාරයේ වෙන්නැති. (නදී)
ජනතාව ලග ඔය කියන හැම කෙනෙකුගේම ෆයිල් තිබෙනවා. ඕන වෙලාවේදී එලියට දාන්නයි තියාගෙන ඉන්නේ. (නදී)
ඒ කියන්නේ ඔබතුමා වැරදි කරුවන් ආරක්ෂා කරා, ඕක තමයි වෛරී දේශාලනය කියන්නේ. ඔය අනතුරු ඇගවීම කරේ පනින්න ඉන්න අයව බය කරලා තියාගන්න (නදී)
මේ කියන දේවල් වලට මොනවා කියන්නද කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)
බමුණු ආරච්චි. "අපි ජීවත්වෙන්නේ රටේ නීතියක් නොමැතිකමේ අසහනයෙනුයි". මම පුදුම බියකින් ඉන්නේ මම අලුතින් හදපු නිවසත් දේශපාලකයෙක් බලහත්කාරයෙන් අල්ල ගනීවිද කියලා. හරියට පරණ වලව් අල්ල ගන්නවා වගේ. එහෙම දෙයක් උනොත් නීතියක් නැති රටේ මොන දෙවියන්ට කියන්නද? (නදී)
අපේ ජනපති ඔබයි සැමදා. ඔබ තුමාට තෙරුවන් සරණ පතනවා. මේ සැරේ ඡන්දෙන් ඔබතුමාට තව ඡන්ද වැඩිවෙනවා ෂුවර් එකට. (නදී)
ඔබතුමා කාටවත් වරදක් නොකළ බව අපි දන්නවා (නි)
මෙහෙම ෆයිල් එලියට ගන්න සුභ මුහුර්තියක්වත් තිබුනද මන්දා (නදී)
කසුන් බුරුවෙක් වගේ අදහස් දාන්න එපා. විධායක ජනාධිපත්‍ි ක්‍රමය ගැනම කොමෙන්ට් කරන්නේ අපේ මව්බිමත් එ්කාදිපතියෙකුගේ සපත්තුවට යට වෙලා අපේ අනාගත දරුවන්ට වහල්ලු වගේ ජීවත් වෙන්න සිද්ද වෙන නිසයි. ගඩාෆි,බෙන් අලි,හිට්ලර්,මුසෝලිනි,මාර්කෝස් ඔය තියෙන්නේ උදාහරණ. (නදී)
අනේ මන්දා මම මොනවා කියන්නද (දී)
මෙහෙම පිල් මාරුකරන අය ගැන විශ්වාසයක් තියන්නේ කොහොමද අපි?? (නි)
ඔන්න ඕක නිසා තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැතැයි කියන්නේ. හැමෝටම බලපාන එකම නීතියක් අවශ්‍යයයි, ආණ්ඩුවේ දේශපලඥයෙකුට එක නීතියකුයි අනිත් අයට තව නීතියකුයි තියෙන්න බැහැ. ෆයිල් වලින් නම් මේ රටේ පාලකයෝ තීරණය වෙන්නේ, මේ රටේ ජනතාවට මොකද්ද තියෙන බලාපොරොත්තුව. (අ)
දැන් තමයි හොඳම කාලය. මොවුන් ගැන රටට හෙළිකරන්න (නි)
එහෙමනම් ෆයිල් නැති උදවිය කවුද කියලවත් කිව්වා නම් අපිට ටිකක් සන්තෝෂ වෙන්න. හැබැයි තව ටික දවසකින් ඒ ගොල්ලන්ටත් ෆයිල් තියන තැන් කියන්න නම් බැහැ. (නදී)
තව තව ඒවා මඟහැරිලා තියෙන්නත් පුළුවන්. (නි)
ඔබ තුමා සරුසාර රටක් හදන්න අපේ පැතුම එයයි (දී)
සමහර අයගේ නම් ෆයිල් විතරක් නෙමෙයි, ෆොෆයිල් ටිකත් හෙළිකරනවා නම් අපි බොහොම කැමතියි (නි)
මොවුන් ගැන ප්‍රසිද්ධියේ රටටම හෙළිකරන්න (නි)
රටේ නායක තුමා අපිව මෝඩයන්ට අන්දවනව, එ්කේ වරදක් නැහැ කියල හිතන මිනිස්සුත් ඉන්නවනේ. (අ)
මේ පුද්ගලයින්ට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කළොත් ජනතාව ඉතාම සතුටු වේවි (නි)
කාගේ ෆයිල්ද දන්නෙ නැහැ තියෙන්නේ. මට නම් දැනගන්නතුරු ඉවසිල්ලක් නැහැ වගෙයි (නි)
ඒ කියන්නේ ගොඩක් අයගේ ෆයිල් තියෙනවද? (නි)
බණ්ඩාරනායක ,දහනායක සහ ප්‍රේමදාස (පුරවැසි පෙරමුණ) අගමැතිවරුන් පවා පක්ෂ මාරුකරලා තියෙනවා (නදී)
අපිට දැනගන්න ඕනෑ ෆයිල් කීයක් තියෙනවද කියලා. (නි)
ඔබ තුමා ගාව ඔය කියන දෙවල් තිබ්බා නම් රටට ආදරේ කරන නායකයෙක් හැටියට ඒවාට නිසි පියවර ගන්න තිබ්බනේ. රටේ මිනිස්සුන්ගේ දේපල මුදල් කොල්ල කන කන් බලන් හිටියේ ඇයි? ඔහොමද වැදගත් නායකයෙක් හැසිරෙන්නේ ? ඒ කියන්නේ ඔබ සමග ඉන්නකන් කොච්චර කෑවත් කමක් නැහැ කියලනේ. අපි ඉන්න රටේ නම් හොරකන් කරලා අහු උනොත් පැය 24 ක් යන්න කලින් ඇක්ෂන් ගන්නවා. අන්න එ්කට තමා නියම නායකත්වය කියන්නේ. ඔබ තුමා යුද්දේ ඉවර කලාට හොරකම, කුඩු, අවනීතිය නැති කරන්න බැරි උනා. (නදී)
මේ කතාවෙන් තහවුරු වෙන්නේ ලංකාවේ බොළඳ දේශපාලනය විනා වෙන කිසිවක් නොවෙයි. (නදී)
දැනටම මෙතුමාට නොදැනිම කට්ටිය ෆයිල් ටිකට වැඩක් දීලාද දන්නේත් නැහැ. (නි)
ජනතාව සීරුවෙන් (දී)
එතකොට එහෙන් මෙහාට ආපු අයගේ ෆයිල් වල මොනවද දන්නේ නැහැ තියෙන්නේ. (නදී)
දැන් කට්ටියට මොනවා හිතිලද දන්නෙ නැහැ (නි)
ඔබ තුමා ඔහොම කියන්නේ, එහෙම මොනොවහරි ගිය අය ගැන වැරද්දක් දන්නවනං ඒගැන පොලිසියට පැමිණිලි කරන්න එපායැ. යම් කෙනෙක් කරපු වැරද්දක් ගැන දැනගෙන ඒකට පැමිණිලි නොකර ඉන්න එක වැරද්දක් බව ඔබතුමා නීතිඥයෙක් හැටියට අපට වඩා හොඳින් දන්නවනේ. එහෙම නම් ඔබතුමාත් කරන්නේ ලොකු වැරද්දක් බව මතක තබා ගත්තොත් හොඳයි. රටේ මිනිස්සු බලගන ඉන්නේ ඔය වැරදි කරන හැමෝටම පාඩමක් උගන්නන්න. (නදී)
යුද්දේ දිනපු කාලෙට වැඩිය දැන් වෙනස් වෙලා (නදී)
මේ ෆයිල් කතාව මෙතැනින්ම නවත්තන්න (දී)
සමහරුන්ගේ අදහස් ගැන නම් පුදුමයි (නි)
අර සියයට දහයෙන් පටන් ගෙන කොමිස් ගහන අය ගැන සදහන් වෙනවද. එම සල්ලි වලින් පිටරට වල ඉන්වෙස්ට් කරන අය ගැන. ඕවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා (නදී)
කමක් නැහැ. ඒවා දාන්න එළියට, අපිටත් බලාගන්න (නි)
ඉන්න අයගේ ෆයිල් ගැනත් පොඩ්ඩක් සෝදිසියෙන් ඉන්න එක කෝකටත් හොඳයි (නි)
වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා (නි)
මේ වගේ දේවල් දැන් එළිවුණොත් ගොඩක් අයට යනඑන මං නැතිවෙයි. මොනවා වුණත් ඔබතුමා හොඳ කෙනෙක් කියලා අපි දන්නවා (නි)
ගිය අයගේ ෆයිල් වගේම ඉන්න සමහර අයගේ ෆයිල් ගැනත් අපි දැනගන්න කැමතියි (නි)
ෆයිල් වල නෙමෙයි අපිට නම් වැදගත්කම තියෙන්නේ, ජනතාවට පෙනෙන දේ වලයි (නි)
ඒ ෆයිල් වල තියෙන්න ඕනෑ මොනවගේ විස්තරද කියලා අපිට හිතාගන්න පුළුවන් (නි)
ඔබතුමා ශ්‍රේෂ්ඨ චරිතයක් (නි)
මොකද්ද මේ ෆයිල් කතාව (දී)
ගිය අයගේ ෆයිල් වල මොනවා තිබුණත් ඒවාට වගකියන්න ඕනෑ කවුද කියලත් හිතන්න. ඒ අය විපක්ෂයට යනතුරු ඒ ඒ ෆයිල් තියාගෙන නොසිට මොනයම්ම හෝ ක්‍රියාමාර්ගයක් ගන්න තිබුණා නේද? (නි)
ගොඩක් අයගේ ෆයිල් විතරක් නෙමෙයි, ෆොෆයිල් ටිකත් අපි දන්නවා.නියම වෙලාවට එළියට ඒවි. (නි)
ෆයිල් තියෙනවා කිවුව ගමන්ම මෙතන අයනේ කලබලවෙලා ඉන්නේ. ඒවායේ තියෙන්නේ වැරදි නොවෙන්නත් පුළුවන්. (නි)
ඔබතුමා පළිනොගන්නා නායකයෙක් බව අපි දන්නවා. (නි)
ඔබතුමා කියන එක ඇත්ත. කවුරු ගියත් ඔබතුමා දිනන බව අපිට ස්ථිරයි. මේක ශක්තිමත් පක්ෂයක් (නි)
ඔබතුමා සැබෑම නායකයෙක්.ජයවේවා! (නි)
එතුමා ඔබතුමාගෙ ලඟ ඉන්න අයගේ ෆයිල් ටිකත් අදීවී. ඒ හින්දා ඔය විදියට ෂේප් එකේ ඉන්න එක කාටත් හොඳයි.(නදී)
ඒ කියන්නෙ ජනාධිපතිතුමා ලග ඉන්න කාලෙ මේ කට්ටිය වැරදි කරල තියෙනවා කියන එකද.? (ර)
ඔබතුමාගේ ෆයිල් ගොඩක් විපක්ෂය ලඟ තියනවා. එ්කත් අමතක කරන්න එපා (නදී)
හොඳ නම් ඉතින් මේ ගැන ඒ කාලයේම කියන්න ඕන නේද නිසංසලා. (නදී)
දැනටමත් ආණ්ඩුව හෙල්ලිලාෙ.(හේ)
මේක තමයි අපේ රටේ ජරාජීර්ණ, තුජ්ඡ දේශපාලනයේ සත්‍ය ස්වරූපය. තමන් ළග ඉන්නකන් මොන ජහජරා වැඩේ කලත් හොඳයි. ගියහම නරකයි. (නදී)
ඒ ටානියයි මේ ටානියයි වෙනස්. ඒ ටානියාගේ හරි නම ටානියා බන්දුල පෙරේරා. (නදී)
ඔබතුමා මේ අයට විරුද්ධව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න (නි)
ඔය කාගේ කාගේත් ෆයිල් වල ගුණ දොස් තියෙනවා. අපිට ඕවා අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි. කවදාහරි ඔබතුමාට වරදින්නෙත් ඔය ෆයිල් සුද්ද නොකර පුස් කන්න ඇරලා ගොඩ ගහගෙන ඉන්නකොට තමයි. (නදී)
ඒ ෆයිල් වල මොනවද තියෙන්නේ.(හේ)
ෆයිල් තිබ්බා නම් දැන් මෙලහකට එලියට දාලා.(හේ)
අපි ජීවත්වෙන්නේ රටේ නීතියක් නොමැතිකමේ අසහනයෙනුයි. (නි)
එතකොට තවම ඇතුළේ ඉන්න අයගේ තත්ත්වය කොහොමද? අපිට දැනගන්න ආසයි (නි)
කසුන් බන්දුල මහත්මයෝ කටින්ද නැත්නම් වෙන තැනකින්ද කතා කරන්නේ. (නදී)
මමත් කියන්නේ ඒ කාලයේදීම අදාළ ක්‍රියාමාර්ග ගන්න තිබුණා කියලයි (නි)
අැයි ෆයිල් හදන්න දීල බලාගෙන හිටියේ (නදී)
සුනිල්, ඔබගේ අදහසට මම 100%ක් එකඟයි. ජනපතිතුමා රටේ නායකයා හැටියට යමෙක් වැරදි කරනවා නම් ඔවුන්ට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දඩුවම් කළයුතුයි.පහුගිය කාලේ බොහෝ රජයේ දේශපාලකයන් කළ වැරදි වලට නිසි දඩුවම් නොලැබීම නිසා එම චෝදනා වලට ඔබතුමාටද ඇඟිල්ල දිගුවුණා නේද? (නි)
අවශ්‍ය වෙලාවේදී ඒ ෆයිල් දිග අරින්නයි තිබුණේ. විපක්ෂයට ගියාට පසුව ඒ ගැන කියනකොට ඒක හොඳයි කියලා අපිට හිතෙන්නේ නැහැ (නි)
මේ වගේ දේවල් දැන් කියනකොට අපිට හිතෙන්නේ වෙනත් දෙයක්නේ! (නි)
අනේ මේ මම නම් මොකුත් කියන්නේ නැහැ, (දී)
ෆයිල් එලියට දාන එක නොවේ රටේ දැවෙන ප්‍රශ්න වන බඩුමිල සහ ආර්ථිකය වගේම බලය බෙදාහැරීම, ව්‍යවස්ථාව වගේ මුලික දේවල් ගැන මොනවද කරන්නේ. දේශපාලකයන් සැම සියලු දෙනාගේම ෆයිල් ගැන ජනතාව හොදට දන්නවා. (දී)
කියපු දේ කොරනවා නම් චින්තනයේ මුලින්ම කියල තිබුන විදායක බලය අහෝසි කරමි කියා කියපු දේ නොකරන්නේ මන්ද? (නදී)
ජනපති කෙනෙක් නොකිව යුතු කතාවක් කියල තියෙන්නේ .. ඉන්න අයගෙත් හොඳ හොඳ ෆයිල් ළඟ තියාගෙන ඉන්න බව අපි දන්නවා (දිල්)
ප්‍රජාතන්ත්‍රවාදේ නම් විවුර්ත වෙන්න ඕනේ නේද ? මේකනේ බටහිරිනුත් කරන චෝදනාව? රටට හංගන එක වළක්වන්න නීති නැද්ද අපේ ව්‍යවස්ථාවේ ?(දිල්)
අපි දන්නවා ඔබ කියන දේ කරන නායකයෙක් කියලා (නි)
මගේ රටේ ප්‍රධාන පුරවැසියා මාද්‍ය හරහා තර්ජනය කරනවා රටටම පේන්න අපිනම් කලබලවෙන්නේ නෑ මේවට (අ)
එන අයට බයිසිකල් දෙනවද දන්නෑ.? (ර)
"පොලිසියේ 100 ක් මාරු කරයි" කියන එකට එතරම් අදහස් නැත්තේ බන්දුල පෙරේරාගේ විවිද නම් වලින් වැටෙන අදහස් නැති කම නිසයි.සල්ලි ලැබෙනවානම් ඕනෑම අසුචි කන්දක් රස කරලා බලන ජාතියේ මනුස්සයෙක්.(අ)
පැනගිය අය ගාව තියෙන ෆයිල් එලියට දැම්මොත් මොනවා වෙයිද ? (ර)
දැන් අතහැර ගිය අය ගැන හිතලා වැඩක් නැහැ. (නි)
අද කළ යුතු දේ අදම කරන්න. ප්‍රමාදය පසුතැවිල්ලට මුලයි (නි)
ඒ කියමන නම් තර්ජනයක් විදිහට පෙන්නේනේ. ඔබ තුමාට අපි ඉතා කැමතියි. එහෙත් ඔබ තුමත් සාධාරණ විය යුතුයි. රාජා භවතු ධම්මිකෝ කියන්නේ නිකන් නෙවෙයි. ඒ ගතිය ඔබගේ මුල් කාලයේ යුද්ධය තුලත් පෙනුන එත් දැන් නම් ඔය කතාවෙන් පෙනෙන්නේ වෙනස් කෙනෙක්. ඔබ මේ රටට තව දුරටත් අවශ්‍යයයි. ඒ නිසා මේ වැනි කතා නවතා නැවත යහ පාලනයකට යොමු වෙන්න. රටේ නොසිටියත් නිතරම එන යන නිසාඅපි දන්නවා කොටියාගෙන් රට බේරන්නේ ඔබ විතරයි කියල. (අ)
ෆයිල් නම් ඇති.ඉන්න කාලේ ඒ ෆයිල් එළියට ආවේ නෑ.ගියාට පස්සේ තමයි එළියට එන්නේ.(හේ)
ෆයිල් තියෙනවා කියන්නේ ? මෙයාල නීතිවිරෝදී වැඩ කෙරුවා කියන එක නේද ? ඉතිං මෙයාල මේ නීතිවිරෝදී වැඩකරනකම් ඔබ තුමා බලන්සිටියේ ඇයි ? මේවා මහජන දේපොල නේද ? මෙයාලට ඇති වෙන්න අයාථ විදියට අහිංසක මහජන මුදල් ගසාකන්න ඔබතුමා ඉඩදීල අනුබල දීල දැන් කියනවා ෆයිල් තියෙනවා කියල . ඇත්තම කියනවානම් ඔබතුමා මෙයාලගේ තාත්තා හා සමානයි . තාත්තා පුතාල වැරදි කරනව බලන් ඉදල පිට අපට කියනවා අනේ මගේ පුතාල සොරකම් කෙරුවා කියා .මේවා නිකන් උඩ බලාගෙන කෙල ගහගන්නවා වගෙයි නේද ? දැන් එතකොට ඕබතුමා ලඟ ඉන්න අනිත් දුවලා පුතාලා ගැන මොකද කියන්නේ ? එයාල මහජන මුදල් සතපහක්වත් සොරකම් කරල පගාගහල කුඩුගෙනල්ල මිනිමරල අහිංසක මිනිස්සුන්ට ගුටිබැට දීල නැතිද ? අපි දන්න තරමින්නම් ඔබ තුමාලඟ ඉන්න ඔය අනිත් අය කරපු කියපු දේවල් අපි දන්නවා . ඔය සියලු දෙනාටම ලගදීම මහජනතාව හරි පිළිතුරක් දෙයි ? වැරදි කරන අපකාටත් මේ ආත්මෙදීම දඩුවම් හම්බුවෙනවා . එහෙම නොවුනොත් බුදු බණ බොරු........ (ස)
ඕවා දැන් ඉතින් මොනවාටද? පක්ෂය බොහෝදුරට විසිරී අවසානයි කියලයි අපිට නම් හිතෙන්නේ (නි)
සාධාරණ විදිහට සටනට මුහුණදිය යුතුයි (නි)
ඉතින් ෆයිල් අදින්නකෝ අපිටත් බලාගන්න. ෆයිල් අදින්නේ නැත්තේ ආණ්ඩු මාරු වුනොත් එයාලත් ෆයිල් අදී කියන බයටද? (අ)
ඔබතුමා අපේ ශක්තියයි (නි)
ගිය එක්කෙනත් යද්දී ඉන්න අයගේ ෆයිල් අරන් ගියානම් තමයි වැඩේ ...(ස)
මුකුත් අවශ්‍ය නැහැ ජනාධිපති තුමනි..අද අයවැයෙන් පස්සේ ගිය කට්ටියගේ ගෙදර උන්දලගෙන් කට්ටියට පොල්පිති පාර තමයි කන්න වෙන්නේ වැඩි තන්හාවට ගිහින් ගැනුන්ගේ ලනු කාල මොකක්ද බුරුවො මේ කරගත්තේ කියල..(අ)
මම නම් කියන්නේ ඒවා අදාළ තැන් වලට දීලා නීතිය ක්‍රියාත්මක කරන්න කියලයි (නි)
කවුරුහරි වරදක් කරනවා නම් තරාතිරම නොබලා නීති මඟින් කටයුතු කරන්න එම ලිපිගොනු අදාළ තැන් වලට බාරදෙන එකයි කරන්න ඕනෑ. එහෙම නේද? (නි)
ගේමට ගේම දෙන්න.මොක කිව්වත් ඔයා දිනුම්.හැබැයි ජන මතයට කන් දෙන්න.(අ)
සුදුසු වේලාවේදී මේවා පාවිච්චි කරන්න (නි)
ආණ්ඩුව ඇතුලේ පාර්සව දෙකක් ඉන්නවා. එකක් චන්ද්‍රිකා නෝනගේ අය අනිත් පිරිස ජනදිපතිතුමාගේ. දැන් එලියට පාන්නේ ඒ එයාල. චන්ද්‍රිකා මේ දඟලන්නේ රටට ආදරේට නෙමේ. මහින්ද මහත්තය ඔතනට එන එක වලක්වන්න එයා මුල ඉඳලම දැගලුව. එකේම දිගුවක් තමයි අපිට මේ පෙන්න තියෙන්නේ. (ස)
මිනිස්සුන්ට වැරදි කරන්න දීලා ෆයිල් එකතු කරනවා කියනේ ඔබ තුමා දැනගෙන හිටිය මෙයාල වැරදි කරනවා කියලා. එ්ත් නැවැත්තුවේ නැහැ. ඒ කියන්නේ මෙතන ලොකුම වංචා කාරයා කව්ද? (නදී)
ඔය ගිය අය ගියාවේ.ඔබතුමා මේ රටට කරන සහ කළ දේ මේ රටේ මිනිස්සු හොඳට දන්නවා.ඔබ දකුණේ හොඳ කොන්දක් තිබෙන නායකයෙක්. ඔබතුමාට ජය ශ්‍රී! (නි)
මේ ප්‍රකාශයෙන් අදහස් වෙන්නේ ජනතා විරෝදී ඕනෑම වැඩක් කරන්නට දී ලිපිගොනු ළඟ තබාගෙන මන්ත්‍රීවරුන් ජනාදිපති තුමාට ඕනා විදිහට නටවනවා කියන එකද? නැතිනම් ජනතා විරෝදී වැඩ කරන්නට දී ජනාදිපති තුමා බලාගෙන සිටිනවා කියන එකද ? (නදී)
අනුර කුමාර දිසානායක එදා පාර්ලිමේන්තුවෙ කියපු කතාව ඔන්න ඇත්ත වුණා. දැන් නම් හොදටම පිස්සු වගේ. (නදී)
ඒක ඇත්ත. ඔය අය ගැන අපිත් අහලා තියෙනවා (නි)
බය වෙලාද මන්දා (නදී)
පුදුම බයක් හා බලයට කෑදර කමක්නේ තියෙන්නේ. (ස)
ඒ කාලයේ මේවා ගැන යමක් නොකළ එක ගැන නම් කණගාටුයි (නි)
නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරොවෙන් කඩන්න තියන්න එපා කියන්නේ හේතු ඇතුව. වැරදි කරනවා නම් හරි ගස්සන්න ඕන රටේ යහපත සඳහා. එසේ නොකිරීමත් හරි නැත. හැඳි නොගා කිරි හොදි හදන්නට බැරිය. ඔබ තුමාට මේ රට සහ අප සදා නයගැතිය. නමුත් ඔබතුමා වටා සිටින සියලු දෙනාම ඔබ වගේ නෙවෙයි. සමහරු ඉතා උතුම් වගේම සමහරු හොරු. හොරුන්ව ෆයිල් වල හංගල තියන්න එපා. කිරිහොද්ද දැන්වත් හැඳි ගාන්න. ඔබට බුදු සරණ පතමි. (නදී)
මේ රටම සැලුන් එකක් කරල ඉවරයි!!!! (ස)
ඔබතුමාගේ ෆයිල් ඉතින් සක්කරයටවත් හොයන්න බැහැ නොවැ. (ස)
තර්ජනයක් නේද ? (නදී)
හැම දේශපාලකයෙක්ම තේරුම් ගන්න ඕන, රටේ ජනතාව ෆයිල් එලියට ගත්ත දවසට යන්න තැනක් නැති වෙන බව. (ස)
ඒකෙන්ම පේනවා නේද මන්ත්‍රීවරු ඇමතිවරු බලුකුක්කෝ ගානට වැටිලා කියල. (ස)
මම ඔය අනිත් චාන්දනී ගෙන් අහන්නේ ඇයි මීට කලින් එ්ක සිද්ද නොවුනේ කියල මොකද අහන්නේ නැත්තේ. (නදී)
ජයවේවා ජනපතිතුමනි. (අ)
යන්ට කලින් හිතුව දේ ගියාට පස්සේ වෙලා නැහැ වගේ. තමන්ගේ පස්සෙන් බුරුතු පිටින් එනවා කියලා හිතුවාට කෝ දෙයියනේ තාම ආවේ නැහැනේ. දැන් ඉතින් කරන්ට තියෙන්නේ ගිය විදිහටම ආපහු එන එකයි. කොන්දේසි විරහිතව හෝ ආවොත් හැම දේම ඉතිරි කරගන්ට පුළුවන් වෙයි.(අ)
දුටුගැමුණු රජතුමා මරණ මංචකේ ඉඳන් තෙරපුත්තාබය හිමියන්ට මේ ප්‍රකාශය කළා. හිමියනි මා රට මුදාගන්න යුද්ද කරනවිට සෙන්පතිවරුන් ඇතුළු හැමෝම මා ලග හිටියා. අද මම මාරයා සමග යුද්ද කරද්දී මා දිරිගන්වන්න ළඟ ඉන්නේ ඔබ පමණි. මේ තමා ලෝකේ හැටි ඉතිහාසය නැවත නැවත සිදුවෙනවා එ්ත් ඔබතුමාට තව දිගුගමනක් තියෙනවා යථාර්තය තේරුම්ගෙන ඉදිරියට යන්න ඔබට ජය. (නදී)
මෙයාගෙ ෆයිල් එලියට එන්නේ ජනාධිපතිකම නැති වුනදාට, ඒකයි අත්හරින්න බය. අපි නොදන්න මොණරතැන්න. (අ)
තමන්ට වාසි වෙන තාක් කල් අනුන්ගේ වැරදි වහගෙන ඉන්දල ඊට පසු ඒවා එලියට අදින එක මට නම් හරි නැහැ. (නදී)
මෙච්චර කල් එලියට දැම්මේ නැත්තේ ඇයි? මුලින්ම සජින් වාස් ගේ ෆයිල් එක ගන්න....(අ).
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයෝ යන තරමට හරි සන්තෝස ඇති,, එතකොට නාමලට පිපෙන්න බධාවක් නැහැනේ? (අ)
ඇයි තවමත් ඇතුළේ ඉන්න සමහර කට්ටිය? ඒ අය ගැනත් අපි දන්නවා (නි)
භාරත ඝාතනය කරනකොට අපි කිව්වා වැරදි පාරේ යන්නේ කියලා. බන්දුල පෙරේරලා අපිට කිවිවා "අරාබි වසන්තයක් " ඇති කරන්න හදනවා කියලා. රතුපස්වලදිත් කියුව මේක වැරදියි කියලා. එතනෝල් ගෙනෙනකොටත්, කුඩු කන්ටේනර් ගණන් අහුවෙනකොට කිව්වා. ඔය විදිහට බොහෝ වෙලාවට ලැබෙන පේලි දෙක තුනක් හරි ලියුවේ වැරදි පෙන්නුවේ කෝච්චිය වැරදිපාරේ යනවා දැක්ක නිසා. බේරගන්න කැක්කුමක් තිබුන නිසා. අන්තිමට බ්රේක් නැතිව දැන් කඩාගෙන බිදගෙන පල්ලමේ වේගයෙන් යන්නේ විනාසයටම. අපිට දැන් කරන්න ඉතිරිවෙලා තිබෙන්නේ හැප්පිලා කුඩුවෙලා යන දිහා කම්මුලේ අත තියාගෙන බලාගෙන "අනේ අපුච්චේ වෙච්ච දෙයක්" කියන්න විතරයි. (නදී)
ඔය පොලොන්නරුව පළාත කොටින්ගෙන් බේරගෙන හිටිය ජෙනරාල් සවේන්ද්‍ර සිල්වා දැන් පොළොන්නරුවට පත් කලොත් හොඳයි නේද ? මිනිස්සු එයාට හරි කැමතියි. (නදී)
නිසි වෙලාව පැමිණෙනතුරු කලබල වෙන්න එපා (නි)
ඇයි තියන් ඉන්නේ. ජරා ජීර්ණ දේශපාලනය කියන්නේ මේවට තමයි (නදී)
මේ දේවල් දැන් එලියට ඇදීමෙන් තමන්ගේ චේතනාව ගැන පොදු මහජනයාට ප්‍රශ්නයක් ඇති වේවි. මේක කලින් කල යුතුව තිබු දෙයක්.(නදී)
අපි දන්නවා අනිවාර්යෙන්ම ජනාධිපතිතුමා දිනනවා කියලා (නදී)
චතුරංගි නිසි වෙලාව කියන්නේ මේක කලකට පෙර කල යුතුව තිබුන වෙලාවයි. ඒක දැන් පහු වෙලා. (නදී)
එහෙනම් එලියට දමන්නේ නැතුව තියාගෙන ඉන්නේ ඇයි ? (නදී)
ඒ කියන්නේ ඔබ තුමාම පිළිගන්නව ආණ්ඩුව ඇතුලේ ඉන්න අයගේ ෆයිල් හොඳ නැති බව. එ්ත් කෝ ඒවට ගන්න පියවර. ? (නදී)
අයියෝ! ඔය ෆයිල් ටික ගිහින් ඒ අයටම දුන්නා නම් නේද හොඳ? (නි)
එයත් ආණ්ඩුවේ ෆෛල් අරන් යන්න ඇති. (නදී)
මේවා අහනකොට අපිටත් ලැජ්ජයි. ඔය කියන්නේ ඔයත් හොරා මමත් හොරා කියලද? එතකොට ඔබතුමා තියාගෙන ඉන්නේ හොරු කට්ටියක්. පනින්න පෙර සිතා බලනු , පැන්නොත් විතරයි ෆයිල් එලියට එන්නේ. අපි ඔබතුමාට සැලකුවේ මේවගේ කරන්න නෙවේ, ඒත් අපේ ගම්වල ජනතාව හිතන්නේ වෙන විදිහකට. (නදී)
තරංග ඔබ හරියට හරි (නදී)
දැන් ඔය ෆයිල් වල මොනාද තියෙන්නේ.(හේ)
ජේ.ආර් වගේමයි (නදී)
ඔය ෆයිල් අයිති අය සම්බන්ධයෙන් වහාම කටයුතු කරන්න (නි)
එහෙම තමයි ඉන්න ඕනෑ. අනිත් අයගේ ඒවත් ඇති නේද? ජයවේවා! (නි)
ජනාදිපති තුමනි ඔබ ඉතා විශිෂ්ට නායකයකු බව අවිවාදයකින් තොරව පිලිගන්නවා. නමුත් ඒ විශිෂ්ටත්වයට ලැබෙන තක්සේරුව ඔබ විසින්ම වෙන්දේසි කරලා. විශිෂ්ට නායකයකුට නොගැලපෙන දෙයක් තමයි රටටත් සමාජයටත් අයහපත් ක්‍රියාවන් කල අයව ආරක්ෂා කිරීම. මුළු රට වැසියාම දන්නවා යම් ඡන්ද කාලයක සිදුවුන එල්ලාවල ඝාතනය. එදා මුළු රටම බලා සිටියා ඔබ ඊට දක්වන ප්‍රතිචාරය. නමුත් රටම හිතපු දෙයට ප්‍රති විරුද්ද ක්‍රියාවකින් ඔබ ඒ ක්‍රියාවට සම්බන්ද වුන අයට අමාත්‍යාංශයක් බාරදී රජයට සම්බන්ද කර ගත්තා. එදා සිට මෑතක සිදුවුන විදේශ අමාත්‍යංශ පහරදීමේ ක්‍රියාවලිය දක්වා මේ සිදුවීම් දෙක මෑත කාලය තුල සිදුවුන බරපතල සිදුවීම් බොහොමයි. ඒ එකදු සිදුවිමකවත් වරද කරුවනට දඬුවම් වෙනුවට ලැබුනේ රැකවරණයයි. ඒ පමණක් නොවෙයි ඔබතුමාට ඈතින් සිටි විශේෂයක් නොදක්වපු මේ අයව මේ සිදුවීම් වලින් පසු ඔබට කිට්ටු කර ගන්නා බව සමාජයට දැකගන්න ලැබෙනවා. මේවා දෙස මහත් ඕනෑකමින් රට වැසියන් බලා ඉන්න බව ඔබට නොවැටහීම පුදුමයක්. ඉතින් වැරදි කල අයගේ ෆයිල් වසා අතේ තියාගෙන රටට ඒ රටේ වැසියට සිදුවන ක්‍රියාව යහපත් පාලනයකට මාර්ගයක් වන්නේ කෙසේද? මෙම ක්‍රියාවට ගැලපෙන අකුර ( අ' වී') ශිෂ්ටද කියා තෝරාගත යුතු නොවේද? මේ ෆයිල් අරින්නේ නැත්තේ ඔවුන් ගැන අනුකම්පාවෙන්ද? නැතිනම් ඔබගැන අනුකම්පාවෙන්ද? ඉතින් අපිටත් කියන්න වෙන්නේ ඔබ කියූ ලෙසින්ම "අනේ පවු ! (නදී)
දිනේෂ් ලා හොද්ද හැඳි ගාන්නේ වෙන හෝටලේකින් කනවා කියාගෙන ගෙදර කෙනා පිටව ගියාට පස්සේ. (නදී)
ජනාදිපතිතුමාට ඕනේ නම් බ්ලැක්මේල් කරන්න පුළුවන්නේ එතුමා එහෙම කලේ නැහැනේ. ඇයි බොරුවට වැරදි කරපු අයට දඩුවම් කරන්න කියල කෑ ගහන්නේ? (නදී)
මෙතුමා පළිගන්නවා කියන එක දන්නෙවත් නැහැ. (නදී)
අපි කාගෙ කාගෙත් ෆයිල් ගැන දන්නවා (නි)
වැරදි කරනවා නම් ෆයිල් මොකටද, ඒ වෙලාවේම දඩුවම් කරන්න එපායැ (නි)
එතුමා මෙහෙම කියනකොට අපි මොනවා කරන්නද? (නි)
ඒක නම් හොඳයි.ඕවා වෙලාව ආවහම පාවිච්චි කරන්න (නි)
ඔබතුමා නිර්දෝෂී බව අපිට විශ්වාසයි (නි)
කාගේ කාගේත් ෆයිල් ජනතාව අතට පත්වුණාම වෙන්නේ මොකද්ද කියලා ඔය කට්ටියම මතක තියාගත්තොත් හොඳයි. (නි)
මොකක්ද මේ කියන කතාවේ තේරුම? (නි)
ඔබ තුමාගේ ෆයිල් එක බලාගත්තොත් නරකද පමා නොවී. තවමත් කල් ඇත. 2005 ෆයිල් එකේ තමයි තිබුනේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට සැමට පිළිගත හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා කියලා.(නදී)
ගියපු අයගෙත්, ඉන්න අයගෙත් වැරදි ෆයිල් වල තියාගෙන ඉන්නේ ඇයි? ජනතාවට හෙළි කරන්න ඒවා (නි)
ඉතින් මහත්තයෝ මොනවාටද ඔය ෆයිල් තියාගෙන ඉන්නේ? කියන්නකෝ අපිටත් දැනගන්න. (නි)
ඔය කාගේත් ෆයිල් ඔබතුමා ළඟ තියෙනවානේ. ඔය ගිය අයයි නොගිය අයගෙයි ෆයිල් ටික අරගෙන ඔවුන්ට විරුද්ධව දඬුවම් කරන්නකෝ. එතකොට ජනතාවට ඔබතුමා කෙරෙහි හොඳ පැහැදීමක් ඇතිවෙයි. (නි)
'ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට, (නදී)
එතකොට ඔබතුමා මෙච්චරකල් හොරුන්වනේ ආරක්ෂා කරලා තියෙන්නේ.(හේ)
ඇයි ...හෙල්පින් හම්බන්තොට ෆයිල් එක...(අ)
ඔක්කොම 161 තිබ්බා නේද ? දැන් 2,3 එලියට ගන්න හදන්නේ ? (නදී)
ෆයිල් වල මොනවද තියෙන්නේ (දී)
යන්න ඇරලා අල්ලලා තියාගන්න එපා. ජනදිපතිතුමනි ගියපු අය නැවත ඔබ ලග වැඳ වැටේවි. එන්න දෙන්න එපා (නදී)
රටේ ජනතාව හැටියට අපටත් ඔය කාගෙ කාගෙත් ෆයිල් ටික ටික හරි කියවන්න ලැබිලා තියෙනවා. (නදී)
ගිය අයගේද ඉන්න අයගේද කියල කියන්න නම් හරියට මට මතක නැහැ. අර සුනාමි සහන මණ්ඩලයේ මුදල් ගසා කාපු ෆයිල් එක ගැන නම් අපිට හොඳටම මතකයි. (නදී)
මේ කාලයේ මේවා ගැන කියන්න හිතුනේ ඇයි කියලා තේරෙන්නෙ නැහැ (නි)
බොරු කියල රට රවට්ටපු කාලේ ඉවරයි. විදායක කම අහෝසි කරන්න ඔයා කොච්චර කල් ගත්තාද? (නදී)
මම ඔබතුමාට ඉතාමත් ආදරය කළ කෙනෙක්. ඒ වගේම ගෞරව කළ කෙනෙක්. නමුත් ඒ ගෞරවය දිනපතාම මා කෙරෙන් ඈත්වූයේ ඔබතුමා දෙවනවර ජනාධිපති තරඟයට මුහුණදීමත් සමඟම වෙනස් වූ ආකාරය නිසයි. ඔබ විසින් දෙන ලද එහෙත් මේ දක්වා ඉටුනොකළ පොරොන්දු අතරින් එකක් පමණක් ගෙන මේ ප්‍රශ්නය අසමි. විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියා කියන්න ඔබට හැකියාවක් ඇද්ද? මේ ප්‍රශ්නයට පිළිතුරු මම බලාපොරොත්තු නොවෙමි. (නි)
මේ දේවල් කලින් කලේ නැතිව දැන් එලියට ඇදීමෙන් වරද කල අයට දඬුවම වගේම ඔබතුමාගේ ප්‍රතිපත්ති ගැන අපි කලකිරෙන බව අමතක කරන්න එපා. (නදී)
ෆයිල් ලග තබා ගැනීම පමණක්ම රටට සහ ජනතාවට වැදගත් වේද? (නදී)
එලියට පැනපු අයට වඩා කුණු ඇතුලේ ඉන්න අයගේ ෆයිල් වල තියෙනවා නේද ? (නදී)
අයියෝ! දැන් කට්ටියට මොනවා හිතෙනවා ඇද්ද? (නි)
මේ අය කළ වැරදි වලින් වැඩක් නැහැ දැන්. ඉන්න අයගේ වැරදිවත් රටට හෙළිකරන්න. අපි බලාගෙන ඉන්නවා (නි)
කරපු වැරදි වලට ෆයිල් තියාගෙන උන්ට දඬුවම් නොකර උන්ව ඔඩොක්කුවේ තියාන නලවන්නේ ඇයි? නීතියට ගරු කරන පාලකයෝ කරන්නේ උන්ව පාර්ලිමේන්තුවෙන් එළවල හිරේ දාන එක. (නදී)
ඒ කියන්නේ හොරකම් කරන්න ඉඩදීලා ඉන්නවා කියලද ? (නදී)
අපොයි! මම නම් ඔය දේශපාලන හුටපට ගැන අදහස් ලියන්න අකමැතියි (නි)
අවුරුදු ගණනක දේශපාලන අත්දැකීම් ඇති නායකයෙක් කියන කතාද මේ ... ලැජ්ජාවේ බැහැ. (නදී)
ගියවර ජනාදිපතිවරණය ඉවරවෙද්දි සරත් ෆොන්සේකා මහත්තයව අත්අඩංගුවට ගත්තා වගේම මේ මැතිවරණෙ ඉවර වෙනකොටම කාවද ගන්නේ ? (නදී)
ඒ කියන්නේ ගිය අය ආපහු එන්න නැත්තන් අමාරුවේ කියන එක නේද? කී දෙනෙක් මේ විදිහට ෆයිල් තියන අය හිරවෙලා ඇතිද (නදී)
මම මේ දන්නේ නැති නිසා අහන්නේ , එතකොට ගිය අයගේ විතරද?ඉන්න අයගේ ඒවා ඔබතුමා ලග ඇත්තෙම නැද්ද?. ඕවා ඔක්කොම එලියට දාන්න සර්. හොරු සමග හෙළුවෙන් උනත් යුද්දේ දින්නනේ. (නදී)
ඡන්ද දායකයෝ ලඟ ඔය කාගේ කාගේත් ෆයිල් තියෙනවා. අපි කතිරේ ගහන වෙලාවට එ්ක ඇරලා බලන්නම්. එතනෝල් ෆවිල්, ඩුබායි වල ගෙවල් ගත්ත ඒවා, අපි දන්නවා. (නදී)
අනේ කව්රුවත් නැද්ද මේ බන්දුල පෙරේරාට හොඳ පුන්නක්කු හැලියක් ගෙනල්ලා දෙන්න (නදී)
ෆයිල් තියාගෙන ඇයි මෙතෙක් කල් මොකුත් කළේ නැත්තේ ? (නදී)
ගියපු කට්ටියගේ විතරක් ද? ඇයි ඉන්න කට්ටියගේ ඒවා (නදී)
එතකොට රනිල් අගමැති වෙන්නේ මෛත්‍රී ජනාදිපති උනාම. අගමැති පාලනයක් කියන්නේ රනිල් රටේ නායකයා. එතකොට මෛත්‍රීපාල පඹයෙක් ද . රටේම ඡන්ද මෛත්‍රීට. නිකන් ඉඳල රනිල් අගමැති මාර ජෝක් තමයි (නදී)
මේ පක්ෂ දෙක එකම ගසේ ප්‍රබේද දෙකක් කියලයි මට නම් හිතෙන්නේ. වර්තමානයම හොඳයි වගේ මට හිතෙන්නේ. රටට ආදරය මිනිසුන් රට හැරගොසින් හමාරයි. (නි)
සුනාමි සහන මණ්ඩලයේ ෆයිල් එක ගැන අපිට තවමත් මතකයි. (නදී)
ඔබතුමා ගැන මහ ඉහලින් හිතා සිටින අයව අසරණ කරන්න එපා. ඔය වගේ මෝඩ කථා වලින් අනන්‍යතාවය විනාශ වෙනවා පෞරුෂය බල්ලට යනවා. (නදී)
සැලුන් දොර ඇරලා තිබුනට කමක් නැහැ. හොඳට බලා ඇතුළට ගන්න (නි)
ෆයිල් ලග තියාගෙන ඉන්නවා කියන්නේ, හොරුන්ව ආරක්ෂා කරනවා කියන එකයි. හොරුන්ව ආරක්ෂා කරනවා කියන්නේ ජනතා විරෝධී වැඩක්. ඔබතුමා දැනටමත් ඒ වැරැද්ද කරලා තියෙන්නේ. ඔබ කියන්නේ ඇත්තනම් කරුණාකරලා ඒ ෆයිල් දැන්වත් එලියට දාන්න, අපිටත් බලන්න. හැබැයි මහත්තයෝ වැඩේ වරදුනොනොත් මොකද වෙන්නේ ? (නදී)
කිව්වත් නැතත් මිනිස්සු දන්නවා ලංකාවෙ ඉන්නේ හරිම ශ්‍රද්ධාවෙන් දහමෙන් දේශපාලනය කරන කොටසක් කියලා. ෆයිල් ඕන නෑ. (නදී)
එහෙනම් ඇතුලේ ඉන්න අයගේ ෆයිල් ටිකවත් එලියට දානකො අපිට බලන්න. (ස)
එළියට අඩිය තබන්න පෙර දෙපාරක් හිතන්න (නි)
ඔය කාගේ කාගේත් ෆයිල් වල ගුණ දොස් තියෙනවා. අපිට ඕවා අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි. කවදා හරි ඔබතුමාට වරදින්නෙත් ඔය ෆයිල් සුද්ද නොකර පුස් කන්න ඇරලා ගොඩ ගහගෙන ඉන්නකොට තමයි. (නදී)
ඔබතුමා විදායක ජනාධිපතිනේ . ඔබතුමාට විරුද්දව නඩු කියන්න බෑනේ. එනිසා බය වෙන්න එපා . ඔබතුමා ගැන ෆයිල් මිටියක්ම තියාගෙන හිටියත් ඉතින් මක් කොරන්නද. එනිසා ඔබතුමා බය වෙන්නේ නැතුව ඔය ෆයිල් ටික එලියට දාන්නා අනේ. (අ)
ඒ කියනේ මෙයත් එක්ක ඉන්නවනම් වැරදි කලත් දඩුවම් නැහැ. ගියොත් විතරයි දඩුවම්. දැනට මෙයා එක්ක ඉන්න අයගෙත් වැරදි මෙයා දන්නවා, එත් සද්ද නැතුව ඉන්නවා. එකද යුක්තිය සාධාරණය? (ස)
ඔක්කොටම කලින් ඔබතුමා වටේ ඉන්න සමහර අයගේ ෆයිල් ටික "ක්ලියර්' කලේ නැති නම් ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් වෙන්න ඉඩ ඇති බව අපිට පේනවා. (අ)
මම මෙතන දේශපාලන පුවත් වලට අදහස් ලියන්න තියා දේශපාලනය ගැන කතා කරන එකත් සීමා කරන්න හේතුව මෙන්න මේක තමයි. මහත්මා කම නැති දේශපාලනයෙන් රටකට ඇති වැඩක් නැහැ. (ස)
ඇයි ඉතින් ඒ උදවිය යන්න කලින් ඒ ෆයිල් එලියට ආවේ නැත්තේ .? (ස)
හොර මුලෙන් පැනල ගිහිපු අයටද හොරු කියන්නේ? (අ)
අපටත් ඒ එකක් බලන්න පුලුවන්ද? (දිල්)
එතකොට කලින් ඒ ෆයිල් ටික ඇරියේ නැත්තේ ඇයි ? රටේ යහපත තකා ඒවා අරින්න තිබුන නේද ? එහෙම නොකළේ වාසිය තකා කියල කෙනෙකුට හිතන්නේ ඉඩ තියන්න හොඳ නැහැ නේද ? (අ)
එහෙයි කියාගෙන ඉන්නකන් මේ රටේ හැමෝටම හොඳයි. බැහැ කියපු ගමන් නරකයි. (අ)
දූෂණ වංචා කරල තියනවා නම් ඇයි මෙච්චරකල් ෆයිල් තියාගෙන හිටියේ . එළියට දමන්න එපැයි. එහෙම තියාගෙන හිටිය නිසා තමයි මිනිස්සු ගියේ. (අ)
ගිය උදවිය ගැන විතරක් නෙවෙයි ඉන්න කට්ටිය ගැනත් හොඳ හොඳ ෆයිල් නැති වෙන්න බැහැ. (අ)
ඔබතුමාට කවදා හරි ප්‍රශ්නයක් වෙන්නේ ගිය අයගේ ෆයිල් නෙවෙයි ඔය වටේට ඉඳගෙන රටටම සෙල්ලම් පෙන්නන අයගේ ෆයිල් ටිකයි. (අ)
ඒවා වෙලාව ආවිට එළියට දාන්න (නි)
ඕන කෙනෙකුට ඕන දෙයක් කරපල්ලා කියල සද්ද නැතිව ඉදල දැන් ෆයිල් ගැනකතා කරන්නේ ඔබතුමාට මේ අය විරුධවුන නිසා නේද ? යම් කෙනෙක් යම් වරදක්කලානම් එයාලට දඩුවම් කරන්න ඕනෙ ? ඒවට තමයි පොලිසි උසාවි තියෙන්නේ ? පොලිසිවලට බලපෑම් කරල අපරාද කාරයන්ව කුඩුකාරයන්ව එලියට ගත්තේ කවුද ? නඩුකාරයන්ගේ ගෙවල්වලට ගල් ගැහැව්වේ කවුද ? සෙල්ලම් පිස්තෝල කතා එහෙම අපිට අමතක නැහැ .මේ සේරම අයගේත් ෆයිල් එහෙමත් ඔබතුමා ලඟ ඇති නේද? (අ)
නරකද මැතිඳුනි ඉස්සෙල්ලාම ඔය ඉන්න කට්ටියගේ ෆයිල් වලින් පටන් ගත්තොත් . ඒක ඔබතුමාගේ සහ රටේ යහපතට හේතු වේවි. (අ)
මම එකක් කියන්නම්.ඔන්න ඔය අසභ්‍ය දේශපාලනයට තමයි අපි විරුද්ධ.ඔය නිසාම තමයි වෙනස්කල යුතුයි කියන්නෙත්. ෆයිල් තියාගෙන මොකද දඩුවම් නොදී හිටියේ. අනිත් කාරණය ඒවා තියාගෙන බය කරමින් තමන්ගේ හොර රහසක්ව තියාගන්න බලපෑම් නොකරා නොවෙයිද? ඔබ වටා සිටින අන් හැමදෙනාත් හොර එළිවෙයි බයට ඉන්න හොරු රැලක් කියා සැක නොසිතයිද ? ඔහොම තර්ජනය කරන්නට ගියොත් අන් අය ඔබගේත් ෆයිල් ජාත්‍යන්තර අධිකරණයක් දක්වා දන්ගෙඩියට ගෙනගොස් පවා නොදී සිටිවියි කිවහැකිද. (අ)
ප්‍රශ්ණ ගොඩායි (නදී)
මේක නම් නායකත්වයට ඔබින කතාවක් නෙවෙයි. පලි ගැනීමකට අර අඳිනවා කියල මිනිස්සුන්ට හිතෙන්න ඉඩ තිබෙනවා. (නදී)
දැන් හොඳට නිදිය ගෙන අවදිවෙලා බලන්න. (නදී)
ඔබතුමාගේ ෆයිල් එක අපි ලග තියෙනවා පිළිවලට දෙන්න පුළුවන් ඕනිනම් !! (ස)
රාජ්‍ය දේපළ යනු මහජනතාවට අයත් දේපළය. රාජ්‍ය දේපළ වංචාසහගත ලෙස පරිහණය යනු දූෂිත ක්‍රියාවකි. දේශපාලකයින් සහ රාජ්‍ය නිලධාරීන් යනු ඒ දේපළ ජනතාව වෙනුවෙන් ආරක්ෂා කිරීමටද නිසි ලෙස කළමනාකරණය කිරීමටද ජනතාව සමඟ රාජකාරිමය වශයෙන් වගකීමකින් බැඳී සිටින්නෝය. රාජ්‍ය දේපළ වනාහී එකී නිලධාරීන්ගේ පෞද්ගලික දේපළක් නොව පොදු මහජනතාවට අයත් දේපළකි.මෙරට බොහෝ දේශපාලකයින් රාජ්‍ය දේපළ අනිසි ලෙස පරිහරණය කරන බව කියැවේ. (නි)
හොල්ලන ඕනි නැහැ දැන් දෙදරලා තියෙන්නේ තව දින කිහිපයකින් සුනාමිය ගහනවා එතකොට හබක් තමයි. (නදී)
''මම කියන දේ කරපු මිනිහෙක් කරන දේ කියන මිනිහෙක්'' අපි දන්නවා ඔබතුමා ගැන. කවදා හරි දවසක විධායක ජනාධිපත්‍ි ක්‍රමය අහෝසහි කරන්නෙත් අපේ මහින්ද මහත්තයා තමයි ඔබට ජය නියතයි ..(අ)
ගිය අයගේ ෆයිල් අපිට වැඩක් නැත. හොරකම් කළ අය හට දඬුවම් දීම අවශ්‍යය (නි)
ගම්මන්පිලගේ ෆයිල් එක ඇද්දම වෙන එකක් නේද එලියට ආවේ (නදී)
ඔය ඔක්කොම ෆයිල් ජනතාව ලගත් තියෙනවා. (නදී)
දැන්මම හෙල්ලිලා තියෙන්නේ. මොකද බයටද කෑ ගහන්නේ. (නදී)
දැන් ඒ අය හොඳටම බයවෙලා ඇති (නි)
ජනාධිපතිතුමනි, දුවන මුවන් දැක නොදමව් නෙලූ පලා... ඔබට සදා ජය නියතයි! (නි)
අනේ මන්දා (දී)
ඔය ෆයිල් ගැන ජනතාව හොඳට දන්නවා. ජනතා තීන්දුවත් නිසි ආකාරයෙන් ලැබෙයි. (නි)
ඒ කියන්නෙ තමන්ට විරුද්ධ නොවෙනවනකම් ඕන හොර වැඩක් කරන්න දෙනව කියන එක නේද? (අ)
එහෙනම් මෙච්චර කල් හොර ෆයිල් ආරක්ෂා කරපු එකත් විශාල හොරකමක් තමයි.(හේ)
මේ කතාව මතභේධාත්මකයි (දී)
තුන්වෙනි පන්තියේ දේශපාලනය!!!(අ)
සපුමල් මහතාගේ කතාව හරි. මේක තමා වෙන්න ඕනෑ. (නි)
ෆයිල් තියෙද්දීද ඔඩොක්කුවේ තියාගෙන හිටියේ මෙච්චර කල් ? රජ්‍ය නායකයා මෙහෙම දේවල් කියනකොට අනික් උදවිය මොනවා නොකරයි ද ? (නදී)
අපි කැමතියි ඒවා බලන්න. (ර)
අපි කොහොම හිතුවත් ඒ සැලුන් එකේ ජීවිතයත් එතරම්ම සුන්දර නැහැ කියලයි දැන්නම් මට හිතෙන්නේ. (නි)
ෆයිල් මොකටද (දී)
මහින්ද රජාණෙනි,ඔබය ශ්‍රි ලංකාවේ ගැළවුම්කරු. තුන්වරක් නොව සිව්වරක් ඉන්න. එවිට අපේ රට ආසියාවෙත් ලෝකයේත් බැබළෙන බව අපි දන්නවා (නි)
ජනාදිපති තුමාගේ කතාවෙන් පැහැදිලි වෙන්නෙ ආණ්ඩු පක්ෂයේ හොරු ඉන්නවා කියන එක නේද. ඇතුලෙ ඉන්නකන් හොරකම් කරන්න ඉඩ දෙනවා කියන එකද ? (නදී)
මට නම් තේරෙන්නේ නැහැ ඇයි විධායක ජනාධිපත්‍ි ක්‍රමය ගැනම කොමෙන්ට් කරන අය දඟලන්නේ කියලා. ඒක වැරදි විදිහට පාවිච්චි කලොත් තමයි වරද. මේ ජනාධිපතිතුමා ඒක මේ දක්වා පාවිච්චි කලේ යුද්ධය ඉවර කරන්නයි රට සංවර්ධනය කරන්නයි. ඉතින් එතුමාව විශ්වාසයි. මම හිතන්නේ මේක ගැන ඕනැවට වඩා කෑගහන අය රට අරාජික කරන ලොකු කුමන්ත්‍රණයක ඉන්නේ/ (අ)
ඔන්න ඔහොමලු උනේ (දී)
මේ කතාව මට අපැහැදිලියි (දී)
ඔබ තුමාට දිරිය ලැබේවා (දී)
මේවා ගැන කලින් කටයුතු නොකළේ ඇයි කියන ගැටළුව අපිට මතුවෙනවා (නි)