තොරතුරු දැනගැනීමේ පනත පසුගිය රජයේ දින 100  තුල ක්‍රියාත්මක කිරිමට ගොඩාක් වෙහෙසක් ගෙන කටයුතු කළ බවත් ඉදිරි කාලය තුළ තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කිරීමට හැකි බවත් ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා  පසුගියදා මහනුවරට පැමිණ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා මල්වතු මහා විහාරයේදී තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නාහිමියන් සහ අස්ගිරි විහාරයේදී ගලගම අත්ථදස්සි අස්ගිරි මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා මාධ්‍යට අදහස් දක්වමින් පැවසීය.

එම අවස්ථාවට අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් දයා අවිරුප්පොළ, මාධ්‍ය ලේකම් බුද්ධිෂ මධුසංඛ අබේගුණවර්ධන ඇතුළු පිරිසක්ද එක්වූහ.

වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද සෙනසුරාදා අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.

Gaya@kandy_2015913DSC_0142 Gaya@kandy_2015913DSC_0254 Gaya@kandy_2015913DSC_0273

ඡායාරූප - ශාන්ත රත්නායක

වීඩියෝ - චමිල් රූපසිංහ